ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • km 10/14 1 පි.
  • අවස්ථාව අත්හරින්න එපා!

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අවස්ථාව අත්හරින්න එපා!
  • 2014 අපගේ රාජ්‍ය සේවාව
  • සමාන තොරතුරු
  • “ක්‍රියාකාරකම්වලට මඟ පාදන විශාල දොරක්”
    2007 අපගේ රාජ්‍ය සේවාව
  • සාක්ෂි දැරීමට අවස්ථා පාදාගන්න
    2006 අපගේ රාජ්‍ය සේවාව
  • ජීවිතයේ වෙනස්කම් සිදු වන විට දෙවිගේ ආත්මය කෙරෙහි රඳා සිටින්න
    2004 මුරටැඹ යහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • “ඔබේ කැමැත්ත කිරීමට මට උගන්වන්න”
    2012 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2014 අපගේ රාජ්‍ය සේවාව
km 10/14 1 පි.

මාසයේ තේමාව: ‘දේශනා කරන්න. එම කාර්යයේ උද්‍යෝගයෙන් නිරත වන්න.’—2 තිමෝ. 4:2

අවස්ථාව අත්හරින්න එපා!

1. දාවිත්ගෙන් ඉගෙනගන්න පුළුවන් පාඩම මොකක්ද?

1 දාවිත් රජ තමන්ට කරන්න බැරි වුණු දේවල් ගැන හිතලා අධෛර්යය වුණේ නැහැ. යෙහෝවා දෙවිට ගෘහයක් හදන්න ආසාවෙන් හිටියත් ඔහුට ඒ අවස්ථාව ලැබුණේ නැහැ. ඒත් දෙවිගේ ගෘහය හදන්න අවශ්‍ය හැම දෙයක්ම දාවිත් සලමොන්ට ලෑස්ති කරලා දුන්නා. (1 රාජා. 8:17-19; 1 ලේක. 29:3-9) කරන්න බැරි දේ ගැන හිතහිත ඉන්නවා වෙනුවට කරන්න පුළුවන් දේ ඔහු කළා. දාවිත්ගේ ආදර්ශය අපේ සේවයට අදාළ කරගන්න පුළුවන් කොහොමද?

2. අපිට මොනවා ගැනද හිතලා බලන්න පුළුවන්?

2 පුළුවන් දේ කරන්න: හුඟදෙනෙක් ඒ අයගේ ජීවිත සරල කරගෙන සහායක පුරෝගාමි සේවය හරි ස්ථාවර පුරෝගාමි සේවය හරි කරනවා. (මතෙ. 6:22, පාදසටහන) ඔබටත් එහෙම කරන්න පුළුවන්ද? ඔබ ඉන්න තත්වය ගැන හිතලා බලන්න. ඒ ගැන යාච්ඤා කරන්න. “සේවය කිරීම සඳහා විශාල ප්‍රස්තාවක්” ඔබටත් තියෙනවා කියලා තේරෙනවා නම් ඒ ප්‍රස්තාව අත්හරින්න එපා.—1 කොරි. 16:8, 9.

3. පුරෝගාමි සේවය කරන්න බැරි වුණත් සාක්ෂි දරන්න පුළුවන් අවස්ථා මොනවාද?

3 ඔබට පුරෝගාමි සේවය කරන්න බැරි නම් ඒ ගැන දුක් වෙන්න එපා. සාක්ෂි දරන්න කොච්චර අවස්ථා තියෙනවාද කියලා හිතලා බලන්න. වැඩපොළේදී සාක්ෂි දරන්න අවස්ථාව තියෙනවා නම් ඒකෙන් ප්‍රයෝජන ගන්න පුළුවන්ද? අසනීපයක් නිසා ප්‍රතිකාර ගන්නවා නම් ප්‍රතිකාර ලබා දෙන අයට සාක්ෂි දරන්න අවස්ථා උදා කරගන්න පුළුවන්ද? බරපතළ අසනීප තත්වයක් නිසා හරි මහලු වයස නිසා හරි කරන්න පුළුවන් දේ සීමා වෙලා නම් මාසෙකට විනාඩි 15ක්, 30ක් හෝ 45ක් වගේ කාලයක් වාර්තා කරන්න පුළුවන් කියලා අමතක කරන්න එපා. මාසේ අන්තිමට වාර්තාව දාද්දී අවිධිමත් ලෙස කොච්චර වෙලාවක් සාක්ෂි දැරුවාද කියලත් පත්‍රිකා සහ සිහි කිරීමේ හා තුන්දින සමුළුවේ ආරාධනා පත්‍ර කීයක් දුන්නද කියලත් සටහන් කරන්න. අවිධිමත් ලෙස සාක්ෂි දරන විනාඩි දෙක තුන මාසේ අන්තිමට එකතු කළාම මාසේ පුරාම කොයි තරම් කාලයක් සාක්ෂි දරලා තියෙනවාද කියලා ඔබ පුදුම වෙයි.

4. ඔබේ අධිෂ්ඨානය මොකක්ද?

4 අපි මොන තත්වයක හිටියත් සාක්ෂි දරන්න ලැබෙන හැම අවස්ථාවකින්ම ප්‍රයෝජන ගමු. එහෙම කරනවා නම් අපිට පුළුවන් දේවරාජ්‍යය වෙනුවෙන් උපරිමය කරනවා කියන සතුට අද්දකින්න.—මාක් 14:8; ලූක් 21:2-4.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න