-
අපේ “දේශය” පිට යෙහෝවාගේ ආශීර්වාදය1999 මුරටැඹ | මාර්තු 1
-
-
12. (අ) එසකියෙල්ගේ දර්ශනයේ ඇති ගස් ඒ ආකාරයෙන් ඵල දරන්නේ මන්ද? (ආ) අන්තිම දවස්වලදී, මේ ඵලබර ගස්වලින් නියෝජනය කරන්නේ කුමක්ද?
12 එසකියෙල්ගේ දර්ශනයේ ගංගාව ජීවය සහ සුවය ගෙනෙනවා. ගං ඉවුර දිගේ වැවෙන ගස් ගැන එසකියෙල් දැනගත් විට ඔහුට මෙසේ කිව්වා: “ඒවායේ කොළ වේලෙන්නේවත් ඒවායේ ඵල වරන්නේවත් [නැත] . . . ඒවායේ ඵල ආහාර පිණිසත් ඒවායේ කොළ සුවකිරීම පිණිසත් වන්නේය.” මේ ගස් මෙතරම් පුදුමාකාර අයුරින් ඵල දරන්න හේතුව කුමක්ද? “මක්නිසාද ඒවායේ වතුර ශුද්ධස්ථානයෙන්ම නික්ම එන්නේය.” (එසකියෙල් 47:12ආ) මේ සංකේතාත්මක ගස් යේසුස්ගේ මිදීමේ මිල යාගය මත පදනම්ව මනුෂ්‍යවර්ගයාව පරිපූර්ණත්වයට නැවත පිහිටුවීම සඳහා කළ දෙවිගේ සියලුම සැපයුම් පූර්වාදර්ශනය කරනවා. පොළොව මත මේ කාලයේදී ආලේප ලත් ඉතිරි කොටස ආත්මික පෝෂණය සහ සුවය සැපයීම සඳහා මූලිකත්වය ගන්නවා. එක්ලක්ෂ හතළිස්හාරදාස්දෙනාම ස්වර්ගීය විපාකය ලැබුවාට පසුව, ක්‍රිස්තුස්ගේ හවුල් පාලකයන් හැටියට ඔවුන්ගේ පූජක සේවයෙන් ලැබෙන ප්‍රයෝජන අනාගතයට විහිදෙන අතර, අවසානයේදී ආදම්ගේ පාපය සම්පූර්ණයෙන්ම පරාජය කරනු ලබනවා.—එළිදරව් 5:9, 10; 21:2-4.
-
-
අපේ “දේශය” පිට යෙහෝවාගේ ආශීර්වාදය1999 මුරටැඹ | මාර්තු 1
-
-
17, 18. (අ) එළිදරව් 22:1, 2හි ජීවන-දායක ගංගාවක් ගැන විස්තර කර තිබෙන්නේ කෙසේද? එමෙන්ම, එම දර්ශනය ඉටුවීමේ ප්‍රධානතම කාලය කුමක්ද? (ආ) පාරාදීසයේදී, ජීවන වතුර ගංගාවට මහත් පුළුල් වීමේ කාලයක් තිබෙන්න යන්නේ මන්ද?
17 වෙනත් ආකාරයකින් කිවහොත්, එසකියෙල් දුටු ගංගාව ජීවිතයේ ගුණදායකම වතුර ඇතුව ගලා බසින්න යනවා. එළිදරව් 22:1, 2 වාර්තා කර ඇති අනාවැකියේ මුල් ඉටුවීම අදාළ වන ප්‍රධානතම කාලය මෙයයි: “තවද [දෙවිගේද බැටළුපැටවාගේද] සිංහාසනයෙන් නික්ම එන්නාවූ පළිඟු මෙන් දීප්තිමත්වූ ජීවනදායක වතුර ඇති ගංගාවක්, එහි වීථිය මැද ඔහු මට පෙන්විය. ගඟේ මේ පැත්තේද ඒ පැත්තේද දොළොස් ආකාරයක ඵල දරන, මාස්පතා ඵල දෙන, ජීවන-වෘක්ෂය තිබුණේය. ඒ වෘක්ෂයේ කොළ ජාතීන්ගේ සුවවීම පිණිසය.”
18 දහස් අවුරුද්ද තුළ සියලුම අසනීප, ඒ කියන්නේ ශාරීරික, මානසික සහ චිත්තවේගීය අසනීප සියල්ලක්ම සුව වෙන්න යනවා. සංකේතාත්මක ගස් මාර්ගයෙන් සිදු වන “ජාතීන්ගේ සුවවීම” මෙය හොඳින් සංකේතවත් කරනවා. ක්‍රිස්තුස් සහ 1,44,000දෙනා මගින් ක්‍රියාත්මක කරනු ලබන සැපයුම්වලට ස්තුතිවන්ත වෙන්න ‘තමා ලෙඩින් කියා කිසි වැසියෙක් කියන්න යන්නේ නැහැ.’ (යෙසායා 33:24) ගංගාව මහත් පුළුල් වීමේ අදියරයක් කරා ගමන් කරන්න යනවා. නැවත නැඟිටින මිලියන, සමහරවිට බිලියන ගණන් මනුෂ්‍යවර්ගයා විසින් ජීවනයේ පිරිසිදු වතුර පානය කරන්න නම්, ගංගාව තව තවත් පළල් මෙන්ම ගැඹුරු විය යුතුයි. දර්ශනයෙන් දුටු ගංගාව, මළ මුහුද සුව කළ අතර, එහි වතුර ගැලූ ඕනෑම තැනකට ජීවය පැමුණුණා. ඉතින්, පාරාදීසයේදී ස්ත්‍රී පුරුෂයන් පූර්ණ අර්ථයෙන් ජීවනයට පැමිණෙන අතර, මිදීමේ මිලයෙන් ඔවුන් වෙත විහිදුවා ඇති ප්‍රයෝජන කෙරෙහි ඔවුන් ඇදහිල්ල පවත්වනවා නම් ආදම්ගෙන් උරුම කරගත් පාපයෙන් සුවය ලබන්න යනවා. නැවත නැඟිටුවනු ලබන අයට ප්‍රයෝජන ලබාගත හැකි වන අයුරින්, ඒ දවස්වලදී, අමතර අවබෝධය සපයන “පොත්” දිගහරින බව එළිදරව් 20:12 පුරෝකථනය කරනවා. කනගාටුදායක ලෙස, පාරාදීසයේදී පවා සමහරු සුවවීම ප්‍රතික්ෂේප කරන්න යනවා. සදාකාලික විනාශයේ ‘ලුණු සඳහා’ දෙනු ලබන කැරලිකාරයන් වන්නේ මොවුනුයි.—එළිදරව් 20:15.
-