“මම පැය වාර්තා කරන්නේ කොහොමද?”
එක් එක් ප්රචාරකයාගේ තත්වය වෙනස් නිසා පැය වාර්තා කළ යුතු ආකාරය ගැන දීර්ඝ ලැයිස්තුවක් අපට දී නැහැ. නමුත් ඊට අදාළ පොදු මඟ පෙන්වීම් 2006 දෙසැම්බර් රාජ්ය සේවාවේ 3වන පිටුවේ 9-11 දක්වා ඡේදවලත් 2008 සැප්තැම්බර් රාජ්ය සේවාවේ ප්රශ්න පෙට්ටියෙත් පළ කර තිබෙනවා. එමනිසා වැඩිමහල්ලන් හෝ වෙනත් අය ඊට අදාළව අමතර මඟ පෙන්වීම් ලබා දීම සුදුසු වන්නේ නැහැ.
නමුත් ප්රචාරකයෙකුට ඊට අදාළව ප්රශ්නයක් මතු වෙයි නම් හා ඊට ලිඛිත මඟ පෙන්වීමක් නැත්නම් මෙසේ කල්පනා කර බැලිය හැකියි. මම ඒ පැය ගණන ගත කළේ දේවසේවය සඳහාමද? නැත්නම් ඒ කාලය තුළ සේවයට අදාළ නැති කටයුතුවලත් යෙදුණද? මාසය අවසානයේදී දමන වාර්තාව මගින් අපේ සිතට සතුටක් ලැබිය යුතුයි. එය සිත වද දෙන දෙයක් නොවිය යුතුයි. (ක්රියා 23:1) අප විශේෂ සැලකිල්ලක් දැක්විය යුත්තේ කොපමණ පැය ගණනක් වාර්තා කරනවාද කියන කාරණයට නොව සේවයේ යෙදෙන පැය ගණන කොතරම් උනන්දුවෙන් හා පලදායී ලෙස ගත කරනවාද යන කාරණයටයි.—හෙබ්රෙ. 6:11.