ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w12 4/1 10 පි.-11 පි. 8 ¶
  • දෙවියනි, මාව නැවත පිළිගන්න!

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දෙවියනි, මාව නැවත පිළිගන්න!
  • 2012 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • “මම පසුතැවිලි වුණෙමි”
  • “මම අනිවාර්යයෙන්ම ඔහුට අනුකම්පා කරන්නෙමි”
  • ‘දෙවි මාව නැවත පිළිගත්තා’
  • යෙහෝවඃවහන්සේ—අපගේ මුදු මොළොක් දයානුකම්පිත පියාණෝ
    1994 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • “යෙහෝවා දෙවිගේ වදන්වලට කීකරු වෙන්න”
    යෙරෙමියා තුළින් දෙවි අපට කතා කරයි
  • ‘දෙවි මාගේ දුකට පිහිට වන බව මට ස්ථිරයි’
    2012 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • මා පවසන දේ ‘ඔබ සෙනඟට කියන්න’
    යෙරෙමියා තුළින් දෙවි අපට කතා කරයි
තව තොරතුරු
2012 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w12 4/1 10 පි.-11 පි. 8 ¶

දෙවිට ළං වෙන්න

දෙවියනි, මාව නැවත පිළිගන්න!

ඔබ කාලයක් යෙහෝවා දෙවිට සේවය කළ කෙනෙක්ද? නැවත දෙවිට ළං වී ඔහුට සේවය කිරීමට ඔබ කැමතිද? දෙවි ඔබව අමතක කර ඇතැයි කියා ඔබ සිතනවාද? එසේනම් මෙම ලිපියේ සහ ඊළඟ ලිපියේ ඇති තොරතුරු ඔබට ප්‍රයෝජනවත් වේවි.

එක් කාන්තාවක් මෙසේ පැවසුවා. “මම යෙහෝවා දෙවිට මෙහෙම යාච්ඤා කළා. ‘අනේ යෙහෝවා දෙවියනි, ඔබේ හිත රිදෙව්වාට මට සමාවෙන්න. නැවතත් ඔබ එක්ක කිට්ටු බැඳීමක් ඇති කරගන්න මට ඉඩ දෙන්න.’” ඔබට ඇය ගැන අනුකම්පාවක් දැනෙන බවට සැකයක් නැහැ. නමුත් ඔබ මෙසේ කල්පනා කරයි. දෙවිට ඇය ගැන කෙසේ හැඟෙනවා ඇද්ද? දෙවිට ඇයව අමතක වී ඇද්ද? දෙවි ඇයව නැවත පිළිගනීද? අපි දැන් එම ප්‍රශ්නවලට පිළිතුරු යෙරෙමියා පොතේ සඳහන් තොරතුරුවලින් සොයා බලමු.—යෙරෙමියා 31:18-20 කියවන්න.

යෙරෙමියා සිටි කාලයට බොහෝ කාලයකට කලින් එනම්, ක්‍රිස්තු පූර්ව 740දී දෙවි ඊශ්‍රායෙලයේ තිබූ ගෝත්‍ර දහයක් ඇසිරියානුවන් යටතට පත් වීමට ඉඩහැරියා.a ඊට හේතුව වුණේ ඔවුන් හිතාමතාම දෙවි අකමැති දේවල් කිරීම හා දෙවි ඒ ගැන අනතුරු ඇඟෙව්වත් ඔවුන් ඒවා නොසලකාහැරීමයි. (2 රාජාවලිය 17:5-18) දෙවිගෙනුත් මව් බිමෙනුත් ඈත් වී ඇසිරියානුවන් යටතේ සිටින විට ඔවුන් තමන් අතින් සිදු වූ වැරදි ගැන පසුතැවෙන්න ඇද්ද? දෙවිට ඔවුන්ව සම්පූර්ණයෙන්ම අමතක වී ඇද්ද? සමාව දී නැවත ඔවුන්ව පිළිගැනීමට දෙවි කැමති වෙයිද?

“මම පසුතැවිලි වුණෙමි”

පීඩා විඳිමින් සිටි ඊශ්‍රායෙල් සෙනඟ ඔවුන් අතින් සිදු වූ වැරදිවල බරපතළකම වටහාගෙන පසුතැවුණා. ඒ ගැන දෙවිට හැඟුණේ කොහොමද?

‘එෆ්‍රායිම් ළත වූ හැටි මට ඇසිණ’ කියා යෙහෝවා දෙවි පැවසුවා. (යෙරෙමියා 31:18) තමන් කළ වැරදි ගැන කියමින් ඔවුන් දුක් වන ආකාරය දෙවි දුටුවා. එය හරියට හිතුවක්කාරකම නිසා නිවස අත්හැර ගිය දරුවෙක් තමන් කළ වැරදි ගැන පසුතැවෙමින් නැවත ගෙදර එන්න ආශා කරනවා හා සමානයි. (ලූක් 15:11-17) ඊශ්‍රායෙල් සෙනඟ පසුතැවෙමින් දෙවිට පැවසුවේ මොනවාද?

“පුරුදු පුහුණු නොකළ වසු පැටියෙකුව පුහුණු කරන්නාක් මෙන් ඔබ මාව නිවැරදි කළෙහිය” කියා ඊශ්‍රායෙල්වරු පැවසුවා. (යෙරෙමියා 31:18) තමන්ට එලෙස දුක් විඳින්න සිදු වුණේ තමන් අතින් සිදු වූ වැරදි නිසා බව ඔවුන් පිළිගත්තා. ඔවුන් හැසිරුණේ හරියට පුහුණු නොකළ වසු පැටවෙක් වගෙයි. වසු පැටව් ගැන එක් පොතක මෙසේ සඳහන් වුණා. “වස්සෙකුට කෝටුවෙන් තලන්නේ වියගහේ බඳිනවාට ඌ අකමැති වුණොත් පමණයි.”

“දෙවියනි, නැවත ඔබ වෙතට ඒමට මට මඟ පෙන්වන්න. එවිට මම ඉතා කැමැත්තෙන් ඔබ වෙතට හැරී එන්නෙමි. මන්ද යෙහෝවා දෙවියනි, මගේ දෙවි ඔබය” කියා ඔවුන් දෙවිට පැවසුවා. (යෙරෙමියා 31:18) ඔවුන් පසුතැවිලි වුණේ අවංකවමයි. ඔවුන් අතින් බරපතළ වැරදි සිදු වුණත් ඒවා නිවැරදි කරගෙන නැවත දෙවි කැමති ආකාරයට ජීවත් වීමට ඔවුන් දෙවිගේ උපකාර පැතුවා.

‘මා කළ දේවල් ගැන මම පසුතැවිලි වුණා, බොහෝ සෙයින් කනගාටු වුණා. ඒ දේවල් ගැන මට ඇති වුණේ පුදුම ලැජ්ජාවක්’ කියා ඊශ්‍රායෙල්වරු පැවසුවා. (යෙරෙමියා 31:19) තම නින්දිත හැසිරීම ගැන ඔවුන් බොහෝ සේ දුක් වුණා. (ලූක් 15:18, 19, 21) දඬුවම් විඳීමට සිදු වීම ගැන ඔවුන් දෙවිට දොස් නැඟුවේ නැහැ.

තමන් අතින් සිදු වූ වැරදි ගැන අවංකව පසුතැවුණු ඔවුන් ඒවා ගැන දෙවිට පැවසූ අතර නැවත ඒවා නොකිරීමට අධිෂ්ඨාන කරගත්තා. දෙවි ඔවුන්ට සමාව දෙයිද?

“මම අනිවාර්යයෙන්ම ඔහුට අනුකම්පා කරන්නෙමි”

යෙහෝවා දෙවි ඊශ්‍රායෙල් සෙනඟට බොහෝ සේ ප්‍රේම කළා. “ඊශ්‍රායෙල්වරුන්ගේ පියා මමය. එෆ්‍රායිම් මාගේ කුලුඳුල් පුත්‍රයාය” කියා ඔහු පැවසුවේ ඒ නිසයි. (යෙරෙමියා 31:9) දරුවන්ට බොහෝ සේ ප්‍රේම කරන පියෙක් දරුවන් කළ වැරදි ගැන ඔවුන් අවංකව පසුතැවෙන විට සමාව නොදී සිටියිද? යෙහෝවා දෙවිට ඊශ්‍රායෙල්වරුන් ගැන හැඟුණේ කොහොමද?

“එෆ්‍රායිම් මාගේ වටිනා පුත්‍රයෙකු නොවේද? මා ඔහුව ඉතා ආදරයෙන් ඇතිදැඩි කළේ නැද්ද? මා ඔහුට විරුද්ධව කොතරම් කතා කළත් මාගේ මතකයෙන් කවදාවත් ඔහු මැකී යන්නේ නැත” කියා දෙවි පැවසුවා. (යෙරෙමියා 31:20) ඔවුන් කෙරෙහි දෙවිට මොන තරම් ප්‍රේමයක් තිබුණාද! ප්‍රේමණීය පියෙක් හා සමානව යෙහෝවා දෙවිද ඊශ්‍රායෙල් සෙනඟට ඔවුන්ගේ හැසිරීම ගැන කිහිප සැරයක්ම අනතුරු ඇඟෙව්වා. ඔවුන් හිතාමතාම එම අනතුරු ඇඟවීම් ප්‍රතික්ෂේප කළ නිසා ඔවුන් කැමති ආකාරයට හැසිරීමට දෙවි ඉඩහැරියා. අවසානයේදී දෙවි ඔවුන්ට දඬුවම් කළා. නමුත් දෙවි ඔවුන්ව අමතක කළේ නැහැ.

ඔවුන් තම වැරදි ගැන පසුතැවුණු විට දෙවි මෙසේ පැවසුවා. “ඔහු නිසා මාගේ හදවත කම්පා වන්නේය. එබැවින් මම අනිවාර්යයෙන්ම ඔහුට අනුකම්පා කරන්නෙමි.” (යෙරෙමියා 31:20) ඔවුන් නැවත තමන්ට ළං වීමට උත්සාහ කිරීම ගැන දෙවි බොහෝ සෙයින් සතුටු වුණා. යේසුස් පැවසූ අකීකරු පුත්‍රයා සම්බන්ධ උපමාවේ සඳහන් පියා මෙන් යෙහෝවා දෙවිටද ඊශ්‍රායෙල්වරුන් ගැන මහත් අනුකම්පාවක් ඇති වුණා.—ලූක් 15:20.

‘දෙවි මාව නැවත පිළිගත්තා’

යෙහෝවා දෙවි මොන තරම් දයානුකම්පිතද කියා යෙරෙමියා 31:18-20හි සඳහන් තොරතුරුවලින් පැහැදිලියි. තමන්ව අත්හැර ගිය අයව පවා දෙවි කිසි දිනක අමතක කරන්නේ නැහැ. බරපතළ වැරදි කළ අය වුණත් අවංකව පසුතැවෙනවා නම් දෙවි ඔවුන්ට ‘සමාව දීමට කැමැත්තෙන්’ සිටිනවා. (ගීතාවලිය 86:5) දෙවි ඔවුන්ව කිසි දිනක නොසලකාහරින්නේ නැහැ. (ගීතාවලිය 51:17) දෙවි ඔවුන්ව නැවත පිළිගැනීමට ආශාවෙන් සිටිනවා.—ලූක් 15:22-24.

මෙම ලිපියේ මුලින් සඳහන් කළ කාන්තාවට නැවත දෙවි සමඟ මිත්‍රත්වයක් ඇති කරගැනීමට වුවමනා වූ නිසා ඇය යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් පවත්වන රැස්වීම්වලට ගියා. ඇයට හැඟුණේ තමන් කිසි වැඩකට නැති කෙනෙක් ලෙසයි. නමුත් එවැනි හැඟීම් නැති කරගෙන නැවත දෙවි සමඟ කිට්ටු මිත්‍රත්වයක් ඇති කරගැනීමට සාක්ෂිකරුවන් අතර සිටි වගකීම් දරන සහෝදරයන් ඇයට උපකාර කළා. ඒ ගැන තමන්ට දැනුණු ආකාරය ගැන ඇය මෙසේ පවසනවා. “දෙවි මාව නැවත පිළිගත්ත එක ගැන මට දැනෙන්නේ පුදුම සතුටක්!”

ඔබත් යම් කාලයක් පුරා දෙවිගෙන් ඈත් වී සිටින කෙනෙක් නම් නැවතත් දෙවි සමඟ මිත්‍රත්වයක් ඇති කරගැනීමට ඔබ කැමති නම් සාක්ෂිකරුවන්ගේ රැස්වීම්වලට සහභාගි වන ලෙස අප ඔබට ආරාධනා කරනවා. අවංකව පසුතැවිලි වී දෙවි වෙතට හැරීමට කැමති අයට දෙවි මහත් දයානුකම්පාවෙන් සලකන බව අමතක කරන්න එපා!

අප්‍රියෙල් මාසයට නියමිත බයිබල් කියවීම

◼ යෙරෙමියා 17 සිට 31 දක්වා

[පාදසටහන]

a ක්‍රි.පූ. 997දී ඊශ්‍රායෙල් රාජ්‍යය, උතුරු රාජ්‍යය සහ දකුණු රාජ්‍යය ලෙස කොටස් දෙකකට බෙදුණා. දකුණු රාජ්‍යයට ගෝත්‍ර දෙකක් අයත් වූ අතර එය යූදා ලෙස හැඳින්නුවා. ගෝත්‍ර දහයක් අයත් වූ උතුරු රාජ්‍යය ඊශ්‍රායෙල් ලෙස හැඳින්වූ අතර ඊට එෆ්‍රායිම් යන නමද දී තිබුණා.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න