මාසයේ තේමාව: ‘දේශනා කරන්න. එම කාර්යයේ උද්යෝගයෙන් නිරත වන්න.’—2 තිමෝ. 4:2
1914 ගැන අපේ විශ්වාසය පැහැදිලි කරමු
අපේ විශ්වාසයන් ගැන අහන අයට අපි “මෘදුකමින් හා ගැඹුරු ගෞරවයක්” ඇතුව ‘පිළිතුරු දෙන්න නිතරම සූදානම්ව ඉන්න’ ඕනේ. (1 පේතෘ. 3:15) ඒත් සමහර අවස්ථාවලදී ගැඹුරු කාරණා පැහැදිලි කරන එක අමාරු වෙන්න පුළුවන්. දෙවිගේ රාජ්‍යයේ පාලනය පටන්ගත්තේ 1914 කියලා පැහැදිලි කරන එක ඒකට උදාහරණයක්. ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවල ‘මුරටැඹ’ පොදු කලාපයේ තියෙන “ගෙහිමියෙකු සමඟ සාකච්ඡාවක් - දෙවිගේ රාජ්‍යය පාලනය කරන්න පටන්ගත්තේ කවදාද?” කියන ලිපි දෙක ප්‍රයෝජනවත් වෙයි. ඔබ ඒ ලිපි අධ්‍යයනය කරද්දී, මයිකල් කියන ප්‍රචාරකයා හොඳින් සාකච්ඡාව කරගෙන ගියේ කොහොමද කියලා දැනගන්න පහළ තියෙන ප්‍රශ්න උදව් කරගන්න.
එකඟ වෙන්න පුළුවන් අවස්ථාවලදී ඔහු ජෝන්ව අගේ කළේ කොහොමද?—ක්‍රියා 17:22.
විශ්වාසයන් පැහැදිලි කරද්දී ඔහු නිහතමානී වුණේ කොහොමද?—ක්‍රියා 14:15.
ඊළඟ කරුණට යන්න කලින්, ඊට කලින් කතා කරපු දේවල් සාරාංශ කරපු එක වටින්නේ ඇයි?
පැහැදිලි කරපු දේවල් තේරුණාද කියලා විටින් විට ජෝන්ගෙන් අහපු එක හොඳයි කියලා කියන්නේ ඇයි?
එක වතාවකදී කරුණු ගොඩක් සාකච්ඡා කරපු නැති එක හොඳ දෙයක් වෙන්නේ ඇයි?—යොහ. 16:12.
සත්‍යය දැනගන්න ලොකු ආශාවක් තියෙන අයට ගැඹුරු කාරණා පැහැදිලි කරලා දෙන්න අපිට උගන්වන එක ගැන අපේ “උදාර උපදේශකයාණන්” වන යෙහෝවා දෙවිට අපි කොච්චර ස්තුතිවන්ත වෙන්න ඕනද!—යෙසා. 30:20.