හැකියාවන් දිගටම දියුණු කරගන්න
1. අපේ හැකියාවන් දිගටම දියුණු කරගන්න ඕන කියලා පෙන්වන ආදර්ශ මොනවාද?
1 ගෝලයන් ඔවුන්ගේ හැකියාවන් දියුණු කරගන්න ඕන නිසා යේසුස් ඔවුන්ට පුහුණුවක් ලබා දුන්නා. (ලූක් 9:1-5; 10:1-11) අකිලා සහ ප්රිසිලාත් අපොලොස්ට ආරාධනා කරලා ‘දෙවිගේ මාර්ගය ගැන වඩාත් නිවැරදි අවබෝධයක් ලබා දුන්නා.’ (ක්රියා 18:24-26) තිමෝති දක්ෂ දේවසේවකයෙක් වුණත් පාවුල් ඔහුට දිරිගැන්නුවා උගන්වන ආකාරය දියුණු කරගන්න කියලා. එතකොට ඔහු “දියුණු වන අන්දම සියලුදෙනාටම දැකගත හැකි වෙයි” කියලත් කිව්වා. (1 තිමෝ. 4:13-15) ප්රචාරකයන් හැටියට අපි අවුරුදු ගාණක් සේවය කරලා තිබුණත් ඉගැන්වීමේ හැකියාවන් දිගටම දියුණු කරගන්න ඕනේ.
2. අපිට අනිත් අයගෙන් ඉගෙනගන්න පුළුවන් කොහොමද?
2 අනිත් අයගෙන් ඉගෙනගන්න: අපේ හැකියාවන් දියුණු කරගන්න පුළුවන් එක ක්රමයක් තමයි අනිත් අයගෙන් ඉගෙනගන්න එක. (හිතෝ. 27:17) ඒ නිසා අපි එක්ක සේවයේ යන අය දේශනා කරන විදිහ ගැන හොඳට නිරීක්ෂණය කරමු. දක්ෂ විදිහට සේවය කරන අයගෙන් දියුණු කරගන්න පුළුවන් පැති ගැන අහලා ඒ යෝජනා හිතට ගමු. (හිතෝ. 1:5) නැවත බැලීමක් කරන විදිහ, පාඩමක් පටන්ගන්න විදිහ වගේ සේවය ගැන යම් දෙයක් දන්නේ නැත්නම් කරන්න ඕන මොනවාද? කණ්ඩායම බාර සහෝදරයාගෙන් හරි අද්දැකීම් ලත් ප්රචාරකයෙක්ගෙන් හරි උදව් ඉල්ලන්න. දෙවිගේ උදව්වෙන් අපේ හැකියාවන් දියුණු කරගන්න පුළුවන් නිසා යාච්ඤා කරන්නත් අමතක කරන්න එපා.—ලූක් 11:13.
3. ඔබ ඉල්ලන්නේ නැතුවම කවුරු හරි ඔබට මඟ පෙන්වීමක් දුන්නොත් කරන්න ඕන මොකක්ද?
3 ඔබ ඉල්ලුවේ නැතත් කවුරු හරි ඔබට දියුණු කරගන්න පැත්තක් පෙන්නුවොත් අමනාප වෙන්න එපා. (දේශ. 7:9) අපොල්ලොස් වගේ නිහතමානීව මඟ පෙන්වීම් පිළිගෙන ස්තුතිවන්ත වෙන්න. එහෙම කරන එක ඥානවන්ත දෙයක්.—හිතෝ. 12:15.
4. ශුභාරංචිය දේශනා කරන්නෙක් හැටියට අපි දියුණු වෙන්න ඕන මූලිකම හේතුව මොකක්ද?
4 යෙහෝවා දෙවිටත් ගෞරවයක්: දේවසේවකයන් හැටියට දියුණු වෙන්න කියලා ගෝලයන්ට උනන්දු කරන්න යේසුස් නිදසුනක් පාවිච්චි කළා. ඔහු තමාව මිදිවැලකටත් අභිෂේකලත් අයව ඒකේ අතුවලටත් සමාන කළා. ‘වැඩි පලදාවක් ලබාගන්න’ පියාණන් හොඳ අතු කප්පාදු කරනවා කියලා යේසුස් කිව්වා. (යොහ. 15:2) මිදිවත්තක අයිතිකරු හොඳ පලදාවක් ලබාගන්න කැමතියි වගේ යෙහෝවා දෙවිත් කැමතියි ‘අපේ මුවින් ඔහුට ප්රශංසා’ කරන්න තියෙන හැකියාව අපි තවත් දියුණු කරගන්නවාට. (හෙබ්රෙ. 13:15) දේශනා කරන්නන් හැටියට අපි දියුණු වෙනවා නම් ප්රතිඵලය මොකක්ද? යේසුස් කිව්වේ “දිගටම බොහෝ පල දරන්න. . . . ඔබ එසේ කළොත් මගේ පියාණන්ට මහත් ගෞරවයක් ලැබෙයි” කියලයි.—යොහ. 15:8.