ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w98 5/1 5-7 පි.
  • යෙහෝවා කවුද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • යෙහෝවා කවුද?
  • 1998 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • ඔහුගේ නමේ වැදගත්කම
  • යෙහෝවාගේ ප්‍රබල ගුණාංග
  • සියලු ජාතීන්ගේ දෙවි
  • යෙහෝවාව දැනගැනීමෙන් ඇති ප්‍රයෝජන
  • යෙහෝවා ඔහු කවුද?
    යෙහෝවා ඔහු කවුද?
  • දෙවිව හඳුනාගනිමු
    සතුටින් පිරි ජීවිතයකට මඟ
  • සැබෑ දෙවි කවුද?
    සදාකාල ජීවනයට මඟ පෙන්වන දැනුම
  • එකම සැබෑ දෙවි ලෙස යෙහෝවාව වර්ණනා කරන්න
    එකම සැබෑ දෙවිට නමස්කාර කරන්න
තව තොරතුරු
1998 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w98 5/1 5-7 පි.

යෙහෝවා කවුද?

යෙහෝවා තම විශ්වාසවන්ත නමස්කාරකයෙක්ට මෙසේ පැවසුවා: “මනුෂ්‍යයා මා දැක ජීවත්නොවන්නේය.” (නික්මයාම 33:20) ‘දෙවි ආත්මයක්ය;’ තවද මනුෂ්‍යයන්ට තම පියවි ඇස්වලින් ඔහුව දැකිය නොහැකියි. (යොහන් 4:24) මද්දහනේදී කෙළින්ම සූර්යයා දිහා බැලීම හානිදායක වනු ඇතිවාක් මෙන්ම, අපේ දීප්තිමත් හිරු පමණක් නොව නමුත් විශ්වයේ ගණන් කළ නොහැකි අනික් සූර්යයන්ද මැවූ අතිවිශාල බලයේ උල්පත දැකීමත් අපට විපත්තිදායක වනු ඇත.

දෙවි ගැන දැනගැනීමට අපට ඔහුව දකින්නම අවශ්‍යතාවක් නැතිවීම සතුටට කරුණක්. අප වෙනුවෙන් එම මවිතාකාර පාර්සලය වන පොළොව සූදානම් කළ තැනැත්තාව හා ඔහුගේ පෞද්ගලිකත්වය යන දෙකම බයිබලය මගින් හඳුන්වා දෙනවා. එබැවින් අපට ජීවිතය දී, එම ජීවිතය භුක්ති විඳීමට මනහර නිවසක් සපයා දුන් පියා ගැන සෙවීමට බයිබලය තුළට එබිකම් කිරීම වටිනවා.

ඔහුගේ නමේ වැදගත්කම

බොහෝදෙනෙක්ට අදදින මේවා ගැන දැනුමක් නැති වුණත්, සියලුම නම්වලට අර්ථයක් තිබෙනවා. උදාහරණයක් ලෙස, ඩේවිඩ් යන පොදු ඉංග්‍රීසි නම පැමිණෙන්නේ “ආදරණීය” යන අර්ථය ඇති හෙබ්‍රෙව් වචනයකින්. මැවුම්කරුගේ යෙහෝවා යන නමටත් අර්ථයක් තිබෙනවා. ඒ කුමක්ද? මුල් බයිබල් භාෂාව වන හෙබ්‍රෙව්වල, දිව්‍ය නම ලියා තිබෙන්නේ YHWH යන අකුරු හතරකින් වන අතර, බයිබලයේ හෙබ්‍රෙව් කොටසෙහි එය 7,000 වාරයකට ආසන්නව දක්නට තිබෙනවා. “ඔහු සිදු වෙන්න සලස්වනවා” යන අර්ථය දිව්‍ය නමෙහි තිබෙන බවට තේරුම්ගෙන තිබෙනවා. යෙහෝවා තම අරමුණු ඉටු කරගැනීම සඳහා තමා පත් විය යුතු කුමන තත්වයකට හෝ පත්වීමට තමාට ඥානවන්තව සලස්වන බව ඉන් අඟවනවා. ඔහු මැවුම්කරු, විනිශ්චකරු, ගැළවුම්කරු සහ ජීවිතය උසුලන්නා වන අතර, ඒ හේතුවෙන් ඔහුට තම පොරොන්දු ඉටු කිරීමට හැකියි. එපමණක්ද නොව, හෙබ්‍රෙව් භාෂාවෙන් යෙහෝවා යන නාමය දැනට ඉටු වෙමින් පවතින ක්‍රියාවක් දක්වන ස්වරූපයක් ගන්නවා. ඔව්, යෙහෝවා තවමත් තම අරමුණු ඉටුකරන්නා බවට තමාවම පත් කරමින් සිටිනවා. ඔහු ජීවමාන දෙවිකෙනෙක්!

යෙහෝවාගේ ප්‍රබල ගුණාංග

මැවුම්කරු ‘අනුකම්පාවෙන් පූර්ණ වූ දයාවන්ත වූ උදහස් වීමට ප්‍රමාද වන්නාවූ අධිකතර කරුණාව [ප්‍රේමනීය-කරුණාව, NW] සහ සැබෑකමද ඇත්තාවූ දෙවිකෙනෙක්ය. ඔහු දහස් ගණනකට කරුණාව [ප්‍රේමනීය-කරුණාව, NW] පවත්වන්නේය, අයුතුකමත් අපරාධයත් පාපයත් ක්ෂමා කරන්නේය’ කියා බයිබලය විස්තර කරනවා. (නික්මයාම 34:6, 7) “ප්‍රේමනීය-කරුණාව” යන ප්‍රකාශය බෙහෙවින් අර්ථවත් හෙබ්‍රෙව් වචනයකිනුයි පරිවර්තනය වන්නේ. යම් වස්තුවක අරමුණ ඉටු කරගන්න තුරුම ඊට ප්‍රේමනීයව ඇලී සිටින කරුණාවක් ඉන් අඟවයි. එය “පක්ෂපාත ප්‍රේමය” කියාත් පරිවර්තනය කළ හැකියි. යෙහෝවාගේ කරුණාව ඔහුගේ මැවිලිවලට ප්‍රේමනීයව ඇලී සිටින අතර ඔහුගේ මවිතාකාර අරමුණ ඉටු කරයි. ඔබට ජීවිතය දී තිබෙන තැනැත්තාගෙන් ලැබෙන එවන් ප්‍රේමය ඔබ ආදරයෙන් රැකබලා ගන්නේ නැද්ද?

යෙහෝවා කෝප වෙන්න ප්‍රමාද, අපේ වැරදිවලට සමාව දෙන්න ඉක්මන් වන තැනැත්තෙක්. එවැනි පුද්ගලයෙකුට සමීපව සිටීම හද උණුසුම් කරවන්නක්. ඒත්, ඔහු වැරදි නොසලකා හරින බවක් ඉන් අදහස් කරන්නේ නැහැ. ඔහු මෙසේ ප්‍රකාශ කළා: “[යෙහෝවා] වන මම යුක්තියට ප්‍රියව, අධර්මිෂ්ඨකමින් කොල්ලකෑමට ද්වේෂකරමි.” (යෙසායා 61:8) තම දුෂ්ටකමෙහි නොකඩවා පවතින මුරණ්ඩු පව්කාරයන් කෙරෙහි යුක්තිසහගත දෙවි වශයෙන් ඔහු සදහටම ඉවසා නොසිටිනු ඇත. මෙසේ, යෙහෝවා තම නියමිත කාලයේදී ලෝකයෙහි අයුක්තීන් නිවැරදි කරයි කියා අපට සහතික විය හැකියි. ඔහු දුක් වේදනා විඳින්නන්ව නොසලකා නොහරිනු ඇත.

ප්‍රේමය හා යුක්තිය අතර පරිපූර්ණ සමබරතාවක් පවත්වාගැනීම පහසු දෙයක් නොවෙයි. ඔබ දෙමාපියෙකු නම්, ඔබේ දරුවන් නොමනා ලෙස හැසිරෙන විට ඔවුන්ව නිවැරදි කරන්නේ කුමන අවස්ථාවේදීද, කෙසේද එමෙන්ම කොපමණ දුරකටද කියා තීරණය කිරීම අසීරුයි කියා ඔබට දැනෙනවාද? යුක්තිය ප්‍රේමනීය දයානුකම්පාව සමඟ සමබර කිරීමට සෑහෙන ප්‍රඥාවක් අවශ්‍යයි. යෙහෝවා මිනිසුන් සමඟ කටයුතු කරද්දී එම ගුණාංගය බහුල ලෙස විදහාපානවා. (රෝම 11:33-36) ඇත්තෙන්ම, උදාහරණයක් ලෙස අප අවට මැවිල්ලේ පුදුමයන් තුළින් මැවුම්කරුගේ ප්‍රඥාව සෑම තැනකම දැකගත හැකියි.—ගීතාවලිය 104:24; හිතෝපදේශ 3:19.

කෙසේවෙතත්, ප්‍රඥාව තිබිලා විතරක් මදි. තම කැමැත්ත ඉටු කිරීමට මැවුම්කරුට බලයත් තිබිය යුතු අතර ඔහු ඉතා බලවත් කියා බයිබලය හෙළි කරනවා: ‘නුඹලාගේ ඇස් ඉහළ ඔසවා බලන්න, මේවා මැව්වෙත් මේවායේ සේනාව ගණන් වශයෙන් පිටතට පමුණුවන්නෙත් කවුද? ඔහු මේ සියල්ලට නම් කියා හඬගසන්නේය. ඔහුගේ බලයේ මහත්කම නිසාද ඔහු ශක්තියෙන් බලවත් බැවින්ද එකක්වත් නෑවිත් නොතිබේ.’ (යෙසායා 40:26) “බලයේ මහත්කම” ඇතුව සිටින යෙහෝවා දේවල් ඉටු කරනවා. එවැනි ගුණාංගයක් ඔබව ඔහු වෙත ඇදගනු ලබන්නේ නැද්ද?

සියලු ජාතීන්ගේ දෙවි

‘යෙහෝවා “පරණ ගිවිසුමේ” දෙවි, පුරාණ ඉශ්‍රායෙලයේ දෙවි නෙවෙයිද’ කියා ඔබ කල්පනා කළ හැකියි. යෙහෝවා ඉශ්‍රායෙල්වරුන්ට තමාවම හෙළි කළ බව සැබෑවක්. ඒත්, මුල් මිනිස් යුවළ මැවීමේ සුචරිතය මගින්, යෙහෝවා “පොළොවෙහි . . . ඒ ඒ ගෝත්‍රයට නම් දෙන්නාවූ” දෙවියි. (එපීස 3:14, 15) ඔබේ මුතුන්මිත්තන්ට ගරු කිරීම සුදුසුයි කියා ඔබ විශ්වාස කරනවා නම්, අදදින පොළොව මත පවතින පරම්පරා සියල්ලේ මුල වූ අපේ පොදු මුතුන්මිත්තා වන මුල් මනුෂ්‍යයාට ජීවිතය දුන් තැනැත්තාට ප්‍රණාමය දීම යෝග්‍ය නොවනු ඇද්ද?

මනුෂ්‍යවර්ගයාගේ මැවුම්කරු පටු අදහස් ඇති කෙනෙක් නොවෙයි. එක කාලයකදී ඔහු ඉශ්‍රායෙල් ජාතිය සමඟ විශේෂ සබඳතාවක් පැවැත්වුව බව සැබෑවක්. නමුත් එවිට පවා, ඔහුගේ නමින් හඬගසන සියල්ලන්ට ඔහු තම දෑත් විහිදෙව්වා. “ඔබගේ සෙනඟවූ ඉශ්‍රායෙල් කෙනෙක් නොවන . . . ඔබගේ නාමය නිසා දුර දේශයකින් ආවාවූ [විදේශියෙකුට] . . . පොළොවේ සියලු සෙනඟ විසිනුත් ඔබගේ නාමය [ඇඳිනගන්න] . . . පිණිසද, ඔබගේ වාසස්ථානය වන ස්වර්ගයෙහි සිට අසා, විදේශියා ඔබට කරන මුළු කන්නලව්ව ලෙස ඔහුට කළ මැනව.” (1 රාජාවලිය 8:41-43) අද දක්වා, සියලු ජාතීන්ගේ ජනයාට යෙහෝවාව දැනගැනීමටත්, ඔහු සමඟ අර්ථවත් සබඳතාවක් ඇතුව සිටින්ටත් හැකියි. නමුත් එය ඔබට බලපාන්නේ කෙසේද?

යෙහෝවාව දැනගැනීමෙන් ඇති ප්‍රයෝජන

පෙර ලිපියෙහි නිදසුනට නැවත ගියොත්, ලස්සනට ඔතන ලද පාර්සලයක් ඔබට ලැබුණා නම්, තෑග්ග කුමක් සඳහාද කියා දැනගන්න ඔබට සාමාන්‍යයෙන්ම වුවමනා වනු ඇත. එය පාවිච්චි කළ යුත්තේ හා බලාගත යුත්තේ කෙසේද? එලෙසම, දෙවි අප සඳහා පොළොව සූදානම් කළ විට ඔහුගේ මනසේ තිබුණේ කුමක්ද කියා දැනගැනීමට අපට වුවමනායි. ඔහු “එය හිස්කමට [නොමැවූ]” නමුත් ඔහු “එය” මනුෂ්‍යයන්ට “වාසය පිණිස . . . සෑදුව” බව බයිබලය පවසනවා.—යෙසායා 45:18.

එහෙත්, මනුෂ්‍යයන් වැඩිදෙනෙක් මැවුම්කරුගේ තෑග්ග රැකබලාගෙන නැහැ. ඔවුන් යෙහෝවාව ඉමහත් සේ අසතුටට පත් කරවමින් පොළොව විනාශ කිරීමෙහි නියැලී සිටිනවා. ඒත්, ඔහුගේ නමේ අර්ථය සැබෑ කරවමින්, මිනිසා හා පොළොව සඳහා ඔහුගේ මුල් අරමුණ ඉටු කිරීමට යෙහෝවා අධිෂ්ඨානයක් ගෙන තිබෙනවා. (ගීතාවලිය 115:16; එළිදරව් 11:18) ඔහුගේ කීකරු දරුවන් හැටියට ජීවත් වීමට කැමති අයට ඔහු පොළොව අලුත්වැඩියා කර, එය උරුමයක් වශයෙන් දෙයි.—මතෙව් 5:5.

එය සිදු වන විට දේවල් කොයි විදිහට තිබේවිද කියා බයිබලයේ අන්තිම පොත විස්තර කරනවා: ‘මෙන්න, දෙවිගේ මණ්ඩපය මනුෂ්‍යයන් සමඟය, ඔහු ඔවුන් සමඟ වාසය කරන්නේය, ඔවුහු ඔහුගේ සෙනඟ වන්නෝය, . . . ඔහු ඔවුන්ගේ ඇස්වලින් සියලු කඳුළු පිසදමන්නේය; මරණය තවත් නොවන්නේය; වැලපීමත් හැඬීමත් වේදනාවත් තවත් නොවන්නේය. මක්නිසාද පළමු දේවල් පහව ගියේය.’ (එළිදරව් 21:3, 4) ප්‍රේමනීය කෙනෙකු අහිමි වීම හේතුවෙන් කිසි කෙනෙක් එවිට දුකෙන් කඳුළු සලන්නේවත්, ශෝකයෙන් සිටින්ට යන්නේවත් නැහැ. කිසිවෙක් බලාපොරොත්තු සුන්ව උපකාරය පතා මොර දෙන්නේවත්, නැතහොත් මාරාන්තික රෝගවලින් වේදනා විඳින්න යන්නේවත් නැහැ. “මරණය” පවා “නැතිකරනු [ලබනවා].” (1 කොරින්ති 15:26; යෙසායා 25:8; 33:24) අපේ මුල් මුතුන්මිත්තන්ව මැවූ අවස්ථාවේ අප භුක්ති විඳිනවාට යෙහෝවා මුලින්ම කැමති වූයේ කුමනාකාරයේ ජීවිතයක්ද කියා මෙය විස්තර කරනවා.

ඇත්තෙන්ම, යෙහෝවාගේ නමස්කාරකයන් අතර දැන් ඔබට එවැනි පාරාදීසමය තත්වයන් පිළිබඳ පූර්වාදර්ශනයක් දැකිය හැකියි. ඔහු ඔවුන්ට මෙසේ පවසනවා: “ප්‍රයෝජන ලබාගැනීමට නුඹට උගන්වන්නෙත් නුඹ යා යුතු මාර්ගයෙහි නුඹ ගෙනයන්නෙත් නුඹේ දෙවිවූ [යෙහෝවා] වන මමය.” (යෙසායා 48:17) ජීවත් වීමට හොඳම මාර්ගය තම දරුවන් වන අපට උගන්වන කරුණාවන්ත පියෙක් යෙහෝවා. මනුෂ්‍යයන් සඳහා ඔහුගේ මාර්ගදර්ශක අනිසි තහනමක් නොව, නමුත් ප්‍රේමනීය ආරක්ෂාවක් සපයනවා. ඒවා අනුගමනය කිරීමෙන් ලියා තිබෙන විදිහටම සැබෑ නිදහස හා සන්තෝෂය ප්‍රතිඵල වනු ඇත: ‘යෙහෝවා ආත්මයක්ය. යෙහෝවාගේ ආත්මය ඇති තැන නිදහස්කම ඇත්තේය.’ (2 කොරින්ති 3:17) බයිබලයේ දී තිබෙන මාර්ගදර්ශක අනුගමනය කිරීම මගින්, ඔහුගේ පාලකත්වය පිළිගන්නා අය, යම් දිනක මනුෂ්‍යවර්ගයාගේ මුළු ලෝකය පුරා පැතිර යනු ඇති මනසේ සාමයක් දැන් අද්දකිමින් සිටිනවා.—පිලිප්පි 4:7.

යෙහෝවා මොනතරම් ත්‍යාගශීලීවන්ත දෙවිකෙනෙක්ද! මැවිල්ලේ සියලු පුදුමයන් පිටුපස සිටින තැනැත්තා පිළිබඳව වැඩියෙන් ඉගෙනගැනීමට ඔබ කැමැත්තෙන් සිටිනවාද? එවැනි අයට, දැන් පවා ලැබෙන ප්‍රයෝජන මිල කළ නොහැකියි. තවද අනාගතයේදී ආශීර්වාද සදාකාලික වනු ඇත.

[5වන පිටුවේ පින්තූරය]

පුරාණ පල්ලි බොහෝමයක බිත්තිවල හෙබ්‍රෙව් අකුරු හතරෙන් ලියනු ලැබූ දිව්‍ය නම දැකගත හැකියි

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න