ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w12 8/1 16-17 පි.
  • යේසුස් රජ වුණේ කවදාද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • යේසුස් රජ වුණේ කවදාද?
  • 2012 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • සුවිශේෂී වසරක් වන 1914
    බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු
  • දේවරාජ්‍යය සෑම අතින්ම උසස්
    2006 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • බයිබල් කාල වකවානුවලට අනුව 1914 විශේෂ අවුරුද්දක්ද?
    බයිබලයෙන් උත්තර
  • දේවරාජ්‍යය පාලනය කරයි
    සදාකාල ජීවනයට මඟ පෙන්වන දැනුම
තව තොරතුරු
2012 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w12 8/1 16-17 පි.

බයිබලයෙන් පිළිතුරු සොයමු

යේසුස් රජ වුණේ කවදාද?

මෙම ලිපිය සකස් කර තිබෙන්නේ ප්‍රශ්නෝත්තර ක්‍රමයටයි. ප්‍රශ්නවලට පිළිතුරු සොයාගැනීමට උපකාරවත් වන බයිබල් පදද මෙහි සඳහන් කර තිබෙනවා. මෙම ලිපියේ සඳහන් තොරතුරු ගැන ඔබ සමඟ තවදුරටත් සාකච්ඡා කිරීමට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් කැමැත්තෙන් සිටිනවා.

1. යේසුස් රජකම් කරන්නේ කාගේ රාජ්‍යයේද?

දාවිත් රජගෙන් පැවතෙන කෙනෙක් ඔහුගේ සිංහාසනයේ ඉඳලා හැමදාටම රජකම් කරනවා කියලා දෙවි කලින්ම කිව්වා. ඔහු තමයි යේසුස්. දැනටමත් ඔහු ස්වර්ගයේ පිහිටුවලා තියෙන දෙවිගේ රාජ්‍යයේ රජකම් කරනවා.—ගීතාවලිය 89:4; ලූක් 1:32, 33 කියවන්න.

යෙහෝවා දෙවි ඊශ්‍රායෙලයේ රජ විදිහට දාවිත්ව පත් කළා. එයාගෙන් පස්සේ රජ විදිහට යෙහෝවා දෙවි තේරුවේ සලමොන්ව. (1 ලේකම් 28:4, 5; 29:23) සලමොන්ට පස්සේ යෙරුසලමේ රජවරුන් කිහිපදෙනෙක්ම හිටියා. ඒ අතරින් හුඟදෙනෙක් යෙහෝවා දෙවිට අකීකරු වුණා. ඒ නිසා යෙරුසලම යටත් කරගන්න යෙහෝවා දෙවි බැබිලෝනිවරුන්ට ඉඩහැරියා. ඒක සිද්ධ වුණේ ක්‍රිස්තු පූර්ව 607දියි. එදා ඉඳලා දාවිත්ගේ පෙළපතින් ආපු කිසිම කෙනෙක් යෙරුසලම පාලනය කළේ නැහැ.—එසකියෙල් 21:27 කියවන්න.

2. නැවත දාවිත්ගේ පෙළපතින් රජෙක් බිහි වීමට කොතරම් කාලයක් ගත වුණාද?

නැවත රජ කෙනෙකුව පත් කරනවා කියලත් ඔහු පාලනය කරන්නේ ස්වර්ගයේ ඉඳලා කියලත් යෙරුසලම විනාශ වීමෙන් ටික කාලෙකට පස්සේ යෙහෝවා දෙවි අනාගතවක්තෘ දානියෙල් මාර්ගයෙන් දැනුම් දුන්නා. ඒ රාජ්‍යය පිහිටෙව්වේ කවදාද?—දානියෙල් 7:13, 14. කියවන්න.

විශාල ගසක් කපලා දානවා පුරාණයේ හිටිය රජ කෙනෙක් දර්ශනයකින් දැක්කා. ඒකේ තේරුම යෙහෝවා දෙවි දානියෙල් මාර්ගයෙන් පහදලා දුන්නා. ඒකෙන් අදහස් කළේ යෙරුසලමේ විනාශය. ‘කාලවල් සතකට’ පස්සේ ගහේ කඳ ආයෙත් වැවෙන්න නියමිතව තිබුණා. කාලවල් හතක් කියන්නේ කොච්චර කාලෙකටද? කාලවල් තුනහමාරක් දවස් 1,260කට සමානයි කියලා බයිබලයේ තියෙනවා. ඒ අනුව “කාලවල් සත” දවස් 2,520කට සමානයි. (එළිදරව් 12:6, 14) බයිබලයේ අනාවැකි ගැන සඳහන් වෙද්දී බොහෝවිට එක දවසකින් අවුරුද්දක් නියෝජනය වෙනවා. (ගණන් කතාව 14:34) ඒ අනුව දාවිත්ගේ පෙළපතින් රජෙක් පත් වෙන්න යෙරුසලම විනාශ වුණ දවසේ ඉඳලා අවුරුදු 2,520ක් ගත වෙනවා.—දානියෙල් 4:10-17 කියවන්න.

3. යේසුස් රජ වුණේ කවදාද?

යෙරුසලම විනාශ වෙලා හරියටම අවුරුදු 2,520කට පස්සේ එනම්, 1914දී යෙහෝවා දෙවි, යේසුස්ව රජ ලෙස පත් කළා. ඔහු ස්වර්ගයේ රජ වූ ගමන් සාතන්වත් භූතයන්වත් ස්වර්ගයෙන් පැන්නුවා. (එළිදරව් 12:7-10, 12) ඒ සිද්ධිය පොළොවේ හිටිය කිසිම මනුෂ්‍යයෙක් දැක්කේ නැහැ. හැබැයි ඒ සිද්ධියේ ප්‍රතිඵල 1914 ඉඳලා හැමෝටම පැහැදිලිව දැකගන්න ලැබුණා.—මතෙව් 24:14; ලූක් 21:10, 11, 31 කියවන්න.

4. යේසුස් රජ වීම ඔබට බලපාන්නේ කොහොමද?

යේසුස් රජ වෙන බවට කියලා තිබුණ හැම අනාවැකියක්ම ඒ විදිහටම ඉටු වුණා. ඒ නිසා බයිබලයේ සඳහන් වෙලා තියෙන පොරොන්දු අනිවාර්යෙන්ම ඉටු වෙනවා කියලා අපිට විශ්වාස කරන්න පුළුවන්. ස්වර්ගයේ රජ වන යේසුස් ළඟදීම සියලුදෙනාවම දුක් වේදනාවලින් බේරගන්නවා.—ගීතාවලිය 72:8, 12, 13; දානියෙල් 2:44 කියවන්න.

වැඩි විස්තර සඳහා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක් වන බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු නමැති පොතේ 215 සිට 218 දක්වා පිටු බලන්න.

[16, 17වන පිටුවල වගුව]

(මුද්‍රිත පිටපත බලන්න)

ඔක්තෝබර්

ක්‍රි.පූ. 607 ← අවුරුදු 2,520 → ක්‍රි.ව. 1914

ක්‍රි.පූ. 1000 | ක්‍රි.පූ. 1 | ක්‍රි.ව. 1 | ක්‍රි.ව. 1000 | ක්‍රි.ව. 2000

← අවුරුදු 606යි, මාස 3යි →← අවුරුදු 1,913යි, මාස 9යි →

යෙරුසලම විනාශ වීම

ගණනය කරන්න: අවුරුදු 606යි, මාස 3යි + අවුරුදු 1,913යි, මාස 9යි = අවුරදු 2,520

යෙහෝවා දෙවි යේසුස්ව රජ ලෙස පත් කළා

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න