ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • km 4/13 2 පි.
  • ප්‍රශ්න පෙට්ටිය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ප්‍රශ්න පෙට්ටිය
  • 2013 අපගේ රාජ්‍ය සේවාව
  • සමාන තොරතුරු
  • ප්‍රශ්න පෙට්ටිය
    2002 අපගේ රාජ්‍ය සේවාව
  • මට ජංගම දුරකථනයක් අවශ්‍යද?
    2002 පිබිදෙව්!
  • එය සැලකිලිමත්කමින් හා නැණවත්ව භාවිත කරන්න
    2009 පිබිදෙව්!
  • නවීන තාක්ෂණයේ ව්‍යාප්තිය
    2009 පිබිදෙව්!
තව තොරතුරු
2013 අපගේ රාජ්‍ය සේවාව
km 4/13 2 පි.

ප්‍රශ්න පෙට්ටිය

◼ රැස්වීමට වගේම දේවසේවයට සහභාගි වෙද්දී ජංගම දුරකතනය පාවිච්චිය සම්බන්ධයෙන් අදාළ වෙන බයිබල් ප්‍රතිපත්ති මොනවද?

“සෑම දෙයකටම නියමිත කාලයක් ඇත.” (දේශ. 3:1): ජංගම දුරකතනයෙන් අපට ප්‍රයෝජන ගොඩක් තියෙනවා. ඒත් අපි රැස්වීම් එන්නේ නමස්කාර කරන්න, දෙවිගෙන් ඉගෙනගන්න සහ දිරිගැන්වීම් ලබාගන්න. (ද්වි. 31:12; ගීතා. 22:22; රෝම 1:11, 12) ඒ වගේ වෙලාවක ජංගම දුරකතනය නිසා බාධා ඇති වෙන්න පුළුවන්. ඒ නිසා රැස්වීමට එද්දී දුරකතනය ඕෆ් කරලා, ඉවර වෙලා යද්දි ඔන් කරගන්න පුළුවන් නම් වඩා හොඳ නැද්ද? ඒත් හදිසි හේතුවක් නිසා දුරකතනය ඔන් කරලා තියාගන්න ඕනෙ නම් අනිත් අයට බාධාවක් නොවෙන විදිහට ඒක සෙට් කරගන්න.

“සියල්ල කරන්නේ ශුභාරංචිය වෙනුවෙන්.” (1 කොරි. 9:23): දේවසේවයේ යද්දිත් ජංගම දුරකතනයෙන් ප්‍රයෝජන තියෙනවා. උදාහරණෙකට සේවයේ ගිය ප්‍රචාරකයන් ගැන හොයලා බලන්න කණ්ඩායම් භාර සහෝදරයාට ඒක ප්‍රයෝජනවත්. විශේෂයෙන්ම දුර ඈත පැතිවල තියෙන නැවත බැලීමකට හෝ බයිබල් පාඩමකට යන්න කලින් නිවැසියා ගෙදර ඉන්නවද කියලා දැනගන්නත් දුරකතනය ලොකු උදව්වක්. ඒත් නිවැසියෙක් එක්ක කතා කරමින් ඉද්දී දුරකතනය නිසා කතාවට බාධා වෙයි කියලා හිතෙනවා නම් එය වළක්වගන්න කලින්ම පියවර ගන්න. (2 කොරි. 6:3) අනිත් ප්‍රචාරකයන් එනතුරු රැස්වෙන තැනට වෙලා බලන් ඉන්න වෙන වෙලාවලුත් තියෙනවා. ඒ වෙලාවට දුරකතනයෙන් කතා කරනවාට හෝ කෙටි පණිවිඩ යවනවාට වඩා සේවය කරන ප්‍රදේශය ගැන අවධානය දෙන එකත් ඇවිත් ඉන්න අනිත් අයත් එක්ක කතාබහ කරන එකත් වඩා හොඳ නැද්ද?

අනිත් අය ගැන සැලකිලිමත් වෙන්න. (1 කොරි. 10:24; ෆිලි. 2:4): ‘සේවයේ යන පැත්ත කොහෙද කියලා කාගෙන් හරි අහගන්න පුළුවන්නෙ’ කියලා හිතලා සේවයට පරක්කු වෙලා එන එක පුරුද්දක් කරගන්න එපා. අපි පරක්කු වෙලා ආවම හුඟක් වෙලාවට බෙදපු කණ්ඩායම ආයෙත් බෙදන්න වෙනවා. සමහර වෙලාවට වළක්වන්න බැරි හේතුවක් නිසා පරක්කු වෙන්න ඉඩ තියෙනවා. ඒත් පුරුද්දක් විදිහට කලින්ම එනවා නම් ඒකෙන් පෙන්වන්නේ යෙහෝවා දෙවිගේ සැලැස්ම ගැනත් කණ්ඩායම් භාර සහෝදරයා ගැනත් අනික් ප්‍රචාරකයන් ගැනත් අපි සැලකිලිමත් කියන එකයි.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න