බයිබල් පාඩමක් කරන්න—බැහැ කියලා හිතන්න එපා
1. සමහරු බයිබල් පාඩමක් කරන්න අදිමදි කරන්නෙ ඇයි?
1 ‘පාඩමක් කරන්න නං ආසයි, ඒත් බයයි.’ කවදාහරි ඔයාලටත් එහෙම හිතිලා තියෙනවද? දෙවි තමන්ට පවරපු වැඩේ හරියට කරන්න තරම් තමන් දක්ෂ නෑ කියලා මෝසෙස්ට සහ යෙරෙමියාට හිතුණා. (නික්. 3:10, 11; 4:10; යෙරෙ. 1:4-6) අපිටත් එහෙම හිතෙනවා නම් ඒකෙන් ගොඩ එන්නෙ කොහොමද?
2. ‘දක්ෂ අය බයිබල් පාඩම් කරයි’ කියන ආකල්පෙන් ගොඩ එන්න ඕනෙ ඇයි?
2 අපිට කරන්න බැරි දෙයක් දෙවි අපෙන් කවදාවත් බලාපොරොත්තු වෙන්නෑ. (ගීතා. 103:14) එහෙමනම් ‘යේසුස්ගේ ගෝලයන් වෙන්න’ මිනිස්සුන්ට ‘උගන්වන’ එක අපිට කරන්න බැරි දෙයක් නෙමෙයි. (මතෙ. 28:19, 20) දෙවි ඒ පැවරුම දීලා තියෙන්නේ අද්දැකීම් බහුල, දක්ෂ අයට නෙමෙයි. (1 කොරි. 1:26, 27) ඒ නිසා ‘දක්ෂ අය බයිබල් පාඩම් කරයි මම ගෙයින්ගෙට සේවයේ විතරක් යන්නම්’ කියන ආකල්පෙන් ගොඩ එමු.
3. බයිබල් පාඩම් පවත්වන්න දෙවි අපිට උදව් කරලා තියෙන්නෙ කොහොමද?
3 සුදුසුකම් ලැබෙන්නේ දෙවිගෙන්: මිනිස්සුන්ට යේසුස්ගේ ගෝලයන් වෙන්න උදව් කරන්න අපිට අවශ්‍ය සුදුසුකම් දෙන්නේ යෙහෝවා දෙවියි. (2 කොරි. 3:5) මේ ගැන හිතන්න. උගත් බයිබල් විශාරදයන් පවා නොදන්න බයිබල් සත්‍යයන් දෙවි ඔහුගේ සංවිධානය මගින් අපිට උගන්නලා තියෙනවා. (1 කොරි. 2:7, 8) උතුම් ගුරුවරයා වන යේසුස්ගේ ඉගැන්වීම් ක්‍රම අපිට අනුකරණය කරන්න පුළුවන් වෙන විදිහට දෙවි ඒවා බයිබලයේ වාර්තා කරලා තියෙනවා. ඔහුගේ සංවිධානය පාවිච්චි කරලා අපිව දිගටම පුහුණුත් කරනවා. අමාරුවෙන් උත්සාහ කරලා තේරුම්ගන්නවා වෙනුවට ලේසියෙන් අධ්‍යයනය කරන්න පුළුවන් විදිහට තර්කානුකූලව සකස් කරපු බයිබලයේ ඉගැන්වීම් පොත වගේ පොත් පත් පවා අපිට දීලා තියෙනවා. එහෙම බලද්දී බයිබල් පාඩමක් කරන එක හිතන තරම් අමාරු නෑ නේද?
4. දෙවි අපිට උදව් කරයි කියලා විශ්වාස කරන්න පුළුවන් ඇයි?
4 දෙවි පවරපු වැඩේ හොඳින් කරන්න මෝසෙස්ටයි යෙරෙමියාටයි දෙවිගේ උදව්වෙන් පුළුවන් වුණා නම් අපිටත් පුළුවන්. (නික්. 4:11, 12; යෙරෙ. 1:7, 8) අපි බයිබල් පාඩමක් පවත්වද්දී අපි කරන්නෙ දෙවි ගැන මිනිස්සුන්ට උගන්වන එකයි. දෙවි ඒ ගැන සතුටු වෙනවා. (1 යොහ. 3:22) ඒ නිසා සේවයේ ප්‍රීතිමත් අංගයක් වන බයිබල් පාඩම් පවත්වන්න ඉලක්ක කරගමු.