ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w10 5/15 6-7 පි.
  • මහලු අයට ගරු කළ යුත්තේ ඇයි?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • මහලු අයට ගරු කළ යුත්තේ ඇයි?
  • 2010 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • අප වැඩිහිටියන්ට සැලකිය යුත්තේ කොහොමද?
    2004 පිබිදෙව්!
  • ක්‍රිස්තියානි පවුල මහලු අයට උපකාර කරයි
    1993 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • දෙවි තම මහලු සේවකයන්ව රැකබලා ගනියි
    2008 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • මහලු අයට ගෞරවයෙන් සලකන්න
    2014 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2010 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w10 5/15 6-7 පි.

මහලු අයට ගරු කළ යුත්තේ ඇයි?

එක්සත් ජනපදයේ කැලිෆෝනියාවේ ඉතා අලංකාරවත් සයිප්‍රස් ගසක් දකින්න ලැබෙනවා. ඉංග්‍රීසි භාෂාවෙන් ඒ ගස හඳුන්වා තිබෙන්නේ ලෝන් සයිප්‍රස් කියායි. ලෝකයේ වැඩිපුරම ඡායාරූපගත කර ඇති ගස්වලින් එකක් වන එය, වසර 250කට වඩා පැරණියි. කාලයක් පුරා ඒ ගස විවිධ තත්වයන්ට ඔරොත්තු දී තිබෙනවා. ගසේ ආරක්ෂාව සඳහා ඒ වටා ගල් වැටක් බැඳ කේබල්වලින් ආධාරකද යොදා තිබෙනවා.

අප අතර සිටින මහලු සහෝදර සහෝදරියන් ඒ සයිප්‍රස් ගස හා සමානයි. ඔවුන්ද දිගු කාලයක් පුරා විඳදරාගැනීමෙන් යුතුව නොයෙක් තත්වයන්ට මුහුණ දී තිබෙනවා. විශේෂයෙන්ම ඔවුන් විඳදරාගනිමින් ශුභාරංචිය දේශනා කර තිබෙනවා. අප අතර සිටින ‘මහලු අය’ ශුභාරංචිය දේශනා කරන බව අනාගතවක්තෘ යෝවෙල්ද පැවසුවා. (යෝවෙ. 2:28-32; ක්‍රියා 2:16-21) ‘රාජ්‍යයේ ශුභාරංචිය’ ගැන අන් අයට පැවසීම සඳහා ඔවුන් කොපමණ පැය ගණනක් වැය කරන්න ඇද්ද! (මතෙ. 24:14) වසර ගණනාවක් පැරණි ගසක් ආරක්ෂා කිරීමට මිනිසුන් එතරම් වෙහෙසෙනවා නම් අප අතර සිටින මහලු අයට ගෞරවයෙන් සලකා ඔවුන්ව රැකබලා ගැනීම සඳහා ඊට වඩා කොතරම් වෙහෙසිය යුතුද!

යෙහෝවා දෙවි තම සෙනඟට මෙවැනි ආඥාවක් දී තිබුණා. “පැසුණු හිසකෙස් ඇති කෙනෙකු ඉදිරියේ නැඟිට සිටින්න. මහලු තැනැත්තෙකුට ඔබ ගෞරවයෙන් සැලකිය යුතුයි.” (ලෙවී. 19:32) දශක ගණනාවක් පුරා ‘දෙවි ඉදිරියේ නිහතමානීව හැසිරෙමින්’ හොඳ ආදර්ශයක් තැබූ බොහෝ මහලු අය සිටිනවා. (මීකා 6:8) ඔවුන් දිගටම එසේ ජීවත් වුණොත් ඔවුන්ගේ “පැසුණු හිසකෙස්” අනිවාර්යයෙන්ම ඔවුන්ට “අලංකාර ඔටුන්නක්” මෙන් වෙයි.—හිතෝ. 16:31.

පාවුල් යෞවන තිමෝතිට මෙවැනි දෙයක් පැවසුවා. ‘වැඩිහිටි පුරුෂයෙකුට සැරපරුෂ අයුරින් කතා නොකරන්න. එවැනි කෙනෙකුව පියෙකු මෙන්ද වැඩිහිටි ස්ත්‍රීන්ව තම මව්වරුන් මෙන්ද සලකන්න.’ (1 තිමෝ. 5:1, 2) එසේ කිරීමෙන් ‘පැසුණු හිසකෙස් ඇති කෙනෙකු ඉදිරියේ නැඟිට සිටින්න’ යන බයිබලයේ සඳහන් උපදෙස තිමෝති ඉටු කළා. මහලු අයට ගෞරවනීය ආකාරයෙන් කතා කිරීම යෙහෝවා දෙවි අපගෙන්ද බලාපොරොත්තු වෙනවා.

“එකිනෙකාට ගෞරවය පෙන්වීමේදී පෙරමුණ” ගන්න කියා රෝම 12:10හි සඳහන් දේට එකඟව සභාවේ සිටින වැඩිමහල්ලන්ද මහලු සහෝදර සහෝදරියන්ට ගෞරවයෙන් සලකනවා.

අපි කලින් සඳහන් කළ සයිප්‍රස් ගස ගැන නැවතත් සිතන්න. පරණ වෙන්න වෙන්න එය රැකගැනීමට මිනිසුන් විවිධ දේවල් කරනවා. ගසකට එලෙස සලකනවා නම් වයස්ගත අපේ දෙමාපියන් හා ආච්චිලා සීයලාට අප කොතරම් වැඩියෙන් සැලකිය යුතුද! උදාහරණයකට,අපි ඔවුන්ට හොඳින් සවන් දුන්නොත් අප හිතන විදිහට ඔවුන් සමඟ ක්‍රියා කරනවා වෙනුවට ඔවුන්ගේ හැඟීම් සැලකිල්ලට ගෙන ක්‍රියා කරන්න අපට හැකි වෙයි.—හිතෝ. 23:22; 1 තිමෝ. 5:4.

යෙහෝවා දෙවිට මහලු අයව බොහෝ සෙයින් වටිනවා. දෙවි කවදාවත් ඔවුන්ව අත්හරින්නේ නැහැ. (ගීතා. 71:18) ඒ නිසා දිගටම තමාට විශ්වාසවන්තව සේවය කරන්න දෙවි ඔවුන්ට ශක්තිය ලබා දෙනවා. එසේනම් අපත් මහලු අයට ගෞරවයෙන් සලකමින් ඔවුන්ව රැකබලා ගනිමු.

[7වන පිටුවේ පින්තූර]

ආධාරක යොදා සයිප්‍රස් ගස ආරක්ෂා කර තිබෙනවා හා සමානව මහලු අයටත් ගෞරවයෙන් සලකා ඔවුන්ව රැකබලා ගැනීම අවශ්‍යයි

[හිමිකම් විස්තර]

American Spirit Images/​age fotostock

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න