පටිගත කිරීම්වලින් ප්‍රයෝජන ගමු
1. මුද්‍රණය කරපු පොත් පත්වලට අමතරව අපිට ලැබිලා තියෙන්නේ මොකක්ද?
1 ප්‍රිය වදන් හා සත්‍ය වචන කියවන්න හුඟක් අය jw.org වෙබ් අඩවියට පිවිසෙනවා. (දේශ. 12:10) ඒත් ඔබ පටිගත කිරීම්වලින් ප්‍රයෝජන අරගෙන තියෙනවාද? ඒවායින් අපේ වෙබ් අඩවියේ තියෙන හුඟක් තොරතුරුවලට සවන් දෙන්න පුළුවන්. ඒවායින් ප්‍රයෝජන ගන්න අපිට පුළුවන් කොහොමද?
2. පෞද්ගලික අධ්‍යයනයේදී හරි පවුලේ නමස්කාරයේදී හරි පටිගත කිරීම්වලින් ප්‍රයෝජන ගන්න පුළුවන් කොහොමද?
2 පෞද්ගලික අධ්‍යයනයේදී හෝ පවුලේ නමස්කාරයේදී: එදිනෙදා වැඩකටයුතුවල යෙදෙන ගමන් හරි වාහනෙන් යද්දී හරි බයිබලයේ, සඟරාවල, වෙනත් ප්රකාශනවල පටිගත කිරීම්වලට සවන් දුන්නොත් අපේ කාලය ඥානවන්තව පාවිච්චි කරන්න පුළුවන්. (එෆී. 5:15, 16) ඒ වගේම පවුලේ නමස්කාරයේදී සාකච්ඡා කරන ප්රකාශනයක පටිගත කිරීමකට සවන් දෙනවා නම් පවුලේ නමස්කාරයට වෙනසක් එකතු කරන්නත් පුළුවන්. පෞද්ගලික අධ්‍යයනයේදි ඒවාට සවන් දෙනවා නම් කියවීමේ හැකියාව දියුණු කරගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි භාෂාවක් ඉගෙනගන්නත් ඒක උදව්වක්.
3. පටිගත කිරීම් ප්‍රයෝජනවත් වෙන්නේ තව කාටද?
3 දේවසේවයේදී: කියවන්න කාලය නැති අය අපිට සේවයේදී හම්බ වෙනවා. ඒ අය සමහරවිට පටිගත කිරීම්වලට සවන් දෙන්න කැමති වෙයි. ඒ වගේම අපිට වෙනත් භාෂාවක් කතා කරන අයවත් මුණගැහෙන්න ඉඩ තියෙනවා. ‘මව් භාෂාවෙන්ම’ ඒ අය පණිවිඩය ඇහුවොත් සමහරවිට හොඳ ප්‍රතිචාරයක් දක්වයි. (ක්‍රියා 2:6-8) සමහර සංස්කෘතිවල අය පුරුදු වෙලා ඉන්නේ අහගෙන ඉඳලා ඉගෙනගන්නයි. උදාහරණෙකට මොං භාෂාව කතා කරන දරුවන් සාමාන්‍යයෙන් අතීත සිදුවීම් ඉගෙනගන්නේ වැඩිහිටියන් කියන දේවල් අහගෙන ඉඳලයි. අප්‍රිකාවේ හුඟක් සංස්කෘතීන්වල අයත් අහගෙන ඉඳලා ඉගෙනගන්නයි පුරුදු වෙලා තියෙන්නේ.
4. සේවයේදී අනිත් අයට උදව් කරන්න නම් අපි හිතලා බලන්න ඕන මොන වගේ ප්‍රශ්නද?
4 අපි සේවයේ යන ප්‍රදේශයේ නිවැසියෙක්ට ඔහුගෙම භාෂාවෙන් පටිගත කීරීමක් අහන්න සලස්වන එක ප්‍රයෝජනවත් වෙයිද? ඊ-මේල් හරහා ප්රකාශනයක පටිගත කිරීමක් කෙනෙක්ට යැව්වොත් ඔහු ඒකෙන් ප්‍රයෝජනයක් ලබයිද? උනන්දුව දක්වන කෙනෙක්ට ප්රකාශනයක් දෙද්දී ඒ එක්කම ඒකේ පටිගත කීරීමක් CD එකකට දාලා දෙන්න පුළුවන්ද? අපි සේවයේදී ඉලෙක්ට්‍රොනික මාධ්‍යයෙන් ලබා දෙන පොතක්, සඟරාවක්, මාසික සඟරාවක්, පත්‍රිකාවක් සේවා වාර්තාවට ඇතුල් කරන්න පුළුවන්. පටිගත කිරීම් ලබා දීලා තියෙන්නේ අපේ පෞද්ගලික අධ්‍යයනයේදී පාවිච්චි කරන්න විතරක් නෙමෙයි අනිත් අයට සත්‍යය ගැන උනන්දුවකුත් ඇති කරන්නයි.—1 කොරි. 3:6.