ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb16 දෙසැම්බර් 2 පි.
  • සේවයේ දක්ෂ වීමට - ‘දෙවිගේ ප්‍රේමය’ පොතෙන් හිතට කතා කරන්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සේවයේ දක්ෂ වීමට - ‘දෙවිගේ ප්‍රේමය’ පොතෙන් හිතට කතා කරන්න
  • 2016 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • ශිෂ්‍යයන්ට බව්තීස්මය දක්වා දියුණු වෙන්න උදව් කරන්න
    2021 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • බව්තීස්මය දක්වා දියුණු වෙන්න බයිබල් ශිෂ්‍යයන්ට උදව් කරන්න (දෙවෙනි කොටස)
    2020 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • බව්තීස්මය දක්වා දියුණු වෙන්න බයිබල් ශිෂ්‍යයන්ට උදව් කරන්න (පළවෙනි කොටස)
    2020 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • ‘ගොස් මිනිසුන්ට මගේ ගෝලයන් වෙන්න උපකාර කරන්න’
    2020 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
තව තොරතුරු
2016 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb16 දෙසැම්බර් 2 පි.

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

සේවයේ දක්ෂ වීමට - ‘දෙවිගේ ප්‍රේමය’ පොතෙන් හිතට කතා කරන්න

ඒක වැදගත් ඇයි? යෙහෝවා දෙවි පිළිගන්න විදිහට නමස්කාර කරන්න නම් ඔහුගේ ප්‍රතිපත්ති ඉගෙනගෙන ඒවා පිළිපදින්න ඕනේ. (යෙසා 2:3, 4) බයිබලයේ ඉගැන්වීම් පොතට පස්සේ ශිෂ්‍යයා එක්ක පාඩම් කරන්නේ ‘දෙවිගේ ප්‍රේමය’ පොතයි. දෙවිගේ ප්‍රතිපත්ති එදිනෙදා ජීවිතයේදී අදාළ කරගන්න ඕන විදිහ තේරුම්ගන්න ඒ පොත උදව් වෙනවා. (හෙබ්‍රෙ 5:14) ඒ තොරතුරු හිතට කාවදින විදිහට ඉගැන්නුවොත් විතරයි දෙවි ගැන ආදරයක් ඇති කරගෙන අවශ්‍ය වෙනස්කම් කරන්න ශිෂ්‍යයා පෙලඹෙන්නේ.—රෝම 6:17.

සහෝදරියක් බයිබල් පාඩමක් පවත්වමින්

ඒක කරන්නේ කොහොමද?

  • ශිෂ්‍යයා ගැන මනසේ තියාගෙන පාඩමට සූදානම් වෙන්න. පාඩමේ තොරතුරු ගැන එයාට හිතෙන විදිහ දැනගන්න උදව් වෙන ප්‍රශ්න හදාගන්න.—හිතෝ 20:5; be 259

  • බයිබල් ප්‍රතිපත්ති අදාළ කරගන්න එකේ වටිනාකම තේරුම් කරලා දෙන්න කොටුවල තියෙන තොරතුරු පාවිච්චි කරන්න

  • හෘදය සාක්ෂියට අනුව ගන්න තීරණවලදී හොඳට හිතලා බලන්න උදව් කරන්න. එයා වෙනුවෙන් තීරණ ගන්න එපා.—ගලා 6:5

  • සමහර බයිබල් ප්‍රතිපත්ති අදාළ කරගන්න ශිෂ්‍යයාට උදව් ඕනෙද කියලා හඳුනගන්න. යෙහෝවා දෙවිට තියෙන ආදරේ නිසා අවශ්‍ය වෙනස්කම් කරන්න එයාව දිරිගන්වන්න.—හිතෝ 27:11; යොහ 14:31

‘දෙවිගේ ප්‍රේමය’ පොතේ හැම පාඩමක්ම කරන්න ඕනේ. ශිෂ්‍යයා බව්තීස්ම වුණාට පස්සෙත් පොත ඉවර වෙන කල්ම බයිබල් පාඩමත් නැවත බැලීම් ගාණත් පැය ගාණත් වාර්තා කරන්න පුළුවන්.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න