ප්‍රශ්න පෙට්ටිය
◼ පුරෝගාමීන්ට උපකාර කරන්න අපට හැකි ක්‍රම මොනවාද?
ලොව පුරා 2009 සේවා වසරේදී සහෝදර සහෝදරියන් 8,00,000කට ආසන්න සංඛ්‍යාවක් ස්ථාවර හා විශේෂ පුරෝගාමීන් ලෙස සේවය කළා. ඔවුන් කාලය, ශක්තිය හා ධන සම්පත් නමැති ජීවිතේ හොඳම දේ එනම්, මුල්ම පලදාව ශුභාරංචිය ව්‍යාප්ත කිරීම වෙනුවෙන් පරිත්‍යාග කරනවා. (හිතෝ. 3:9) ඒ ගැන යෙහෝවා දෙවි මොන තරම් සතුටු වෙනවා ඇද්ද! පුරෝගාමීන්ට දිගටම ප්‍රීතියෙන් හා විඳදරාගැනීමෙන් යුතුව එහි හවුල් වීමට උපකාර කිරීම සඳහා අපටත් කළ හැකි දේවල් තිබෙනවා. ඒ මොනවාද?
අපගේ දිරිගන්වනසුලු වචන පුරෝගාමි සේවය දිගටම කරගෙන යෑමට ඔවුන්ට විශාල ශක්තියක්. (හිතෝ. 25:11) ඔවුන් සමඟ නිතිපතා සේවයේ හවුල් වීම සඳහා අපගේ වැඩකටයුතු සකස් කරගන්න අපට පුළුවන්ද? දේවසේවා කටයුතු සඳහා ඔවුන්ගේ වාහනයෙන් යනවා වෙනුවට අපේ වාහනයෙන් ඔවුන්වත් රැගෙන යන්න අපට පුළුවන්ද? අප ඔවුන්ගේ වාහනයෙන් ගමන් කරනවා නම් ඉන්ධන ගාස්තු සඳහා ඔවුන්ට යම් මුදලක් ලබා දෙන්න අපට හැකියි. (1 කොරි. 13:5; ෆිලි. 2:4) කෑම වේලක් සඳහා විටින් විට අපේ නිවසට ඔවුන්ට ආරාධනා කිරීමෙන් අපි ඔවුන්ට ප්‍රේම කරන බව පෙන්වන්න පුළුවන්.—1 පේතෘ. 4:8, 9.
රාජ්‍යයට මුල් තැන දෙන අයගේ අවශ්‍යතා යෙහෝවා දෙවි සපුරන බව බයිබලයේ සහතික කර තිබෙනවා. (ගීතා. 37:25; මතෙ. 6:33) ඔහු එය කරන එක් ආකාරයක් වන්නේ අපගේ ප්‍රේමණීය සහෝදර සහෝදරියන් මගිනුයි. (1 යොහ. 3:16-18) තමන්ගේ වියහියදම් වෙනත් අය විසින් දැරිය යුතුයි කියා ඔවුන් කොහෙත්ම බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඔවුන්ට යම් අවශ්‍යතාවක් තිබෙන විට ඒ ගැන අන් අයට පවසන්නේ නැති වෙන්නත් පුළුවන්. කෙසේවෙතත් ඔවුන්ගේ අවශ්‍යතා ගැන සෝදිසියෙන් සිටීමෙන් අපගේ විශ්වාසවන්ත පුරෝගාමීන්ගේ ‘හිඟකම් පිරිමැසීමට’ උපකාර කරන්න අපට හැකි වෙයි.—2 කොරි. 8:14, 15.
සෙන්ක්‍රෙයාය නුවරෙහි තිබූ සභාවේ සිටි දෙවිට උද්‍යෝගයෙන් සේවය කළ ෆීබි නමැති සහෝදරිය රෝමයට ගිය විට පාවුල් එහි සිටි සහෝදරයන්ව මෙසේ දිරිගැන්නුවා. “ස්වාමීන්ගේ අනුගාමිකයෙකු වන ඇයව ශුද්ධ තැනැත්තන්ට ඔබින ආකාරයකින් සාදරයෙන් පිළිගන්න. ඇයට යම් අවශ්‍යතා ඇත්නම් ඒවා ඉටු කර දෙන්න.” (රෝම 16:1, 2) අපගේ සභාවේ සිටින ස්ථාවර හා විශේෂ පුරෝගාමි සහෝදර සහෝදරියන් නොකඩවා ශුභාරංචිය ප්‍රකාශ කරනවා. ඔවුන්ට ප්‍රේමණීය ලෙස උපකාර කරන්න අපටත් ඒ හා සමාන ප්‍රස්තාවන් තිබෙනවා.—ක්‍රියා 5:42.