ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w08 2/1 15 පි.
  • ඔබ දැන සිටියාද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඔබ දැන සිටියාද?
  • 2008 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • නිහතමානිකම ගැන කදිම පාඩමක්
    මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
  • යටහත් පහත්කම පිළිබඳ පාඩමක්
    මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා
  • ඔබ දැන සිටියාද?
    2021 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • බදු—“ශිෂ්ට සම්පන්න සමාජයකට” ගෙවිය යුතු මිලක්ද?
    2003 පිබිදෙව්!
2008 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w08 2/1 15 පි.

ඔබ දැන සිටියාද?

සලමොන් ඉදි කළ දේවමාලිගාවේ තිබූ මුහුදට [විශාල භාජනයට] කොපමණ වතුර ප්‍රමාණයක් ඇල්ලුවාද?

පූජකයන්ගේ භාවිතය සඳහා ඉදි කර තිබූ විශාල භාජනයේ වතුර “බාත් දෙදාහක්” රැස් කර තිබුණ බව 1 රාජාවලිය 7:26හි සඳහන් වෙනවා. නමුත් 2 ලේකම් 4:5හි සඳහන් වෙන්නේ එම භාජනයේ වතුර “බාත් තුන්දාහක්” තිබුණ බවයි. ලේකම් පොතේ එම වාර්තාව වරදවා ලියා තිබෙන බව දැක්වීමට සමහරු මෙම වෙනස ගෙනහැර දක්වනවා.

කෙසේනමුත් බයිබලයේ නව ලොව පරිවර්තනය මෙම පද දෙකෙහි අර්ථය අපට හොඳින් අවබෝධ කරගන්න උපකාරවත් වෙනවා. පළවෙනි රාජාවලිය 7:26හි සඳහන් වන්නේ මෙලෙසයි. “එහි බාත් ඒකක දෙදහසක ජලය රැස් කර තිබිණ.” නමුත්, 2 ලේකම් 4:5හි පවසන්නේ “එහි බාත් ඒකක තුන්දහසක ජලය රැස් කර තබාගැනීමට හැකියාව තිබිණ” කියායි. ඒ අනුව 2 ලේකම් 4:5හි දක්වන්නේ එම භාජනයට දැමිය හැකි උපරිම වතුර ප්‍රමාණය ගැනයි. නමුත් 1 රාජාවලිය 7:26හි පවසන්නේ දේවමාලිගාවේ තිබූ එම භාජනයට සාමාන්‍යයෙන් දැමූ වතුර ප්‍රමාණය ගැනයි. වෙනත් විදිහකින් පවසනවා නම්, කෙදිනකවත් එය පිරෙන තෙක් වතුර දමා නැහැ. ඉන් පෙනී යන්නේ, දැමිය හැකි උපරිමයෙන් තුනෙන් දෙකක් පිරවීම සිරිතක්ව තිබූ බවයි.

යේසුස් සහ පේතෘස් දේවමාලිගා බද්ද ගෙවීමට එක කාසියක් භාවිත කළේ ඇයි?

යේසුස් පොළොවේ සිටි කාලයේදී වයස අවුරුදු 20ට වැඩි යුදෙව් පිරිමින්ට ඩ්‍රැක්මා දෙකක හෝ ඩිඩ්‍රැක්මා එකක බද්දක් වාර්ෂිකව ගෙවීමට සිදු වුණා. සාමාන්‍යයෙන් මෙය දවස් දෙකක වැඩ කුලියට සමානයි. බදු ගෙවීම පිළිබඳ ප්‍රශ්නය පැන නැඟුණ විට යේසුස් පේතෘස්ට පැවසුවේ මෙයයි. “ඔබ මුහුදට ගොස් බිලි බා, පළමුවෙන්ම මතු වෙන මාළුවා ගන්න. ඔබ උගේ කට අරින විට ස්ටේටර් කාසියක් ඔබට සම්බ වන්නේය. එය ගෙන මා සහ ඔබ වෙනුවෙන් ඔවුන්ට දෙන්න.”—මතෙව් 17:24-27.

බොහෝ ප්‍රවීණයන් පවසන්නේ මෙම ස්ටේටර් කාසිය ටෙට්‍රාඩ්‍රැක්මා කාසියක් කියායි. මෙම කාසිය ඩ්‍රැක්මා කාසි හතරක වටිනාකමට සමාන වූ අතර පුද්ගලයන් දෙදෙනෙකුගේ දේවමාලිගා බද්ද පියවීමට එය ප්‍රමාණවත් වුණා. ඩිඩ්‍රැක්මා කාසියට වඩා ඒ කාලයේ ටෙට්‍රාඩ්‍රැක්මා කාසිය බහුලව පරිහරණය කෙරුණා. එක් ශබ්දකෝෂයක සඳහන් වන්නේ මෙයයි. “දේවමාලිගා බද්ද ගෙවීමට යුදෙව්වන් නිතරම තවත් කෙනෙකුව හවුල් කරගත් බවයි පෙනෙන්න තිබෙන්නේ.”—The New Bible Dictionary

කෙනෙක් තව කෙනෙක් එක්ක හවුල් නොවී තනියෙන් මේ බද්ද ගෙව්වා නම් ඔහුට මුදල් මාරු කරගන්න සිද්ධ වුණා. එලෙස මුදල් මාරු කිරීමේදී ඔහුගෙන් සියයට අටක පමණ මිලක් අය කළා. නමුත් දෙදෙනෙකුගේ බද්ද එකවර ගෙවද්දී අමතර මුදලක් ගෙවන්න සිදු වුණේ නැහැ. මින් පෙනී යන්නේ මතෙව් වාර්තා කළ මෙවැනි සුළු කාරණා පවා යේසුස්ගේ කාලයේ එදිනෙදා සිදු වූ දේවල් හා එකඟ බවයි.

[15වන පිටුවේ පින්තූරය]

විශාල කර දැක්වූ ටෙට්‍රාඩ්‍රැක්මා කාසිය

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න