ළඟ තබාගන්න
ප්රගතිශීලී බයිබල් පාඩම් පැවැත්වීම
මෙය මීට පෙර අපගේ රාජ්‍ය සේවාවේ පළ කළ ප්රගතිශීලී බයිබල් පාඩම් පැවැත්වීම නමැති ලිපි මාලාවේ මූලික තොරතුරු ඇතුළත් අතිරේකයකි. මෙය ඔබ ළඟ තබාගන්න. බයිබල් පාඩම්වලදී මෙය ඔබට බොහෝ ප්‍රයෝජනවත් වේවි. එමෙන්ම, ක්ෂේත්‍ර සේවා රැස්වීම්වලදී හෝ සේවා අවේක්ෂක පොත් පාඩම් බැහැදැකීමට යන විට හෝ මෙම තොරතුරු යොදාගත හැකියි.
1වන කොටස: බයිබල් පාඩමක් යනු කුමක්ද?
ඔබ යම් කෙනෙක් සමඟ බයිබලය හෝ වෙනත් ප්රකාශනයක් යොදාගනිමින් කෙටි වේලාවකට හෝ නිතිපතා පිළිවෙළකට බයිබල් සාකච්ඡා පවත්වනවා නම්, එය බයිබල් පාඩමක් ලෙස සැලකිය හැකියි. පාඩම කරන ආකාරය පෙන්නුවායින් පසුව දෙවතාවක් පාඩම කර තිබෙනවා නම්, එමෙන්ම එය දිගටම පවත්වාගෙන යා හැකිය කියා ඔබට පෙනේ නම් එය පාඩමක් ලෙස වාර්තා කළ හැකියි.—km 7/04 1වන පිටුව.
පාඩම් පැවැත්විය හැකි පොත්
◼ දෙවිට අපෙන් ඕනෑ කරන්නේ කුමක්ද?
◼ සදාකාල ජීවනයට මඟ පෙන්වන දැනුම
◼ එකම සැබෑ දෙවිට නමස්කාර කරන්න
◼ දෙවිගේ මිතුරා වන්න ඔබටත් පුළුවන්! කියවීමට අමාරු හෝ සීමිත අධ්‍යාපනයක් ලබා සිටින අය සමඟ මෙය පාඩම් කළ හැකියි.
2වන කොටස: පාඩමක් පැවැත්වීමට සූදානම් වීම
අප තොරතුරු ඉදිරිපත් කළ යුත්තේ ශිෂ්‍යයාගේ සිතට කාවදින ආකාරයකටයි. මෙසේ කිරීම සඳහා ශිෂ්‍යයාව මනසේ තබාගෙන හොඳින් සූදානම් විය යුතුයි.—km 8/04 1වන පිටුව.
සූදානම් වන ආකාරය
◼ පරිච්ඡේදයේ හෝ පාඩමේ මාතෘකාව, උපමාතෘකා සහ පින්තූරු ගැන දළ අදහසක් ලබාගන්න.
◼ මුද්‍රිත ප්‍රශ්නවලට පිළිතුරු සොයාගෙන මූලික වචන හෝ යෙදුම් පමණක් ලකුණු කරගන්න.
◼ පාඩම කරන අතරතුරේදී කියවන්නේ කුමන බයිබල් පදදැයි කලින්ම තීරණය කරගන්න. පාඩම් කරන පොතේ පිටුවල කෙළවරේ කෙටි සටහන් ගන්න.
◼ මූලික කරුණු නැවත පුනරීක්ෂණය කිරීමට සූදානම් වන්න.
ශිෂ්‍යයාගේ අවශ්‍යතාවලට අනුව පාඩම සකස් කරගන්න
◼ ශිෂ්‍යයා සහ ඔහු දියුණු විය යුතු පැති ගැන පවසමින් යාච්ඤා කරන්න.
◼ පාඩමේදී ශිෂ්‍යයාට තේරුම්ගැනීමට හෝ පිළිගැනීමට අමාරු විය හැකි කරුණු තිබිය හැකි බව පිළිගන්න.
◼ මෙම ප්‍රශ්න සලකා බලන්න. ඔහුගේ ඇදහිල්ල වර්ධනය කිරීමට ඔහු අවබෝධ කරගත යුතු හෝ ක්‍රියාත්මක කළ යුතු දේවල් මොනවාද? ඔහුගේ සිතට මම මේවා කාවද්දන්නේ කෙසේද?
◼ යම් කරුණක් හෝ බයිබල් පදයක් තේරුම්ගැනීමට උදව් කරන පිණිස, උපමාවක්, යම් විස්තරයක් හෝ ප්‍රශ්න කිහිපයක් ඇසීමට සූදානමින් සිටින්න.
3වන කොටස: බයිබල් පද බලපෑමෙන් යුතුව භාවිත කිරීම
බයිබල් පාඩම් පැවැත්වීමේ අපේ අරමුණ නම් ඔවුන්ට ‘ගෝලයන් වීමට’ උපකාර කිරීමයි. මෙසේ කිරීමේදී දෙවිගේ වචනයේ ඉගැන්වීම් තේරුම්ගෙන, පිළිගෙන, ඒවා ඔවුන්ගේ ජීවිතවලට අදළ කරගැනීමට අප උපකාර කළ යුතුයි. (මතෙ. 28:19, 20; 1 තෙස. 2:13) එමනිසා, පාඩම පදනම් විය යුත්තේ බයිබලය මතයි.—km 11/04 4වන පිටුව.
දේවවචනයෙන් උගන්වන්න
◼ ඔහුගේ බයිබලයෙන්ම බයිබල් පද සොයාගන්නා ආකාරය ශිෂ්‍යයාට පෙන්වා දෙන්න.
◼ අපේ විශ්වාසයන් පදනම් වන බයිබල් පද පෙරළා බලා ඒවා සාකච්ඡා කරන්න.
◼ ප්‍රශ්න අසන්න. බයිබල් පද ඔහුට විස්තර කරනවා වෙනුවට, ඒවා ඔබට විස්තර කරන ලෙස ශිෂ්‍යයාට කියන්න.
◼ සරල වන්න. බයිබල් පදයක හැම පැත්තක්ම පහදා දීමට උත්සාහ කරන්න එපා. මූලික කරුණ පැහැදිලි කිරීම සඳහා අවශ්‍ය දේ පමණක් පෙන්වන්න.
◼ ප්‍රායෝගිකව අදාළ කරන්න. බයිබල් පද ශිෂ්‍යයාට අදාළ වන ආකාරය පහදා දෙන්න.
4වන කොටස: සූදානම් වීමට ශිෂ්‍යයන්ව පුහුණු කිරීම
යම් ශිෂ්‍යයෙක් පාඩමට අදාළ කොටස කලින්ම සූදානම් වෙනවා නම්, පිළිතුරු ලකුණු කරනවා නම්, තමාගේ වචනවලින් අදහස් ප්‍රකාශ කරන්නේ කෙසේද කියා කලින්ම සිතා බලනවා නම්, ඔහු ඉක්මනින් ප්‍රගතියක් ලබයි. ඒ නිසා, පාඩමට සූදානම් වන ආකාරය ශිෂ්‍යයාට පෙන්වීමට දෙදෙනාම එකතු වී පාඩමකට සූදානම් වෙන්න. බොහෝ අවස්ථාවලදී, මුළු පරිච්ඡේදයක් හෝ පාඩමක් එකට සූදානම් වීම වඩාත් හොඳයි.—km 12/04 1වන පිටුව.
ලකුණු කිරීම සහ සටහන් ගැනීම
◼ මුද්‍රිත ප්‍රශ්නයට අදාළ ඍජු පිළිතුරු සොයාගන්නා අන්දම පෙන්වා දෙන්න.
◼ ඔබගේ පිටපතේ ඔබ මූලික වචන හෝ වචන කිහිපයක් පමණක් ලකුණු කර තිබෙන සැටි ඔහුට පෙන්වන්න.
◼ උපුටා දක්වා නැති සෑම බයිබල් පදයක්ම එම ඡේදයේ ඇති කරුණකට සම්බන්ධ වන ආකාරය පෙන්වා දී, පිටුවේ කෙළවරේ කෙටි සටහන් ගන්නා ආකාරය පැහැදිලි කරන්න.
දළ අදහසක් ලබාගැනීම සහ පුනරීක්ෂණය
◼ යම් පාඩමකට සූදානම් වීමේදී ඒ ගැන දළ අදහසක් ලබාගැනීම සඳහා, පාඩමේ මාතෘකාව, උපමාතෘකා සහ පින්තූරු යනාදිය හොඳින් බලන ආකාරය පෙන්වන්න.
◼ සූදානම් වූ පසු පාඩමේ මූලික කරුණු නැවත මතකයට නඟන ලෙස ශිෂ්‍යයාට කියන්න.
5වන කොටස: පියවිය යුතු තොරතුරු ප්‍රමාණය තීරණය කිරීම
මෙය රඳා පවතින්නේ ගුරුවරයාගේ සහ ශිෂ්‍යයාගේ හැකියාව හා තත්වයන් අනුවයි.—km 1/05 1වන පිටුව.
ශක්තිමත් ඇදහිල්ලක් ගොඩනංවන්න
◼ වැදගත් වන්නේ වේගයෙන් තොරතුරු පියවීම නොවෙයි. කාරණා තේරුම්ගැනීමට ශිෂ්‍යයාට කාලය දීමයි.
◼ ඉගෙනගන්නා දේවල් තේරුම්ගැනීමට හා පිළිගැනීමට ශිෂ්‍යයාට ඇති තරම් කාලයක් ලබා දෙන්න.
◼ බයිබල් පදවල අර්ථය තේරුම්ගැනීමටත් කාලය දෙන්න.
පාඩමට බාධා ඇතිවීමට ඉඩ දෙන්න එපා
◼ පාඩම අතරතුරදී ශිෂ්‍යයා ඔහුගේ පෞද්ගලික තොරතුරු ගැන බොහෝ කතා කිරීමට නැඹුරු වී සිටින්නේ නම්, පාඩමෙන් පසු ඒවා ගැන කතා කිරීමට හැකි බව ඔහුට කියන්න.
◼ පාඩම අතරතුරේදී ඕනෑවට වඩා කතා කරන්න එපා. මූලික බයිබල් ඉගැන්වීම් පිළිබඳ නිවැරදි දැනුම ශිෂ්‍යයා විසින් ලැබීම ඉතා වැදගත්. ඒ නිසා අමතර තොරතුරු සහ අද්දැකීම් ගැන කතා කිරීම සීමා කරන්න.
6වන කොටස: ශිෂ්‍යයා ප්‍රශ්නයක් අසන විට
බයිබල් පාඩම නිතිපතා කරන එකක් බවට පත් වූ විට, මූලික බයිබල් ඉගැන්වීම් යම් පිළිවෙළකට සාකච්ඡා කිරීම වඩා හොඳයි. එවිට ඔහුගේ දියුණුවට හොඳ අත්තිවාරමක් වැටෙනවා. එක එක විෂයන් අතරින් පතර සාකච්ඡා කිරීම ශිෂ්‍යයාගේ ක්රමානුකූල දියුණුවට බාධාවක් විය හැකියි.—km 2/05 6වන පිටුව.
ශිෂ්‍යයාව හොඳින් තේරුම්ගන්න
◼ පාඩමේ තොරතුරුවලට අදාළ ප්‍රශ්නවලට ඉක්මන් පිළිතුරු දිය හැකියි.
◼ පාඩමට අදාළ නැති, හොඳින් තොරතුරු සොයා බැලිය යුතු ප්‍රශ්න වෙනත් වේලාවක සාකච්ඡා කළ හැකියි. එම ප්‍රශ්න ලියාගැනීම හොඳයි.
◼ ශිෂ්‍යයාට යම් ඉගැන්වීමක් වටහාගැනීම අසීරු නම්, ඒ ගැන හොඳින් සාකච්ඡා කරන අමතර තොරතුරු සලකා බලන්න.
◼ ශිෂ්‍යයාට ඒත් වැටහෙන්නේ නැත්නම්, වෙනත් වේලාවක ඒ ගැන සලකා බැලීමට යොදාගෙන, පාඩම දිගටම කරගෙන යන්න.
ඔබේ සීමාවල සිටින්න
◼ යම් ප්‍රශ්නයකට පිළිතුරු දන්නේ නැත්නම්, හිතට ආ දෙයක් කියන්න එපා.
◼ කාරණා ගැන ගැඹුරින් අධ්‍යයනය කරන සැටි ඔහුට ටිකෙන් ටික උගන්වන්න.
7වන කොටස: පාඩමේදී යාච්ඤා කරන්න
ශිෂ්‍යයා ප්‍රගතියක් ලැබීමට නම්, ඔහුට යෙහෝවාගේ ආශීර්වාද අත්‍යවශ්‍යයි. ඒ නිසා පාඩම පටන්ගැනීමට පෙර හා අවසානයේදී ඔහු සමඟ යාච්ඤා කරන්න.—km 3/05 4වන පිටුව.
යාච්ඤාව හඳුන්වා දෙන ආකාරය
◼ ආගම දහමට ලැදි අය සමඟ මුල් පාඩමේදීම යාච්ඤා කළ හැකියි.
◼ එසේ නොවන අයට යාච්ඤාව හඳුන්වා දිය යුත්තේ කොයි අවස්ථාවේද යන්න ඔබ වටහාගන්න.
◼ යාච්ඤා ඔප්පු කළ යුත්තේ ඇයිද යන්න පහදා දීම සඳහා ගීතාවලිය 25:4, 5 සහ 1 යොහන් 5:14 යොදාගත හැකියි.
◼ අප යේසුස් ක්‍රිස්තුස් මාර්ගයෙන් යෙහෝවාට යාච්ඤා කළ යුතු බව වටහා දීම සඳහා යොහන් 15:16 යොදාගත හැකියි.
යාච්ඤාවේදී පැවසිය හැකි දේවල්
◼ අපට උගන්වන්නේ යෙහෝවා නිසා ඔහුට ප්‍රශංසා කරන්න.
◼ ශිෂ්‍යයා කෙරෙහි අවංක උනන්දුවක් දක්වන බව පෙන්වන්න.
◼ යෙහෝවාගේ සංවිධානය කෙරෙහි අගය පෙන්වන්න.
◼ ශිෂ්‍යයා ඉගෙනගන්නා දේවල් අදාළ කරගැනීමට දරන උත්සාහයන්ට ආශීර්වාද කරන මෙන් අයැද සිටින්න.
8වන කොටස: ශිෂ්‍යයන්ව සංවිධානය වෙත යොමු කරන්න
බයිබල් පාඩම් පවත්වන්නේ ශිෂ්‍යයන්ට බයිබලයේ මූලික ඉගැන්වීම් වටහා දීමට පමණක් නොව ක්‍රිස්තියානි සභාවේ සාමාජිකයෙකු බවට පත්වීමට උපකාර කිරීමටයි. මේ සඳහා, යෙහෝවාගේ සංවිධානය ගැන යම් කරුණක් කියා දීමට සෑම පාඩමකදීම ටික වේලාවක් ගත කරන්න.—km 4/05 8වන පිටුව.
සභා රැස්වීම්
◼ එක් එක් රැස්වීම් ගැන විස්තරයක් දෙන්න. පළමුවෙනි පාඩමේ සිටම ඔවුන්ට රැස්වීම්වලට පැමිණීමට ආරාධනා කරන්න.
◼ රැස්වීම්වලදී ඉදිරිපත් කෙරෙන කැපීපෙනෙන කරුණු ඔහු සමඟ කතා කරන්න.
◼ සිහි කිරීම, එක්රැස්වීම් සහ චාරිකා අවේක්ෂකගේ බැහැදැකීම ගැන උනන්දුවක් ඇති කරන්න.
◼ අපේ ප්රකාශනවල ඇති ඡායාරූප යොදාගෙන රැස්වීම්වලදී සිදු වන දේවල් ගැන පෙන්වන්න.
◼ යෙහෝවාගේ සාක්ෂිකරුවෝ—ඔවුහු කවරහුද? ඔවුන් විශ්වාස කරන්නේ මොනවාද? යන විවරණිකාව කියවීමට ඔවුන්ව දිරිගන්වන්න.
වීඩියෝ පට මගින් ශිෂ්‍යයා තුළ අගය කිරීම ගොඩනංවන්න
◼ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ සංවිධානය හඳුනාගනිමු
◼ අපේ මුළු සහෝදර සංගමය
◼ දිව්‍ය ඉගැන්වීම්වලින් එක්සත් වී
◼ පොළොවේ සීමා දක්වා
9වන කොටස: අවිධිමත් ලෙස සාක්ෂි දැරීමට ශිෂ්‍යයන්ව පුහුණු කරන්න
බයිබල් ශිෂ්‍යයන් තමන් ඉගෙනගන්නා දේ කෙරෙහි ඇදහිල්ල තැබීමට පටන්ගනිත්ම, ඔවුන් ඒ ගැන අන් අය සමඟ කතා කිරීමට පෙලඹෙනවා.—km 5/05 1වන පිටුව.
සාක්ෂි දැරීමට ඔවුන්ව දිරිගන්වන්න
◼ ඔහුගේ මිතුරන්ට හා පවුලේ අයට පාඩමට හවුල් වීමට ආරාධනා කිරීමට ඔහුට හැකිද?
◼ ඔහුගේ රැකියා ස්ථානයේ අය, පාසැලේ ළමුන් හෝ වෙනත් හිතවත් අය බයිබලය කෙරෙහි උනන්දුවක් දක්වා තිබෙනවාද?
තමන්ගේ විශ්වාසයන් අන්‍යයන්ට පැවසීමට ඔවුන්ව පුහුණු කරන්න
◼ පාඩම අතරතුර යම් අවස්ථාවලදී, ශිෂ්‍යයාගෙන් මෙසේ අසන්න. “මේ වැදගත් කරුණ ඔබ පවුලේ අයට බයිබලයෙන් පෙන්වන්නේ කොහොමද?”
◼ දෙවි ගැන සහ ඔහුගේ අරමුණු ගැන අන්‍යයන්ට කතා කිරීමේදී ගෞරවයෙන් හා කාරුණිකව එසේ කරන ලෙස ඔහුට පෙන්වන්න.
◼ යෙහෝවාගේ සාක්ෂිකරුවෝ—ඔවුහු කවරහුද? ඔවුන් විශ්වාස කරන්නේ මොනවාද? යන විවරණකාව යොදාගෙන තම මිතුරන්ට හා පවුලේ අයට අපගේ විශ්වාසයන් සහ ක්‍රියාකාරකම් ගැන යමක් කියා දීමට ශිෂ්‍යයන්ට හැකියි.
10වන කොටස: ශිෂ්‍යයන්ව ගෙයින් ගෙට සේවයට පුහුණු කිරීම
යම් බයිබල් ශිෂ්‍යයෙක් බව්තීස්ම නොලත් ප්‍රචාරකයෙකු වීමට සුදුසුකම් ලබන බව වැඩිමහල්ලන් තීරණය කරන විට, ඔහුට සභාව සමඟ දේශනා සේවයේ හවුල් විය හැකියි.—km 6/05 1වන පිටුව.
එක්ව සූදානම් වීම
◼ සේවයේදී කතා කරන දේ ගැන යෝජනා නව ප්‍රචාරකයාට පෙන්වා දෙන්න.
◼ ඔබේ ප්‍රදේශයට ගැළපෙන සරල විදිහට කතා කරන ආකාරය පෙන්වන එළඹීමක් තෝරාගැනීමට උදව් කරන්න.
◼ සේවයේදී බයිබලය පාවිච්චි කරන අන්දම ශිෂ්‍යයාට කියා දෙන්න.
◼ මිනිසුන් අපට යමක් කියද්දී එයට ප්‍රතිචාරය දක්වන්නේ කෙසේද කියා එකට පුහුණු වෙන්න.
ශිෂ්‍යයා සමඟ එකට දේශනා කිරීම
◼ ඔබ සූදානම් වූ පරිදි ගෙවැසියෙකුට කතා කරන සැටි හොඳින් බලාගැනීමට ශිෂ්‍යයාට ඉඩහරින්න.
◼ ශිෂ්‍යයාගේ පෞරුෂත්වය හා ඔහුගේ හැකියාවන් ගැන සැලකිලිමත් වන්න. ඇතැම් අවස්ථාවලදී, ගෙවැසියෙකුට යම් දුරට කතා කරන්න ඔහුට ඉඩහැර ඉතිරිය ඔබ කතා කිරීම වඩාත් හොඳ විය හැකියි.
◼ නිතිපතා ක්‍රමයකට දේවසේවයේ සහභාගි වීමට නව ප්රචාරකයාව දිරිගන්වන්න.
11වන කොටස: නැවත බැලීම් කරන සැටි ශිෂ්‍යයාට කියා දෙන්න
පළමු හමුවීමේදීම තමා කතා කරන පුද්ගලයන් ගැන අවංක උනන්දුවක් දැක්වීමේ ඇති වැදගත්කම ශිෂ්‍යයාට කාවද්දන්න. ඔවුන්ගෙන් ප්‍රශ්න අසා ඔවුන් කියන දේවලට සවන් දී, ඔවුන්ගේ උනන්දුවට ලක් වන දේවල් ගැන සැලකිලිමත් වන ලෙසත් ඔහුට ටිකෙන් ටික පහදා දෙන්න.—km 7/05 1වන පිටුව.
නැවත බැලීමට සූදානම් වීම
◼ මුලින්ම ගෙවැසියා සමඟ කතා කළ දේවල් මතකයේ තබාගෙන, ඔහුගේ උනන්දුවට ලක් වූ විෂයක් තෝරාගන්නා සැටි කියා දෙන්න.
◼ ප්රකාශනයක එක් ඡේදයක තිබෙන බයිබල් පදයක් කෙටියෙන් පැහැදිලි කරන සැටි එකට සූදානම් වෙන්න.
◼ සාකච්ඡාව අවසානයේදී ඇසිය හැකි ප්‍රශ්නයක් ගැන කල්පනා කරන්න.
අත්නෑර නැවත නැවත යන්න
◼ උනන්දුව දැක්වූ සියල්ලන්වම ඉක්මනින්ම නැවත ගොස් බැලීමට ශිෂ්‍යයාව දිරිගන්වන්න.
◼ ලෙහෙසියෙන් හමු විය නොහැකි පුද්ගලයන්ව හමුවීමට උපරිම උත්සාහයක් දැරීමේ වැදගත්කම ශිෂ්‍යයාට කාවද්දන්න.
◼ ගෙවැසියන්ව නැවත හමුවීමට වේලාවක් හා දිනයක් යොදාගෙන නොවරදවාම ගොස් හමුවීමේ වැදගත්කම නව ප්‍රචාරකයාට තේරුම් කර දෙන්න.
12වන කොටස: බයිබල් පාඩම් පවත්වන සැටි ශිෂ්‍යයාට පෙන්වන්න
ඔබ ඔබේ සේවයේදී යේසුස්ගේ ආදර්ශය අනුගමනය කිරීම ඉතා වැදගත්. සේවයේදී ඔබ දක්වන ආදර්ශය ශිෂ්‍යයා දකින විට, නැවත බැලීමේ හා බයිබල් පාඩම් පැවැත්වීමේ වටිනාකම ඔහු හොඳින් වටහාගන්නවා ඇති.—km 8/05 1වන පිටුව.
බයිබල් පාඩමක් කරන සැටි පෙන්වා දීම
◼ පාඩමක් කරන ආකාරය ගෙවැසියෙකුට සම්පූර්ණයෙන්ම විස්තර කිරීම අවශ්‍ය නැති බව පැහැදිලි කරන්න.
◼ පාඩම් කරන පොතකින් ඡේදයක් හෝ දෙකක් ගෙන පාඩමක් කරන ආකාරය කෙටියෙන් පෙන්වීම වඩාත්ම හොඳම දෙයයි.
◼ බයිබල් පාඩම් පටන්ගැනීම ගැන දී ඇති යෝජනාවක් හොඳින් බලා පෙරහුරු කරන්න.—km 8/05 8වන පිටුව; km 1/02 6වන පිටුව.
ගුරුවරුන් වීමට ශිෂ්‍යයන්ව පුහුණු කිරීම
◼ දිව්‍යාණ්ඩු සේවා පාසැලට ඇතුළත් වීමට දිරිගන්වන්න.
◼ වෙනත් බයිබල් පාඩම්වලටද ශිෂ්‍යයාව එක්කරගෙන ගොස් ඔහුවද ඊට හවුල් කරගන්න.