ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w16 නොවැම්බර් 3 පි.
  • ඒ වචනයට ලොකු අරුතක් තිබුණා!

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඒ වචනයට ලොකු අරුතක් තිබුණා!
  • 2016 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • සමාන තොරතුරු
  • බෝවස්ගේ සහ රූත්ගේ නොසිතූ ලෙස සිදු වූ විවාහය
    2003 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • “අගනා කාන්තාවක්”
    ඔවුන්ගේ විශ්වාසය අපිට ආදර්ශයක්
  • අගනා කාන්තාවක්
    2012 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • රූත් පොතෙන් විශේෂාංග
    2005 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2016 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
w16 නොවැම්බර් 3 පි.
ස්ත්‍රියක් යේසුස් ළඟ දණින් වැටිලා ඉන්නවා. එයා එක්ක කතා කරන්න යේසුස් පහතට නැමෙනවා

ඒ වචනයට ලොකු අරුතක් තිබුණා!

යේසුස් සමහර අවස්ථාවලදී කාන්තාවන්ට “ස්ත්‍රිය” කියලා ආමන්ත්‍රණය කළා. උදාහරණෙකට තමන්ගේ දුවව සුව කරලා දෙන්න කියලා ඉල්ලපු ෆිනීෂියානු ස්ත්‍රියට ඔහු කිව්වේ “ස්ත්‍රිය, ඔබ තුළ තිබෙන විශ්වාසය මහත්ය. ඔබේ කැමැත්ත ලෙස ඔබට වේවා” කියලා. (මතෙ. 15:28) “ස්ත්‍රිය” කියලා කාන්තාවකව අමතන එක අද නුහුරු දෙයක් වුණත් ඒ කාලේ ඒක ගෞරවය දීලා කතා කරපු විදිහක්. ඒත් කෙනෙක්ව අමතද්දී පාවිච්චි කරපු තව විශේෂ වචනයක් තිබුණා.

සමහර ස්ත්‍රීන්ව අමතන්න පාවිච්චි කරපු ඒ විශේෂ වචනෙට දයාව, සෙනෙහස මුසු වෙලා තිබුණා. අවුරුදු 12ක් තිස්සේ ලේ ගැලීමක් නිසා දුක් වින්ද කාන්තාවකව අමතද්දී යේසුස් ඒ වචනේ පාවිච්චි කළා. දෙවිගේ නීතියට අනුව ඒ කාන්තාව හිටියේ අපවිත්‍ර තත්වයක නිසා කාවවත් අල්ලන්න එයාට අවසර නැහැ. එයා යේසුස් ළඟට ආව එක නීතියට විරුද්ධයි. (ලෙවී. 15:19-27) ඒත් එයා හිටපු අසරණ තත්වය බයිබලේ විස්තර කරලා තියෙන්නේ මෙහෙමයි. “මේ වන විට ඇය බොහෝ වෛද්‍යවරුන්ගෙන් ප්‍රතිකාර ලබා තිබිණ. ඇය සතු සෑම දෙයක්ම වියදම් කර තිබුණේ ඒ අසනීපය වෙනුවෙනි. නමුත් එයින් සුවය ලබනවා වෙනුවට බොහෝ සෙයින් ඇය දුක් වින්ද අතර ඇගේ තත්වය තවත් දරුණු අතට හැරී තිබිණ.”—මාක් 5:25, 26.

ඒ කාන්තාව සෙනඟ අතරින් ඇවිත් යේසුස්ට ළං වෙලා ඔහුගේ වස්ත්‍රයේ වාටිය ඇල්ලුවා. ඒ වෙලාවෙම එයා සුව වුණා. එයා හිතුවේ කාටවත් නොදැනෙන්න එතනින් පිට වෙන්නයි. ඒත් යේසුස් “මාව ඇල්ලුවේ කවුද” කියලා ඇහුවා. (ලූක් 8:45-47) එතකොට ඒ කාන්තාව බයෙන් වෙවුලමින් යේසුස් ළඟ දණින් වැටිලා “කිසිවක් නොසඟවා ඇත්ත කිව්වා.”—මාක් 5:33.

එයා හුඟක් බය වෙලා හිටපු නිසා යේසුස් ආදරෙන් “දුවේ, භය වෙන්න එපා” කියලා කිව්වා. (මතෙ. 9:22) හෙබ්‍රෙව් සහ ග්‍රීක භාෂාවල “දුවේ” කියන ආමන්ත්‍රණය පාවිච්චි කළේ කෙනෙක් දයාවෙන්, සෙනෙහසින් පෙලඹුණ අවස්ථාවලදී කියලා බයිබල් විශාරදයන් කියනවා. යේසුස් ඊළඟට කිව්ව දේ නිසා එයාගේ හිතේ තිබුණ බය, සැක නැති වෙලා යන්න ඇති. ඔහු කිව්වේ “ඔබ සුව වුණේ ඔබ තුළ තිබෙන විශ්වාසය නිසයි. සමාදානයෙන් යන්න. ඔබේ බරපතළ රෝගය දැන් සුව වෙලා” කියලා.—මාක් 5:34.

“දුවේ” කියන ආමන්ත්‍රණය පාවිච්චි කරපු තවත් කෙනෙක් බෝවස්. මෝවබ් දේශයෙන් ආව රූත් දවසක් බෝවස්ගේ කෙතේ කරල් අහුලමින් හිටියා. ඒ වෙද්දී එයා බෝවස්ව අඳුරන්නේ නැහැ. රූත් විදේශිකයෙක් නිසා එයා ඉන්න ඇත්තේ බයෙන්. ඒත් බෝවස් එයාව ඇමතුවේ “දුවේ” කියලයි. දිගටම එයාගේ කෙත්වල කරල් අහුලන්න කියලත් එයා රූත්ට කිව්වා. ඒ වෙලාවේ රූත් දණින් වැටිලා බෝවස්ගෙන් ඇහුවා ‘මං විදේශිකයෙක් වෙලත් ඔයා මට කරුණාවෙන් සලකන්නේ ඇයි’ කියලා. ‘ඔබේ නැන්දම්මා වෙනුවෙන් ඔබ කළ හැම දෙයක් ගැනම මට ආරංචි වුණා. ඔබේ යහපත් ක්‍රියාවලට යෙහෝවා දෙවිගෙන් ඔබට ආශීර්වාද ලැබේවා’ කියලා බෝවස් කියද්දී රූත්ට කොයි තරම් සහනයක් දැනෙන්න ඇද්ද!—රූත් 2:8-12.

අසරණව හිටපු කාන්තාවන්ව තේරුම් අරන් ඒ අයට ආදරෙන් කතා කරපු යේසුස් සහ බෝවස් අද ඉන්න වැඩිමහල්ලන්ට හොඳ ආදර්ශයක්! සහෝදරියකට බයිබලෙන් යම් මඟ පෙන්වීම්, දිරිගැන්වීම් දෙන්න වෙද්දී වැඩිමහල්ලන් දෙන්නෙක් එයාව හම්බ වෙන්න යනවා. ඊට කලින් එයාලා යෙහෝවා දෙවිට යාච්ඤා කරලා ඔහුගේ මඟ පෙන්වීම් පතන්න ඕනේ. ඊටපස්සේ සහෝදරිය කියන දේවලට හොඳින් ඇහුම්කන් දෙන්න ඕනේ. දේවවචනය පාවිච්චි කරලා එයාට සහනයක්, දිරියක් දැනෙන විදිහට කතා කරන්න වැඩිමහල්ලන්ට පුළුවන් වෙන්නේ එතකොටයි.—රෝම 15:4.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න