- 
	                        
            
            ඔබ විනිශ්චාසනය ඉදිරියේ සිටිනු ඇත්තේ කෙසේද?1995 මුරටැඹ | ඔක්තෝබර් 15
- 
                            - 
                                        15, 16. (අ) පොදු යුගය 33දී යේසුස්වහන්සේ රජ බවට පත් නොවූ බව අප කියන්නේ මන්ද? (ආ) යේසුස්වහන්සේ, දෙවියන්වහන්සේගේ රාජ්‍යය පාලනය කිරීමට පටන්ගත්තේ කවදාද? 15 කෙසේවෙතත්, ඒ කාලයේදී, යේසුස්වහන්සේ ජාතීන් කෙරෙහි රජ සහ විනිශ්චයකරුවාණන් ලෙස ක්‍රියා කළේ නැත. දෙවියන්වහන්සේට යාබදව අසුන්ගත කරනු ලැබූ උන්වහන්සේ, දෙවියන්වහන්සේගේ රාජ්‍යයේ රජ ලෙස ක්‍රියා කිරීමට නියමිත කාලය එන තෙක් බලා සිටිසේක. පාවුල් උන්වහන්සේ ගැන මෙසේ ලීවේය: “මා විසින් නුඹේ සතුරන් නුඹේ පාපුටුව කරන තෙක් මාගේ දකුණු පැත්තේ හිඳගනින්නැයි දේවදූතයන්ගෙන් කවරෙකුට කොයි කලක උන්වහන්සේ කීසේක්ද?”—හෙබ්‍රෙව් 1:13. 16 යේසුස්වහන්සේ විසින් බලා සිටි කාලපරිච්ඡේදය 1914දී අවසන් වූ බවට සාක්ෂි සාධක බොහොමයක් යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් ප්‍රකාශයට පත් කොට ඇති අතර, එවිට උන්වහන්සේ අදෘශ්‍යමාන ස්වර්ගයේ දෙවියන්වහන්සේගේ රාජ්‍ය පාලකයා බවට පත්විය. එළිදරව් 11:15, 18 මෙසේ කියයි: “ලෝකයේ අධිපතිකම අපගේ ස්වාමීන්වහන්සේටද තමන් ක්‍රිස්තුස්වහන්සේටද වූයේය. උන්වහන්සේ සදාකාලේටම රජකම්කරනසේක.” “ජාතීහු උදහස්වූවෝය, ඔබගේ උදහසද . . . පැමුණුණේය.” එසේය, ජාතීහු පළමු ලෝක මහා යුද්ධය අතරතුරේදී එකිනෙකාට විරුද්ධව උදහස ප්‍රකාශ කළෝය. (ලූක් 21:24) අප 1914 පටන් දැක තිබෙන යුද්ධ, භූමිකම්පා, වසංගත, ආහාර හිඟකම් සහ එවැනි දේවලින් සනාථ කරන්නේ, යේසුස්වහන්සේ දැන් දෙවියන්වහන්සේගේ රාජ්‍යය පාලනය කරමින් සිටින බවත්, ලෝකයේ අවසාන අන්තිමය ළඟ බවත්ය.—මතෙව් 24:3-14. 17. අප මේ වන විට කිනම් මූලික කරුණු ස්ථාපිත කර තිබේද? 17 සමාලෝචනයක් වශයෙන් ගත් කල: දෙවියන්වහන්සේ රජ වශයෙන් සිංහාසනයේ වාඩිවී සිටිනවායයි කිව හැක, නමුත් තවත් අර්ථයකින්, විනිශ්චය කිරීමටද උන්වහන්සේට ස්වකීය සිංහාසනයේ වාඩිවිය හැක. පොදු යුගය 33දී, යේසුස්වහන්සේ දෙවියන්වහන්සේගේ දකුණු පැත්තෙහි වාඩිවූසේක, තවද උන්වහන්සේ දැන් රාජ්‍යයේ රජු වශයෙන් පාලනය කරමින් සිටිනසේක. එහෙත්, රජු වශයෙන් පාලනය කරමින් සිටින යේසුස්වහන්සේත් විනිශ්චයකරුවා හැටියට ක්‍රියා කරනසේක්ද? තවද විශේෂයෙන්ම මේ කාලයේදී මේ ගැන අපගේ උනන්දුව යොමුවිය යුත්තේ මන්ද? 18. යේසුස්වහන්සේ විනිශ්චයකරුවාණන් වශයෙන්ද සිටිනු ඇති බවට තිබෙන සාක්ෂි මොනවාද? 18 විනිශ්චයකරුවන් පත් කිරීමට අයිතිය සතු යෙහෝවඃවහන්සේ, ස්වකීය ප්‍රමිති සපුරාලන විනිශ්චයකරුවා ලෙස තෝරාගත්තේ යේසුස්වහන්සේවය. ආත්මිකව ප්‍රාණවත් වෙමින් සිටි ජනයා ගැන කතා කරන විට, යේසුස්වහන්සේ මේ බව පෙන්වූසේක: “පියාණන්වහන්සේ කවරෙකුවත් විනිශ්චය නොකොට සියලු විනිශ්චයම පුත්‍රයාටදී තිබේ.” (යොහන් 5:23) එහෙත්, යේසුස්වහන්සේගේ විනිශ්චමය කාර්යභාරය, විනිශ්චය කරන රජෙකුටත් වඩා ඔබ්බට යයි, මන්ද උන්වහන්සේ වනාහි ජීවතුන්ගෙත් මළවුන්ගෙත් විනිශ්චයකාරයාණෝය. (ක්‍රියා 10:42; 2 තිමෝති 4:1) පාවුල් වරක් මෙසේ ප්‍රකාශ කළේය: “[දෙවියන්වහන්සේ] විසින් පත්කළ මනුෂ්‍යයා [යේසුස්වහන්සේ] ලවා ලෝකයා ධර්මිෂ්ඨකමින් විනිශ්චයකරවන්ට එක් දවසක් නියමකර තිබේ; උන්වහන්සේ ඒ මනුෂ්‍යයා මළවුන්ගෙන් නැගිටවීමෙන් සියල්ලන්ට ඒ ගැන සහතිකයක් දී තිබේ.”—ක්‍රියා 17:31; ගීතාවලිය 72:2-7. 19. යේසුස්වහන්සේ විනිශ්චයකරුවාණන් ලෙස වාඩිවීම පිළිබඳව කතා කිරීම නිවැරදි වන්නේ මන්ද? 19 විනිශ්චයකරුවන්ගේ සුවිශේෂිත කාර්යභාරයක් තුළ, යේසුස්වහන්සේ මහිමාන්විත සිංහාසනයක වාඩිවී සිටිනවායයි අප නිගමනය කළොත්, එය නිවැරදිද? එසේය. යේසුස්වහන්සේ ප්‍රේරිතයන්ට මෙසේ පැවසූසේක: “අලුත් උත්පාදයේදී මනුෂ්‍ය පුත්‍රයා තමන්ගේ තේජසේ සිංහාසනය පිට වැඩහිඳින කල, මා අනුව ආවාවූ නුඹලාත් ඉශ්‍රායෙල්ගේ ගෝත්‍රයන් දොළොස විනිශ්චයකරමින් සිංහාසන දොළොසක් පිට හිඳින්නහුය.” (මතෙව් 19:28) දැන් යේසුස්වහන්සේ රාජ්‍යයේ රජව සිටියත්, මතෙව් 19:28හි සඳහන් උන්වහන්සේගේ වැඩිමනත් ක්‍රියාකාරකම්වලට, දහස් අවුරුදු පාලනය අතරතුර විනිශ්චය කිරීමට සිංහාසනයක වාඩිවීමද ඇතුළත් වෙනවා ඇත. එම කාලයේදී උන්වහන්සේ, ධර්මිෂ්ඨ සහ අධර්මිෂ්ඨ මුළු මිනිස්වර්ගයාවම විනිශ්චය කරනවා ඇත. (ක්‍රියා 24:15) අපගේ කාලයට සහ අපගේ ජීවිතවලට සම්බන්ධ වන යේසුස්වහන්සේගේ උපමාවකට අප අවධානය යොමු කරත්ම, එය අපගේ මනසේ තබාගැනීම උපකාරවත් වනු ඇත. උපමාවෙන් කියවෙන්නේ කුමක්ද? 20, 21. අපගේ කාලය සම්බන්ධයෙන් යේසුස්වහන්සේගේ ප්‍රේරිතයන් ඇසුවේ කුමක්ද, තවද මෙය කිනම් ප්‍රශ්නවලට තුඩු දෙයිද? 20 යේසුස්වහන්සේ මියයෑමට ටික වේලාවකට පෙර, උන්වහන්සේගේ ප්‍රේරිතයෝ උන්වහන්සේගෙන් මෙසේ ඇසුවෝය: “මෙම දේවල් සිදුවනු ඇත්තේ කවදාද? ඔබගේ පැමිණ සිටීමටත් දේවල පිළිවෙළේ සමාප්තියටත් ලකුණ කුමක් වනු ඇද්ද?” (මතෙව් 24:3, NW) ‘අන්තිමය පැමිණීමට පෙර’ පොළොව මත සිදුවෙන්ට යන සුවිශේෂි සිදුවීම් යේසුස්වහන්සේ පුරෝකථනය කළසේක. එම අවසානයට ටික කලකට පෙර, ජාතීහු “මනුෂ්‍ය පුත්‍රයා බලයෙන්ද මහත් තේජසින්ද අහසේ වලාකුල් පිට එනවා දකින්නෝය.”—මතෙව් 24:14, 29, 30. 21 එහෙත්, මනුෂ්‍ය පුත්‍රයා තමන්ගේ තේජසින් එන කල, එම ජාතීන්ට අයත් ජනයාට සිදුවෙන්නේ කුමක්ද? බැටළුවන් සහ එළුවන් පිළිබඳ උපමාවෙන් අපි මෙය සොයාගනිමු, එය ආරම්භ වන්නේ මෙම වචනවලිනි: “මනුෂ්‍ය පුත්‍රයා සියලු දේවදූතයන් සමඟ තමන්ගේ තේජසින් එන කල, ස්වකීය තේජසේ සිංහාසනයෙහි වැඩ හිඳිනසේක. එවිට සියලු ජාතීහු උන්වහන්සේ ඉදිරියට රැස්කරනු ලබන්නෝය.”—මතෙව් 25:31, 32. 22, 23. බැටළුවන් සහ එළුවන් පිළිබඳ උපමාවේ ඉෂ්ටවීම 1914දී ආරම්භ නොවූ බවට අඟවන්නේ කිනම් කරුණුද? 22 අප බොහෝ කලක් මුළුල්ලේ තේරුම්ගත් පරිදි, මෙම උපමාව අදාළ වන්නේ, යේසුස්වහන්සේ රාජ්‍ය බලයෙන් යුක්තව 1914දී වාඩිවූ අවස්ථාවටද? හොඳයි, මතෙව් 25:34, උන්වහන්සේ රජකෙනෙකු වශයෙන් ඇත්තටම කතා කරයි, එබැවින්, මෙම උපමාව තර්කානුකූලව අදාළ වන්නේ 1914 පටන් යේසුස්වහන්සේ රජ බවට පත්වූ කාලයටය. එහෙත්, ඒ සමඟම උන්වහන්සේ කළ විනිශ්චය කුමක්ද? එය “සියලු ජාතීන්ව” විනිශ්චය කිරීමක් නොවීය. ඒ වෙනුවට, “දෙවියන්වහන්සේගේ ගෘහ[ය]” සාදන බවට කියා සිටි අය වෙත උන්වහන්සේ සිය අවධානය යොමු කළසේක. (1 පේතෘස් 4:17) මලාකී 3:1-3ට අනුකූලව, යෙහෝවඃවහන්සේගේ පණිවුඩකරුවාණන් වශයෙන්, යේසුස්වහන්සේ පොළොව මත ඉතිරි වී සිටින අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ව විනිශ්චමය ආකාරයෙන් පරීක්ෂා කළසේක. එය වූ කලි, “දෙවියන්වහන්සේගේ ගෘහ[ය]” යයි බොරුවට කියා සිටි ක්‍රිස්තියානි ලෝකය මතට විනිශ්චමය දඬුවම ගෙන ඒම සඳහාද කාලය විය.c (එළිදරව් 17:1, 2; 18:4-8) එහෙත් ඒ කාලයේ, එසේ නැතහොත් එවක් පටන්, යේසුස්වහන්සේ සියලු ජාතීන් බැටළුවන් හෝ එළුවන් ලෙස විනිශ්චය කිරීමට වාඩිවූ බව අඟවන කිසිවක් නැත. 23 උපමාව තුළ යේසුස්වහන්සේගේ ක්‍රියාකාරකම ගැන අප සෝදිසි කර බලන්නේ නම්, උන්වහන්සේ අවසානයේදී සියලු ජාතීන් විනිශ්චය කරනවා අපි දකින්නෙමු. මෙම පසුගිය දශක කිහිපය අතරතුරේදී, මියගිය සෑම පුද්ගලයෙකුම, සදාකාල මරණයට හෝ සදාකාල ජීවනයට වටින බවට විනිශ්චය කරනු ලැබුවාක් මෙන්, එවන් විනිශ්චයක් අවුරුදු බොහොමයක කාලපරිච්ඡේදයක් පුරා නොකඩවා විහිදෙන බවක් මෙම උපමාවෙන් පෙන්වන්නේ නැත. මෙම මෑත දශකවල ජීවත්වූ බහුතරයක් මිනිස්වර්ගයාගේ පොදු මිනීවලට ගොස් ඇති බවට පෙනෙන්ට තිබේ. (එළිදරව් 6:8; 20:13) එහෙත්, මෙම උපමාවෙන් විස්තර කරන්නේ, එවකට ජීවත්වන “සියලු ජාතීන්[ට]” අයත් ජනයා යේසුස්වහන්සේ විසින් විනිශ්චය කරනු ලබන සහ උන්වහන්සේගේ විනිශ්චමය තීන්දුව ක්‍රියාත්මක කිරීමට මුහුණ දෙන කාලයයි. 24. බැටළුවන් සහ එළුවන් පිළිබඳ උපමාව ඉෂ්ට වනු ඇත්තේ කවදාද? 24 වෙනත් වචනවලින් කියතොත්, මෙම උපමාවෙන් යොමු දක්වන්නේ, මනුෂ්‍ය පුත්‍රයා තම තේජසින් යුක්තව එන්ට යන අනාගතයටය. එවකට ජීවත්වන ජනයාව විනිශ්චය කිරීමට උන්වහන්සේ වාඩිවනු ඇත. තමන් කුමන ආකාරයේ අයද කියා ඔවුන් විසින්ම නිරූපණය කර ඇති දෙය මත, උන්වහන්සේගේ විනිශ්චය පදනම් වනු ඇත. එම කාලයේදී, “ධර්මිෂ්ඨයා සහ දුෂ්ටයා අතරේ . . . ඇති වෙනස” පැහැදිලිව ස්ථාපිත කර තිබෙනවා ඇත. (මලාකී 3:18) විනිශ්චය නියම ලෙස ප්‍රකාශ කිරීම සහ ඉෂ්ට කිරීම සීමිත කාලයක් තුළ කරනු ලබනවා ඇත. පුද්ගලයන් සම්බන්ධයෙන් පැහැදිලි වී ඇති දෙය මත පදනම්ව, යේසුස්වහන්සේ යුක්තිසහගත තීරණ දෙනු ලබනවා ඇත.—2 කොරින්ති 5:10ද බලන්න. 25. මනුෂ්‍ය පුත්‍රයාණන් සිය තේජසේ සිංහාසනයේ වාඩිවන බවට පැවසීමේදී, මතෙව් 25:31හි විස්තර කරන්නේ කුමක්ද? 25 එසේනම්, මින් අදහස් කරන්නේ, මතෙව් 25:31හි සඳහන්, යේසුස්වහන්සේ විනිශ්චය සඳහා ‘සිය තේජසේ සිංහාසනයේ වාඩිවීම,’ පොළොව මත ජාතීන්ට විනිශ්චය ප්‍රකාශ කොට එය ඉෂ්ට කිරීම සඳහා, මෙම බලවත් රජ වාඩිවනු ඇති අනාගත කාලයට යොමු දක්වන බවයි. එසේය, මතෙව් 25:31-33, 46හි යේසුස්වහන්සේ හා සම්බන්ධ විනිශ්චය පිළිබඳ දර්ශනය, දානියෙල් 7වන පරිච්ඡේදයේ පාලනය කරන රජ, එනම් පුරතන තැනැන්වහන්සේ, විනිශ්චයකරුවාණන් වශයෙන් සිය කාර්යභාරය ඉෂ්ට කිරීමට වාඩිවීම සමඟ සැසඳිය හැක. 26. මෙම උපමාව සම්බන්ධයෙන් අපට හෙළි වන නව පැහැදිලි කිරීම කුමක්ද? 26 බැටළුවන් සහ එළුවන් පිළිබඳ මෙම උපමාව මේ ආකාරයට තේරුම්ගැනීමෙන් අඟවන්නේ, බැටළුවන් සහ එළුවන් මත විනිශ්චය ගෙන ඒම අනාගතයේදී සිදුවන බවය. මතෙව් 24:29, 30හි සඳහන් “පීඩා[ව]” ආරම්භ වී, මනුෂ්‍ය පුත්‍රයා ‘සිය තේජසින් ඒමට’ පසුව, එය සිදුවනවා ඇත. (මාර්ක් 13:24-26 සසඳන්න.) අනතුරුව, මුළු දුෂ්ට පිළිවෙළ නිමාවීමත් සමඟම, යේසුස්වහන්සේ විනිශ්චාසනයේ වාඩිගෙන, විනිශ්චය ඉෂ්ට කරනවා ඇත.—යොහන් 5:30; 2 තෙසලෝනික 1:6-10. 27. යේසුස්වහන්සේගේ අවසාන උපමාව පිළිබඳව අප උනන්දු විය යුත්තේ කුමක් දැනගැනීමටද? 27 යේසුස්වහන්සේගේ උපමාවේ කාලය ගැන අපගේ අවබෝධය මෙමගින් පැහැදිලි කරන අතර, බැටළුවන් සහ එළුවන් විනිශ්චය කරනු ලබන කාලයද පෙන්වයි. එහෙත්, රාජ්‍යයේ ශුභාරංචිය ජ්වලිත ලෙස දේශනා කරන අපට මෙය බලපාන්නේ කෙසේද? (මතෙව් 24:14) එය අපගේ වැඩය වැදගත්කමින් මඳක් අඩු එකක් කරනවාද, නැතහොත්, එය අපට වඩා මහත් බර වගකීමක් ගෙනේද? අපට මෙය බලපාන ආකාරය අපි ඊළඟ ලිපියෙන් බලමු. 
 
- 
                                        
- 
	                        
            
            බැටළුවන් සහ එළුවන් සඳහා ඇති අනාගතය කුමක්ද?1995 මුරටැඹ | ඔක්තෝබර් 15
- 
                            - 
                                        බැටළුවන් සහ එළුවන් සඳහා ඇති අනාගතය කුමක්ද? “උන්වහන්සේ එඬේරෙකු විසින් එළුවන් කෙරෙන් බැටළුවන් වෙන් කරන්නාක්මෙන් ඔවුන් වෙන්[කරනසේක.]”—මතෙව් 25:32. 1, 2. බැටළුවන් සහ එළුවන් පිළිබඳ උපමාව අපට උනන්දුව දනවන යමක් විය යුත්තේ මන්ද? යේසුස් ක්‍රිස්තුස්වහන්සේ වනාහි පොළොව මත විසූ ශ්‍රේෂ්ඨතම ගුරුවරයාණන් බව සහතිකය. (යොහන් 7:46) උන්වහන්සේගේ ඉගැන්වීම් ක්‍රමවලින් එකක් වූයේ උපමා හෙවත් උපහැරණ භාවිත කිරීමය. (මතෙව් 13:34, 35) මේවා සරල විය, එහෙත් ගැඹුරු ආත්මික හා අනාවැකිමය සත්‍යතාවන් ගෙනහැර දැක්වීමෙහිලා ඒවා ප්‍රබල වූයේය. 2 බැටළුවන් සහ එළුවන් පිළිබඳ උපමාවේ, තමන්ට විශේෂ තත්වයක ක්‍රියා කිරීමට සිදුවන කාලයක් ගැන යේසුස්වහන්සේ යොමු දැක්වූසේක, එනම්: “මනුෂ්‍ය පුත්‍රයා . . . තමන්ගේ තේජසින් එන කල . . . ” (මතෙව් 25:31) මෙය අප තුළ උනන්දුව ඇති කළ යුතුය, මන්ද “ඔබගේ පැමිණ සිටීමටත් මෙම දේවල පිළිවෙළේ සමාප්තියටත් ලකුණ කුමක් වනු ඇද්ද?” යන පැනයට යේසුස්වහන්සේ දුන් පිළිතුර නිමා කරන්නේ මෙම උපහැරණයත් සමඟය. (මතෙව් 24:3, NW) එහෙත් අපට මින් අදහස් කරන්නේ කුමක්ද? 3. කලින් තම කතාවේදී, මහත් පීඩාව ආරම්භ වූ කෙණෙහිම කුමක් වර්ධනය වනු ඇති බවක් යේසුස්වහන්සේ පැවසූසේක්ද? 3 මහත් පීඩාව පටන්ගැනීමෙන් පසු, “කෙනෙහිම” සිදුවන්ට යන චමත්කාරජනක සිදුවීම්, එනම් අප බලා සිටින සිදුවීම් යේසුස්වහන්සේ පුරෝකථනය කළසේක. එවිට, “මනුෂ්‍ය පුත්‍රයාගේ ලකුණ” පෙනෙනු ඇත. මෙය “මනුෂ්‍ය පුත්‍රයා බලයෙන්ද මහත් තේජසින්ද අහසේ වලාකුල් පිට එනවා දකි[න]” ‘පොළොවේ සියලු ගෝත්‍රයන්ට’ ගැඹුරු බලපෑමක් කරනු ඇත. මනුෂ්‍ය පුත්‍රයා “තමන් දූතයන්” පිරිවරා එනවා ඇත. (මතෙව් 24:21, 29-31)a බැටළුවන් සහ එළුවන් පිළිබඳ උපමාව ගැන කුමක් කිව හැකිද? නවීන බයිබල්වල එය මතෙ 25වන පරිච්ඡේදයේ දක්නට ලැබුණත්, උන්වහන්සේගේ තේජසින් යුක්තව පැමිණීම ගැනත්, උන්වහන්සේ “සියලු ජාතී[න්ව]” විනිශ්චය කිරීම ගැනත්, වැඩිමනත් තොරතුරු ඉදිරිපත් කරන යේසුස්වහන්සේගේ පිළිතුරෙහි කොටසක් වේ.—මතෙව් 25:32. 
 
-