ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w03 3/15 31 පි.
  • පාඨකයන්ගෙන් ප්‍රශ්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පාඨකයන්ගෙන් ප්‍රශ්න
  • 2003 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනය අනුස්මරණය කළ යුත්තේ මන්ද?
    2003 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ‘මාව සිහි කිරීමට මේ දේ කරන්න’
    2013 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනය අපි සමරන්නේ ඇයි?
    2015 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • අපේ රජු ගැන කියා දෙන චාම් සැමරීමක්
    2019 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
තව තොරතුරු
2003 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w03 3/15 31 පි.

පාඨකයන්ගෙන් ප්‍රශ්න

දුර්වල සෞඛ්‍ය තත්වයක පසු වන ආලේප ලත් ක්‍රිස්තියානියෙකුට සභාවේ පවත්වනු ලබන ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනයට පැමිණිය නොහැකි නම් ඔහු සඳහා කළ හැකි යමක් තිබේද?

ඔව්. සභාව ක්‍රිස්තුස්ගේ මරණය සිහි කරන විට එම සභාවේ සිටින ආලේප ලත් ක්‍රිස්තියානියෙකු අසනීප තත්වයක සිටීම නිසා හෝ ඇඳෙන් බැසිය නොහැකි තත්වයක සිටීම නිසා සිහි කිරීමට පැමිණිය නොහැකි නම් ඔහු වෙනුවෙන් යමක් කළ හැකියි. ඇත්තෙන්ම යමක් කළ යුතුයි. මෙවන් අවස්ථාවකදී, සිහි කිරීම පවත්වනු ලබන රාත්‍රියේම සෙසු ඇදහිලිවන්තයා ළඟට සංකේතමය රොටි සහ මුද්‍රිකපානය රැගෙන යෑමට වැඩිමහල්ලෙකුව හෝ වෙනත් මේරූ ක්‍රිස්තියානි පුරුෂයෙකුව පත් කිරීමට වැඩිමහල් මණ්ඩලයට හැකියි.

පවතින තත්වය සැලකිල්ලට ගනිමින් එම වැඩිමහල්ලාට හෝ සහෝදරයාට කෙටියෙන් අදහස් දක්වමින් යෝග්‍ය ශුද්ධ ලියවිලි පාඨ කිහිපයක් කියවිය හැකියි. යේසුස් ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනය මුලින්ම පැවැත්වූ අවස්ථාවේදී සිදු කළ දෙය හා සමාන දෙයක් කිරීමට ඔහුට පුළුවනි. උදාහරණයක් හැටියට, මතෙව් 26:26 හා අදාළ වෙනත් පාඨ කියවිය හැකියි. ඉන් අනතුරුව යාච්ඤාවකින් පසු මුහුන් නොදැමූ රොටි ලබා දෙයි. ඉන්පසු ආලේප ලත් තැනැත්තාව බැහැදැකීමට යන සහෝදරයාට මතෙව් 26වන පරිච්ඡේදයේ 27 හා 28 යන ඡේද හා අදාළ වෙනත් ඡේදද කියවිය හැකියි. ඉන් අනතුරුව තවත් යාච්ඤාවකින් පසු මුද්‍රිකපානය ලබා දෙයි. එක් එක් සංකේතයේ තිබෙන වැදගත්කම ගැන කෙටියෙන් අදහස් දක්වා යාච්ඤාවකින් අවසන් කිරීම සුදුසුයි.

සභාවේ පවත්වනු ලබන ස්වාමීන්ගේ මරණය සිහි කිරීමට පැමිණීම සඳහා හැකි සෑම උත්සාහයක්ම දැරිය යුතු බව අපි දනිමු. එනමුත් දරුණු ලෙස අසනීප වීම නිසා හෝ රෝහල්ගත වීම නිසා හෝ වෙනත් හේතු නිසා නීසාන් 14වන දා හිරු බැස යෑමෙන් පසුව පවත්වන සිහි කිරීමට පැමිණීමට ආලේප ලත් ක්‍රිස්තියානියෙකුට නොහැකි වුවහොත් කුමක් කළ හැකිද? දවස් 30කට පසු පෞද්ගලිකව එය සැමරීමට මෝසෙස්ට දෙන ලද නීතියේ සඳහන් පූර්වාදර්ශයෙන් ප්‍රයෝජන ගැනීමට එවන් තත්වයක සිටින ආලේප ලත් ක්‍රිස්තියානියෙකුට හැකියි.—ගණන් කථාව 9:9-14.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න