ප්‍රශ්න පෙට්ටිය
◼ වෙනත් රටවල සිටින දිලිඳු සහෝදරයන්ට සම්මාදම් දිය හැකි හොඳම ක්‍රමය කුමක්ද?
සමහර අවස්ථාවලදී වෙනත් රටවල සිටින සහෝදරයන් පීඩා, විපත්ති හෝ වෙනත් අසීරු තත්වයන්ට මුහුණ දුන් නිසා ඔවුන්ට ද්‍රව්‍යමය අවශ්‍යතා ඇති වී තිබෙන බව අපට අසන්නට ලැබී තිබෙනවා. සමහර සහෝදරයන් එම රටවල තිබෙන ශාඛා කාර්යාලවලට මුදල් යවන්න පෙලඹී තිබෙනවා. එසේ යවන විට යම් පුද්ගලයෙකුට නැත්නම් යම් සභාවකට හෝ ඉදි කිරීමේ ව්‍යාපෘතියකට එම මුදල යොදවන්න කියා ඔවුන් ඉල්ලා සිටිය හැකියි.—2 කොරි. 8:1-4.
සෙසු ඇදහිලිවන්තයන් වෙනුවෙන් එවැනි ප්‍රේමණීය සැලකිල්ලක් දැක්වීම ප්‍රශංසනීය දෙයක් වුණත් සම්මාදම් දෙන තැනැත්තාගේ මනසේ තිබෙන අදහසට වඩා වැදගත් හදිසි අවශ්‍යතාවන් බොහෝවිට තිබෙනවා. සමහර අවස්ථාවලදී ඔහු අදහස් කළ දේ ඒ වන විටත් ඉටු කර හමාරයි. ලෝක ව්‍යාප්ත වැඩ කටයුතු, රාජ්‍ය ශාලා අරමුදල හෝ සහනාධාර සඳහා රටක ශාඛා කාර්යාලයකට සම්මාදම් යැවීමේදී සම්මාදම් දුන් තැනැත්තා අදහස් කළ ආකාරයටම එය භාවිත වන බවට නිසැක විය හැකියි.
අපේ සහෝදරයන්ගේ හදිසි අවශ්‍යතා නොපමාව ඉටු කිරීමට සෑම ශාඛා කාර්යාලයකම සිටින සහෝදරයන්ව මනාව පුහුණු කර ඇත. මේ සෑම අවස්ථාවකදීම ශාඛා කාර්යාලය එම කාරණා පිළිබඳව පාලක මණ්ඩලයට දැනුම් දෙයි. අමතර උපකාරයක් අවශ්‍ය නම් එම උපකාරය දෙන්න කියා ඒ ශාඛා කාර්යාලයට කිට්ටුවෙන් තිබෙන ශාඛා කාර්යාලයකට පාලක මණ්ඩලය දැනුම් දෙයි. එසේ නැතහොත් ලෝක මූලස්ථානයෙන් කෙළින්ම අවශ්‍යතාව ඇති තැනට මුදල් යවයි.—2 කොරි. 8:14, 15.
එම නිසා ලෝක ව්‍යාප්ත වැඩකටයුතු, වෙනත් රටවල තිබෙන ඉදි කිරීමේ ව්‍යාපෘති හෝ සහනාධාර සඳහා යවන සියලුම සම්මාදම් යැවිය යුත්තේ ඔබ වෙසෙන රටෙහි තිබෙන ශාඛා කාර්යාලයටයි. සභාව මගින් හෝ කෙළින්ම එම සම්මාදම දිය හැකියි. මෙයාකාරයෙන්, මනා පිළිවෙළකින් ලෝක ව්‍යාප්ත සහෝදරයන්ගේ අවශ්‍යතාවන් ඉටු කිරීම සඳහා පාලක මණ්ඩලය විසින් සංවිධානාත්මක විධිවිධානයක් පිහිටුවා ඇත. මෙය ක්‍රියාත්මක වන්නේ “විශ්වාසවන්ත නුවණ ඇති දාසයා” දෙන මඟ පෙන්වීම යටතේයි.—මතෙ. 24:45-47; 1 කොරි. 14:33, 40.