යුරෝපීය මහාධිකරණය ග්‍රීසියේ දේශනා කිරීමට තිබෙන අයිතිය පිළිගනී
සිය අසල් වැසියන්ගේ ප්‍රශංසාවට ලක් වූ මනුෂ්‍යයෙක් 1938 පටන් වාර 60කට වඩා අත්අඩංගුවට ගනු ලැබුවේ මක්නිසා ද? ක්‍රීට් නම් ග්‍රීක දූපතෙන් වූ මෙම අවංක වෙළෙඳ සැල් හිමියා වාර 18ක් ග්‍රීක අධිකරණය හමුවට පත් කර අවුරුදු හයකට වඩා වැඩි කාලයක් සිර දඬුවම් විඳිය යුතු වූයේ මක්නිසා ද? එසේ ය, පවුල්කාරයෙක් ව සිටින මිනොස් කොකින්නාකිස් නම් මෙම කඩිසර මිනිසා ව, සිය භාර්යාවගෙන් හා දරුවන් පස් දෙනාගෙන් ඉවත් කර, දඬුවම් පමුණුවන විවිධ දූපත්වලට පිටමං කළ යුතු වූයේ මක්නිසා ද?
අන්‍ය ආගමකට හැරවීම තහනම් කරමින් 1938 හා 1939 අනුමත කරන ලද නීති බොහෝ දුරට වගකිව යුතු ය. මෙම නීති පිහිටුවනු ලැබුවේ, ග්‍රීක ඕතොඩොක්ස් පල්ලියේ බලපෑම් යටතේ ක්‍රියා කරමින් සිටි එඕආනීස් මෙටක්සස් නම් ග්‍රීක් ආඥාදායකයා විසිනි.
මෙම ව්‍යවස්ථාවේ ප්‍රතිඵලයක් වශයෙන්, 1938 පටන් 1992 දක්වා යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් 19,147 දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබූ අතර අධිකරණය සමස්තයක් වශයෙන් ගත් කල අවුරුදු 753ක සිර දඬුවම් නියම කර ඇත. මෙම මුළු ප්‍රමාණයෙන් 593ක් ඇත්ත වශයෙන් ම සිර භාරයේ ගෙවනු ලැබී ය. මේ සියල්ලක් ම කරනු ලැබුවේ, වෙනත් තැන්වල සිටින සාක්ෂිකරුවන් මෙන්, ග්‍රීසියේ සාක්ෂිකරුවනුත් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඉගැන්වූ ‘සියල්ල ම පවත්වන්ට ඔවුන්ට උගන්වමින් සියලු ජාතීන් ගෝලයන් කිරීමට’ වූ උන් වහන්සේගේ අණ පිළිපැදීම හේතුවෙනි.—මතෙව් 28:19, 20.
එහෙත් 1993 මැයි 25වන දින නමස්කාර කිරීමේ නිදහස වෙනුවෙන් විශිෂ්ට ජයග්‍රහණයක් අත්කර ගනු ලැබුවා! එම දිනයේ ප්‍රංශයේ, ස්ට්රාස්බර්ග් හි පිහිටි මානව අයිතිවාසිකම් පිළිබඳ යුරෝපීය අධිකරණය සිය විශ්වාසයන් වෙනත් අයට ඉගැන්වීමට ග්‍රීක පුරවැසියෙකුට ඇති අයිතිය පිළිගත්තේ ය. එම තීන්දුව ප්‍රකාශ කිරීම මගින්, මෙම යුරෝපීය මහාධිකරණය සෑම තැනක ම වාසය කරන්නා වූ ජනයාගේ ජීවිත කෙරෙහි ගැඹුරු බලපෑමක් ඇති කළ හැකි ආගමික නිදහස සඳහා පුළුල් ආරක්ෂාවක් ඇති කළේ ය.
මෙම කැපී පෙනෙන අධිකරණ නියෝගයට මඟ පාදමින්, එක් ග්‍රීක පුරවැසියෙක් විඳි අවමානාත්මක පීඩා ද ඇතුළු ව, එහි සිදු වූ දේවල් දෙස අපි සමීප බැල්මක් හෙලමු.
මුල් පසුබිම
මුල් ආගමෙන් හැරවීම අපරාධිත වරදක් කරවන්නා වූ ග්‍රීක නීතියට අනුව, 1938 දී දඬුවමට නියම කරන ලද යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන්ගෙන් පළමුවැන්නා බවට පත් වූයේ මෙම පුරවැසියා වන මිනොස් කොකින්නාකිස් ය. නඩු විභාගයකින් තොර ව, ඇමොර්ගොස් නමැති ඒජියන් මුහුදේ පිහිටි දූපතේ මාස 13ක සිර භාරයේ ජීවත් වන්නට ඔහු ව රටින් පිටමං කරනු ලැබී ය. වර්ෂ 1939 දී ඔහුට දෙවරක් දඬුවම් නියම කරන ලද අතර ඒ දෙවතාවේ ම මාස දෙකහමාරකට ඔහු ව සිරගත කරනු ලැබී ය.
වර්ෂ 1940 දී, කොකින්නාකිස් ව මයිලොස් දූපතට මාස හයක් පිටමං කරනු ලැබී ය. ඊළඟ වසරේ, IIවන ලෝක යුද්ධ සමය තුළ, ඔහු ව මාස 18කට වඩා ඇතන්ස් හි පිහිටි හමුදා සිරකඳවුරේ සිරගත කරනු ලැබී ය. එම කාලය ඔහු මෙසේ සිහිපත් කරයි:
“සිරගෙදර කෑම හිඟය අති උත්සන්න තත්ත්වයකට පත් වුණා. අප කොතරම් දුර්වල වූයේද යත් අපට ඇවිදින්නට පවා නොහැකි වුණා. තමන්ගේ අසරණ තත්ත්වය මධ්‍යයෙහි පවා අපට ආහාර සැපයූ ඇතන්ස් හා පිරේයස් නගරයේ සාක්ෂිකරුවන් සිටියේ නැත්නම්, අප මැරෙනවා නිසැකයි.” පසු ව, 1947 දී, ඔහු ව යළිත් සිරගත කරනු ලැබූ අතර තවත් මාස හතරහමාරක් සිර භාරයේ සිටියේ ය.
වර්ෂ 1949 දී, මිනොස් කොකින්නාකිස් ව මර්ක්රෝනීසොස් දූපතට පිටමං කරනු ලැබී ය. මෙම නාමය එහි තිබෙන සිරගෙදර නිසා ග්‍රීක ජාතිකයින්ගේ මනසට භීතියක් ගෙන එන්නේ ය. එවකට මර්ක්රෝනීසොස් හි සිරගත කර සිටි 14,000ක් පමණ වූ සංඛ්‍යාව අතර සාක්ෂිකරුවන් 40 දෙනෙක් පමණ සිටියහ. ග්‍රීක ශබ්දකෝෂයක් වන පැපිරොස් ලාරූස්සේ බ්‍රිටැනිකා මෙසේ නිරීක්ෂණය කරයි: “ශිෂ්ට ජාතියකට පිළිගත නොහැකි කෲර වධ දීමේ ක්‍රම . . . ජීවන තත්ත්වයන්, එමෙන් ම එහි සිටින්නන් කෙරෙහි මුරකරුවන්ගේ නින්දා සහගත හැසිරීම . . . ග්‍රීසියේ ඉතිහාසයට අවමානයකි.”
වසරක් මර්ක්රෝනීසොස් හි සිරගත ව සිටි කොකින්නාකිස් තත්ත්වයන් පැහැදිලි කළේ ය: “එම භටයන්, අධර්ම මර්දනාධිකරණයේ සාමාජිකයින් මෙන්, උදේ පටන් සවස් වන තුරු එහි සිටින එක් එක් තැනැත්තා ව ප්‍රශ්න කිරීමට ලක් කරනවා. ඔවුන් පැනවූ වධ හිංසාවන් විස්තර කිරීමට වචන පවා නැහැ. සිරකරුවන් බොහෝ දෙනෙකුට තමන්ගේ ප්‍රකෘති සිහිය නැති වුණා; අන්‍යයන් මරනු ලැබුවා; තවත් විශාල සංඛ්‍යාවක් කායික වශයෙන් අංගවිකල කරනු ලැබුවා. වධ කරනු ලැබූවන්ගේ මොරගැසීම් හා කෙඳිරීම් ඇසෙන භයානක වූ එම රාත්‍රීන් තුළ අපි කණ්ඩායමක් හැටියට යාච්ඤා කළා.”
මර්ක්රෝනීසොස් හි දුෂ්කරතා විඳීමෙන් පසු, 1950 ගණන්වල කොකින්නාකිස් ව හයවරක් අත්අඩංගුවට ගනු ලැබූ අතර මාස දහයක් ඔහු සිරගත ව සිටියේ ය. වර්ෂ 1960 ගණන්වල ඔහු ව තවත් හතරවරක් අත්අඩංගුවට ගනු ලැබූ අතර මාස අටකට සිරගත කරනු ලැබුවේ ය. සිය විශ්වාසය පිළිබඳ ව අන්‍යයන්ට කථා කිරීම නිසා පසුගිය අවුරුදු කිහිපය තුළ අත්අඩංගුවට ගෙන සිරගත කරනු ලැබූ යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් සිය ගණනක් අතරින් මිනොස් කොකින්නාකිස් එක් කෙනෙක් පමණක් බව මතක තබා ගන්න!
යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන්ට විරුද්ධ ව ග්‍රීසියේ තිබූ මහත් අයුක්තීන් අවසානයේ මානව අයිතිවාසිකම් පිළිබඳ යුරෝපීය අධිකරණය හමුවට පැමිණියේ කෙසේ ද?
පරීක්ෂක නඩු විභාගය
මෙම නඩු විභාගය පටන් ගත්තේ 1986 මාර්තු 2වන දින ය. අවුරුදු 77ක් වයස්ගත විශ්‍රාම ලත් ව්‍යාපාරිකයෙකු වූ මිනොස් කොකින්නාකිස් හා ඔහුගේ භාර්යාව එදින ක්‍රීට් හි සිටි අතර, නගරයේ දී ජෝජියා කිරියාකාකි මහත්මිය ව මුණගැසුනේ ඇයගේ නිවසේ දී ය. පළාතේ තිබූ ඕතොඩොක්ස් පල්ලියේ මූලිකයා ව සිටි කිරියාකාකිගේ ස්වාමිපුරුෂයා, ඒ බව පොලීසියට දැන්වී ය. එහි දී පොලීසිය පැමිණ කොකින්නාකිස් යුවළ අත්අඩංගුවට ගත් අතර පසු ව ඔවුන් ව පළාතේ පොලිස් ස්ථානයට ගෙනයනු ලැබී ය. එහි දී පොලීසිය තුළ එම රාත්‍රිය ගත කරන්නට ඔවුන්ට බල කරනු ලැබී ය.
ඔවුනට විරුද්ධ ව තිබූ චෝදනාව කුමක් ද? ගත වූ අවුරුදු 50 තුළ දහස් සංඛ්‍යාත වාර ගණනක් යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන්ට විරුද්ධ ව පනවන ලද එම චෝදනාව ම ය, එනම් ඔවුන් ජනයා ව තම ආගමට හරවා ගනිමින් සිටි බව ය. ග්‍රීක ව්‍යවස්ථාවේ (1975), 13වන වගන්තිය “අන්‍ය ආගමකට හරවා ගැනීම තහනම්” බව පවසයි. ග්‍රීක ව්‍යවස්ථාවේ, 4වන කාණ්ඩයේ, අන්‍ය ආගමකට හරවා ගැනීම අපරාධිත වරදක් කරවන්නා වූ අංක 1363⁄1938 හා අංක 1672⁄1939 ද සලකා බලන්න. එය මෙසේ පවසයි:
“ ‘අන්‍ය ආගමකට හරවා ගැනීම’ යන්නෙන් අදහස් වන්නේ, වෙනස් ආගමකට අයිති තැනැත්තෙකුගේ ආගමික විශ්වාසයන් කෙරෙහි යම් බලපෑමක් කිරීමට ඍජු ව හෝ අනියම් ලෙස වෑයමක් දැරීමකි. . . . මෙහිදී ඉලක්කය වන්නේ ඕනෑ ම ආකාරයක පෙලඹවීමකින් හෝ යම් පොලඹවන සුලු දෙයක් පොරොන්දු කිරීමෙන් හෝ අනුග්‍රහ දැක්වීමෙන් නැතිනම් ද්‍රව්‍යමය උපකාරයන්ගෙන්, නැතහොත් වැරදි සහගත ක්‍රමවලින් හෝ ඔහුගේ අත්දැකීම් නොමැතිකම, විශ්වාසය, අවශ්‍යතාව, පහත් බුද්ධිය එසේත් නැතිනම් අහිංසකකම ප්‍රයෝජනයට ගැනීමෙන් එම විශ්වාසයන් අනතුරට පත් කිරීම ය.”
ක්‍රීට් හි, ලාසිති ප්‍රදේශයේ පිහිටි අපරාධ අධිකරණය එම නඩුව 1986 මාර්තු 20වන දින විභාග කළ අතර කොකින්නාකිස් යුවළ වෙනත් ආගමකට හැරවීම පිළිබඳ වරදකරුවන් බව තීන්දු කළේ ය. දෙදෙනා ව ම මාස හතරක සිර දඬුවමකට නියම කරනු ලැබී ය. එම යුවළ වරදක් කළ බව තීන්දු කිරීමේ දී විත්තිකරුවන් “ඔවුනගේ අත්දැකීම් නොමැතිකම, ඔවුනගේ පහත් බුද්ධිය හා ඔවුනගේ අහිංසකකම ප්‍රයෝජනයට ගැනීමෙන් . . . ඕතොඩොක්ස් ක්‍රිස්තියානින්ගේ ආගමික විශ්වාසයන් කෙරෙහි” ආක්‍රමණයක් කර ඇති බව ප්‍රකාශ කළේ ය. “තමන්ගේ නුවණක්කාර, උපාය දක්ෂ පැහැදිලි කිරීම් මගින් . . . ඇගේ [කිරියාකාකි මහත්මියගේ] ඕතොඩොක්ස් ක්‍රිස්තියානි විශ්වාසයන් වෙනස් කිරීමට දිරිගැන්වීම” සඳහා ද වැඩිදුරටත් විත්තිකරුවන්ට චෝදනා කරනු ලැබී ය.”
එම තීන්දුව පිළිබඳ ව ක්‍රීට් හි අභියාචනාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කරනු ලැබී ය. වර්ෂ 1987 මාර්තු 17වන දින මෙම ක්‍රීට් අධිකරණය කොකින්නාකිස් මහත්මිය ව නිදහස් කළ ද, ඇයගේ පුරුෂයා වරදකරු බව පිළිගත්තේ ය, කෙසේ වෙතත් ඔහුගේ සිරදඬුවම මාස තුනක් දක්වා අඩු කළේ ය. එම තීන්දු ප්‍රකාශයේ දී, කොකින්නාකිස් මහතා “[කිරියාකාකි මහත්මියගේ] අත්දැකීම් අඩුකමෙන්, ඇයගේ පහත් බුද්ධියෙන් හා ඇයගේ අහිංසකකමින් ප්‍රයෝජන ගෙන” ඇති බවත් ප්‍රකාශ වුණි. ඔහු “ශුද්ධ ලියවිල්ලෙන් පරිච්ඡේද කියවන්නට පටන් ගත් අතර දේව ඉගැන්වීම්වල මූලික උපදෙස් හරිහැටි නොදැන සිටීම නිසා එම ක්‍රිස්තියානි කාන්තාව විසින් අභියෝග කරන්නට අසමත් ව සිටි ආකාරයකට ඔහු දක්ෂ ලෙස ඒවා විග්රහ කළ” බවත් එය පැවසී ය.
ඊට පටහැනි අදහසක් දැරූ එක්තරා අභියාචනාධිකරණ විනිශ්චකරුවෙක් “ජෝජියා කිරියාකාකි . . . පල්ලියේ මූලිකයෙකු සමඟ විවාහ වී සිටීම නිසාත්, විත්තිකරුට වාසිදායක . . . තත්ත්වයක සිට යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන්ගේ නිකායේ සාමාජිකාවක වීමට ඇය ව පෙලඹවිය හැකි ලෙසින්, ඇයට නිශ්චිත පහත් බුද්ධියකින් හෝ නිශ්චිත අහිංසකකමක් තිබූ බවට කිසිඳු සාක්ෂියක් නොපෙන්වන නිසාත්, ඇය ඕතොඩොක්ස් ක්‍රිස්තියානි දේව ඉගැන්වීම් පිළිබඳ ව නිශ්චිත ලෙස අඩු අත්දැකීම් ලැබ සිටි බවට කිසිඳු සාක්ෂියක් නොපෙන්වන බැවිනුත්” කොකින්නාකිස් මහතා ව “නිදහස් කළ යුතු” යයි ලිව්වේ ය.
කොකින්නාකිස් මහතා එම නඩුව පිළිබඳ ව ග්‍රීසියේ ශ්‍රේෂ්ඨාධිකරණය වන ග්‍රීක ඉහළ උසාවියට අභියාචනයක් ඉදිරිපත් කළේ ය. එහෙත් එම උසාවිය 1988 අප්‍රියෙල් 22වන දින එම අභියාචනය නිෂ්ප්රභා කළේ ය. එබැවින් 1988 අගෝස්තු 22වන දින කොකින්නාකිස් මහතා මානව හිමිකම් පිළිබඳ යුරෝපීය කොමිසමට ආයාචනයක් ඉදිරිපත් කළේ ය. ඔහුගේ පෙත්සම අවසානයේ දී, එනම් 1992 පෙබරවාරි 21වන දින පිළිගනු ලැබූ අතර මානව හිමිකම් පිළිබඳ යුරෝපීය අධිකරණයට ඇතුළත් කරනු ලැබී ය.
නඩුවේ මූලික කරුණ
ග්‍රීසිය යුරෝපා කවුන්සලයේ සාමාජික රටක් වන නිසා, එය මානව හිමිකම් පිළිබඳ යුරෝපීය සමුළුවේ වගන්තිවලට එකඟ ව ක්‍රියා කිරීමට බැඳී සිටී. එම සමුළුවේ 9වන වගන්තියේ මෙසේ සඳහන් වේ: “චින්තනයට, හෘදය සාක්ෂි හා ආගමික නිදහස අයිති කරගැනීමට සෑම කෙනෙකුට ම අයිතිය ඇත; තනි ව හෝ ප්‍රජාවේ වෙනත් අය සමඟ ආගම හෝ විශ්වාසය වෙනස් කිරීමට නිදහස ද, තමාගේ ආගම හෝ විශ්වාස, නමස්කාරයේ, ඉගැන්වීමේ, පිළිපැදීමේ හා අනුගමනය කිරීමේ නිදහස ප්‍රසිද්ධියේ හෝ පෞද්ගලික ව විදහා පෙන්වීමට ද මෙම හිමිකමට අයත් වේ.”
මෙසේ, ග්‍රීක රජය යුරෝපා අධිකරණයේ විත්තිකරුවා බවට පත් විය. ‘ඉගැන්වීමටත් ගෝලයින් සෑදීමටත්’ වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ආඥාවට එකඟ ව ආගම ක්‍රියාවට නගන්නට ග්‍රීක පුරවැසියෙකුගේ මූලික මානව අයිතිය විවෘත ව උල්ලංගනය කිරීම වෙනුවෙන් එය චෝදනා ලැබී ය. (මතෙව් 28:19, 20) වැඩිදුරටත් ප්‍රේරිත පේතෘස් ද මෙසේ පැවසී ය: “සෙනගට ප්‍රකාශකරන්ටත් සාක්ෂිදෙන්ටත් [යේසුස් වහන්සේ] අපට අණකළසේක.”—ක්‍රියා 10:42.
වර්ෂ 1992, “ග්‍රීසිය—උවමනාවෙන් ම මානව හිමිකම් උල්ලංගනය කරයි” යන පිට කවරයේ ශීර්ෂ පාඨය රැගත් යොරපියන් මැගසීන් ඔන් හියුමන් රයිට්ස් සඟරාවේ විශේෂ කලාපයක් නිකුත් විය. එහි 2වන පිටුවේ එම සඟරාව පැහැදිලි කළේ මෙසේ ය: “යුරෝපා හවුල තුළ තවත් කෙනෙකුට තමාගේ ආගම වෙනස් කිරීමට පොලඹවන කෙනෙකුට දඩ හෝ සිර දඬුවම් නියම කිරීමට නීතියෙන් අවසර ඇති එක ම රට ග්‍රීසියයි.”
එනිසා මේ වන විට නීතික ක්ෂේත්රය තුළ හා පිටත කලබලය වැඩි වන්නට විය. කෙනෙක් විශ්වාස කරන දේ පිළිබඳ ව තවත් කෙනෙකුට ඉගැන්වීම තහනම් කරන්නා වූ ග්‍රීක නීතිය පිළිබඳ ව කිනම් තීරණයක් ගනු ලබනවා ඇද්ද?
ස්ට්රාස්බර්ග් හි විභාග කිරීම
අවසානයේ නඩුව විභාග කරන දිනය—එනම් 1992 නොවැම්බර් 25වන දින—උදා විය. ස්ට්රාස්බර්ග් හි මහත් සෙනඟක් එක්රැස් වූ අතර කාලගුණය ඉතා සීතල ව තිබුණ ද, අධිකරණ ශාලාව තුළ නීතිවේදීන් සිය තර්ක උනන්දුවෙන් හා උණුසුම් භාවයෙන් ඉදිරිපත් කළහ. පැය දෙකක් පුරා සාක්ෂි ඉදිරිපත් කරනු ලැබී ය. කොකින්නාකිස් සඳහා පෙනී සිටි නීතිඥයා වන ආචාර්ය ෆේඩොන් වෙග්ලෙරීස්, මෙසේ අසමින් ගැටලුවේ මුලට පිවිසියේ ය; ‘ග්‍රීක ඕතොඩොක්ස් පල්ලියේ සාමාජිකයින් වෙනත් ආගමික විශ්වාසයන්ට හරවනු ලැබීමෙන් ආරක්ෂා කිරීමට සැලසුම් කරන ලද මෙම තහනම් නීතිය දිගට ම ක්‍රියාත්මක වීමට හා අදාළ වීමට ඉඩ දිය යුතු ද?’
ප්රත්යක්ෂ ලෙස ව්‍යාකූල ව සිටි මහාචාර්ය වෙග්ලෙරීස් මෙසේ ද ඇසී ය: “වෙනත් ආගමකට හැරවීම පිළිබඳ මෙම නීතිය ඕතොඩොක්ස් ධර්මය මෝඩකමට හා අඥානකමට සම කරන්නේ මන්දැයි මා කල්පනා කරනවා. ඕතොඩොක්ස් ධර්මය මෝඩකමෙන් හා ආත්මික අදක්ෂ බවින් ආරක්ෂාව අවශ්‍ය කරවන තත්ත්වයක තිබෙන්නේ මන්දැයි මම නිතර කල්පනා කරනවා . . . මෙය මා ව අවුල් සහගත හා කම්පිත තත්ත්වයකට පත්කරවන දෙයකි.” මෙම නීතිය යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන්ට හැරුණු කොට වෙනත් කෙනෙකුට අදාළ කරනු ලැබූ එක් අවස්ථාවක් හෝ රජයේ නියෝජිතයාට සැපයිය නොහැකි වීම කැපී පෙනෙන්නකි.
කොකින්නාකිස් වෙනුවෙන් පෙනී සිටි දෙවන නීතිඥයා වන පානායිඕටීස් බීට්සාහීස් වෙනත් ආගමකට හරවා ගැනීම පිළිබඳ නීතිය මොනතරම් අසාධාරණ දැයි පෙන්වී ය. “අන්‍යෝන්‍ය බලපෑමක් ඇති විය හැකි බව පිළිගැනීම වැඩිහිටි අය අතර සාකච්ඡාවක් සඳහා පූර්ව තත්ත්වයකි. එසේ නොවන්නට අපි, කල්පනා කරන එහෙත් අදහස් ප්‍රකාශ නොකරන, කථා කරන එහෙත් අදහස් හුවමාරු නොකරන, ජීවත් වන එහෙත් හවුලේ ජීවත් නොවන නිශ්ශබ්ද මෘගයින් සිටින පුදුමාකාර සමාජයකට අයිති වෙනවා ඇත.”
“කොකින්නාකිස් මහතා ව වරදට තීන්දු කර ඇත්තේ ‘ඔහු කළ යමක් උදෙසා නොව’ එහෙත් ‘ඔහු කවරෙක් ව සිටින්නේ ද ඒ’ [සඳහා]” යයි බීට්සාහීස් මහතා ද තර්ක කළේ ය. එබැවින්, ආගමික නිදහස පිළිබඳ ප්‍රතිපත්ති උල්ලංගනය කර තිබුණා පමණක් නොව සහමුලින් ම සුනු විසුනු කරනු ලැබ තිබෙන්නේ යයි ද බීට්සාහීස් මහතා පෙන්වා දුන්නේ ය.
ග්‍රීක රජයේ නියෝජිතයෝ ග්‍රීසිය “මානව හිමිකම් සඳහා පාරාදීසයක්” බව ප්‍රකාශ කරමින්, සැබෑ තත්ත්වයට වෙනස් චිත්‍රයක් ඉදිරිපත් කරන්නට වෑයම් කළහ.
තීරණය
දීර්ඝ කාලයක් පුරා බලා සිටි තීරණය ප්‍රකාශ කිරීමේ දිනය—එනම් 1993 මැයි 25වන දින—උදා විය. ග්‍රීක රජය 84 හැවිරිදි මිනොස් කොකින්නාකිස්ගේ ආගමික නිදහස උල්ලංගනය කර ඇති බව තුනට හයක වැඩි ඡන්ද ප්‍රමාණයකින් අධිකරණය තීන්දු කළේ ය. මීට අමතර ව, ප්‍රසිද්ධ සේවයේ ඔහු ගත කළ ජීවිතය නිදොස් බව ඔප්පු කළ අතර, එය ඔහුට ඩොලර් 14,400ක වන්දියක් ගෙවී ය. මෙලෙස කොකින්නාකිස් හා යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් සිය විශ්වාසයන් පිළිබඳ ව අන්‍යයන් සමඟ සාකච්ඡා කිරීමේ දී පීඩන උපක්‍රම පාවිච්චි කරන බවට ග්‍රීක රජයේ තර්කය අධිකරණය ප්‍රතික්ෂේප කළේ ය.
ග්‍රීක ව්‍යවස්ථාවත්, පෞරාණික ග්‍රීක නීතියත් වෙනත් ආගමකට හැරවීම තහනම් කළ ද, මෙම නීතිය යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන්ට පීඩා පැමිණ වීමට පාවිච්චි කිරීම වැරදි සහගත බව යුරෝපයේ ඉහළ උසාවිය තීන්දු කළේ ය. එය මානව අයිතිවාසිකම් පිළිබඳ යුරෝපා සමුළුවේ 9වන වගන්තියට එකඟ නොවේ.
එම අධිකරණ තීන්දුව මෙසේ පැහැදිලි කළේ ය: “ආගම ‘නිරතුරු අලුත්වැඩියා වන මානව චින්තනයන්හි’ කොටසක් ව තිබූ අතර එය ප්‍රසිද්ධ තර්කයෙන් ඉවත් කළ හැකි යයි සිතිය නොහැකි ය.”
විනිශ්චකරුවන් නව දෙනාගෙන් එක්කෙනෙකුගේ එකඟවන අදහසක් මෙසේ පැවසී ය: “ ‘ඇදහිල්ල ව්‍යාප්ත කිරීමට ඇති ජ්වලිතය’ ලෙස අර්ථ දක්වා ඇති ආගමට හරවා ගැනීමට කිසි ලෙසකින් දඬුවම් පැමිණවිය නොහැකි ය; එය වනාහි තමාගේ ආගම විදහා පෙන්වීමට—නීතික වශයෙන් පිළිගත හැකි වූ—ක්රමයකි.”
“වත්මන් සිද්ධිය සම්බන්ධයෙන් අයදුම්කරු [කොකින්නාකිස් මහතා] වරදකාර තත්ත්වයට පත් කරනු ලැබුවේ ඔහුගේ පාර්ශ්වයෙන් කිසිඳු නොහොබිනාකමක් නැති ව, එවන් ජ්වලිතයක් පෙන්වා තිබීම නිසා පමණකි.”
තීරණයේ ප්‍රතිඵල
මානව හිමිකම් පිළිබඳ යුරෝපීය අධිකරණයේ පැහැදිලි මඟ පෙන්වීම වනුයේ ග්‍රීක රජයේ නිලධාරීන් වෙනත් ආගමකට හැරවීම තහනම් කරන්නා වූ නීතිය වැරදි ලෙස පාවිච්චි කිරීම නැවැත්විය යුතු බව ය. ග්‍රීසිය, අධිකරණයේ මඟ පෙන්වීමට අනුව ක්‍රියා කර යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් කෙරෙහි එය පමුණුවන පීඩා නවත්වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.
යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන්ගේ අරමුණ සමාජ වෙනස්කම් හඳුන්වාදීම හෝ නීති පද්ධතියේ ප්‍රතිසංස්කරණයන් ඇති කිරීම නොවේ. ඔවුන් මූලික ව සැලකිල්ල දක්වන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ආඥාවට කීකරු වෙමින් දෙවියන් වහන්සේගේ රාජ්‍යයේ ශුභාරංචිය දේශනා කිරීම ය. කෙසේ නමුත් මෙය කිරීම පිණිස, පළමු ශතවර්ෂයේ ප්‍රේරිත පාවුල් කළාක් මෙන්, ඔවුන් ‘ශුභාරංචියට පක්ෂ ව කථා කර නීතික වශයෙන් එය පිහිටු වීමට’ ප්‍රසන්න වෙති.—පිලිප්පි 1:7.
යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවෝ තමන් ජීවත් වන කිනම් රටක වුව ද, නීතියට කීකරු වන පුරවැසියන් වන්නාහ. කෙසේ වෙතත්, ඒ සියල්ලට ම වඩා, ශුද්ධ බයිබලයේ වාර්තා කර ඇති ලෙසින් ඔවුන් දිව්‍ය නීතියට කීකරු වීමට බැඳී සිටියි. එබැවින්, යම් රටක නීතිය බයිබලය මත පදනම් විශ්වාසයන් අන්‍යන්ට කථා කිරීමෙන් ඔවුන් ව වළක්වන්නේ නම්, ඔවුන්ට “මනුෂ්‍යයන්ට වඩා දෙවියන්වහන්සේට අප විසින් කීකරු විය යුතුය” යන ප්රේරිතයින්ගේ ස්ථාවරය ගැනීම හැර අනෙකක් කළ නොහැකි ය.—ක්‍රියා 5:29.
[28වන පිටුවේ කොටුව]
පූජකයන් විසින් පොළඹවන ලද වැඩිමනත් පීඩා
ග්‍රීසියේ සිටින පූජකයෝ ‘නීතියෙන් කරදර පැමිණ වීමට’ දශක ගණනාවක් පුරා ම වෑයම් දරා ඇත. (ගීතාවලිය 94:20) ක්‍රීට් දූපතේ තවත් සිද්ධියක් මෑතක සමතයකට පත් කරනු ලැබී ය. වර්ෂ 1987 දී ප්‍රදේශයේ බිෂොප් වරයෙක් හා පූජකයින් 13 දෙනෙක් ආගමට හරවා ගැනීමට වෑයම් කිරීම පිළිබඳ ව සාක්ෂිකරුවන් නව දෙනෙකුට චෝදනා කළහ. අවසානයේ, එනම් 1992 ජනවාරි 24වන දින, එම නඩුව විභාගයට ගැනුණි.
උසාවි කාමරය ජනයාගෙන් පිරී තිබුණි. පැමිණිල්ලේ චෝදනාවට අනුග්‍රහ දැක්වීමට පූජකයින් 35 දෙනෙක් පමණ පැමිණ සිටියහ. කෙසේ වෙතත්, තමන්ගේ ක්‍රිස්තියානි සහෝදරයින් ව දිරිගැන්වීමට පැමිණ සිටි සාක්ෂිකරුවෝ ඒ වන විටත් වැඩි ආසන ප්‍රමාණයක වාඩි වී සිටියහ. විධිමත් ලෙස නඩුව විභාග කිරීම පටන් ගන්නටත් පෙර, චෝදිතයින් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයා පැමිණිලිකරු විසින් බරපතළ නීතික වැරදි කර ඇති බව පෙන්වී ය.
ප්‍රතිඵලයක් වශයෙන් ඉන් පසු ව පෞද්ගලික සාකච්ඡාවක් කිරීමට ඊට සම්බන්ධ අය ඉවත් ව ගියහ. පැය දෙකහමාරක උපදෙස් ලබා ගැනීමකින් පසු, අධිකරණයේ සභාපති විත්තිකරුවන්ගේ නීතිඥයා නිවැරදි බව නිවේදනය කළේ ය. එබැවින් සාක්ෂිකරුවන් නව දෙනාට විරුද්ධ චෝදනා අවළංගු කරනු ලැබී ය! විත්තිකරුවන් ආගමට හරවා ගැනීම වෙනුවෙන් වැරදිකරුවන්දැයි ප්‍රකාශ කිරීමට යළිත් පරීක්ෂණ පැවැත්විය යුතු බව ඔහු තීන්දු කළේ ය.
එම නිවේදනය නිකුත් කරනු ලැබූ මොහොතේ ම, උසාවියේ මහත් කලබලයක් ඇති විය. පූජකයෝ තර්ජනාත්මක හා අපහාසාත්මක වදන් කියා මොරගසන්නට වූහ. එක් පූජකයෙක් යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයාට කුරුසයකින් පහර දී එය නමස්කාර කිරීමට ඔහුට බල කරන්නට වෑයම් කළේ ය. මෙහිදී පොලිසියට මැදිහත් වන්නට සිදු වූ අතර අවසානයේ සන්සුන් ආකාරයකට සාක්ෂිකරුවන්ට ඉවත් ව යා හැකි විය.
එම නඩු විභාගය අවළංගු කිරීමෙන් පසු, පැමිණිල්ල මෙහෙයවන්නා සාක්ෂිකරුවන් නව දෙනාට විරුද්ධ ව අලුත් චෝදනාවක් සකස් කළේ ය. එම නඩුව විභාග කිරීම, කොකින්නාකිස් නඩුවේ තීන්දුව මානව හිමිකම් පිළිබඳ යුරෝපීය අධිකරණය නිකුත් කරන්නට හුදු සති තුනකට කලින්, එනම් 1993 අප්‍රියෙල් 30වන දිනට යොදා ගෙන තිබුණි. යළිත් වරක් පූජකයන් බොහෝ දෙනෙක් ප්‍රේක්ෂකයන් අතර සිටියහ.
විත්තිකරුවන් නව දෙනා වෙනුවෙන් පෙනී සිටි නීතිඥයෝ, සාක්ෂිකරුවන්ගේ චෝදිතයන් අධිකරණයේ නොසිටින බව පැමිණිලි කළහ. අලුත් චෝදනා පත්‍රයක් සකස් කරන්නට තිබූ සිය හදිසිය නිසා, පැමිණිල්ල මෙහෙයවන්නා පැමිණිලිකරුවන් වෙත කැඳවීමේ ලිපි නොයැවීමෙන් බරපතළ වැරැද්දක් කර තිබුණි. එනිසා මෙම බරපතළ වැරැද්ද මත පදනම් ව නඩුව විභාග කිරීම අවලංගු කරන ලෙස සාක්ෂිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයෝ අධිකරණයෙන් ඉල්ලා සිටියහ.
එහිදී විනිශ්චයකරුවෝ උසාවි කාමරයෙන් ඉවත් වී පැයක පමණ කාලයක් පුරා කරුණු සාකච්ඡා කළහ. ඔවුන් යළි පැමිණීමෙන් පසු, අධිකරණයේ සභාපති තමාගේ හිස බිමට පහත් කර ගත් ලීලාවෙන් සාක්ෂිකරුවන් නව දෙනා ම චෝදනාවලින් නිදොස් බව ප්‍රකාශ කළේ ය.
ග්‍රීසියේ සිටින සාක්ෂිකරුවෝ මෙම නඩුවේ ප්‍රතිඵල වෙනුවෙනුත්, මේ වසරේ මැයි 25වන දින කොකින්නාකිස්ගේ නඩුව වෙනුවෙන් මානව හිමිකම් පිළිබඳ යුරෝපීය අධිකරණයේ තීරණය වෙනුවෙනුත් කෘතඥපූර්වක වෙති. ඔවුන්ගේ යාච්ඤාව වනුයේ මෙම නීතික ජයග්‍රහණයන්හි ප්‍රතිඵලයක් වශයෙන්, ඔවුනට තමන්ගේ ක්‍රිස්තියානි ජීවිත ‘සියලු ආකාර දේව භක්තියෙන් හා සන්සුන්කමින් සමාදාන වූ නිශ්චල ජීවිතයක් ගත කරන්නට’ ලැබේවා යන්න ය.—1 තිමෝති 2:1, 2.
[31වන පිටුවේ පින්තූරය]
මිනොස් කොකින්නාකිස් ඔහුගේ භාර්යාව සමඟ