ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g19 අංක 1 3 පි.
  • අපේ ආරක්ෂාව අනතුරේ

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අපේ ආරක්ෂාව අනතුරේ
  • 2019 පිබිදෙව්!
  • සමාන තොරතුරු
  • මියයන කොරල් පර—මනුෂ්‍යයන් වගකිව යුතුද?
    1996 පිබිදෙව්!
  • ආර්ථික අර්බුදයට දේවරාජ්‍යයෙන් විසඳුමක්!
    තවත් ලිපි
  • කොරල් පර බේරාගැනීමට කළ හැක්කේ කුමක්ද?
    1996 පිබිදෙව්!
  • දස දෙසින්
    2007 පිබිදෙව්!
තව තොරතුරු
2019 පිබිදෙව්!
g19 අංක 1 3 පි.

ප්‍රශ්නය

අපේ ආරක්ෂාව අනතුරේ

“ආර්ථිකය, විද්‍යාව සහ තාක්ෂණය අතින් අද මිනිසුන් හිණිපෙත්තටම නැඟලා. සතුටින් ජීවත් වෙන්න අවශ්‍ය හැම දෙයක්ම ලබාගන්න අවස්ථාව ඔවුන්ට තියෙනවා. . . . ඒත් වැඩි කල් යන්න කලින් මිනිසුන් අතින්ම මේ ලෝකය නැති වෙන ලකුණුයි පේන්න තියෙන්නේ.”—The Global Risks Report 2018, World Economic Forum.

අනාගතයේ අපිටත් මේ ලෝකයටත් මොනවා වෙයිද කියලා බුද්ධිමත් හුඟදෙනෙක් කල්පනා කරනවා. අපි දැන් ඒකට හේතු කීපයක් බලමු.

  • ලොක් කරලා තියෙන පරිගණකයක්

    අන්තර්ජාලය හරහා සිදු වෙන අපරාධ: ඕස්ට්‍රේලියාවේ පුවත්පතක මෙහෙම කියනවා. “අන්තර්ජාලයේ සැරිසරන එක දැන් හරිම අනතුරුදායක දෙයක් වෙලා. මොකද ළමා අපචාරකයන්, අනිත් අයව බයගන්වන නැත්නම් කුපිත කරවන අරමුණින් අදහස් දාන, අනිත් අයගේ පෞද්ගලික තොරතුරු සොරාගන්න මිනිසුන් අන්තර්ජාලය තෝතැන්නක් කරගෙන. අනන්‍යතාව සොරකම් කරන එක අද ශීඝ්‍රයෙන් වැඩි වෙන අපරාධයක්. . . . තම කුරිරුකම්, නපුරුකම් එළියට දාන්න මිනිසුන් දැන් අන්තර්ජාලයත් ප්‍රයෝජනයට අරන්.”

  • අත් කිහිපයක් සහ මුදල් නෝට්ටුවක්

    ඇති නැති පරතරය: දුප්පත් අයට උදව් කරන ආයතනයකින් නිකුත් කළ වාර්තාවක මෙහෙම සඳහන් වෙනවා. “බිලියන 3.6ක් වන ලෝකයේ ඉන්න දිලිඳුම ජනයාට හිමි වත්කමට සමාන වත්කමක් ලෝකේ ඉහළම ධනපතියන් 8දෙනා සතු වෙනවා. . . . අද ධනවතුන් දුප්පතාව තව තවත් සූරා කමින් තම මඩිය තර කරගන්නවා. ලෝකේ ආර්ථිකය සකස් වෙලා තියෙන්නෙත් ඒ විදිහට.” වේගයෙන් ඉහළ යන ඇති නැති පරතරය නිසා කෝලහල ඇති වෙයි කියලා සමහරු ඉන්නේ හරිම බයෙන්.

  • බෝම්බ

    යුධ ගැටුම් සහ හිංසා පීඩා: එක්සත් ජාතීන්ගේ සරණාගත ඒජන්සිය 2018 පළ කරපු වාර්තාවක මෙහෙම කියනවා. “කවරදාටත් වඩා වැඩි පිරිසකට දැන් උන්හිටි තැන් අහිමි වෙලා.” මිලියන 68කට වැඩි පිරිසකට එහෙම වෙලා තියෙන්නේ ගැටුම් හෝ හිංසා පීඩා නිසයි. “හැම තත්පර 2කටම සැරයක් අඩුම තරමින් එක පුද්ගලයෙක්වවත් තම නිවසින් බලහත්කාරයෙන් ඉවත් කරනවා” කියලත් ඒ වාර්තාවේ සඳහන් වුණා.

  • කර්මාන්තශාලාවලින් පිට වෙන දුම් නිසා වෙන පරිසරය දූෂණය

    පරිසර විනාශය: “ශාක සහ සත්ව විශේෂ බොහොමයක් වේගයෙන් වඳ වෙමින් යනවා” කියලත් “වාතය සහ මුහුද දූෂණය වීම වෙන කවරදාටත් වැඩියෙන් මිනිසුන්ගේ සෞඛ්‍යයට තර්ජනයක් වෙලා” කියලත් 2018 පළ වුණු වාර්තාවක සඳහන් වෙනවා. සමහර රටවල කෘමීන් වේගයෙන් වඳ වෙනවා. කෘමීන් ශාක පරාගණයට දායක වෙන නිසා උන් වඳ වෙලා යන එකෙන් අපේ පරිසරය මුළුමනින්ම විනාශ වෙයි කියලයි විද්‍යාඥයන් කියන්නේ. පහුගිය අවුරුදු 30 ඇතුළත ලෝකයේ කොරල්පරවලින් හරි අඩක්ම විනාශ වෙලා කියලත් විද්‍යාඥයන් කියනවා.

මේ ලෝකය වඩාත් සුරක්ෂිත තැනක් බවට පත් කරගන්න අපිට පුළුවන් වෙයිද? සමහර අය හිතන්නේ මිනිසුන්ව දැනුවත් කරන එක ඒකට උදව් වෙයි කියලයි. ඒත් මොන පැතිවලින්ද එයාලව දැනුවත් කරන්න ඕනේ? ඒ ගැන ඊළඟ ලිපියෙන් බලමු.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න