සේවයේ දක්ෂ වීමට වෙනත් භාෂාවක් කතා කරන කෙනෙක්ට සාක්ෂි දරන්න
ඒක වැදගත් ඇයි? යෙහෝවා දෙවි කැමතියි ‘මොන ජාතියකට අයිති වුණත්’ ඕනම කෙනෙක් ඔහු ගැන දැනගෙන ඔහුට ළං වෙනවාට. (ක්රියා 10:34, 35) ඒ නිසයි යේසුස් කිව්වේ “මුළු පොළොව පුරාම” ඉන්න “සියලු ජාතීන්ට” ශුභාරංචිය දේශනා කරනු ලබනවා කියලා. (මතෙ. 24:14) සෙකරියාත් අනාවැකියක් කිව්වා “සෑම භාෂාවක්ම නියෝජනය කරන විවිධ ජාතීන්ට” අයිති අය හොඳ ප්රතිචාරයක් දක්වයි කියලා. (සෙක. 8:23) ඒ වගේම යොහන් “සියලු ජාතීහුද ගෝත්රද ජනයාද සියලු භාෂා කතා කරන අයද” මහත් පීඩාවෙන් බේරෙන විදිහ දර්ශනයකින් දැක්කා. (එළි. 7:9, 13, 14) ඒ අනුව බලද්දී අපේ ප්රදේශයේදී වෙනත් භාෂාවක් කතා කරන කෙනෙක් හම්බ වුණොත් ඔහුට සාක්ෂි දරන්න අපි වෑයම් කරන්න ඕනේ.
මාසය තුළ මෙය අත්හදා බලන්න
ඊළඟ පවුලේ නමස්කාරයේදී වෙනත් භාෂාවක් කතා කරන කෙනෙක්ට සාක්ෂි දරන විදිහ පුහුණු වෙන්න.