ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w95 10/15 5-8 පි.
  • භය—දැනට පොදු වුවත් සදහටම නොවේ!

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • භය—දැනට පොදු වුවත් සදහටම නොවේ!
  • 1995 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • යුද්ධයට භය සාධාරණය
  • පොළොව සහ එහි ජීවිතය තව තවත් වැනසීම
  • එය වඩාත් දරුණු වේද, වඩාත් හොඳ වේද?
  • බිම් බෝම්බ—සිදු වන පාඩුව ගණන් බැලීම
    2000 පිබිදෙව්!
  • බිම් බෝම්බ—සමස්ත ලෝක තර්ජනයක්
    1994 පිබිදෙව්!
  • මරු කැඳවන බිම් බෝම්බ!
    2000 පිබිදෙව්!
  • යුද්ධය ළමයින්ව වනසා දමන අන්දම
    1997 පිබිදෙව්!
තව තොරතුරු
1995 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w95 10/15 5-8 පි.

භය—දැනට පොදු වුවත් සදහටම නොවේ!

භය එතරම් පොදු දෙයක් වීම දේවවචනයේ ශිෂ්‍යයන්ට පුදුම දෙයක් නොවේ. යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්, සිය දේවසේවයේදී පුළුල් ලෙස ප්‍රචලිත කර තිබෙන්නාක් මෙන්ම, අප මිනිස් ඉතිහාසයේ සලකුණු කරන ලද කාලයක ජීවත්වන බවට සාක්ෂි එමටය. පැතිර පවතින භය මගින් එය සලකුණු කර ඇති බව ඔබ දන්නා කරුණකි. එහෙත් බොහෝ කලකට පෙර යේසුස්වහන්සේ අපේ කාලය සලකුණු කළසේක, නැතහොත් ඊට යොමු දැක්වූසේක. උන්වහන්සේගේ පැමිණ සිටීම සහ දේවල පිළිවෙළේ සමාප්තිය හෝ “ලෝකාන්තිමය” ගැන ප්‍රේරිතයන්ගේ ප්‍රශ්නවලට උන්වහන්සේ ප්‍රතිචාරය දක්වමින් සිටිසේක.—මතෙව් 24:3.

යේසුස්වහන්සේ පුරෝකථනය කළ දෙයින් කොටසක් මෙන්න:

“ජාතියක් ජාතියකටද රාජ්‍යයක් රාජ්‍යයකටද විරුද්ධව නැගිටිනවා ඇත. මහත් භූමිකම්පාද නොයෙක් තැන්වල සාගත හා වසංගතද වන්නේය; භයංකර පෙනීම්ද අහසින් මහත් ලකුණුද වන්නේය.”—ලූක් 21:10, 11.

උන්වහන්සේ “භයංකර පෙනීම්” ගැන අදහස් දැක්වූ බව ඔබ දුටුවෙහිද? පසුව එම පිළිතුරෙහිම ඔබට සහ ඔබේ ප්‍රේමනීයයන්ට කෙළින්ම හා තීරණාත්මක ලෙස බලපෑ හැකි භය ගැන, යේසුස්වහන්සේ තවත් වැදගත් නිරීක්ෂණයක් කළසේක. එහෙත් එයට අවධානය යොමු කිරීමට පෙර, අප අවසාන දවස්වල සිටින බවට අමතර සාක්ෂි සමහරක් අපි කෙටියෙන් පුනරීක්ෂණය කරමු.—2 තිමෝති 3:1.

යුද්ධයට භය සාධාරණය

හමුදා ගැටුම් පොළොවේ බොහෝ කොටස් විනාශයට පත් කර ඇත. උදාහරණයක් වශයෙන්, මෑත මැදපෙරදිග ගැටුමක අවසානයේදී දැවෙමින් ඉතිරි වූ තෙල් ළිං, “මේ තාක් මිනිසා විසින් පැමිණෙවූ විශාලතම පරිසර හානිය” බවට ගිඕ සඟරාව මගින් නම් කරනු ලැබීය. යුද්ධ මගින් මිලියන සංඛ්‍යාත ජනයා ඝාතනය කර හෝ දුබල තත්වයට පත් කර ඇත. පළමුවන ලෝක යුද්ධයේදී මියගිය හමුදා භටයන් හා පුරවැසියන් මිලියන ගණන් ඉක්මවා, IIවන ලෝක යුද්ධයේදී මිලියන 55ක් ඝාතනය කරනු ලැබීය. ලෝකාන්තිමය ළඟ බව සිහිගන්වන ලකුණේ කොටසක් වශයෙන්, “ජාතියක් ජාතියකටද රාජ්‍යයක් රාජ්‍යයකටද විරුද්ධව නැගිටිනවා ඇත” යයි යේසුස්වහන්සේ පැවසූසේක.

ජාති ඝාතනය—එනම් මුළු ජාතීන් හෝ ජනයා විනාශ කිරීම හා සම්බන්ධ මිනිසාගේ වෑයම නොසලකා හැරීමටද අපට නොහැක. ආර්මේනියන්වරුන්, කාම්බෝජ ජාතිකයන්, යුදෙව්වන්, රුවන්ඩා ජාතිකයන්, යුක්‍රේනීය ජාතිකයන් හා වෙනත් අයගේ මිලියන සංඛ්‍යාත මරණ, 20වන ශතවර්ෂයේදී මිනිස්වර්ගයාගේ අතිවිශාල ලේවරදට එකතු වී ඇත. ආගමික අන්තවාදීන් විසින් ජනවාර්ගික වෛරයට දිරිගන්වන රටවල ඝාතනය දිගටම සිදුවෙමින් පවතී. එසේය, යුද්ධ තවමත් මිනිස් රුධිරයෙන් පොළොව නහවයි.

සටන අවසන් වූ පසුව පවා නවීන යුද්ධ මගින් ජනයා බිලිගනිමින් තිබේ. උදාහරණයක් වශයෙන්, වගවිභාගයකින් තොරව බිම්බෝම්බ තැබීම ගැන සලකා බලන්න. මිනිස් අයිතිවාසිකම් රැකීමේ පර්යේෂණ සංවිධානය මගින් පළ කරන ලද වාර්තාවකට අනුව, “ලොව පුරා බෝම්බ මිලියන 100ක් පමණ, පුරවැසියන්ට තර්ජනයක් වී ඇත.” එවන් බෝම්බ භාවිත කළ යුද්ධය අවසන් වී බොහෝ කලකට පසුත් ඒවායින්, අහිංසක පුරුෂයන්ට, ස්ත්‍රීන්ට හා දරුවන්ට නොකඩවා අනතුරු සිදුවෙමින් පවතී. සෑම මාසයකම රටවල් 60කට වඩා වැඩි ප්‍රමාණයක, බිම්බෝම්බ මගින් දහස් ගණනක් අංගවිකල කර හෝ මරණයට පත් කර ඇතැයි පැවසේ. ජීවිතයට හා ශරීරයට තර්ජනය කරන මෙය ක්‍රමක්‍රමයෙන් ඉවත් කර නොදමන්නේ මන්ද? ද නිව් යෝර්ක් ටයිම්ස් මෙසේ සඳහන් කළේය: “බිම්බෝම්බ ඉවත් කිරීමේ මෙහෙයුම්වලින් නිෂ්ක්‍රීය කරනවාට වඩා, සෑමදිනකම තව තවත් බිම්බෝම්බ වළලමින් පවතින අතර, එබැවින් තුවාලකරුවන්ගේ සංඛ්‍යාව නොවෙනස්ව ඉහළ යමින් පවතී.”

මෙම බිම්බෝම්බ විකිණීම “වාර්ෂිකව ඩොලර් මිලියන 200 දක්වා ගෙවන” ව්‍යාපාරයක් බවට පත්වී තිබෙන බව 1993 පුවත් පත් ලිපියක වාර්තා විය. “රටවල් 48ක, සමාගම් හා රජයේ ආයතන 100කින් පමණ විවිධ වර්ගයේ” බිම්බෝම්බ “340ක් අපනයනය කරමින් සිටීම” එයට ඇතුළත්ය. කෲර ලෙස, ඇතැම් බිම්බෝම්බ නිර්මාණය කර තිබෙන්නේ, ඒවා දරුවන්ගේ සිත් ඇදගැනීමේ සෙල්ලම් බඩු ආකාරයෙනි! අංගවිකල වීමට හා විනාශ වීමට අහිංසක දරුවන්ව හිතාමතාම ඉලක්ක කරගැනීම ගැන කල්පනා කර බලන්න! “කෲර යුද අවි මිලියන 100ක්” යන මැයෙන් යුත් කතුවැකියක් පවසා සිටියේ, බිම්බෝම්බ මගින් “රසායනික, ජෛවීය හා න්‍යෂ්ටික යුද්ධවලට වඩා වැඩි ජනතාවක් ඝාතනය කර හෝ අංගවිකලත්වයට” පත් කර ඇති බවය.

එහෙත් ලෝක වෙළඳපොළවල විකුණන මරු-කැඳවන වෙළඳ භාණ්ඩ, බිම්බෝම්බ පමණක් නොවේ. ධන ලෝභී යුදඅවි වෙළෙන්දෝ ලොව පුරා ඩොලර්-බහුමිලියනයක ව්‍යාපාරයක් පවත්වාගෙන යති. ආරක්ෂක තොරතුරු සඳහා මධ්‍යස්ථානය මගින් ප්‍රකාශිත ද ඩිෆෙන්ස් මොනිටර් මෙසේ වාර්තා කරයි: “ඉකුත් දශකය පුරා [ප්‍රමුඛ පෙළේ ජාතිය] ඩොලර් බිලියන 135ක් වටිනා යුදඅවි අපනයනය කළේය.” මෙම බලවත් රට “පුදුමයට පත් කරවන ඩොලර් බිලියන 63ක් වටිනා යුදඅවි මෙන්ම යුදහමුදා ගොඩනැඟිලි ද්‍රව්‍ය විකිණීමට හා රටවල් 142කට පුහුණුව ලබා දීම සඳහාද බලය පැවරුවේය.” මෙලෙස අනාගත යුද්ධ සහ මිනිස් දුක්වේදනාව සඳහා බීජ වපුරනු ලැබේ. ද ඩිෆෙන්ස් මොනිටර් අනුව, “1990දී පමණක්, යුද්ධ මගින් ඩොලර් බිලියන 50කට වඩා වැය කරමින්, යුදඅවි දැරීමට මිලියන 5ක ජනතාවට සැලසූ අතර මිලියන කාලක ජනතාවක්, එනම් වැඩි වශයෙන් පුරවැසියන් ඝාතනය කර දැමීය.” එම වර්ෂයේ සිට තවත් මිලියන ගණනකට භය හා මරණය ගෙනෙමින් වැඩි වී ඇති විශාල සංඛ්‍යාත යුද්ධ ගැන ඔබට ස්ථිරයෙන්ම සිතාගත හැක!

පොළොව සහ එහි ජීවිතය තව තවත් වැනසීම

මහාචාර්ය බැරි කොමනර් මෙසේ අවවාද කරයි: “නොසලකා හැරියොත්, පොළොව දිගටම දූෂණය වීමෙන්, මිනිස් ජීවිතය සඳහා ස්ථානයක්ව තිබෙන මෙම ග්‍රහයාගේ යෝග්‍යභාවය අවසානයේදී විනාශ වී යනු ඇත.” ගැටලුව වනාහි නොදැනුවත්කම නොව නමුත් හිතාමතා ගිජු වීමකි. දූෂණය පිළිබඳ වැඩිවන භයකට ඉඩහරිමින්, මෙම තත්වය කෙරෙහි අපේ යුක්තිසහගත හා ප්‍රේමනීය දෙවියන්වහන්සේ සදහටම ඉවසා දරා සිටිනු ඇතැයි කියා ඔබ සිතන්නෙහිද? පොළොව වැනසීම වනසන්නන්ගෙන් ගණන් දීමක් සඳහාද, ඉන්පසුව ග්‍රහයා දිව්‍ය පුනරුත්ථාපනයක් කිරීම සඳහාද ඉල්ලා සිටී. එය ‘ලෝකාන්තිමය’ සම්බන්ධයෙන් ප්‍රේරිතවරුන්ට යේසුස්වහන්සේ පිළිතුරු දීමේදී පවසා සිටි දේවල කොටසක් වේ.

දෙවියන්වහන්සේ එම ගණන් දීම සිදු කරන ආකාරය සලකා බැලීමට පෙර, අපි තවදුරටත් මිනිසාගේ වාර්තාව පරීක්ෂා කර බලමු. මිනිස් කෙලසීම් පිළිබඳ අසම්පූර්ණ ලැයිස්තුවක් පවා කනගාටුව දනවන්නකි: මුළු වනාන්තරම විනාශ කර දමන අම්ල වැසි හා ගිජු ලෙස ගස් කැපීම; න්‍යෂ්ටික අපද්‍රව්‍ය, විෂ සහිත රසායනික ද්‍රව්‍ය හා අමු අපද්‍රව්‍ය නොසැලකිලිමත් ලෙස ගොඩගැසීම; ආරක්ෂිත ඕසෝන ස්තරය බෙලහීන කිරීම; එමෙන්ම ඖෂධ පැළෑටි නාශක හා පළිබෝධ නාශක නොසැලකිලිවන්තව භාවිතය.

වාණිජ කටයුතු, ලාභ ලැබීම සඳහා වෙනත් මාර්ගවලින් පොළොව අපවිත්‍ර කරයි. දිනපතා ටොන් ගණන් අපද්‍රව්‍ය ගංගාවලට, සාගරවලට, වාතයට හා පසට එකතු කරනු ලැබේ. විද්‍යාඥයෝ අභ්‍යවකාශ සුන් බුන් අහුලා නොදමා, ඒවාවලින් අහස පුරවති. අභ්‍යවකාශයේ කරකැවෙන කුණු කසළ ගොඩක් මගින් පොළොව ශීඝ්‍රයෙන් වටවෙමින් පවතී. පොළොවට එය මගින්ම අලුත් විය හැකි ස්වාභාවික ක්‍රියාවලීන් නොතිබුණා නම්, අපේ භූමික නිවස ජීවය පැවතීමට ආධාර නොකරනු ඇති අතර, බොහෝ කලකට පෙර මිනිසා තමන්ගේම කුණු කසළ තුළ හිරවී මියයන්ට තිබුණා විය හැක.

මිනිසා තමාවම පවා දූෂණය කරගනී. උදාහරණයක් වශයෙන්, දුම්පානය හා වෙනත් මත්ද්‍රව්‍ය අනිසි භාවිතය සලකා බලන්න. එක්සත් ජනපදයේ, එවැනි ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම නම් කර තිබෙන්නේ, “රටේ ප්‍රධාන සෞඛ්‍ය ගැටලුව” වශයෙනි. එමගින් එම රටට වාර්ෂිකව ඩොලර් බිලියන 238ක් වියදම් වන අතර, එයින් ඩොලර් බිලියන 34ක් වැය කර ඇත්තේ “අනවශ්‍ය [එනම්, වැළකිය හැකි වූ] සෞඛ්‍ය ප්‍රතිකාර සඳහාය.” ඔබ ජීවත්වන ස්ථානයේ දුම්පානයට වැයවන මුදල් හා ඊට බිලිවන ජීවිත සම්බන්ධයෙන් ඔබ සිතන්නේ කුමක්ද?

බොහෝදෙනෙකු අයිතිවාසිකමක් හැටියට බල කර ඉල්ලා සිටින, ඕනෑම දෙයකට ඉඩ දෙන හා අපගාමී ජීවන-රටා මගින් බොහෝදෙනෙකු අඩු වයසෙන් මියයෑමට සලසන, මරණය ගෙන දෙන ලිංගිකව පැතිරෙන රෝගවල භයගන්වන ඵලදාවක් නිපදවා ඇත. විශාල නගරයන්හි පුවත් පත්වල මරණ දැන්වීම් තීරුවල, 30ගණන් හා 40ගණන්වල සිටින්නන්ගේ මියයෑමේ සංඛ්‍යාවේ වැඩිවීමක් දැන් පෙන්නුම් කරන බවට නිරීක්ෂණය කර ඇත. මන්ද? ඔවුන් බොහෝවිට විනාශකාරි පුරුදුවල ග්‍රහණයට විගස හසුවන බැවිනි. ලිංගික හා වෙනත් රෝගවල එවැනි ඛේදජනක වැඩිවීමද යේසුස්වහන්සේගේ අනාවැකියට ගැළපෙන්නේ මන්දයත්, “නොයෙක් තැන්වල . . . වසංගතද වන්නේය,” යයි උන්වහන්සේ පැවසූ බැවිනි.

කෙසේවුවද, දරුණුම දූෂණය නම්, මිනිසාගේ මනස සහ ස්වභාවය, නැතහොත් ආකල්පය සම්බන්ධයෙනි. මේ දක්වා අප සඳහන් කර ඇති සියලු ආකාර දූෂණ ඔබ විසින් පුනරීක්ෂණය කරනවා නම්, ඒවායින් වැඩි කොටසක් දූෂිත මනස්වල ප්‍රතිඵලය බවට සැබෑ නොවේද? එක් තැනැත්තෙකු තවකෙකුට පමුණුවා ඇති මිනීමැරුම්, ස්ත්‍රී දූෂණ, සොරකම් හා වෙනත් ආකාර ප්‍රචණ්ඩත්වයෙන් විපත්ති කැඳවන රෝගී මනස් ගැන සලකා බලන්න. වාර්ෂිකව සිදු කරන ගබ්සා මිලියන ගණන මානසික හා ආධ්‍යාත්මික දූෂණයේ සලකුණක් බවත් බොහෝදෙනාට වැටහේ.

යෞවනයන්ගේ ආකල්පය සම්බන්ධයෙන් අපි බොහෝ දේ දකින්නෙමු. දෙමව්පිය හා වෙනත් අධිකාරීන්ට අගෞරවය, පවුල බිඳවැටීමට මෙන්ම නීතියට හා විනයට අකීකරු වීමට දායක වේ. මෙලෙස අධිකාරයට හිතකර භය නොමැතිකම, යෞවනයන් තුළ ආත්මික දේවලට ලැදි වීමේ ඌනතාවට කෙළින්ම සම්බන්ධ වේ. එමනිසා, පරිණාමවාදය, අදේවවාදය හා ඇදහිල්ල විනාශ කරන වෙනත් න්‍යායන් උගන්වන අය සැලකිය යුතු වරදකාරිත්වයක් උසුලති. බොහෝ ආගමික ශික්ෂකයෝද නවීන දිනට ගැළපෙන හා “ලෝක සම්මතයට එකඟ” අය වශයෙන් පිළිගැනීමට තමන් දරන වෑයමේදී, දේවවචනයට පිටුපා ඇති හෙයින් වරදකාරිත්වයේ සිටිති. ලෝකයේ ප්‍රඥාවෙහි ගිලී සිටින ඔවුහුද, වෙනත් අයද, එකිනෙකට පරස්පරවිරෝධී මිනිස් දර්ශන උගන්වති.

අදදින ප්‍රතිඵල පැහැදිලිවම දක්නට තිබේ. ජනයා පෙලඹෙන්නේ දෙවියන්වහන්සේට හා සෙස්සන්ට ඇති ප්‍රේමය මගින් නොව, නමුත් ගිජුකම හා වෛරය මගිනි. නරක ප්‍රතිඵල වනාහි ව්‍යාප්ත වූ දුරාචාරය, සාහසිකකම සහ බලාපොරොත්තු රහිතභාවයයි. මෙය මිනිසා තමන්වත්, පෘථිවියත් විනාශ කර දමනු ඇතැයි යන භයද ඇතුළත්ව, අහිංසක ජනයාව භයෙන් තැබීම කනගාටුවට කරුණකි.

එය වඩාත් දරුණු වේද, වඩාත් හොඳ වේද?

භය සම්බන්ධයෙන් සලකා බලන කල, නුදුරු අනාගතයේ ඇත්තේ කුමක්ද? භය වැඩිවෙමින් පවතිනු ඇද්ද, නැතහොත් එය පරාජය කළ හැකිවනු ඇද්ද? යේසුස්වහන්සේ සිය ප්‍රේරිතයන්ට පැවසූ දෙය අපි යළිත් සලකා බලමු.

නුදුරු අනාගතයේ තිබෙන දෙයක්—එනම් මහත් පීඩාව වෙත උන්වහන්සේ යොමු දැක්වූසේක. උන්වහන්සේගේ වචන මෙසේය: “තවද ඒ දවස්වල පීඩා[ව] පසුවූ කෙනෙහිම, ඉර අඳුරුවන්නේය, සඳ එහි එළිය නොදෙන්නේය, තාරකාවෝ අහසෙන් වැටෙන්නෝය, අහසේ බලපරාක්‍රමද සෙලවෙන්නෝය. එකල මනුෂ්‍ය පුත්‍රයාගේ ලකුණ අහසේ පෙනෙන්නේය. එවිට පොළොවේ සියලු ගෝත්‍රයෝ වැලපෙන්නෝය, ඔව්හු මනුෂ්‍ය පුත්‍රයා බලයෙන්ද මහත් තේජසින්ද අහසේ වලාකුල් පිට එනවා දකින්නෝය.”—මතෙව් 24:29, 30.

එබැවින් වැඩිකල් නොගොස් මහත් පීඩාව හටගනීයයි අපට අපේක්ෂා කළ හැක. එහි පළමු කොටස වනු ඇත්තේ ලොව වටා බොරු ආගම්වලට එරෙහිව යම් ක්‍රියාමාර්ගයක්යයි වෙනත් බයිබල් අනාවැකි අඟවයි. අනතුරුව යම් ආකාරයක අහසේ දක්නට ලැබෙන යම් කැපීපෙනෙන සිදුවීම් ඇතුළත්ව, මේ දැන් සඳහන් කළ කම්පිත කරවන දේවල් සිදුවනු ඇත. මිලියන සංඛ්‍යාත ජනයා මත ඇතිවන බලපෑම කුමක් වනු ඇද්ද?

හොඳයි, පුළුල් අනාවැකිමය විස්තර ප්‍රකාශ අපට සොයාගත හැකි යේසුස්වහන්සේගේ පිළිතුරෙහි සමාන්තර වාර්තාවක් සලකා බලන්න:

“ඉර සඳ හා තාරකාවන් කෙරේ ලකුණු හා මුහුදෙත් රැළගැසීමෙත් ඝෝෂාව නිසා වන වියවුලින් පොළොවේ ජාතීන්ට දුක්වේදනාද වන්නේය. මක්නිසාද ආකාශයේ පරාක්‍රමධාරීන් සොලවනු ලබන බැවින් භයෙනුත් ලෝකයට පැමිණෙන්නාවූ දේ බලාපොරොත්තුව සිටීමෙනුත් මනුෂ්‍යයන්ගේ සිත් ක්ලාන්තවන්නේය.”—ලූක් 21:25, 26.

එය අප ඉදිරියේ තිබේ. එහෙත් සියලු මිනිසුන් එවිට ක්ලාන්ත තත්වයට පත්වන එවැනි භයකින් නොසිටිනු ඇත. ඊට පටහැනිව, යේසුස්වහන්සේ මෙසේ පැවසූසේක: “මේ දේ සිදුවෙන්ට පටන්ගන්න කල, නුඹලාගේ මිදීම ළංවූ බැවින්, ඉහළ බලා, හිස් ඔසවාපල්ලායයි කීසේක.”—ලූක් 21:28.

උන්වහන්සේ එම දිරිගන්වන වචන පැවසුවේ සිය සැබෑ අනුගාමිකයන්ටය. බියෙන් ක්ලාන්තව හෝ තිගැස්සී සිටිනවා වෙනුවට, මහත් පීඩාවේ උච්චාවස්ථාව හදිසියෙන් පැමිණේයයි දන්නවා වුවත්, ඔවුන්ට නිර්භීතව තම හිස් එසවීමට හේතු තිබේ. භයක් නැත්තේ මන්ද?

මෙම මුළු “මහත් පීඩා[වෙන්]” බේරෙන්නන් සිටිනු ඇතැයි බයිබලය පැහැදිලිවම පවසන බැවිනි. (එළිදරව් 7:14) මෙය පොරොන්දු වන වාර්තාව පවසන්නේ, අප බේරෙන්නන් අතර වන්නේ නම්, අපට දෙවියන්වහන්සේගේ හස්තයෙන් සමාන කළ නොහැකි ආශීර්වාද භුක්තිවිඳිය හැකි බවය. යේසුස්වහන්සේ “ඔවුන්ගේ එඬේරා වී, ජීවන-දිය-උල්පත්වලට ඔවුන් ගෙනයනසේක. දෙවියන්වහන්සේද ඔවුන්ගේ ඇස්වලින් සියලු කඳුළු පිසදමනසේක,” යන සහතිකය දෙමින් එය අවසන් වේ.—එළිදරව් 7:16, 17.

එවැනි ආශීර්වාද භුක්තිවිඳින්නන් තුළ අදදින ජනයා අතර පැතිර පවත්නා භය නොතිබෙනු ඇත, එමෙන්ම අපටද ඊට ඇතුළත් විය හැක. එහෙත්, යහපත් හා හිතකර භයක් තිබේයයි බයිබලය පවසන බැවින්, සම්පූර්ණයෙන්ම භය පහවී යනු ඇතැයි ඉන් අදහස් නොවේ. මෙය කුමක්ද, තවද එය අපට බලපෑ යුත්තේ කෙසේද යන්න ඊළඟ ලිපියේ සලකා බැලෙනු ඇත.

[8වන පිටුවේ පින්තූරය]

ළඟාවන නව ලොව කෙරෙහි යෙහෝවඃවහන්සේට නමස්කාරකරන්නෝ සන්තෝෂයෙන් බලා සිටිති

[7වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

පරිසර දූෂණය: ඡායාරූපය: Godo-Foto; රොකටය: U.S. Army photo; දැවෙන ගස්: Richard Bierregaard, Smithsonian Institution

    සිංහල ප්‍රකාශන (1993-2025)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න