ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w14 2/15 26-27 පි.
  • පාඨකයන්ගෙන් ප්‍රශ්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පාඨකයන්ගෙන් ප්‍රශ්න
  • 2014 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • ගැලවුම්කරුගේ පැමිණීම ඔවුන් අපේක්ෂාවෙන් සිටියා
    2011 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ගැලවුම්කරුගේ පැමිණීම ගැන දානියෙල් කියපු අනාවැකිය
    2017 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • ගැලවුම්කරු ගැන දානියෙල් පැවසූ දේ
    බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු
  • බයිබලය නිවැරදි අනාවැකිවලින් යුත් ග්‍රන්ථයක්, 3වෙනි කොටස
    2012 පිබිදෙව්!
තව තොරතුරු
2014 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w14 2/15 26-27 පි.

පාඨකයන්ගෙන් ප්‍රශ්න

ගැලවුම්කරුගේ පැමිණීම ගැන යුදෙව්වන් අපේක්ෂාවෙන් හිටියේ මොන වගේ හේතු නිසාද?

යොහන් මිනිසුන්ව බව්තීස්ම කරපු කාලයේ හිටපු ‘ජනතාව ක්‍රිස්තුස්ගේ පැමිණීම ගැන අපේක්ෂාවෙන් සිටි නිසා ඔවුන් යොහන් ගැන කල්පනා කරමින්, “මොහු ක්‍රිස්තුස් වෙන්න බැරිද” කියා තර්ක කළා.’ (ලූක් 3:15) ඒ කාලයේ ගැලවුම්කරුවෙක් පැමිණෙයි කියලා යුදෙව්වන් දන්නේ කොහොමද? ඒකට හේතු කීපයක් තිබුණා.

බෙත්ලෙහෙමට කිට්ටු ස්ථානයක සිටි එඬේරුන්ට දේවදූතයෙක් කතා කරමින්

බෙත්ලෙහෙමට කිට්ටු ස්ථානයක එළිමහනේ බැටළුවන්ව බලාගෙන හිටපු එඬේරුන්ට දේවදූතයෙක් දර්ශනය වෙලා යේසුස්ගේ උපත ගැන මෙහෙම කිව්වා. “අද දාවිත්ගේ නුවරෙහි ඔබට ගැලවුම්කරුවෙක් ඉපදී සිටිනවා. ස්වාමීන් වන ක්‍රිස්තුස් කියන්නේ ඔහුටයි.” (ලූක් 2:8-11) “ඒ දේවදූතයාට ස්වර්ගීය සේනාවෙන් මහත් දේවදූත සමූහයක් එකතු වූහ. ඔවුහු දෙවිට ප්‍රශංසා කරමින් මෙසේ කීවෝය.a ‘ස්වර්ගයේ සිටින දෙවිට සියලුම ප්‍රශංසා හා ගෞරවය ලැබේවා! මිහිපිට දෙවිගේ අනුමැතිය ලැබූ මිනිසුන්ට සමාදානය වේවා!’”—ලූක් 2:13, 14.

එඬේරුන්ට ඒ ගැන කොයි තරම් සතුටක් දැනුණද කියනවා නම් ඔවුන් ඒ වෙලාවෙම යෝසෙප් සහ මරියාව හොයාගෙන බෙත්ලෙහෙමට ගියා. “ඔවුහු කුඩා දරුවාව දුටු විට ඔහු ගැන දේවදූතයා තමන්ට පැවසූ දේ ඔවුන්ට දැන්වූහ. එම එඬේරුන් දැන්වූ දේවල් ඇසූ සියලුදෙනා මවිතයට පත් වූහ.” (ලූක් 2:17, 18) “ඇසූ සියලුදෙනා” කියද්දී ඒකෙන් අදහස් වුණේ එඬේරුට දේවදූතයා කියපු දේ යෝසෙප්ට සහ මරියාට විතරක් නෙවෙයි තව හුඟදෙනෙක්ට කිව්වා කියන එකයි. “ඉන්පසුව තමන්ට පැවසූ සෑම දෙයක්ම ඇසූ දුටු එඬේරු ඒ සම්බන්ධයෙන් දෙවිට ප්‍රශංසා හා ගෞරවය දෙමින් තමන් සිටි ස්ථානයට නැවත හැරී ගියහ.” (ලූක් 2:20) ගැලවුම්කරු ගැන ඔවුන් තවත් අයට කිව්වා කියලා ඒකෙන් පැහැදිලි වෙනවා.

මරියා කුඩා යේසුස්ව වඩාගෙන සිටින අතරේ ආනා දෙවිට ප්‍රශංසා කරයි

මෝසෙස්ගේ නීතියේ සඳහන් වෙලා තිබුණ විදිහට පූජාවක් ඔප්පු කරන්න මරියා යේසුස්වත් අරගෙන දේවමාලිගාවට ගියා. එතන හිටපු ආනා කියන අනාගතවක්තෘවරිය ‘දෙවිට ස්තුති කර, දෙවි යෙරුසලමට ගැලවීම ලබා දෙන තුරු බලාගෙන සිටි සියලුදෙනාටම ඒ දරුවා ගැන කතා කරන්න පටන්ගත්තා.’ (ලූක් 2:36-38; නික්. 13:12) ඒ විදිහටත් ගැලවුම්කරු ගැන ආරංචිය පැතිර ගියා.

“දිනක් නැඟෙනහිර දෙසින් ජ්‍යෝතිඃ ශාස්ත්‍රඥයෝ යෙරුසලමට පැමිණ, ‘ඉදිරියේදී යුදෙව්වරුන්ව පාලනය කරන රජෙක් දැන් ඉපදිලා ඉන්නවා. ඔහු ඉන්නේ කොහේද? අපි නැඟෙනහිර දේශවල සිටිද්දී ඔහු වෙනුවෙන් පායා තිබුණු තාරකාවක් දැක්කා. අපි මෙතනට ආවේ ඔහුට ගරුබුහුමන් දක්වන්න අපිට අවශ්‍ය නිසයි’ කියා පැවසූහ.” (මතෙ. 2:1, 2) “එය ඇසූ හෙරොද් රජද මුළු යෙරුසලමේ ජනතාවද බොහෝ සෙයින් කැලඹුණෝය. ඉක්මනින්ම ජනතාව අතර සිටි සියලුම නායක පූජකයන්වද නීතිය පිටපත් කරන්නන්වද එකට රැස් කරගත් හෙරොද්, ක්‍රිස්තුස් ඉපදෙන්නේ කොහේද කියා ඔවුන්ගෙන් විමසුවේය.” (මතෙ. 2:3, 4) ඒ වෙලාවේදීත් ගැලවුම්කරුගේ උපත ගැන හුඟක් අය දැනගත්තා.b

හෙරොද් රජ යේසුස් ගැන තොරතුරු අසයි. තාරකාව පිටුපසින් යන ජ්‍යෝතිඃ ශාස්ත්‍රඥයන්

ලූක් 3:15 සඳහන් වෙන විදිහට ගැලවුම්කරු කියන්නේ යොහන්ට කියලා යුදෙව්වන් හිතුවා. ඒත් යොහන් කිව්වේ “මට පසුව එන තැනැත්තා මට වඩා බලවත් කෙනෙක්. මම ඔහුගේ පාවහන් ගලවන්න තරම්වත් වටින කෙනෙක් නොවෙයි. ඒ තැනැත්තා ඔබව බව්තීස්ම කරන්නේ දෙවිගේ බලයෙන් හා ගින්නෙනුයි” කියලයි. (මතෙ. 3:11) ගැලවුම්කරු යොහන් නෙවෙයි කියලා තේරුම්ගත්තට පස්සේ ගැලවුම්කරු කවුද කියන කාරණය ගැන යුදෙව්වන්ගේ කුතුහලය තවත් වැඩි වෙන්න ඇති.

ගැලවුම්කරුගේ පැමිණීම ගැන පළවෙනි සියවසේ හිටපු යුදෙව්වන් දැනගත්තේ දානියෙල් 9:24-27 සඳහන් සති 70 පිළිබඳ අනාවැකිය අධ්‍යයනය කරලද? ඒ ගැන අපිට හරියටම කියන්න බැහැ. ඒකට හේතුව සති 70 ගැන ඒ කාලයේදී විවිධ අර්ථකථන තිබුණ නිසයි. සති 70 ගැන අපිට තියෙන අවබෝධය ඔවුන්ට තිබුණේ නැහැ.c

යුදෙව් නිකායකට අයත් එසනිවරුන් කිව්වේ අවුරුදු 490 අවසන් වෙන්න කිට්ටු වෙද්දී ගැලවුම්කරුවන් දෙන්නෙක් එනවා කියලයි. ඔවුන් ඒක කිව්වේ දානියෙල්ගේ අනාවැකිය පදනම් කරගෙනද කියලා අපි දන්නේ නැහැ. ඒ අනාවැකිය පදනම් කරගෙන ඔවුන් ඒක කිව්වා වුණත් එසනිවරුන් කියන්නේ සමාජයෙන් වෙන් වෙලා ජීවත් වුණ කුඩා පිරිසක් නිසා යුදෙව්වන් ඒක පිළිගත්තා කියලා හිතන්න අමාරුයි.

ක්‍රි.ව. දෙවෙනි සියවසේ හිටපු තවත් යුදෙව්වන් පිරිසක් විශ්වාස කළේ සති 70ට අයත් වෙන්නේ ක්‍රි.පූ. 607දී දේවමාලිගාව මුල් වරට විනාශ වීමේ සිට ක්‍රි.ව. 70දී දෙවෙනි වරටත් දේවමාලිගා විනාශ වීම අතරතුර කාලය කියලයි. සති 70 අනාවැකිය ඉටු වුණේ ක්‍රි.පූ. 170දී විතර ආරම්භ වුණ මකබිවරුන්ගේ කාලයේ කියලා හිතපු පිරිසකුත් හිටියා. ඒකෙන් පැහැදිලි වෙන්නේ සති 70 ගැන ඒ කාලයේ හිටපු අයට පැහැදිලි අවබෝධයක් තිබුණේ නැහැ කියන එකයි.

ඒ කාලයේ අයට සති 70 ගැන නිවැරදි අවබෝධයක් තිබුණා නම් ගැලවුම්කරුව හඳුනාගන්න ඒ අනාවැකිය උපකාරවත් වෙනවා කියලා යේසුස්ගේ නියෝජිතයන් අනිවාර්යයෙන්ම කියනවා. ඒත් ඔවුන් එහෙම කිව්වා කියලා සාක්ෂි නැහැ.

මතෙව්, මාක්, ලූක් සහ යොහන් ඔවුන්ගේ පොත්වල යේසුස් ක්‍රිස්තුස් ගැන හෙබ්‍රෙව් ලියවිල්ලේ සඳහන් අනාවැකි ඉටු වුණ විදිහ ගැන සඳහන් කළා. (මතෙ. 1:22, 23; 2:13-15; 4:13-16) ඒත් ඒ කිසිම කෙනෙක් යේසුස්ගේ උපත සති 70 අනාවැකියේ සඳහන් විදිහට ඉටු වුණා කියලා කිව්වේ නැහැ.

ඒ තොරතුරුවලින් පැහැදිලි වෙන්නේ සති 70 පිළිබඳ අනාවැකිය යේසුස්ගේ කාලයේ හිටපු අය නිවැරදිව අවබෝධ කරගෙන හිටියා කියලා අපිට ස්ථිරවම කියන්න බැහැ කියන එකයි. කොහොමවුණත් පළවෙනි සියවසේ හිටපු යුදෙව්වන් ගැලවුම්කරු ගැන ‘අපේක්ෂාවෙන් සිටීමට’ තිබුණ වෙනත් හේතු ගැන ශුභාරංචි පොත්වල සඳහන් වෙනවා.

a ඒ අවස්ථාවේදී දේවදූතයෝ ගීතිකා කිව්වා කියලා බයිබලයේ සඳහන් වෙන්නේ නැහැ.

b “යුදෙව්වරුන්ව පාලනය කරන රජෙක්” ඉපදිලා ඉන්නවා කියන කාරණයත් ඔවුන් දැක්ක ‘තාරකාවත්’ අතර යම් සම්බන්ධයක් තියෙනවා කියලා ජ්‍යෝතිඃ ශාස්ත්‍රඥයන් දැනගත්තේ කොහොමද? ඔවුන් ඒක දැනගත්තේ තාරකාව දිහා බලාගෙන ඊශ්‍රායෙලය හරහා යද්දී යේසුස්ගේ උපත ගැන ඔවුන්ට ආරංචි වුණ නිසාද?

c සති 70 පිළිබඳ දැනගන්න ‘දානියෙල්ගේ අනාවැකියට අවධානය දෙන්න!’ නමැති පොතේ 11වෙනි පරිච්ඡේදය බලන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න