ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g16 අංක 3 3 පි.
  • ජය ගත් ඉපැරණි අභියෝගයක්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ජය ගත් ඉපැරණි අභියෝගයක්
  • 2016 පිබිදෙව්!
  • සමාන තොරතුරු
  • හැඳින්වීම
    2016 පිබිදෙව්!
  • භාෂා ගණනාවකින් ශුභාරංචිය!
    2009 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ජීවමාන භාෂාවලින් “කතා කරන” පොතක්
    සියලුම ජනයා සඳහා පොතක්
  • ‘සෑම භාෂාවක්ම කතා කරන’ ජනයාට ශුභාරංචිය ලැබෙයි
    2005 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2016 පිබිදෙව්!
g16 අංක 3 3 පි.
විවිධ ජාතීන්ට සහ පසුබිම්වලට අයිති මිනිසුන්

මුල් පිටුවෙන් | ජය ගත් අභියෝගයක්

ජය ගත් ඉපැරණි අභියෝගයක්

ලෝකය පුරාම ඉන්න මිනිසුන් කතා කරන භාෂා ගණන දැන් 7,000කටත් වඩා වැඩියි. ඒ නිසා ගමනාගමනය, වෙළඳාම, අධ්‍යාපනය සහ රාජ්‍ය වැඩකටයුතු වගේ දේවලට භාෂාව බාධාවක් වෙලා තියෙනවා. ඒක අද ඊයේ වුණ දෙයක් නෙමෙයි. අවුරුදු 2,500කට විතර කලින් අහෂ්වේරොෂ් කියන රජගේ පාලන සමයේත් මේ ගැටලුව තිබුණා. පර්සියානුවන් ඔහුගේ අනුමැතිය අරන් රාජ්‍ය නියෝගයක් ‘ඉන්දියාවේ සිට ඉතියෝපියාව දක්වා තිබූ සියලු පළාත්වල එනම්, පළාත් 127ක වෙසෙන අධිපතීන්ට ඒ ඒ පළාත්වල ජීවත් වූ සෙනඟගේ භාෂාවලින් හා ඔවුන්ට කියවිය හැකි අකුරුවලින්’ ලියලා යැව්වා.a

එතරම් විශාල කාර්යයක් කරන්න අද තියෙන ආණ්ඩු ඇතුළු විවිධ සංවිධාන උත්සාහ කරන්නේවත් නැහැ. ඒත් බයිබලය ඇතුළු පොත් පත්, සඟරා, ඕඩියෝ සහ වීඩියෝ වැඩසටහන් විශාල ප්‍රමාණයක් සංඥා භාෂා 80ක් ඇතුළු භාෂා 750කට වඩා වැඩි ගණනකින් ප්‍රකාශයට පත් කරන්න එක සංවිධානයකට පුළුවන් වෙලා තියෙනවා. ඔවුන් බ්‍රේල්වලිනුත් පොත් පත් ප්‍රකාශයට පත් කරනවා. ඒ සංවිධානය තමයි යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ සංවිධානය.

ඒ වැඩකටයුතුවලින් ඔවුන්ට මුදල් ලැබෙන්නේ නැහැ. පරිවර්තකයන් ඇතුළු ඒ වැඩවලට හවුල් වෙන අනිත් අය වැඩ කරන්නේ ස්වේච්ඡාවෙන්. ඒ තරම් විශාල භාෂා ගණනකට ප්‍රකාශන පරිවර්තනය කරන්න ඒ අය මහන්සි වෙන්නේ ඇයි? ඔවුන් ඒ වැඩකටයුතු කරන්නේ කොහොමද?

a බයිබලයේ එස්තර් 8:9 කියවන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න