ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb16 නොවැම්බර් 5 පි.
  • ‘බයිබලයේ ඉගැන්වීම් සරලව තේරුම්ගමු’ පොත පාවිච්චි කරන විදිහ

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ‘බයිබලයේ ඉගැන්වීම් සරලව තේරුම්ගමු’ පොත පාවිච්චි කරන විදිහ
  • 2016 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • බයිබලයේ ඉගැන්වීම් පොත ලබා දෙන විට උතුම් ගුරුවරයාව අනුකරණය කරන්න
    2007 අපගේ රාජ්‍ය සේවාව
  • බයිබලයේ ඉගැන්වීම්වලට කීකරු වීමට අන් අයට උපකාර කරමු
    2007 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • බයිබලයේ ඉගැන්වීම් පොත —අපේ මූලික බයිබල් පාඩම් පොතයි
    2006 අපගේ රාජ්‍ය සේවාව
  • ප්‍රශ්න පෙට්ටිය
    2008 අපගේ රාජ්‍ය සේවාව
තව තොරතුරු
2016 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb16 නොවැම්බර් 5 පි.

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

‘බයිබලයේ ඉගැන්වීම් සරලව තේරුම්ගමු’ පොත පාවිච්චි කරන විදිහ

බයිබලයේ ඉගැන්වීම් සරලව තේරුම්ගමු

‘බයිබලයේ ඉගැන්වීම්’ පොතයි ‘සරලව තේරුම්ගමු’ පොතයි අතර වැඩි වෙනසක් නැහැ. මේ පොත් දෙකේම තියෙන ඉගැන්වීම් සහ ඒවා තියෙන අනුපිළිවෙළ සමානයි. හැබැයි ‘සරලව තේරුම්ගමු’ පොත හුඟක් සරලයි. තොරතුරු ගොඩනඟලා තියෙන්නෙත් තේරුම්ගන්න ලේසි විදිහට. මේ පොත සකස් කරලා තියෙන්නේ ‘බයිබලයේ ඉගැන්වීම්’ පොත තේරුම්ගන්න අමාරු අයට. උපග්‍රන්ථය වෙනුවට ඒකේ තියෙන්නේ අමතර සටහන්. පරිච්ඡේදයේ තියෙන සමහර යෙදුම් සහ කාරණා අමතර සටහන්වල සරලව විස්තර කරලා තියෙනවා. පරිච්ඡේදයක් පටන්ගන්න කලින් තියෙන ප්‍රශ්න සහ අන්තිමට තියෙන පුනරීක්ෂණ කොටුව වෙනුවට මේ පොතේ තියෙන්නේ පරිච්ඡේදයේ තියෙන තොරතුරුවල සාරාංශයක් විතරයි. මාසයේ ඉදිරිපත් කිරීම මොකක් වුණත් ‘සරලව තේරුම්ගමු’ පොත ඕනෙම වෙලාවක ඉදිරිපත් කරන්න පුළුවන්. මේ පොත ළඟදීම සිංහලෙන් ප්‍රකාශයට පත් වෙනවා. බයිබල් පාඩමක් කරද්දී මේ පොතේ විශේෂ අංග පාවිච්චි කරන්න පුළුවන් කොහොමද?

සරලව තේරුම්ගමු පොතේ සාරාංශයක්

සාරාංශය: අපි සාමාන්‍යයෙන් ඡේදයක් කියවලා ප්‍රශ්නෙ අහලා තමයි ‘බයිබලයේ ඉගැන්වීම්’ පොතෙන් පාඩමක් කරන්නේ. ඒ ක්‍රමය හුඟක් අයට ගැලපෙනවා. ඒත් පොතේ තියෙන භාෂාව ශිෂ්‍යයාට එච්චරම හුරු නැත්නම් හරි එයාට හොඳට කියවන්න අමාරු නම් හරි මොකද කරන්නේ? ‘සරලව තේරුම්ගමු’ පොතේ තියෙන සාරාංශය යොදාගෙන පාඩම කරන්න. පරිච්ඡේදය තනිවම කියවගන්න කියලා ශිෂ්‍යයාට කියන්න. සාරාංශයේ තියෙන එක ඉගැන්වීමක් විනාඩි 15කින් විතර සාකච්ඡා කරන්න පුළුවන්. පරිච්ඡේදයේ තියෙන හැම තොරතුරක්ම සාරාංශයේ නැති නිසා පාඩම පවත්වන කෙනා ශිෂ්‍යයාව මනසේ තියාගෙන පාඩමට හොඳින් සූදානම් වෙන්න ඕනේ. පාඩම කරන්නේ පරිච්ඡේදයේ තියෙන තොරතුරුවලින් නම් පාඩමට පස්සේ සාරාංශය පුනරීක්ෂණයක් විදිහට කරන්න පුළුවන්.

සරලව තේරුම්ගමු පොතේ අමතර සටහන්

අමතර සටහන්: අමතර සටහන්වල තොරතුරු තියෙන්නේ පරිච්ඡේදවල ඒවා සඳහන් වෙන පිළිවෙළටමයි. ‘සරලව තේරුම්ගමු’ පොතෙන් පාඩමක් කරද්දී අමතර සටහන් සාකච්ඡා කරනවද නැද්ද කියලා තීරණය කරන්න පාඩම කරන කෙනාට පුළුවන්.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න