දේශනා සේවයට උපකාරවත් වන ලිපි පෙළක්!
1. “ගෙහිමියෙකු සමඟ සාකච්ඡාවක්” කියන ලිපි මාලාව සකස් කර තියෙන්නේ කුමන අරමුණු දෙක ඇතුවද?
1 කලින් කලට ‘මුරටැඹ’ පොදු කලාපයේ “ගෙහිමියෙකු සමඟ සාකච්ඡාවක්” යන මැයෙන් ලිපි මාලාවක් පළ වෙනවා. මේ ලිපි මාලාව සකස් කර තියෙන්නේ අරමුණු දෙකක් ඇතුවයි. බයිබලයේ ඇති ඉගැන්වීම් සිතට කාවදින විදිහට ඉදිරිපත් කිරීම එහි එක් අරමුණක්. යම් විෂයක් තර්කානුකූලව තව කෙනෙකුට පැහැදිලි කර දෙන්නේ කොහොමද කියා අපිට පෙන්වා දීම එහි අනෙක් අරමුණයි. (1 පේතෘ. 3:15) මෙම ලිපිවලින් අපි ප්‍රයෝජන ගන්නේ කොහොමද?
2. එම ලිපි දේශනා සේවයේදී යොදාගන්නේ කොහොමද?
2 දේශනා සේවයේදී යොදාගන්න: එම ලිපිය තියෙන ‘මුරටැඹ’ සඟරාවල අමතර පිටපත් කිහිපයක් ඔබ ළඟ තබාගන්න. ගෙහිමියෙක්, උනන්දුව දැක්වූ කෙනෙක් හෝ බයිබල් ශිෂ්‍යයෙක් මේ ලිපි මාලාවේ පළ වූ විෂයක් ගැන ප්‍රශ්නයක් ඇසුවොත් ඊට අදාළ ලිපිය දී සාකච්ඡා කරන්න. ගෙහිමියෙක් අප සමඟ කතා කිරීමට අකමැති වෙන හේතුව අපිට කිව්වොත් ඒ ගැන සඳහන් ලිපිය ඔහුට දී සාකච්ඡා කරන්න. අදාළ සඟරාව නැත්නම් jw.org/si වෙබ් අඩවියෙන් ඩවුන්ලෝඩ් කරගන්න.
3. එම ලිපිය යමෙකු සමඟ සාකච්ඡා කරන්නේ කොහොමද?
3 එම ලිපිය යමෙකු සමඟ සාකච්ඡා කරන්නේ කොහොමද? සමහර ප්‍රචාරකයන් ගෙහිමියාගේ දෙබස් සාකච්ඡා කරන පුද්ගලයාට කියවන්න දී සාක්ෂිකරුගේ දෙබස් ඔවුන් කියවනවා. මේ විදිහට සාකච්ඡා කිරීම කෙනෙක්ගේ හිත රිද්දන්නේ නැතුව වගේම අපහසුතාවයට ලක් නොකර බයිබල් ඉගැන්වීම් කියා දෙන්න හොඳ ක්‍රමයක්.—ද්වි. 32:2.
4. එම ලිපිවලින් අපි පුහුණුවක් ලබන්නේ කොහොමද?
4 පුහුණුවක් ලබන්න: එම ලිපි කියවද්දී එහි ඇති බයිබල් පද, උදාහරණ සහ කරුණු තර්කානුකූලව ගොඩනඟා ඇති විදිහ ගැන හොඳින් කල්පනා කර බලන්න. දෙබස් කියලා තියෙන විදිහත් සැලකිල්ලට ගන්න. ඒ හා සමාන ක්‍රමයක් ඔබත් දේශනා සේවයේදී යොදාගන්න උත්සාහ කරන්න. (හිතෝ. 1:5; 9:9) එක් සහෝදරියක් ඒ ගැන මෙහෙම කියනවා. “මේ ලිපි කියවද්දී මට දැනුණේ දක්ෂ පුරෝගාමියෙක්ගෙන් මම ඉගෙනගන්නවා වගෙයි.”
5. දේශනා සේවය සඳහා සූදානම් වෙන්න බයිබල් ශිෂ්‍යයන්ට උදව් කරන්න අපිට පුළුවන් කොහොමද?
5 බයිබල් ශිෂ්‍යයන්ව දේශනා සේවය සඳහා පුහුණු කරන්නත් ඔබට එම ලිපි යොදාගන්න පුළුවන්. ශිෂ්‍යයාට ප්රචාරකයාගේ දෙබස් කියවන්න දී ඔහුත් සමඟ ලිපිය කියවන්න. මේ විදිහට ශිෂ්‍යයාට පුළුවන් වෙනවා තමන්ගේ විශ්වාසයන් නැණවත් විදිහට වෙන කෙනෙකුට කියා දෙන විදිහ පුහුණු වෙන්න. (කොලො. 4:6) ඇත්තෙන්ම මේ ලිපි “දේවසේවය සම්පූර්ණයෙන්ම ඉටු කරන්න” යෙහෝවා දෙවි අපිට උපකාර කරන තවත් ක්‍රමයක්.—2 තිමෝ. 4:5.