පටුන
1වෙනි කොටස දෙවිගේ තුරුලට ආයෙත් එන්න ඕනෙ ඇයි?
අතීතයේ හිටපු දෙවිගේ සේවකයන් අපි මුහුණ දෙන අභියෝගවලටම මුහුණ දුන්නා. යෙහෝවා දෙවි ඒ අයව හොයාගෙන ගිහින් උදව් කළා වගේ අපිටත් උදව් කරනවා. රැළ ගැන සැලකිල්ලෙන් ඉන්න එඬේරෙක් වගේ යෙහෝවා දෙවිත් ඔහුගේ රැළෙන් ඈතට ගිය බැටළුවන්ව හොයාගෙන යනවා. ඔහු ඔවුන්ගෙන් ඉල්ලන්නේ ආයෙත් ඔහුගේ තුරුලට එන්න කියලයි.
1වෙනි කොටස “මම නැති වූ බැටළුවන්ව සොයා යන්නෙමි”
2-4 දක්වා කොටස් ආයෙත් එන කෙනෙකුට තියෙන අභියෝග මොනවද?
දෙවිට විශ්වාසවන්තව සේවය කරන අය වුණත් සමහර කාලවලදී කනස්සල්ලෙන් ඉන්නවා. හිත රිදිලා දුකෙන් ඉන්නවා. කරපු වැරදි ගැන හිතින් වධ විඳිනවා. ඒ නිසා ඒ අය දෙවිගෙන් ටිකක් ඈත් වෙලා. ඒ තත්වයෙන් ගොඩ ඇවිත් දෙවිගේ සෙනඟ එක්ක එකතු වෙලා නැති වුණු සතුට ආයෙත් ඇති කරගන්න යෙහෝවා දෙවි උදව් කරන්නේ කොහොමද කියලා දැනගන්න.
2වෙනි කොටස කනස්සල්ල - “සෑම ආකාරයකින්ම තළාපෙළා දැමුවත්”
3වෙනි කොටස හිත් රිදවීම් - ‘අමනාපයක් ඇති වීමට අපිට සාධාරණ හේතු තිබෙන විට’
4වෙනි කොටස වධ දෙන හිතක් - “මා කළ පාපය පහ කර මාව පවිත්‍ර කරන්න”
5වෙනි කොටස යෙහෝවා දෙවිගේ තුරුලට ආයෙත් එන්නේ කොහොමද?
ඔයා ආයෙත් ඔහුගේ තුරුලට එන කල් දෙවි බලාගෙන ඉන්නවා කියන්න තියෙන හේතු දැනගන්න. යෙහෝවා දෙවිගෙන් ඈතට ගිය සමහරු ආයෙත් ඔහු ළඟට ආවේ කොහොමද? සභාවේ අය එයාලව පිළිගත්තේ කොහොමද? ආයෙත් උද්‍යෝගයෙන් දෙවිට නමස්කාර කරන්න වැඩිමහල්ලන් ඒ අයට උදව් කළේ කොහොමද? ඒ ගැන දැනගන්න.
5වෙනි කොටස “ඔබේ ජීවිත රැකබලා ගන්නා එඬේරාගේ රැකවරණයට” ආයෙත් එන්න