-
දෙවිගේ නාමයබයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු
-
-
මෝසෙස් දෙවිගේ නාමය ගැන දෙවිගෙන් ඇසූ අවස්ථාවේදී තම නාමයේ අර්ථය පැහැදිලි කර දෙමින් දෙවි මෙසේ පැවසුවා. “තමා කැමති දේ ඉටු කළ හැකි එකම තැනැත්තා මා බව මමම ඔප්පු කර පෙන්වමි.” (නික්මයාම 3:14) එම පදය රොදහම්ගේ පරිවර්තනයේ සඳහන් වන්නේ මෙසේයි. “මා කැමති ඕනෑම දෙයක් ඉටු කරන්නෙමි.” ඒ අනුව තමන් අරමුණු කරන ඕනෑම දෙයක් හෝ තමන් දෙන ඕනෑම පොරොන්දුවක් ඉටු කිරීමට යෙහෝවා දෙවිට හැකියි. ඒ විතරක් නොවෙයි ඔහුගේ අරමුණ ඉටු කරගැනීමට අවශ්‍ය අයුරින් ඔහුගේ නිර්මාණ වුණත් යොදාගන්න දෙවිට හැකියි යන අදහසත් දෙවිගේ නමේ අර්ථයට ඇතුළත් වෙනවා.
ඕනෑම දෙයක් කිරීමේ හැකියාව ඔබටත් තිබුණා කියා සිතන්න. එසේනම් ඔබ ඔබේ මිතුරන් වෙනුවෙන් කුමක් කරාවිද? ඔබේ මිතුරෙකු බරපතළ අසනීපයකින් පෙළෙනවා නම් ඔබ ඔහුව සුව කරන්නේ නැද්ද? තවත් මිතුරෙකු ආර්ථික ප්‍රශ්නවලට මුහුණ දෙමින් සිටිනවා නම් ඔබ ඔහුට උපකාර කරන්නේ නැද්ද? නමුත් අන් අය වෙනුවෙන් ඔබට කළ හැකි දේවලට සීමාවක් තිබෙනවා. ඔබට පමණක් නොව සෑම කෙනෙකු සම්බන්ධයෙන්ද එය සත්‍යයක්. නමුත් තමා අරමුණු කළ දේවල් ඉටු කිරීම සඳහා අවශ්‍ය ඕනෑම දෙයක් සිදු කිරීමට යෙහෝවා දෙවිට හැකි බව ඔබ බයිබලය අධ්‍යයනය කරන විට තේරුම්ගනීවි. එමෙන්ම ඔහුට ප්‍රේම කරන අයට ඔහුගේ බලය ලබා දී ඔවුන්ට උපකාර කිරීමට ඔහු කැමැත්තෙන් සිටින බවත් ඔබ තේරුම්ගනීවි. (2 ලේකම් 16:9) යෙහෝවා දෙවි සතු එම අද්වීතිය හැකියාව හා ඔහුගේ අනිකුත් ගුණාංග ගැන ඔහුගේ නාමය නොදන්නා අය දන්නේ නැහැ.
අපි සලකා බැලූ කාරණාවලින් පැහැදිලි වන්නේ යෙහෝවා යන දෙවිගේ නාමය අනිවාර්යයෙන්ම බයිබලයේ සඳහන් විය යුතු බවයි. දෙවිගේ නාමයේ අර්ථය දැනගෙන සිටීම හා එය නමස්කාරයේදී භාවිත කිරීම අපේ පියාණන් වන යෙහෝවා දෙවි සමඟ කිට්ටු මිත්‍රත්වයක් ඇති කරගැනීමට අපට උපකාරවත් වෙනවා.a
-
-
ගැලවුම්කරු ගැන දානියෙල් පැවසූ දේබයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු
-
-
උපග්‍රන්ථය
ගැලවුම්කරු ගැන දානියෙල් පැවසූ දේ
දානියෙල් ජීවත් වුණේ යේසුස් ඉපදෙන්න අවුරුදු 500කට වඩා වැඩි කාලයකට පෙරයි. ගැලවුම්කරු (එනම්, මෙසියස්) පැමිණෙන කාලය හඳුනාගැනීම සඳහා උපකාරවත් වන තොරතුරු යෙහෝවා දෙවි ඔහුට හෙළි කළා. ඒ ගැන දානියෙල් පැවසුවේ මෙසේයි. “යෙරුසලම යළි පිහිටුවා ගොඩනැඟීමට නියෝගයක් නිකුත් කරන අවස්ථාවේ සිට නායකයා වන මෙසියස්ගේ පැමිණීම දක්වා සති හතක්ද සති හැටදෙකක්ද ගත වන බව අවබෝධ කරගන්න.”—දානියෙල් 9:25.
ගැලවුම්කරු පැමිණෙන කාලය හඳුනාගැනීම සඳහා කාලය ගණනය කිරීම පටන්ගත යුත්තේ කොතැනින්ද කියා අප මුලින්ම දැනගැනීම අවශ්‍යයි. දානියෙල් පැවසූ දේට අනුව එය ආරම්භ කළ යුත්තේ, ‘යෙරුසලම යළි පිහිටුවා ගොඩනැඟීමට නියෝගයක් නිකුත් කරන අවස්ථාවේ සිටයි.’ ඒ නියෝගය නිකුත් කළේ කවදාද? බයිබල් ලේඛකයෙකු වූ නෙහෙමියා සඳහන් කළ ආකාරයට යෙරුසලම අවට පවුරු නැවත ගොඩනැඟීම සඳහා නියෝගය නිකුත් කළේ, ‘අර්තක්ෂස්තා රජුගේ පාලන සමයේ විසිවෙනි අවුරුද්දේදීයි.’ (නෙහෙමියා 2:1, 5-8) ඉතිහාසඥයන් පෙන්වා දෙන්නේ අර්තක්ෂස්තා රජු ඔහුගේ පාලනය ක්‍රිස්තු පූර්ව 474දී ආරම්භ කළ බවයි. ඒ නිසා ඔහුගේ පාලනයේ 20වෙනි අවුරුද්ද ක්‍රි.පූ. 455යි. ඒ අනුව ගැලවුම්කරු පැමිණෙන කාලය හඳුනාගැනීම සඳහා අප කාලය ගණනය කිරීම පටන්ගත යුත්තේ ක්‍රි.පූ. 455 සිටයි.
ඊළඟට අප සලකා බැලිය යුත්තේ, “නායකයා වන මෙසියස්ගේ පැමිණීම දක්වා” කොතරම් කාලයක් තිබෙනවාද කියායි. දානියෙල් පවසන්නේ, “සති හතක්ද සති හැටදෙකක්ද” එනම්, සති 69ක් ගත විය යුතු බවයි. ඒ සති 69 සාමාන්‍ය සති 69ක්ද නැත්නම් ඊට වඩා දීර්ඝ කාලයක් ඉන් නියෝජනය වෙනවාද? බයිබල් පරිවර්තන කිහිපයක සඳහන් වන්නේ ඒ සෑම සතියකින්ම දවස් හතක් නොව අවුරුදු හතක් නියෝජනය වන බවයි. ඒ අදහස පුරාණයේ සිටි යුදෙව්වන්ට නුහුරු දෙයක් නොවෙයි. මන්ද ඔවුන් සෑම දවස් හතකට වරක් සබත් දවස පැවැත්වූ ලෙසම සෑම අවුරුදු හතකට වරක්ම සබත් අවුරුද්දකුත් සැමරුවා. (නික්මයාම 23:10, 11) ඒ අනුව දානියෙල් පැවසූ සති 69 අවුරුදු 483කට සමාන වෙනවා.
ඒ කාරණා සියල්ල සැලකිල්ලට ගෙන ක්‍රි.පූ. 455 සිට අවුරුදු 483ක් ගණන් කරන විට අප පැමිණෙන්නේ ක්‍රිස්තු වර්ෂ 29ටයි. යේසුස්ගේ බව්තීස්මයත් සමඟ දෙවි ඔහුව ගැලවුම්කරු ලෙස පත් කළේ හරියටම ඒ අවුරුද්දේදීයි.a (ලූක් 3:1, 2, 21, 22) එය මොන තරම් සුවිශේෂී ඉටු වීමක්ද!
a ක්‍රිස්තු පූර්ව 455 සිට ක්‍රි.පූ. 1 දක්වා අවුරුදු 454ක් තිබෙනවා. ක්‍රිස්තු පූර්ව 1 සිට ක්‍රි.ව. 1 දක්වා එක අවුරුද්දක් තිබෙනවා (ශුන්‍ය අවුරුද්දක් නැහැ). ක්‍රිස්තු වර්ෂ 1 සිට ක්‍රි.ව. 29 දක්වා අවුරුදු 28ක් තිබෙනවා. එම අවුරුදු එනම් අවුරුදු 454, අවුරුදු 1 හා අවුරුදු 28 එකතු කළ විට අවුරුදු 483යි. ගැලවුම්කරුව ‘මරා දමනු ලැබුවේ’ ක්‍රි.ව. 33දීයි. එනම් දානියෙල් පැවසූ 70වෙනි සතිය අතරතුරේදීයි. (දානියෙල් 9:24, 26) වැඩි විස්තර දැනගැනීම සඳහා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විසින් පළ කරන ලද ‘දානියෙල්ගේ අනාවැකියට අවධානය දෙන්න’ නමැති පොතේ 11වෙනි පරිච්ඡේදය හා Insight on the Scriptures යන පොතේ 2වෙනි වෙළුමේ 899 සිට 901 දක්වා පිටු බලන්න.
-
-
පොරොන්දු වූ ගැලවුම්කරු වන යේසුස් ක්රිස්තුස්බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු
-
-
උපග්‍රන්ථය
පොරොන්දු වූ ගැලවුම්කරු වන යේසුස් ක්‍රිස්තුස්
පොරොන්දු වූ ගැලවුම්කරුව හඳුනාගැනීමට අපට උපකාර කිරීම සඳහා යෙහෝවා දෙවි තම විශ්වාසවන්ත සේවකයන් මාර්ගයෙන් ගැලවුම්කරු පිළිබඳ තොරතුරු ලබා දුන්නා. ඔවුන් ඒ තොරතුරු බයිබලයේ සඳහන් කළා. ඒ තොරතුරුවලට ඔහුගේ උපත, ඔහු කරන සේවය හා ඔහුගේ මරණය යනාදිය ඇතුළත් වෙනවා. ඒ තොරතුරු සියල්ලේම ඉටු වීම අදාළ වන්නේ යේසුස් ක්‍රිස්තුස්ට පමණයි. එය සනාථ කරගැනීමට ගැලවුම්කරුගේ උපත සහ ඔහුගේ ළමා කාලය හා සම්බන්ධ සිද්ධීන් ගැන සඳහන් කළ දේවල් කිහිපයක් සලකා බලමු.
ගැලවුම්කරු දාවිත් රජුගේ පෙළපතින් පැමිණෙන බව යෙසායා පැවසුවා. (යෙසායා 9:7) ඔහු සඳහන් කළ ලෙස යේසුස් ඉපදුණේ දාවිත්ගේ පෙළපතිනුයි.—මතෙව් 1:1, 6-17.
ගැලවුම්කරු ඉපදෙන්නේ, “බෙත්ලෙහෙම් එෆ්‍රාතා” නම් ප්‍රදේශයේ බවත් පසු කාලයකදී ඔහු පාලකයෙකු වන බවත් මීකා පැවසුවා. (මීකා 5:2) යේසුස් ඉපදුණු කාලයේදී ඊශ්‍රායෙල් දේශයේ බෙත්ලෙහෙම ලෙස හැඳින්වූ නගර දෙකක් තිබුණා. එක් නගරයක් පිහිටා තිබුණේ ඒ දේශයේ උතුරු දෙසින් තිබූ නාසරෙත් නුවර අසලයි. අනික් නගරය පිහිටා තිබුණේ යූදාහි යෙරුසලම අසලයි. යෙරුසලම අසල පිහිටි බෙත්ලෙහෙම කලින් හැඳින්වූයේ එෆ්‍රාතා ලෙසයි. මීකා සඳහන් කළ ලෙසම යේසුස් ඉපදුණේ ඒ නගරයේයි.—මතෙව් 2:1.
දෙවිගේ පුත්‍රයාව, ‘ඊජිප්තුවෙන් කැඳවාගන්නා’ බව බයිබලයේ සඳහන් කර තිබුණා. කුඩා කාලයේදී යේසුස්ව ඊජිප්තුවට රැගෙන ගියා. හෙරොද්ගේ මරණයෙන් පසු ඔහුව ආපසු ඊජිප්තුවෙන් ගෙන ආවා. කලින් සඳහන් කර තිබූ ලෙස ඒ දේත් ඉටු වුණා.—හොෂෙයා 11:1; මතෙව් 2:15.
මේ පොතේ “ගැලවුම්කරු ගැන පැවසූ තොරතුරු” නමැති වගුවේ “පවසා තිබූ දේ” කියා සඳහන් කොටසේ තිබෙන බයිබල් පදවලින් ගැලවුම්කරු පිළිබඳව පැවසූ තවත් තොරතුරු සොයාගත හැකියි. “ඉටු වීම” කියා සඳහන් කොටස යටතේ තිබෙන බයිබල් පද සමඟ ඒවා සන්සන්දනය කර බලන්න. එසේ කිරීමෙන් බයිබලයේ සඳහන් සෑම තොරතුරක්ම සත්‍යය බවට වූ ඔබේ විශ්වාසය තවත් ශක්තිමත් වනවාට සැකයක් නැහැ.
ඒ සෑම තොරතුරක්ම ලියනු ලැබුවේ යේසුස් ඉපදෙන්න අවුරුදු සිය ගණනකට කලින් බව මතක තබාගන්න. යේසුස්ම ඒ ගැන මෙසේ පැවසුවා. ‘මෝසෙස්ට දෙන ලද නීතියෙත් අනාගතවක්තෘවරුන්ගේ ලියවිලිවලත් ගීතාවලියෙත් මා ගැන ලියා තිබෙන සියල්ල ඉටු විය යුතුයි.’ (ලූක් 24:44) ඔබ මේ තොරතුරු සෝදිසි කර බලන විට සෑම දෙයක්ම පවසා තිබූ ලෙසම ඉටු වූ බව ඔබට පැහැදිලි වෙයි.
-