නැවත ගොස් බලන්න (S-43) නමැති පෝර්මය භාවිත කරමු
එම පෝර්මය (S-43) පිරවිය යුතු වන්නේ වෙනත් සභාවකට අයත් ප්‍රදේශයක ජීවත් වන ශුභාරංචිය කෙරෙහි උනන්දුව දක්වන කෙනෙකුව හෝ වෙනත් භාෂාවක් කතා කරන කෙනෙකුව මුණගැසුණු විටයි. මීට පෙර වෙනත් භාෂාවක් කතා කරන කෙනෙක් මුණගැසුණු විට ඔහු උනන්දුවක් දැක්වුවත් නැතත් අප එම පෝර්මය පිරෙව්වා. නමුත් දැන් එය පිරවිය යුත්තේ ඔහු උනන්දුවක් දැක්වුවොත් පමණයි. කෙසේවෙතත් බිහිරි කෙනෙක් හමු වූ විට ඔහු උනන්දුවක් දැක්වුවත් නැතත් ඔහු පිළිබඳ තොරතුරු සඳහන් කරමින් එම පෝර්මය පිරවිය යුතුයි.
ඉන්පසු අපි කුමක් කළ යුතුද? එය අපේ සභාවේ ලේකම්ට භාර දිය යුතුයි. එය යැවිය යුතු සභාව ඔහු දන්නවා නම් එය එම සභාවේ වැඩිමහල්ලන්ට යවයි. එවිට ඒ වැඩිමහල්ලන් එම පුද්ගලයාට දෙවි ගැන ඉගෙනගැනීමට අවශ්‍ය උපකාර ලබා දෙයි. නමුත් එය යැවිය යුතු සභාව ලේකම් දන්නේ නැත්නම් ඔහු එය ශාඛා කාර්යාලයට යවයි.
වෙනත් භාෂාවක් කතා කරන උනන්දුවක් දක්වන පුද්ගලයා සිටින්නේ ඔබේ සභාවට පවරා ඇති ප්‍රදේශයේ නම් එම පුද්ගලයාගේ භාෂාව කතා කරන සභාවකින් ප්‍රචාරකයෙකු ඔහුව හමු වීමට පැමිණෙන තුරු එම පුද්ගලයාව දිගටම හමු වීමට යෑමෙන් ඔහුගේ උනන්දුව වැඩි කිරීමට ඔබට හැකියි.—වර්ෂ 2009 නොවැම්බර් රාජ්‍ය සේවාවේ 4වන පිටුව බලන්න.