පාඨකයන්ගේ ප්‍රශ්න
▪ ආලේපලත් ක්‍රිස්තියානින් සමහරක් ස්වර්ගයට ගනු ලැබීමට පෙර නව ලෝකය තුළ පොළොව මත ජීවත් වීම සඳහා ඔවුන් “මහත් පීඩාවෙන්” බේරී ජීවත් වෙනු ඇත් ද?
හරියටම බයිබලය ඒ ගැන පවසන්නේ නැත.
දෙවියන් වහන්සේ තමන් හට දීමට හැකි වරප්‍රසාදයන් ගැන ක්‍රිස්තියානිහු බොහෝ කලක සිට උනන්දුවෙන් සිටිති. (ක්‍රියා 1:6) රාජ්‍යය පිහිටුවනු ලැබ ඇති නිසා විශේෂයෙන් ම මෙය අපගේ කාලයේ දී සැබෑවක් වී තිබේ. (මතෙව් 24:3, 24, 34) මේ දුෂ්ට පිළිවෙළේ අවසානය එහි අවසානයට ළඟා වෙනවාත් සමඟ ම, ආලේපලත් ක්‍රිස්තියානින් සමහරක් “දෙවියන් වහන්සේගේ මහත් දවසේ යුද්ධයෙන්” බේරී ජීවත් වී ඔවුන්ගේ ස්වර්ගීය දීමනාව ලැබීමට පෙර කලකට පොළොව මත සේවය කරනු ඇතිදැයි ක්‍රිස්තියානින් කල්පනා කොට තිබේ. (එළිදරව් 16:14) මෙය සිදුවේ යැයි බයිබලය නොපවසන අතර, එහෙත් සමහරක් රටාවන් සහ අනාවැකි එය එසේ සිදුවේයැයි ඇඟවීමක් කරන බවට සලකනු ලැබ තිබේ. එක මතයක එල්ලී සිටිනවා වෙනුවට, දෙවියන් වහන්සේ දේවල් මෙහෙයවනු ඇති ආකාරය ගැන අපට බලාපොරොත්තුවෙන් සිටිය හැක.
බයිබලයේ සමහරක් සිද්ධීන්වලට, දෙවියන් වහන්සේගේ ජනයා අතර පසු කලෙක වූ සිදුවීම් සමඟ සාමාන්තරයක් තිබේ. නිදසුනක් වශයෙන්, යෝනා දවස් තුනක් හා රෑ තුනක් විශාල මත්ස්‍යයෙකු තුළ සිටි බව අපි දනිමු. මෙය දිව්‍යමය ගැලවීමේ සරල නිදසුනක් බව ඇතැමෙකු කියා සිටිය හැකි මුත්, එය සිය උත්ථානයට පෙර ඊට සමාන කාල පරිච්ඡේදයක් තමා සොහොනේ සිටින්නට යන ආකාරය පිළිබඳ අනාවැකිමය රටාවක් වූ බව යේසුස් වහන්සේ පැවසූ සේක. (යෝනා 1:17; මතෙව් 12:40) එසේ ය, යෝනාගේ අත්දැකීම අනාවැකිමය ස්වරූපයක් ගත්තේ ය. යෙහෝවඃ වහන්සේ තමන් සම්බන්ධ ව කටයුතු කරන්නට යන ආකාරය ගැන මේවායින් යමක් අඟවයිද කියා බැලීමට දෙවියන් වහන්සේගේ සේවකයන් අනාවැකි සහ විශේෂ බයිබල් වාර්තා දෙස සැලකිල්ලෙන් බලා සිටීම වටහා ගත හැකි කරුණකි.
බයිබල් අනාවැකි සම්බන්ධ කරවන නිදසුනක් වශයෙන් 1928 දෙසැම්බර් 15 දා ද වොච්ටවර් සඟරාව මීකා 5:2-15 සාකච්ඡා කළේ ය. මීකා පොත ‘අෂූරිවරු සමාරිය විනාශ කිරීම හා යුදෙව්වන්’ බබිලෝනියෙන් නිදහස් වීම පිළිබඳ ව සාකච්ඡා කළේ ය. (මීකා 1:1, 5-7; 4:10) නමුත් එය බෙත්ලෙහෙමේ මෙසියස්ගේ උපත වැනි පසුව වූ සිදුවීම්වලට ද යොමු දැක්වී ය. (මීකා 5:2) “අෂූරිවරුන්ගෙන්” ගැලවී ආ පසු “යාකොබ්ගේ ඉතිරි අය” “ස්වාමීන්වහන්සේගෙන් [යෙහෝවඃ වහන්සේගෙන් NW] පැමිණෙන පිනි මෙන්” සහ “බැටළු රැළවල් අතර සිටින තරුණ සිංහයෙකු මෙන්” වන බවට මීකා පුරෝකථනය කළේ ය. (මීකා 5:6-8) ද වොච්ටවර් මෙසේ අදහස් ප්‍රකාශ කළේ ය: “අර්මගෙදොන් යුද්ධයට පසු ව පවා සමහරක් ආලේපලත් අය පොළොව මත සිට ස්වාමීන් වහන්සේගේ ප්‍රශංසාව සහ මහිමය සඳහා උන් වහන්සේගේ නාමයෙන් තවත් සමහරක් වැඩ කරන්නට තිබෙනු ඇතැයි මෙය ඇඟවීමක් කරනවා විය හැකි බවට සැලකිය හැක.” මෙහි විය හැකි බව ගැන හඳුන්වා දීමේ දී භාවිතා වූ විනීත, සාධාරණ භාෂාව සැලකිල්ලට ගන්න: “ඇඟවීමක් කරනවා විය හැකි බවට සැලකිය හැක.”
පොළොව මත එවැනි බේරී ජීවත් වීමකට සාමාන්තරයක් දැක්විය හැකි බයිබල් වාර්තාවක් සම්බන්ධයෙන් කුමක් කිව හැකි ද? ඉදිරිපත් කරනු ලැබ ඇති එක් නිදසුනක් නෝවා සහ ඔහුගේ පවුල ගැන කියා පායි. මෙම අවසාන කාලයේ දී නෝවා, යේසුස් වහන්සේ වශයෙන් සලකනු ලැබ තිබේ. (උත්පත්ති 6:8-10; මතෙව් 24:37) නෝවා සිය භාර්යාව සහ පුතුන් තිදෙනා සහ ලේලියන් එම පැරණි පිළිවෙළේ අවසානය තුළින් මෙහෙයවූවාක් මෙන්, ක්‍රිස්තුස් වහන්සේ සිය මනාලියගේ පංතියේ ඉතිරි කොටස හට හා “සදාකාල පියාණන්” වන යේසුස් වහන්සේගේ දරුවන් වන අයට නායකත්වය සපයනවා ඇත. නෝවාගේ භාර්යාව ජල ගැල්මෙන් බේරී ජීවත් වී, පිරිසුදු කරන ලද පොළොවක සැබෑ නමස්කාරය නවීකරණය කිරීමට හවුල් වූවා ය. මෙහි සාමාන්තරයක් විය හැක්කේ මනාලියගේ පංතියේ ඉතිරි කොටසක් නව ලෝකය තුළට ඇතුල් වීමයි.—යෙසායා 9:6, 7; 2 කොරින්ති 11:2; එළිදරව් 21:2, 9.a
වෙනත් බයිබල් වාර්තාවන් ද ආලේපලත් අයගෙන් සමහරක් නව ලෝකය තුලට ජීවත් වනු ඇතැයි අදහස් කරන බවට සලකනු ලැබ තිබේ. උදාහරණයක් වශයෙන්, යෙරෙමියා යෙරුසලමේ විනාශයෙන් බේරී ජීවත් විය; තීන්ත කූඩුව ඇති ව සිටි “මනුෂ්‍යයා” තම වාර්තාව දීම පිණිස නැවත හැරී යන්නට පෙර, විනාශය බැලීමට එහි රැඳී සිටියේ ය. —එසකියෙල් 9:4, 8, 11.
ආලේපලත් අයගෙන් සමහරක් නව පොළොව තුළට බේරී ජීවත් වේවි ය යන විවරණයන් කර තිබෙන්නේ හොඳ චේතනාවන් ඇතුව සහ පසුවට සාමාන්තරයන් තිබිය හැකි අනාවැකි සහ රටාවන් වටහා ගැනීමට ඉවහල් වන්නා වූ බයිබලයේ පූර්ව සිද්ධීන් ඇසුරු කර ගැනීමෙනි. ආලේපලත් අයගෙන් කිසිවෙකු පොළොව මත ඉතිරි නොවන ලෙසට කටයුතු සැලසුනත්, එය නොසෑහීමකට පත්වීමට හේතුවක් නොවේ. බයිබලයේ කාරණා වඩාත් අවබෝධ වෙන්නේ කාලය ගත වීමත් සමඟ බව අපි දැනටමත් පිළිගෙන සිටිමු. උදාහරණයක් වශයෙන්, 1981 ජූලි 15 දා ද වොච්ටවර් කලාපය, මීකා 5:6-9 නැවත සාකච්ඡා කරමින් විස්තර කළේ, “ජනයාව සන්සිඳුවාලන ‘පිනි’ මෙන් සලකනු ලබනු වස් ආත්මික ඊශ්‍රායෙල්ගේ ඉතිරි කොටසට අර්මගෙදොන් අවසන් වන තෙක් බලා සිටින්නට සිදු නොවනු ඇති” බවයි. ඉතිරි කොටස දෙවියන් වහන්සේගේ මහත් යුද්ධයෙන් බේරී ජීවත් වී කෙටි කලකට ‘වෙනත් බැටළුවන්ගේ’ ‘මහත් සමූහයට’ ‘පිනි’ මෙන් නැවුම් බවක් ලබා දීම විය හැකි බවක් මෙම සාකච්ඡාවෙන් නැවත යෝජනා කළේ ය. එහෙත්, කාලය ගත වීම සහ ආත්මික ආලෝකය තුළ වර්ධනය වීම තුළින්, අනාවැකි හෝ බයිබල් නාට්‍යයන් පිළිබඳ අපගේ අවබෝධය තියුණු කරන්නට හෝ වෙනස් කරන්නට හැකි බව අපට පෙනේ.—හිතෝපදේශ 4:18.
‘මනුෂ්‍ය පුත්‍රයාගේ පැමිණීම’ සමඟ ‘අහසේ සතර කොනින් තෝරා ගත්තවුන් රැස් කිරීම’ බයිබලය එකට සම්බන්ධ කරන බව අපි හොඳින් දනිමු. (මතෙව් 24:29-31) එමෙන් ම, රාජ්‍යය බලයෙන් යුක්ත ව “ස්වාමීන්වහන්සේගේ පැමිණ සිටීමේ” දී, මරණය තුළ නිදාගෙන සිටින්නා වූ ආලේප ලත් අය ස්වර්ගයේ ජීවනයට නැගිටවනු ලබති. (1 තෙසලෝනික 4:15, 16) මෙම මුද්‍රා කරනු ලැබූවන් බැටළු පැටවාණන්ගේ භාර්යාවගේ කොටසක් වීමට සිටිනු ඇත. මෙය සිදුවන්නේ කවදා ද?
එළිදරව් පොතේ, මහා බබිලෝනිය වන ආගමික වේශ්‍යාව දෙවියන් වහන්සේ විසින් විනාශ කරනු ලැබීම ගැන යොහන් පැවසුවායින් අනතුරුව, “බැටළු පැටවාණන්ගේ සරණ මංගල්‍යය” ගැන ඔහු විස්තර කරයි. අශික්ෂිත දුරාචාර “ස්ත්‍රියක්” දර්ශනයෙන් ඉවත් කොට තිබෙන අතර, “බැටළු පැටවාණන්ගේ මණාලිය” ‘ශුද්ධවන්තයන්ගේ ධර්මිෂ්ඨ ක්‍රියා පිළිබිඹු කරන දීප්තිමත්, පවිත්‍ර වූ, සිහින් වස්ත්‍රවලින් පැළඳ සිටින’ බව අපට පෙනේ. (එළිදරව් 18:10; 19:2, 7, 8; 21:9) මහා බබිලෝනියේ විනාශය මහත් පීඩාවේ කොටසකි. (මතෙව් 24:21; එළිදරව් 7:14) එසේ නම්, යෙහෝවඃ වහන්සේගේ අනුමැතියේ සහ ආරක්ෂාවේ සාක්ෂියක් වශයෙන්, මනාලියගේ පංතියේ සමහරක් මහත් පීඩාවෙන් බේරී ජීවත් විය යුතු බවට විමර්ශනය කළ හැක. (ශෙපනියා 2:3; මතෙව් 24:22 සමඟ සසඳන්න.) මේ නයින්, ඔවුන් මේ පොළොව මත ආරක්ෂිත ව ජීවත් වේ නම්, දෙවියන් වහන්සේ ඔවුන්ව ස්වර්ගයට ගන්නා තෙක් ඔවුනට මෙහි රැඳී සිටීමට හැකි වනු ඇත.
කෙසේ වෙතත්, එළිදරව් පොතේ සඳහන් කර තිබෙන දේවල් නියත අනුක්‍රමික පිළිවෙළකට ඉදිරිපත් කොට නැත. ආලේපලත් ඉතිරි අයගෙන් සමන්විත මෙම කුඩා කොටස දැනටමත් පොළොව මත ජීවත් වන පක්ෂපාත ක්‍රිස්තියානින් මිලියන ගණනක් පුහුණු කොට තිබෙන නිසා, නව ලෝකයේ කටයුතු ආරම්භ කිරීමට ඔවුන් අවශ්‍ය නොවන්නාක් වැන්න. මේ අනුව, මහා බබිලෝනියේ විනාශයත් සමඟ ම “බැටළු පැටවාණන්ගේ සරණ මංගල්‍යය” සිදුවීමට වේදිකාව සකසනු පිණිස ස්වකීය ආලේප ලත් අය ව ස්වර්ගයට ගැනීමට දෙවියන් වහන්සේට හැකි වනු ඇත. මහත් පීඩාවේ ඉතිරි කොටසේ දී සියලු ම ශුද්ධවන්තයන් හට ක්‍රිස්තුස් වහන්සේ සමඟ ‘ජාතින්ව යදණ්ඩකින් ආණ්ඩු කිරීමේ’ සහය වීමට මේ අනුව හැකි වනු ඇත. (එළිදරව් 2:26, 27; 19:11, 21) දෙවියන් වහන්සේ කාරණා මෙහෙයවන්නේ ඒ අයුරින් නම්, 1,44,000ට අයත් සියලු දෙනා ‘රජවරුන් මෙන් අවුරුදු දහසකට රජකම් කිරීමට’ ක්‍රිස්තුස් වහන්සේ සමඟ සිටිනු ඇත.—එළිදරව් 20:4.
දෙවියන් වහන්සේ ස්වකීය සෙනඟට මගපෙන්වන්නේ සහ ඔවුනට විපාක ගෙන දෙන්නේ කෙසේ ද යන්න ගැන උන් වහන්සේගේ සෙනඟ ඉතා තියුණු ලෙස ආශා වෙන් සිටීම කදිම ය. (1 පේතෘස් 1:12, සසඳන්න.) මෙයින් පිළිබිඹු වන්නේ, උන් වහන්සේගේ කැමැත්ත සිදුවීමට යන බවට ඔවුන් තුළ ඇත්තා වූ දැඩි විශ්වාසයයි. එක්තරා විශේෂ මතයක් පිළිබඳ ව අපට අගති සහිත වීමට නොහැකි වුවත් සිදුවනු ඇත්තේ කුමක්දැයි අපට ඉතා උනන්දුවෙන් බලා සිටින්නට පුළුවන. w90 08/15
[පාදසටහන්වල]
a සසඳන්ත යූ මේ ස’වයිව් ආමගෙඩන් ඉන්ටු ගෝඩ්ස් න්‍යූ වර්ල්ඩ්, පිටු 61, 292, 351; “යුවර් විල් බී ඩන් ඔන් අර්ත්”, පිටු 347; ද වොච්ටවර් 1942 මැයි 1 පිටු 133 සසඳන්න. (මේ සියලු ප්‍රකාශන වොච්ටවර් බයිබල් ඇන්ඩ් ට්‍රැක්ට් සොසයටි ඔෆ් න්‍යූ යෝක් ඉන්කෝපරේටඩ් විසින් ප්‍රකාශිත ය.)