ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w00 9/1 32 පි.
  • නිහඬ අනුමැතිය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • නිහඬ අනුමැතිය
  • 2000 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
2000 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w00 9/1 32 පි.

නිහඬ අනුමැතිය

නාට්සිවාදය තුළ ආගමේ හවුල් වීම ගැන, පාවා දීම—ජර්මානු පල්ලි හා සමූලඝාතන (ඉංග්‍රීසියෙන්) නමැති පොතේ අවංක සාකච්ඡාවක් කෙරෙනවා. එම පොත එක හෙළා ප්‍රකාශ කරන්නේ මෙයයි. “ක්‍රිස්තියානීන් අතර නාට්සි හමුදාවට සහය දීම පොදුවේ දක්නට තිබුණි. යුදෙව්වන්ට විරුද්ධව ගෙනා පීඩා රැල්ලට එරෙහිව නැඟී සිටීමට බොහෝදෙනා අසමත් වූ අතර, මේ සම්බන්ධයෙන් රැකි නිහැඬියාව පීඩාවලට ප්‍රබල උල්පන්දම් දීමක් විය.”

ක්‍රිස්තියානීන්යයි කියාගත් අයව නාට්සිවාදය වෙත ආකර්ෂණය කළේ කුමක්ද? පොත පැහැදිලි කරන ආකාරයට “[හිට්ලර්] ජර්මානු ප්‍රජාවට ඉදිරිපත් කළ නීතිය හා විනයට” බොහෝදෙනෙක් රැවටුණා. එහි මෙසේ කියනවා. “ඔහු අසභ්‍ය පොත පත, ගණිකා වෘත්තිය, ගබ්සාව, සමලිංගිකත්වය සහ නවීන කලා ක්ෂේත්‍රයේ ඇති ‘අසභ්‍යත්වය’ වැනි දේට විරුද්ධ විය. නමුත් දරුවන් හතරක්, හයක් සහ අටක් හදාවඩා ගන්නා ස්ත්‍රීන්ට ලෝකඩ, රිදී සහ රන් පදක්කම් දානය කරමින් ගෙදර දොරේ දෛනික වැඩ කටයුතුවල නියැලී සිටින්න දිරිගැන්වීය. මෙසේ හිට්ලර්, සම්ප්‍රදායික දේට මුල් තැන දුන්නා පමණක් නොව වර්සෙල්ස්හි ගිවිසුමෙන් ජාතිය මත පැමිණි නින්දාවට ප්‍රතිචාරයක් හැටියට සටන්කාමී ජාතිවාදයද බිහි කළේය. මේ අන්දමට ජාතික සමාජවාදය ජර්මනියේ සිටි බොහෝ ක්‍රිස්තියානීන් ඇතුළු බහුතරයකට ආකර්ෂණීය දෙයක් ලෙස පෙනෙන්න සැලැස්වීය.”

එක් කණ්ඩායමක් ඊට සම්පූර්ණයෙන්ම විරුද්ධව සිටියා. ඒ “යෙහෝවාගේ සාක්ෂිකරුවන්ය” කියා පාවා දීම නමැති පොත පවසනවා. එම පොත තවදුරටත් කියන්නේ ඔවුන් “සැහැසියාවට හෝ හමුදාවට හවුල් වීම ප්‍රතික්ෂේප කළ” බවයි. ඒ හේතුවෙන් එම කුඩා කණ්ඩායම මත පැමිණෙවූ දරුණු වද හිංසා වැළැක්විය නොහැකි වූ අතර, ඔවුන්ගේ සාමාජිකයන් බොහෝදෙනෙකුව ගාල් කඳවුරුවලට දැමුවා. එහෙත්, ක්‍රිස්තුස්ගේ අනුගාමිකයන්යයි කියාගත් අනිත් අය ඊට විරුද්ධව නැඟී සිටියේ නැහැ. පොත තවදුරටත් මෙසේ සඳහන් කරනවා. “කතෝලිකයන් හා රෙපරමාදුවන් යෙහෝවාගේ සාක්ෂිකරුවන් සම්බන්ධයෙන් දුක් වෙනවා වෙනුවට ඔවුන් වෙත තව තවත් එදිරිවාදිකම් පෑවේය. යුද්ධය සම්බන්ධයෙන් යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ස්ථාවරය අනුමත කරනවා වෙනුවට හිට්ලර්ගේ කෲර සාරධර්ම ඔවුන්ට වටිනා ඒවා විය.” නාට්සි හමුදාව යටතේ සිටි සාක්ෂිකරුවන්ට පැමිණි දරුණු පීඩා වැඩිවීමට ඔවුන්ගේ නිහැඬියාව උල්පන්දම් දීමක් වූ බව නිසැකයි.

නාට්සි දේශපාලනය සමඟ පල්ලියේ හවුල දැඩි මතභේදයට ලක් වූ කරුණක් ලෙස පැවතුණත්, පාවා දීම නමැති පොත යෙහෝවාගේ සාක්ෂිකරුවන්ව හඳුන්වන්නේ, “නාට්සි හමුදාවට සහයෝගය දැක්වීම හා අනුමැතිය දීම ප්‍රතික්ෂේප කළ ආගමික කණ්ඩායමක්” හැටියටයි.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න