-
යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් කවුද?2015 මුරටැඹ | සැප්තැම්බර් 1
-
-
මුල් පිටුවෙන්
යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් කවුද?
“මං මයික්ව අඳුරන්නේ අවුරුදු ගාණක ඉඳලා. එයා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක්. ඒත් එයාගේ ආගම ගැන මට තේරුම්ගන්න බැහැ. යෙහෝවා කියන්නේ කාටද? එයාලා නිවාඩු දින සමරන්නේ නැත්තේ ඇයි? මයික් අන්තවාදී ආගමික කල්ලියකටවත් අහු වෙලාද?”—ඇමරිකාවේ කැලිෆෝර්නියාවල බෙකී.
“මගේ අසල්වැසියන් සාක්ෂිකරුවන් එක්ක බයිබලය පාඩම් කරන්න පටන්ගත්තාම මං මෙහෙම කල්පනා කෙරුවා. ‘යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් කියන නමේ තේරුම මොකක්ද? ආගමකට ඔය වගේ නමක්?’”—කැනඩාවේ ඔන්ටාරියෝවල සෙනන්.
“අපි පල්ලි යන්නේ නැති එක ගැන අපේ හිත වධ දෙන එකෙන් අයුතු ප්‍රයෝජන ගන්න සාක්ෂිකරුවෝ එනවා කියලයි මගේ බිරිඳයි මායි හිතුවේ. පිළිගත් ක්‍රිස්තියානි ආගම්වල අපි හොයන සත්‍යය නැති එකේ සාක්ෂිකරුවෝ කියන අමුතුම නිකායක සත්‍යය තියෙනවා කියලා අපි හිතුවේ නැහැ.”—ඇමරිකාවේ වොෂිංටන්වල කෙන්ට්.
“එයාලා ගැනවත් එයාලගේ විශ්වාසයන් ගැනවත් මට හරි අවබෝධයක් තිබුණේ නැහැ.”—ඩෙන්මාර්කයේ එස්බ්ජෙර්ග්වල සිසිලියා.
ඒ අය ගෙයින් ගෙට හරි මහජනයා ගැවසෙන තැනක හරි පොත් පත් බෙදාහරිනවා ඔයා දැකලා ඇති. නොමිලේ බයිබල් පාඩම් කරන්න කැමතිද කියලත් ඒ අය අහනවා. මේ සඟරාව ඔයාට ලැබුණේ ඒ අයගෙන්ද? යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් කවුද කියන එක ඔයාට ප්‍රශ්නයක්ද? සමහරවිට ඔයා හිතන්නෙත් කලින් සඳහන් කරපු අය හිතපු විදිහට වෙන්න ඇති.
ඔවුන් විශ්වාස කරන්නේ මොනවාද? ඔවුන්ගේ දේවසේවයට සහ නමස්කාර මධ්‍යස්ථානවලට සල්ලි ලැබෙන්නේ කොහොමද? ඔයාගේ ගෙදරදී නැත්නම් ප්‍රසිද්ධ ස්ථානයකදී ඒ අය ඔයාට කතා කරන්නේ ඇයි? ඒ වගේ ප්‍රශ්නවලට උත්තර දැනගන්න ඔයාට පුළුවන් කොහොමද?
සිසිලියා මෙහෙම කියනවා. “මං අන්තර්ජාලයෙන් සාක්ෂිකරුවන් ගැන කියෙව්වේ නරක දේවල්මයි. ඒ අය ගැන අහන්න ලැබුණෙත් කටකතා. හුඟක් අය දුන්නේ වැරදි චිත්‍රයක්. ඒ නිසා ඒගොල්ලන් ගැන මට තිබුණේ වැරදි පින්තූරයක්.” ඒත් ඇයට හරි උත්තර ලැබුණේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගෙන්ම ඒ ගැන ඇහුවාට පස්සෙයි.
යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ගැන ඔයාට තියෙන ප්‍රශ්නවලට හරි උත්තර දැනගන්න කැමතිද? එහෙමනම් මේ සඟරාව පළ කරන සාක්ෂිකරුවන්ගෙන්ම ඒ ගැන අහන්න. (හිතෝපදේශ 14:15) අපි කවුද, අපි විශ්වාස කරන්නේ මොනවාද, අපි කරන සේවය මොකක්ද කියලා ඊළඟ ලිපිවලින් ඔයාට දැනගන්න පුළුවන්.
-
-
මේ අය කොයි වගේ කට්ටියක්ද?2015 මුරටැඹ | සැප්තැම්බර් 1
-
-
මුල් පිටුවෙන් | යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් කවුද?
මේ අය කොයි වගේ කට්ටියක්ද?
අපි ජාත්‍යන්තර සංවිධානයක්. වෙනත් ආගමික කණ්ඩායම් එක්ක සම්බන්ධ නැහැ. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ලෝක මූලස්ථානය එක්සත් ජනපදයේ තිබුණත් වැඩිදෙනෙක් ඉන්නේ වෙනත් රටවලයි. මිලියන 8ක විතර සෙනඟක් වන අපි රටවල් 230කට වඩා වැඩි ගණනක බයිබලය ගැන උගන්වනවා. එහෙම කරන්නේ යේසුස් කිව්ව මේ දේ නිසයි. “රාජ්‍යය පිළිබඳ මේ ශුභාරංචිය සියලු ජාතීන්ට සාක්ෂියක් වන පිණිස ජනාවාස වූ මුළු පොළොව පුරාම දේශනා කරනු ලබයි. එවිට අවසානය පැමිණෙයි.”—මතෙව් 24:14.
අපි කොහේ ජීවත් වුණත් රටේ නීතියට කීකරු වෙනවා. ඒත් අපි දේශපාලන පැති ගන්නේ නැහැ. එහෙම කරන්නේ ක්‍රිස්තියානීන්ට ‘මේ ලෝකයේ මිනිසුන්ට සමාන නොවන්න’ කියලා යේසුස් කිව්ව නිසයි. (යොහන් 15:19; 17:16) දෙවෙනි ලෝක මහා යුද්දේ කාලෙදී සාක්ෂිකරුවන් දේශපාලන පැති නොගෙන ස්ථිරව හිටියා. ඒ නිසා ඔවුන්ව හිරේ දැම්මා. ඔවුන්ට වධ හිංසා කළා. සමහරුන්ව මරණයට පවා පත් කළා. කලින් ජර්මනියේ හිටපු බිෂොප්වරයෙක් මේ වගේ දෙයක් කිව්වා. “නාට්සි පාලනය යටතේ හෘදය සාක්ෂියට අනුව තීරණයක් ගත්ත එකම කණ්ඩායම මේ අයයි.”
“[යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට] හරි දේ කරන්න තියෙන්නේ පුදුම අධිෂ්ඨාන ශක්තියක්. ඒ වගේ පරාර්ථකාමි අය තමයි දේශපාලනයේ ඉන්න ඕනේ. ඒත් ඒක කවදාවත් වෙන්නේ නැති දෙයක්. . . . රජයේ අධිකාරියට ගරු කළත් මිනිසුන්ගේ ප්‍රශ්න විසඳන්න හැකියාව තියෙන්නේ දේවරාජ්‍යයට විතරක් කියලයි ඔවුන් විශ්වාස කරන්නේ.”—චෙක් ජනරජයේ පුවත්පතක්, (Nová Svoboda).
ඒත් අපි සමාජයෙන් වෙන් වෙලා ඉන්න කට්ටියක් නෙවෙයි. යේසුස් ඔහුගේ අනුගාමිකයන් ගැන දෙවියන්ට යාච්ඤා කළේ මෙහෙමයි. “මම ඔබෙන් ඉල්ලන්නේ, ඔවුන්ව ලෝකයෙන් ඉවතට ගන්න කියා නොවෙයි.” (යොහන් 17:15) ඒ නිසා අපි අනිත් අය වගේම රැකියා කරන, වෙළඳපොළට යන, පාසැල් යන අය කියලා ඔයා දකියි.
-
-
යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විශ්වාස කරන්නේ මොනවාද?2015 මුරටැඹ | සැප්තැම්බර් 1
-
-
මුල් පිටුවෙන් | යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් කවුද?
යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විශ්වාස කරන්නේ මොනවාද?
‘මුළු ශුද්ධ ලියවිල්ලම ලියා තිබෙන්නේ දෙවිගේ මඟ පෙන්වීමෙන්’ කියලා සාක්ෂිකරුවන් විශ්වාස කරනවා. (2 තිමෝති 3:16) නිර්මාතෘ ගැන ඉගෙනගන්නත් අර්ථවත් ජීවිත ගත කරන්නත් අපි බයිබලයේ තියෙන හොඳ මඟ පෙන්වීම් යොදාගන්නවා.
බයිබලයේ මෙහෙම කියනවා. “යෙහෝවා නම් වූ ඔබ පමණක් මුළු පොළොවටම මහෝත්තම දෙවි බව සියල්ලන්ට දැනගැනීමට සලස්වන්න.” (ගීතාවලිය 83:18) අපි නමස්කාර කරන්නේ යෙහෝවා දෙවියන්ට විතරයි. ඔහුගේ සාක්ෂිකරුවන් හැටියට අපි වෑයම් කරන්නේ ඔහුගේ නම අනිත් අයට කියන්නයි.—යෙසායා 43:10-12.
යේසුස් “දෙවිගේ පුත්‍රයා”a කියලත් ඔහු පොළොවට ආපු අභිෂේක ලත් තැනැත්තා (මෙසියස්) කියලත් අපි විශ්වාස කරනවා. (යොහන් 1:34, 41; 4:25, 26) යේසුස් මිය ගියාම ස්වර්ගයේ ජීවත් වෙන්න ඔහුව නැවත නැඟිට්ටෙව්වා. (1 කොරින්ති 15:3, 4) දේවරාජ්‍යයේ රජු හැටියට පත් වුණේ ඔහුයි. (එළිදරව් 11:15) ඒ රාජ්‍යය සැබෑ ආණ්ඩුවක්. පොළොව පාරාදීසයක් කරන්නේ ඒකෙන්. (දානියෙල් 2:44) “නිහතමානී අය පොළොව උරුම කරගන්නෝය. දසත පැතිරී තිබෙන සාමය නිසා ඔවුහු මහත් සේ ප්‍රීති වන්නෝය” කියලා බයිබලයේ කියනවා.—ගීතාවලිය 37:11, 29.
“ඒ අය බයිබලය කියවද්දී විශ්වාස කරන්නේ ඒ මාර්ගයෙන් දෙවියන් තමන්ට කතා කරනවා කියලයි. ඒගොල්ලන් ප්‍රශ්නෙකට මුහුණ දෙද්දී විසඳුම් හොයන්නේ බයිබලයෙන්. . . . ඒ අයට දේවවචනය තාමත් ජීවමානයි.”—කතෝලික පූජකයෙක් වන බෙන්ජමින් චෙරායාත්. සඳහන් වුණේ ජර්මනියේ පුවත්පතක. (Münsterländische Volkszeitung)
බයිබල් ප්‍රතිපත්ති අදටත් ප්‍රයෝජනවත් කියලා විශ්වාස කරන අපි උත්සාහ කරන්නේ ඒ ප්‍රතිපත්ති පිළිපදින්නයි. (යෙසායා 48:17, 18) උදාහරණයකට මනස හා ශරීරය අපවිත්‍ර කරන පුරුදුවලින් වළකින්න කියලා බයිබලයේ කියන නිසා අපි දුම්පානය කරන්නෙවත් මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්නෙවත් නැහැ. (2 කොරින්ති 7:1) බේබදුකම, ලිංගික දුරාචාරය, හොරකම් කිරීම වගේ බයිබලයේ හෙළාදැකලා තියෙන දේවලිනුත් අපි වළකිනවා.—1 කොරින්ති 6:9-11.
a යේසුස්ව “දෙවිගේ එකම පුත්‍රයා” කියලා බයිබලයේ හඳුන්වන්නේ යෙහෝවා දෙවියන් මුලින්ම, තනිවම ඔහුව නිර්මාණය කළ නිසයි.—යොහන් 3:18; කොලොස්සි 1:13-15.
-
-
අපේ දේවසේවයට සල්ලි ලැබෙන්නේ කොහෙන්ද?2015 මුරටැඹ | සැප්තැම්බර් 1
-
-
මුල් පිටුවෙන් | යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් කවුද?
අපේ දේවසේවයට සල්ලි ලැබෙන්නේ කොහෙන්ද?
හැම අවුරුද්දකම අපි බයිබල් සහ බයිබලය මත පදනම් පොත් පත් මිලියන සිය ගණන් මුද්‍රණය කරලා බෙදාහරිනවා. ලොව පුරා අපිට ශාඛා කාර්යාල සහ මුද්‍රණාල තියෙනවා. අපේ නමස්කාර මධ්‍යස්ථාන චාම් වුණත් ලස්සනයි. සභා දසදහස් ගණන් රැස්වීම් පවත්වන්නේ ඒ තැන්වලයි. කොහෙන්ද මේවාට සල්ලි?
අපේ සේවය සම්පූර්ණයෙන්ම කරන්නේ ස්වේච්ඡා සම්මාදම්වලින්. (2 කොරින්ති 9:7) 1879දී පළ වුණ ‘මුරටැඹ’ සඟරාවේ දෙවෙනි කලාපයේ සඳහන් වුණේ මෙහෙමයි. “අපි විශ්වාස කරන විදිහට මේ සඟරාවට අනුග්‍රහය දක්වන්නේ යෙහෝවා දෙවියි. ඒ නිසා ඒක පළ කරන්න අපි මිනිසුන්ගේ ආධාර මත යැපෙන්නේ නැහැ.” එදා ප්‍රතිපත්තියමයි අදත් අපිට තියෙන්නේ.
සම්මාදම් මුදල් කෙළින්ම ශාඛා කාර්යාලයකට යවනවා. නැත්නම් නමස්කාර මධ්‍යස්ථානයක තියෙන සම්මාදම් පෙට්ටියකට දානවා. ඒත් අපි දහයෙන් කොටස ගන්නෙවත් සම්මාදම් තැටි අතිනත යවන්නෙවත් අපේ දේශනවලට, ප්‍රකාශනවලට සල්ලි ගන්නෙවත් නැහැ. දේශනා කරනවාටයි සභාවේ උගන්වනවාටයි නමස්කාර මධ්‍යස්ථාන හදන්න උදව් කරනවාටයි අපිට පඩියක් ගෙවන්නෙත් නැහැ. යේසුස් කිව්වේ “ලැබුණේ නොමිලේ. ඒ නිසා නොමිලේම දෙන්න” කියලයි. (මතෙව් 10:8) අපේ ශාඛා කාර්යාලවල ඉන්න අයත් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ පාලක මණ්ඩලයට අයිති අය ඇතුළු අපේ ලෝක මූලස්ථානයේ ඉන්න අයත් පූර්ණකාලීන ආගමික සේවයක යෙදෙන සාමාජිකයන්. ඒ අයට පඩියක් ගෙවන්නේ නැහැ.
“යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ සියලුම ආගමික වැඩකටයුතු සිදු වන්නේ ස්වේච්ඡා සම්මාදම්වලින්. සම්මාදම් කරන්නේ කවදාද, කොයි තරම් ප්‍රමාණයක්ද කියලා තීරණය කරන්නේ ඔවුන් එක් එක් කෙනායි.”—2011 මානව හිමිකම් පිළිබඳ යුරෝපීය අධිකරණය
සහන සේවා සපයන්නත් සම්මාදම් මුදල් යොදවනවා. මුල් ක්‍රිස්තියානීන් පීඩා වින්ද අය වෙනුවෙන් සම්මාදම් දුන්නේ සතුටින්. (රෝම 15:26) ඒ වගේ අපිත් විපත්තිවලට ගොදුරු වුණ අයගේ ගෙවල් හදන්නත් ඒ අයට අවශ්‍ය කෑම බීම, ඇඳුම් පැළඳුම්, බේත්හේත් දෙන්නත් නමස්කාර මධ්‍යස්ථාන අලුත්වැඩියා කරන්නත් සම්මාදම් යොදාගන්නවා.
-
-
අපි දේශනා කරන්නේ ඇයි?2015 මුරටැඹ | සැප්තැම්බර් 1
-
-
මුල් පිටුවෙන් | යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් කවුද?
අපි දේශනා කරන්නේ ඇයි?
අපිව ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ ගෙයින් ගෙටත් මිනිසුන් ගැවසෙන ඕනම තැනකත් දේශනා කරන අය හැටියටයි. ඇයි අපි එහෙම කරන්නේ?
යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් දේශනා කරන්නේ දෙවියන්ට ගෞරවය ලබා දෙන්නයි, ඔහුගේ නම අනිත් අයට දන්වන්නයි. (හෙබ්‍රෙව් 13:15) අපි යේසුස්ටත් කීකරු වෙනවා. ඔහු මේ වගේ අණක් දුන්නා. “ගොස් සෑම ජාතියකටම අයත් මිනිසුන්ට මගේ ගෝලයන් වෙන්න උපකාර කරන්න. . . . මා ඔබට අණ කළ සෑම දෙයක්ම පිළිපදින්න ඔවුන්ට උගන්වන්න.”—මතෙව් 28:19, 20.
අපි අසල්වැසියන්ටත් ප්‍රේම කරනවා. (මතෙව් 22:39) තමන්ටම කියලා ආගමික විශ්වාසයන් හුඟක් අයට තියෙනවා. හැමෝම පණිවිඩයට උනන්දුවක් දක්වන්නේ නැහැ කියලත් අපි දන්නවා. ඒත් බයිබලයේ තියෙන සත්‍යයන් මිනිසුන්ගේ ජීවිත ගලවගන්න උදව් වෙනවා. ඒ නිසයි අපි මුල් සියවසේ හිටිය ක්‍රිස්තියානීන් වගේම ‘යේසුස් පිළිබඳ ශුභාරංචිය ප්‍රකාශ කිරීමේ කාර්යය නතර කරන්නේ නැත්තේ.’—ක්‍රියා 5:41, 42.
ආගම් පිළිබඳ හදාරන සමාජ විද්‍යාඥයෙක් වන ආන්ටෝන්යෝ කෝවා මාඩුරෝ සාක්ෂිකරුවන් ගැන ලිව්වේ මෙහෙමයි. ‘ලෝකේ අස්සක් මුල්ලක් නෑර හැම තැනකම ඉන්න අයට දේවවචනය කියන්න යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් මැරීගෙන වැඩ කරනවා.’—වෙනිසියුලාවේ පුවත්පතක් (El Universal)
අපේ පොත් පත් කියවන හුඟදෙනෙක් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් නෙවෙයි. අපිත් එක්ක බයිබලය පාඩම් කරන මිලියන ගණන් අය වෙනත් ආගම්වල අය. ඒත් තමන්ව හමු වෙන්න සාක්ෂිකරුවන් එන එක ගැන ඒ අය සතුටු වෙනවා.
යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ගැන ඔයාට තවත් ප්‍රශ්න ඇති. ඒ ප්‍රශ්නවලට උත්තර හොයාගන්න
යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක්ගෙන් අහන්න.
අපේ www.pr418.com වෙබ් අඩවියට පිවිසෙන්න.
අපේ රැස්වීම්වලට එන්න. ඕනම කෙනෙක්ට එන්න පුළුවන්. මුදල් අය කරන්නේ නැහැ.
-