ඔබ දැන්වීම් පුවරුව බලන කෙනෙක්ද?
වැඩිමහල්ලන්, සහායක සේවකයන් සහ වගකීම් දරන වෙනත් අය තමන්ගේ පැවරුම් ගැන දැනගන්න නිතරම දැන්වීම් පුවරුව බලනවා. ඒත් අපි හැමෝම දැනගත යුතු දේවල් හුඟක් එහි තියෙනවා. උදාහරණෙකට, ඔබේ කණ්ඩායමේ අය නමස්කාර මධ්‍යස්ථානය පිරිසිදු කරන්නේ කොයි සතියෙද? චාරිකා සේවක හෝ ශාඛා කාර්යාලය සභාවට වැදගත් ලිපියක් එවලද? බයිබල් ශිෂ්‍යයාට දැනුම් දීම සඳහා මේ සතියේ ඉදිරිපත් කරන බයිබල් දේශනයේ මාතෘකාව දන්නවද? රැස්වීම් පවත්වන දවස හා වෙලාව හෝ ඔබේ ක්ෂේත්‍ර සේවා කණ්ඩායමේ හෝ වෙනසක් වෙලාද? මේ තොරතුරු ඉස්සර වගේ දැන් නිවේදනය කරන්නෑ. එක් එක් ප්‍රචාරකයාට මේ තොරුතුරු පෞද්ගලිකව දන්වන්නත් වැඩිමහල්ලන්ට බෑ. ඒ නිසා දැන්වීම් පුවරුව බලන එක අපි පුරුද්දක් කරගත යුතුයි. එතකොට “සෑම දෙයක්ම ඔබිනා ලෙසත් පිළිවෙළකටත්” කරන්න අපිට පුළුවන්.—1 කොරි. 14:40.