ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w03 11/15 27 පි.
  • පාඨකයන්ගෙන් ප්‍රශ්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පාඨකයන්ගෙන් ප්‍රශ්න
  • 2003 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් උපන් දිනය සමරන්නේ නැත්තේ ඇයි?
    නිතර අසන ප්‍රශ්න
  • හැම උත්සවයක් ගැනම දෙවියන් සතුටු වෙනවාද?
    දෙවියන්ගේ ආදරය හැමදාටම ලබාගනිමු
  • දෙවි පිළිකුල් කරන උත්සව හා චාරිත්‍ර
    “දිගටම දෙවිගේ ප්‍රේමය ලබාගැනීමට උත්සාහ දරන්න”
  • ඕනෙම උත්සවයක් සැමරුවාට කමක් නැද්ද?
    හැමදාටම සතුටින් ජීවත් වෙන්න! - ඒ කොහොමද කියලා බයිබලයෙන් දැනගන්න
2003 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w03 11/15 27 පි.

පාඨකයන්ගෙන් ප්‍රශ්න

උපන් මාසයට නියමිත මැණික පැළඳීම ගැන ක්‍රිස්තියානීන්ගේ මතය කුමක් විය යුතුද?

සමහර සංස්කෘතීන්වල කෙනෙක් ඉපදෙන මාසයට මැණික් ගලක් නියම කර තිබෙනවා. ක්‍රිස්තියානියෙක් මැණික් ගලක් යෙදූ මුද්දක් පළඳිනවාද නැද්ද යන්න ඔහුගේ හෝ ඇයගේ පෞද්ගලික තීරණයක්. (ගලාති 6:5) එවැනි තීරණයක් ගැනීමේදී සලකා බැලිය යුතු වැදගත් පැති කිහිපයක් තිබෙනවා.

එන්සයික්ලොපීඩියා බ්‍රිටෑනිකාවේ පවසන්නේ මෙසේයි. “පොදු මතය නම් උපන් මාසයට නියමිත මැණික පළඳින්නාට වාසනාව හෝ මනා සෞඛ්‍යයක් ලැබෙන බවයි. සමහර මැණික් ගල්වලට අද්භූත බලයක් තිබෙන බව බොහෝ කාලයක සිට ජ්‍යෝතිඃ ශාස්ත්‍රඥයන් පිළිගන්නවා.”

උපන් මාසයට නියමිත මැණික් ගල පැළඳීමෙන් වාසනාව උදා වෙන බව ඉස්සර කාලයේ බොහෝදෙනෙක් විශ්වාස කළා. සැබෑ ක්‍රිස්තියානියෙකු මෙය විශ්වාස කරනවාද? නැහැ. ඔවුන් දන්නවා යෙහෝවාව අතහැර දමා ‘වාසනාවේ දේවතාවිව’ විශ්වාස කරන අයව ඔහු හෙළා දකින බව.—යෙසායා 65:11, නව අනුවාදය.

මධ්‍යතන යුගයේදී ශාස්ත්‍ර කියන්නන් අවුරුද්දේ සෑම මාසයකටම මැණික් ගලක් නියම කර තිබුණා. උපන් මාසයට නියමිත මැණික් ගල පළඳින්නන්ට අනතුරුවලින් ආරක්ෂාව සැලසෙන බව පවසා ඒවා පළඳින්න ඔවුන් ජනයාව උනන්දු කළා. එහෙත් ශාස්ත්‍රවන්තයින්ගේ කීම අසා එය පිළිපැදීම ශුද්ධ වූ ලියවිල්ලට පටහැනි නිසා එය ක්‍රිස්තියානීන්ට නුසුදුසුයි. මන්ද මෙවැනි ක්‍රියා බයිබලයේ හෙළා දකින නිසයි.—ද්විතීය කථාව 18:9-12.

ඒ වගේම මුද්දක උපන් මාසයට නියමිත මැණික් ගලක් තිබෙන නිසා එය විශේෂ යමක් ලෙස සැලකීමද ක්‍රිස්තියානීන්ට සුදුසු නොවෙයි. යෙහෝවාගේ සාක්ෂිකරුවන් උපන් දින උත්සව පවත්වන්නේ නැහැ. මෙයට හේතු වන්නේ එවැනි උත්සවයකදී තනි පුද්ගලයෙකු කෙරෙහි පමණට වඩා අවධානයක් යොමුවීමයි. ඒ වගේම බයිබලයේ සඳහන් උපන් දින උත්සව දෙකම දෙවිට නමස්කාර නොකළ පාලකයන් විසින් පැවැත්වූ ඒවායි.—උත්පත්ති 40:20; මතෙව් 14:6-10.

සමහර අය හිතන්න පුළුවන් උපන් මාසයට නියමිත මැණිකක් ඇති මුද්දක් පැළඳ සිටීමෙන් එම තැනැත්තාගේ පෞද්ගලිකත්වයට එයින් හොඳ බලපෑමක් ඇති වෙයි කියා. කෙසේවෙතත් සැබෑ ක්‍රිස්තියානීන් මෙය විශ්වාස කරන්නේ නැහැ. එයට හේතුව “අලුත් පෞද්ගලිකත්වයක්” ඇති කරගත හැක්කේ ශුද්ධාත්මය මගින් හා ශුද්ධ වූ ලියවිලිවල ඇති ප්‍රතිපත්ති අදාළ කරගැනීමෙන් පමණක් බව ඔවුන් වටහාගෙන තිබෙන නිසයි.—එෆීස 4:22-24, NW.

ඇත්තෙන්ම වඩාත් වැදගත් වන්නේ චේතනාවයි. උපන් මාසයට නියමිත මැණික් ගලක් යෙදූ මුද්දක් පැළඳීමට පළමුව ක්‍රිස්තියානියෙකුට ඔහුගෙන්ම මෙසේ ඇසිය හැකියි. ‘මම මේ මුද්දට කැමති වන්නේ එහි ඇති මැණික් ගල මගේ උපන් මාසයට නියමිත ගල නිසාද නැත්නම් ඒ ගලට මම ආස නිසාද? එහෙමත් නැත්නම් මම ඒකට කැමති වෙන්නේ සමහර මිනිසුන් විසින් එහි ඇති මැණික් ගල හා සම්බන්ධ කර ඇති යම් මිථ්‍යා මත මට බලපාන නිසාද?’

ක්‍රිස්තියානියෙක් තමන්ගේ චේතනා සෝදිසි කර බැලිය යුතුයි. ශුද්ධ වූ ලියවිල්ලේ පවසන්නේ “සියල්ලට වඩා ඔබේ සිත ආරක්ෂා කරගන්න. මක්නිසාද එයින් ජීවනය නික්මෙන්නේය” කියායි. (හිතෝපදේශ 4:23) උපන් මාසයට නියමිත ගල සම්බන්ධයෙන් තීරණ ගැනීමේදී සෑම ක්‍රිස්තියානියෙකුම තමන්ගේ චේතනා හොඳින් සෝදිසි කර බැලීමෙන් හා තමා ගන්නා තීරණ තමන් කෙරෙහි මෙන්ම අනෙක් අය කෙරෙහිත් බලපාන ආකාරය ගැන විමසිලිමත් වීමෙන් ප්‍රයෝජන ලබයි.—රෝම 14:13.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න