ප්‍රශ්න පෙට්ටිය
◼ බයිබල් පාඩමක් නතර කරන්න ඕන මොන අවස්ථාවේද?
ශිෂ්‍යයෙක් කිසිම දියුණුවක් ලබන්නේ නැත්නම් බයිබල් පාඩම නතර කරන්න වෙයි. (මතෙ. 10:11) ඊට කලින් මේ කරුණු සලකලා බලන්න. ඔහු වෙලාවට පාඩමට ඉන්නවාද? පාඩමට සූදානම් වෙලා ඉන්නවාද? රැස්වීම් කීපයකටවත් ඇවිත් තියෙනවාද? ඉගෙනගන්න දේවල් අනිත් අයට කියනවාද? බයිබල් ප්‍රතිපත්තිවලට එකඟව යම් වෙනස්කම් කරනවාද? එක් එක් කෙනා දියුණු වෙන විදිහ වෙනස්. ඒ නිසා ඔහුගේ වයස සහ හැකියාවන් ගැන සැලකිලිමත් වෙන්න. පාඩම නවත්වනවා නම් හිත් රිදවීමක් ඇති නොවෙන විදිහට ඒක කරන්න. එතකොට ඔහු කවදා හරි දවසක ආපහු පාඩමක් කරන්න ඉඩ තියෙනවා.—1 තිමෝ. 2:4.