පොත් පත් ප්‍රදර්ශනය කරලා සාක්ෂි දරන විදිහ
ජංගම පුවරුවක හරි මේසයක හරි පොත් පත් ප්‍රදර්ශනය කරලා සාක්ෂි දරන එක සත්‍යයට කැමැත්තක් දක්වන අයට සත්‍යය දන්වන්න හොඳ ක්‍රමයක්. (යොහ. 6:44) ඒ නිසා සභාවට අයිති ප්‍රදේශයේ ජනාකීර්ණ තැන්වල මේ විදිහට සාක්ෂි දරන්න සැලසුම් කරන්න කියලා වැඩිමහල්ලන්ට කියලා තියෙනවා. මේක එකම තැනක තියාගෙන කරන දෙයක් නොවන නිසා හුඟක් වෙලාවට බලධාරීන්ගේ අවසරය ඕන නැහැ. ඒකට සහභාගි වෙන්න ලැබෙන්නේ කාටද? ඥානවන්තව වැඩ කරන, ගෞරවනීයව හැසිරෙන, සුහදව කතාබහ කරන ප්රචාරකයන්ටයි. සේවයේ සාර්ථක වෙන්න නම් කරන්න හා නොකරන්න ඕන දේ බලමු.