ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • km 9/11 3 පි.
  • ප්‍රශ්න පෙට්ටිය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ප්‍රශ්න පෙට්ටිය
  • 2011 අපගේ රාජ්‍ය සේවාව
  • සමාන තොරතුරු
  • ප්‍රගතිශීලී බයිබල් පාඩම් පැවැත්වීම 7වන කොටස:
    2005 අපගේ රාජ්‍ය සේවාව
  • දුරකථනයෙන් හෝ කෙටියෙන් කරන බයිබල් පාඩම් වැඩි දියුණු කරන්න
    2006 අපගේ රාජ්‍ය සේවාව
  • ‘ඔබ යාච්ඤා කළ යුත්තේ මෙලෙසයි’
    2004 මුරටැඹ යහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යෙහෝවඃ වහන්සේට සමීප ව සිටින්න
    1992 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2011 අපගේ රාජ්‍ය සේවාව
km 9/11 3 පි.

ප්‍රශ්න පෙට්ටිය

◼ දොරකඩ ළඟ සිට කරන බයිබල් පාඩමකදී යාච්ඤා කළ යුතුද?

බයිබල් පාඩමක් ආරම්භයේදී හා අවසානයේදී යාච්ඤා කිරීම බොහෝ ප්‍රයෝජනවත්. ඉන් අපි බලාපොරොත්තු වන්නේ දෙවිගේ බලයේ උපකාරය ලබාගැනීමයි. (ලූක් 11:13) ඒ වගේම බයිබල් පාඩමේ ඇති වැදගත්කම හා යාච්ඤා කළ යුතු ආකාරය ගැන ශිෂ්‍යයා ඉන් ඉගෙනගන්නවා. (ලූක් 6:40) එමනිසා බයිබල් පාඩම පටන්ගෙන හැකි විගස ශිෂ්‍යයා සමඟ යාච්ඤා කිරීම සුදුසුයි. නමුත් දොරකඩ ළඟ සිට කරන බයිබල් පාඩමකදී, තත්වයන් සලකා බලා යාච්ඤාවක් කරනවාද නැද්ද කියා මෙහෙයවන්නාට තීරණය කළ හැකියි.

එවැනි අවස්ථාවකදී සලකා බැලිය යුතු වැදගත් කරුණක් වන්නේ බයිබල් පාඩම පවත්වන වටපිටාවයි. එය අසල්වැසියන්ගේ වැඩි අවධානයට ලක් නොවෙනවා නම් පාඩමට පෙර හා පසු කෙටි යාච්ඤාවක් ඉදිරිපත් කිරීම නැණවත් දෙයක් විය හැකියි. නමුත් යාච්ඤා කරන විට එය අන් අයගේ අවධානයට ලක් වේ නම් හෝ ඒ නිසා නිවැසියා අපහසුතාවට පත් වේ නම් කුමක් කළ හැකිද? සුදුසු තැනක පාඩම පැවැත්වීමට අවස්ථාව ලැබෙන තෙක් එසේ නොකර සිටීම යෝග්‍ය විය හැකියි. පාඩම පවත්වන ස්ථානය කුමක් වුවත් ශිෂ්‍යයා සමඟ මුල් වරට යාච්ඤා කිරීම ආරම්භ කරන්නේ කුමන අවස්ථාවේදීද කියා තීරණය කිරීමේදී මෙහෙයවන්නා ඥානවන්ත විය යුතුයි.—වර්ෂ 2005 මාර්තු රාජ්‍ය සේවාවේ 4වෙනි පිටුව බලන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න