සේවයේ දක්ෂ වීමට හොඳ අධ්‍යයන පුරුදු ඇති කරගන්න ශිෂ්‍යයන්ව පුහුණු කරන්න
ඒක වැදගත් ඇයි? ශිෂ්‍යයන් දියුණුවක් ලබන්න නම් බයිබලයේ තියෙන මූලික කාරණා ඉගෙනගෙන විතරක් මදි. ඔවුන් තමන්ගේ මනසයි හදවතයි නිතරම දේවවචනයෙන් පෝෂණය කරගන්න ඕනේ. (හෙබ්‍රෙ. 5:12–6:1) දැනටමත් දන්න දේවලට අලුත් තොරතුරු සම්බන්ධ වෙන විදිහ හිතලා බලන්නත් ඒවා අදාළ කරගන්න එකේ වටිනාකම අවබෝධ කරගන්නත් ඔවුන් ලොකු වෑයමක් දරන්න ඕනේ. (හිතෝ. 2:1-6) අපේ පොත් පත්වලින් පර්යේෂණය කරන්න පුරුදු වුණොත් ප්‍රශ්නවලට බයිබලයෙන්ම උත්තර හොයාගන්න ශිෂ්‍යයන්ට පුළුවන් වෙයි. ඉගෙනගන්න දේවල් අදාළ කරගන්න වෑයම් කරනවා නම් ක්‍රිස්තියානීන් හැටියට එන පීඩාවලට මුහුණ දෙන්න සූදානම් වෙලා ඉන්න ඔවුන්ට පුළුවන්.—ලූක් 6:47, 48.
මාසය තුළ මෙය අත්හදා බලන්න
පරිච්ඡේදයක් හරි උපමාතෘකාවක් යටතේ තියෙන කොටසක් හරි සාකච්ඡා කෙරුවාට පස්සේ ඉගෙනගත්ත දේ සාරාංශ කරන්න කියලා ශිෂ්‍යයාට කියන්න. ශිෂ්‍යයෙක් නැත්නම් ඒ හැකියාව දියුණු කරගන්න බයිබලයේ කොටසක් හරි ‘මුරටැඹ’ සඟරාවේ ඡේදයක් හරි ඔබම කියවලා වාක්‍ය කීපයකින් ඒ කොටසේ තියෙන අදහස සාරාංශ කරන්න.