යම් තරමක හෝ උනන්දුවක් දැක්වූ අයව නැවත ගොස් බලන්න!
1 අද අපෙන් බොහෝදෙනෙක් සත්‍යයේ සිටින්නේ දේවරාජ්‍යය පණිවුඩයට අප දැක්වූ සුළු උනන්දුව දුටු සහෝදරයෙක් හෝ සහෝදරියක් අපව බලන්න ආ නිසයි. සමහරවිට කිහිප වතාවක් එන්න ඇති. එසේනම්, අපත් කළ යුත්තේ එයම නොවේද? “මිනිසුන්ව ගෝලයන් කරන්න” කියලා දුන් පැවරුමට, නැවත බැලීම් කිරීමත් ඇතුළත්.—මතෙ. 28:19, 20.
2 උනන්දුව වටහාගන්න: අපි සිතමු යම් කෙනෙක් පොත් පත් ගත්තේ නැහැ කියා. නමුත් ඔහුගේ හෝ ඇගේ මුහුණින්, කටහඬින්, කියූ වචනවලින් යම් තරමක උනන්දුවක් පෙනුණාද? එසේනම්, අපිට පුළුවන් නේද ඔවුන්ව නැවත ගොස් බලන්න? එක් සහෝදරයෙක් පස් වතාවක්ම කෙනෙකුව බලන්න ගියා. ඒ තැනැත්තා පොත් පත් ගත්තේ නැහැ. හයවෙනි වතාවෙයි පොත් ලබාගත්තේ. එය අන්තිමේදී බයිබල් පාඩමක් වුණා.
3 උනන්දුවක් දුටුවා නම් ඉක්මනින්ම, සමහරවිට දවස් කිහිපයක් ඇතුළත නැවත යන්න. ඔහුගේ සිතේ පැළ කළ දේ “දුෂ්ටයා” විසින් උදුරා දැමීමට ඉඩ දෙන්න එපා. (මතෙ. 13:19) ඒ වගේම යොදාගත් දිනය හා වේලාවට යන්න අමතක කරන්න එපා.—මතෙ. 5:37.
4 වීදි සේවයේදී: වීදි සේවයේදී හෝ අවිධිමත්ව සාක්ෂිදරද්දී උනන්දුව දැක්වූ අයව හමුවීමට ඔබ වෑයම් කරනවාද? කතා බහ අවසානයේදී ඔබට මෙසේ කිව හැකියි. “ඔබ එක්ක කතා කරන්න ලැබුණු එක ගැන සතුටුයි! නැවත අපිට මේ ගැන කතා කරන්න පුළුවන් වෙන්නේ කවදාද?” සුදුසු නම්, ඇතැම් ප්‍රචාරකයන් තම දුරකථනය අංකය දෙනවා. නැත්නම් ඒ තැනැත්තාගේ අංකය ඉල්ලා ගන්නවා. ඔබ එකම තැන නිතිපතා ක්‍රමයකට වීදි සේවයේ යෙදෙනවා නම්, දුරකථන අංක හෝ ලිපින ලබාගැනීම එතරම් අපහසු වෙන එකක් නැහැ. ඒ තොරතුරු දීමට අකමැති වුණත්, ඊළඟ වතාවේදී වීදි සේවයේ යෙදෙද්දී ඔවුන්ව නැවත හමු වී කතා කරන්න උත්සාහ කරන්න.
5 පැළයකට වතුර හා පොහොර දමන විට එය වැඩෙනවා දැකීම සතුටක් නේද? ඒ වගේමයි යම් පුද්ගලයෙකුව නැවත ගොස් බලා දෙවි ගැන දැනගැනීමට උපකාර කිරීමෙනුත් අපට මහත් ප්‍රීතියක් ලැබෙයි. (1 කොරි. 3:6) එසේනම්, යම් තරමක හෝ උනන්දුව දැක්වූ කෙනෙකුව නැවත හමුවීමට ඉලක්කයක් තබාගන්න.