ප්‍රශ්න පෙට්ටිය
◼ අපගේ ප්‍රකාශනවල පළ වන කූපන පිරවිය යුත්තේ කවුද?
අපගේ ප්‍රකාශන ලබාගැනීමට හෝ බයිබල් පාඩමක් කිරීමට කැමති අය වෙනුවෙන් අපගේ ප්‍රකාශනවල කූපන ඇතුළත් කර තිබෙනවා. ඊට අමතරව www.watchtower.org යන වෙබ් අඩවියෙන්ද බයිබල් පාඩමක් ඉල්ලුම් කළ හැකියි. බොහෝදෙනෙකුට ඒ සැලැස්ම උපකාරවත් වී තිබෙනවා. නමුත් තම නෑදෑ හිතමිතුරන්ට ප්‍රකාශන යැවීමට හෝ ඔවුන්ව මුණගැසීමට සාක්ෂිකරුවන්ව යැවීමට සමහර ප්‍රචාරකයන් මෙම කූපන පුරවා යැවීම නිසා ගැටලු මතු වී තිබෙනවා.
සමහර පුද්ගලයන්ට ඉල්ලීමකින් තොරව අපගේ ප්‍රකාශන ලැබී තිබෙන අතර ඔවුන් ඒ ගැන ශාඛා කාර්යාලයට චෝදනා කර තිබෙනවා. අපගේ සංවිධානය මගින් ප්‍රකාශන යැවීම ඔවුන්ට කරදරයක් බවත් ඔවුන්ගේ නම් ලැයිස්තුවක් ශාඛා කාර්යාලය සතු බවත් ඔවුන්ගේ චෝදනාවයි. ඉන් පැහැදිලි වන්නේ ශාඛා කාර්යාලයට ලැබී ඇති සමහර කූපන්පත් එවා තිබෙන්නේ උනන්දුව දක්වන පුද්ගලයන් විසින් නොව සමහර ප්‍රචාරකයන් විසින් බවයි. එවැනි කෙනෙකුව හමු වීමට යන අවස්ථාවලදී අදාළ පුද්ගලයා අකමැත්ත ප්‍රකාශ කිරීම නිසා ප්‍රචාරකයන් දැඩි අපහසුතාවන්ට පත් වී තිබෙනවා. ඒ නිසා කූපන හෝ අපගේ වෙබ් අඩවිය මගින් අදාළ ඉල්ලීම කළ යුත්තේ උනන්දුව දක්වන පුද්ගලයා විසිනුයි. ප්‍රචාරකයෙක් වෙනත් කෙනෙකු වෙනුවෙන් එය පිරවීමෙන් වැළකී සිටිය යුතුයි. ප්‍රචාරකයන් පුරවා එවන කූපන වෙනුවෙන් ශාඛා කාර්යාලය පියවර ගන්නේ නැහැ.
නෑදෑ හිතමිතුරන්ට සඟරා පොත් පත් යවන්න අවශ්‍ය නම් තෑග්ගක් හැටියට ඔහුට එය යවන්න ඔබට පුළුවන්ද? බයිබලය ගැන ඔහු උනන්දුව දක්වා සාකච්ඡා කිරීමට කැමති විය හැකියි. නමුත් ඔහුගේ ප්‍රදේශයේ සිටින වැඩිමහල්ලන්ට එය දැනුම් දෙන්න ඔබට ක්‍රමයක් නැත්නම් නැවත ගොස් බලන්න (S-43) නමැති පෝරමය පුරවා ඔබේ සභාවේ ලේකම්ට දිය යුතුයි. එවිට ඔහු එය ශාඛා කාර්යාලයට යවයි. කෙසේවෙතත් උනන්දුව දක්වන පුද්ගලයෙක් සිරභාරයේ හෝ රෝහල් ගත වී සිටිනවා නම් ඔහු වෙනුවෙන් ඔබ ශාඛා කාර්යාලයට කූපනයක් පුරවා යැවීමෙන් වැළකිය යුතුයි. ඔහු සිටින තැනට පැමිණෙන සහෝදරයන්ගේ උපකාර පැතීමට හෝ ශාඛා කාර්යාලයට ලිවීමට ඔහුව දිරිගන්වන්න.