ප්රගතිශීලී බයිබල් පාඩම් පැවැත්වීම 3වන කොටස:
ශුද්ධ ලියවිලි බලපෑමෙන් යුතුව භාවිත කිරීම
1. අප බයිබල් පාඩම් පවත්වන විට ශුද්ධ ලියවිලි විශේෂකොට දැක්විය යුත්තේ මන්ද?
1 බයිබල් පාඩම් පැවැත්වීමේ අරමුණ වන්නේ ‘ගෝලයන් සෑදීමයි.’ එසේ කරන්නේ ජනයාට දේවවචනයේ ඉගැන්වීම් අවබෝධ කරගැනීමට හා පිළිගැනීමට මෙන්ම ඒවා ඔවුන්ගේ ජීවිතවලට අදාළ කරගැනීමට උපකාර කිරීමෙනි. (මතෙ. 28:19, 20; 1 තෙස. 2:13) එබැවින්, පාඩම ශුද්ධ ලියවිලි මත පදනම් විය යුතුය. මුලින්ම, ශිෂ්‍යයන්ට තමන්ගේම බයිබලයෙන් අවශ්‍ය බයිබල් පද සොයාගන්නා ආකාරය පෙන්වා දීම උපකාරවත් විය හැකියි. කෙසේවෙතත්, ආත්මිකව ප්‍රගතියක් ලැබීම සඳහා ඔවුන්ට උපකාර කිරීමේ අටියෙන් ශුද්ධ ලියවිලි භාවිත කරන්න අපට හැක්කේ කෙසේද?
2. කියවන්නේ සහ සාකච්ඡා කරන්නේ කුමන බයිබල් පදද කියා අප තීරණය කරන්නේ කෙසේද?
2 කියවන පද තෝරාගන්න. සූදානම් වන විට, පාඩමේ සඳහන් කර තිබෙන එක් එක් පද සලකා බලන කරුණට අදාළ වන්නේ කෙසේද කියා නිශ්චය කරගන්න. ඉන්පසු, පාඩම පැවැත්වෙන අතරේදී සාකච්ඡා කරන්නේ කිනම් පදද කියා තීරණය කරගන්න. අපේ විශ්වාසයන්ට පදනම ශුද්ධ ලියවිලි බව පෙන්වීමට බයිබල් පද කියවීම යෝග්‍යය. පසුබිම දක්වන තොරතුරු සපයන පද කියවීම අනිවාර්ය නැත. එක් එක් ශිෂ්‍යයාගේ අවශ්‍යතාවන් හා තත්වයන් සැලකිල්ලට ගන්න.
3. ප්‍රශ්න ඇසීමෙන් ලැබෙන ප්‍රයෝජනය කුමක්ද? එමෙන්ම අපට මෙය කළ හැක්කේ කෙසේද?
3 ප්‍රශ්න අසන්න. ඔබ බයිබල් පද තේරුම් නොකර බයිබල් ශිෂ්‍යයන්ටම බයිබල් පද පැහැදිලි කිරීමට සලස්වන්න. දක්ෂ ලෙස ප්‍රශ්න ඇසීමෙන් ඔහුව එසේ කිරීමට පෙලඹවිය හැකියි. පදයක අදාළත්වය පැහැදිලිව දක්නට තිබේ නම්, එම පදය ඡේදයේ සඳහන් කරුණුවලට ගැළපෙන්නේ කෙසේද කියා ඔබට ඇසිය හැකියි. එසේ නොවන අවස්ථාවලදී, ශිෂ්‍යයාට නිසි නිගමනයකට එළඹීමට උපකාර කිරීම සඳහා යම් විශේෂ ප්‍රශ්නයක් හෝ ප්‍රශ්න කීපයක් ඇසීම අවශ්‍ය විය හැකියි. අමතර කරුණු දැක්වීමට අවශ්‍ය නම් ශිෂ්‍යයා පිළිතුරු දුන් පසු එසේ කළ හැකියි.
4. අප කියවන ශුද්ධ ලියවිලි පද කෙතරම් දුරකට පැහැදිලි කළ යුතුද?
4 සරල වන්න. දක්ෂ දුනුවායෙකුට තම ඉලක්කයට විදීමට අවශ්‍ය වන්නේ එක ඊතලයක් පමණයි. එලෙසම, දක්ෂ ගුරුවරයෙකුට යම් කාරණයක් පැහැදිලි කිරීමට වචන රාශියක් අවශ්‍ය වන්නේ නැත. සරලව, පැහැදිලිව මෙන්ම නිවැරදිව එය කාවැද්දවීමට ඔහුට හැකියි. සමහර අවස්ථාවලදී, ශුද්ධ ලියවිලි පදයක් අවබෝධ කරගැනීමට හා එය හරියාකාරව පැහැදිලි කිරීමට ක්‍රිස්තියානි ප්‍රකාශනවලින් පර්යේෂණය කිරීමට ඔබට සිදු විය හැකියි. (2 තිමෝ. 2:15) එහෙත් පාඩමේදී සියලු පදවල තිබෙන සෑම කරුණක්ම පැහැදිලි කිරීමෙන් වළකින්න. සලකා බලන දේට අවශ්‍ය වන කරුණ පමණක් ඇතුළත් කරන්න.
5, 6. තම ජීවිතවලට දේවවචනය අදාළ කරගැනීමට අප ශිෂ්‍යයන්ට උපකාර කරන්නේ කෙසේද? එහෙත් අප වැළකිය යුත්තේ කුමකින්ද?
5 ප්‍රායෝගිකව අදාළ කරන්න. සුදුසු අවස්ථාවලදී, තමාට බයිබල් පද අදාළ වෙන ආකාරය තේරුම්ගැනීමට ශිෂ්‍යයාට උපකාර කරන්න. උදාහරණයකට, තවමත් ක්‍රිස්තියානි රැස්වීම්වලට නොපැමිණෙන ශිෂ්‍යයෙකු සමඟ හෙබ්‍රෙව් 10:24, 25 සලකා බලන විට එක රැස්වීමක් ගැන ඔහු සමඟ සාකච්ඡා කර ඊට සහභාගි වන්න කියා ඔහුට ආරාධනා කිරීමට ඔබට හැකියි. එහෙත් ඔහුට බල කිරීමෙන් වළකින්න. යෙහෝවාව සතුටු කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ගය ගැනීමට ඔහුව පොලඹවන්න, දෙවිගේ වචනයට ඉඩහරින්න.—හෙබ්‍රෙ. 4:12.
6 ගෝලයන්ව සෑදීම සඳහා දී ඇති අණ පිළිපදිද්දී ශුද්ධ ලියවිලි පද බලපෑමෙන් යුතුව යොදාගැනීමෙන් අපි ‘ඇදහිල්ල මාර්ගයෙන් කීකරුකම වැඩි කරමු.’—රෝම 16:26.