යහපත් ක්‍රිස්තියානීන් වෙමු
ශුභාරංචිය දේශනා කරලා සතුටක් ලබන්න
දේශනා කරන එක අමාරුයි කියලා ඔයාට හිතෙනවාද? උදාසීන ප්‍රතිචාර, විරුද්ධවාදිකම්, අමුත්තන්ට කතා කරන්න තියෙන බය වගේ හේතු නිසා හුඟාක් අයට එහෙම හිතෙනවා. ඒ දේවලින් අපේ සතුට නැති වෙනවා තමයි. ඒත් අපි සේවය කරන ප්‍රීතිමත් දෙවි කැමති අපිත් සතුටින් සේවය කරනවාටයි. (ගීතා 100:2; 1තිමෝ 1:11) සතුටින් සේවය කරන්න තියෙන හේතු තුනක් බලමු.
පළවෙනි හේතුව, අපි කියන්නේ බලාපොරොත්තුවේ පණිවිඩයක්. අද හුඟාක් අය බලාපොරොත්තු අත්හැරියත් “යහපත් කාලයක් ගැන ශුභාරංචිය” කියලා මිනිසුන්ට බලාපොරොත්තුවක් දෙන්න අපිට පුළුවන්. (යෙසා 52:7) ඒකෙන් අපිටත් සතුටක් ලැබෙනවා. ඒ නිසා සේවයේ යන්න කලින් දේවරාජ්‍යයෙන් ලැබෙන ආශීර්වාද ගැන හිතන්න.
දෙවෙනි හේතුව, ශුභාරංචිය නිසා මිනිසුන්ට නරක පුරුදු අත්හරින්නත් දෙවිගේ යාළුවෙක් වෙලා සදහටම ජීවත් වෙන්නත් අවස්ථාව ලැබෙනවා. (යෙසා 48:17, 18; රෝම 1:16) හිතන්න, විපතකට පත් වුණු අයව බේරාගන්න මෙහෙයුමක ඔයාත් ඉන්නවා කියලා. සමහරු උදව් ගන්න අකමැති වුණත් ඔයා ඒ වැඩේ අතහරිනවාද? නැහැ. බේරෙන්න කැමති අයව ඔයා දිගටම හොයනවා.—මතෙ 10:11-14.
වැදගත්ම හේතුව තමයි දේශනා සේවයෙන් යෙහෝවා දෙවිට ප්‍රශංසාව ලැබෙන එක. අපේ සේවය දෙවි සලකන්නේ වටිනා එකක් විදිහට. (යෙසා 43:10; හෙබ්‍රෙ 6:10) ඒක කරන්න දෙවිගේ බලයත් අපිට දෙනවා. ඒ නිසා දෙවිගේ බලය ක්‍රියාත්මක වෙද්දී ඇති වෙන ප්‍රීතිය ඔයා තුළත් ඇති කරන්න කියලා යාච්ඤා කරන්න. (ගලා 5:22) කනස්සල්ල නැති කරගෙන දේශනා කරන්න දෙවි අපිට උදව් කරයි. (ක්‍රියා 4:31) එතකොට මිනිසුන්ගේ ප්‍රතිචාරය මොකක් වුණත් දේශනා කරලා සතුටක් ලබන්න අපිට පුළුවන්.—එස 3:3.
ඔයා සේවයේ යන්න කැමති කොයි විදිහටද? ඔයා සේවයෙන් සතුටක් ලබනවා කියලා අනිත් අය දකින්නේ මොන දේවලින්ද?
‘අධ්‍යයනය සහ ගැඹුරින් සිතා බැලීමෙන් සතුට යළි ලබාගන්න’ වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න:
අපි හැම මාසෙකම දේශනා සේවයට වැඩිපුර කාලයක් යෙදෙව්වත් පෞද්ගලික අධ්‍යයනයට මුල් තැන දෙන්න ඕනෙ ඇයි?
අපිට මරියාව ආදර්ශයට ගන්න පුළුවන් කොහොමද?
ඔයා දෙවිගේ වචනය කියවලා ඒ ගැන හොඳට හිතන්න වෙන් කරලා තියෙන්නේ කොයි වෙලාවද?
දේශනා සේවයේ යද්දී ඔයා සතුටක් ලබන්නේ මොන දේවලින්ද?