ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • “ඔබට විඳදරාගැනීම අවශ්‍යය”
    1996 මුරටැඹ | අප්‍රියෙල් 1
    • “ඔබට විඳදරාගැනීම අවශ්‍යය”

      “පොරොන්දුව ලබන්ට” නම්, අපට “විඳදරාගැනීම අවශ්‍යය”. (හෙබ්‍රෙව් 10:36, NW) මෙම පාඨයේ ප්‍රේරිත පාවුල් භාවිත කළ “විඳදරාගැනීම” සඳහා වූ ග්‍රීක් වදන, ඇතැම් අවස්ථාවලදී “දුෂ්කර මෙන්ම අසතුටුදායක තත්වයන් යටතේ පවා ශාකයකට ජීවත්වීමට තිබෙන හැකියාව” විස්තර කළ බව එක් බයිබල් විශාරදයෙක් පැහැදිලි කරයි.

      යුරෝපයේ කඳුකරයේ එබඳු ශාකයක් වැඩෙයි. කුතුහලය දනවන දෙය වන්නේ, එය සදා-ජීවන ශාකය යනුවෙන් හඳුන්වනු ලැබීමය. මෙම ඇල්පයින් ශාකය ඇත්තවශයෙන්ම සදාකල් පවතින්නේ නැත, එහෙත් සෑම ග්‍රීෂ්ම ඍතුවකදීම ලස්සන මල් දරමින්, එය වසරක් වසරක් පාසා කල් පවතී. සදා-ජීවන යන නාමය එම ශාකයට දෙනු ලැබුවේ එහි “ශක්තිමත්කම හා කල්පවතින ස්වභාවය” නිසායයි ද නිව් එන්සයික්ලොපීඩියා බ්‍රිටැනිකා පැහැදිලි කරයි. (සෙම්පර්විවුම් ගණයට අයත් මෙම ශාක සඳහා වූ විද්‍යාත්මක නාමයත් “සදා-ජීවන” යන්න අදහස් කරයි.)

      මෙම කල්පවතින ශාකය වඩාත් පුදුමසහගත එකක් වීමට හේතුව වන්නේ, ශාකයකට හිතකර නොවන තැන්වල පවා වැඩීමට එයට හැකිවීමයි. පැය 24ක කෙටි කාලයක් තුළ උෂ්ණත්වය සෙල්සියස් අංශක 35ක් දක්වා වේගයෙන් පහත වැටිය හැකි අධික උසක පිහිටි, නිතර සුළං හමන කඳු බෑවුම්වල, ඒවා දක්නට ලැබේ. පස් ස්වල්පයක් ඇති පාෂාණ විවරයක වැඩීමට ඊට හැක. එබඳු අසීරු තත්වයන් යටතේ විඳදරාගැනීමට ඊට තිබෙන රහස් සමහරක් කවරේද?

      සදා-ජීවන ශාකයට මාංසල පත්‍ර තිබේ, මේවා පරෙස්සමින් ජලය රැස් කර තබයි. වර්ෂාවෙන් හෝ දියවන හිමෙන් ලබාගත හැකි තෙතමනයෙන් සම්පූර්ණ ප්‍රයෝජනය ලබාගැනීමට මෙය ඊට හැකි කරවයි. එපමණක්ද නොව, ඒවා පඳුරු වශයෙන් වැඩෙන අතර, ඒ නිසා ඒවායේ පාෂාණීය ආධාරකය තදින් ග්‍රහණය කරගැනීම සඳහා ශක්තිය වැඩි කරගැනීමට ඒවාට හැකි වේ. පාෂාණ විවරවල පස් ස්වල්පයක් පමණක් තිබිය හැකි වුවත්, එහි පැළවීම හේතුවෙන්, වැසි සුළං ආදියෙන් ඊට යම් දුරකට ආරක්ෂාවක් තිබේ. වෙනත් වචනවලින් කිවහොත්, දුෂ්කර තත්වයන්ගෙන් උපරිම ප්‍රයෝජනය ගැනීමෙන් එය හොඳින් වැඩේ.

      ආත්මික අර්ථයකින් පවසනවා නම්, අපගේ විඳදරාගැනීමේ ගුණය පරීක්ෂාවට ලක් කරන්නාවූ තත්වයන්ට අප හසු වී සිටිය හැක. පීඩා යටතේ විඳදරාගැනීමට අපට උපකාර කරනු ඇත්තේ කුමක්ද? සදා-ජීවන ශාකය මෙන්, දේවවචනයේ ජීවන-දායක ජලය රැස් කර තැබීමටත්, අනුබලය හා ආරක්ෂාව සඳහා සැබෑ ක්‍රිස්තියානීන් සමඟ සමීප ලෙස ඇසුරු කිරීමටත් අපට හැක. මේ සියල්ලට වඩා, ඇල්පයින් මල මෙන්, අපගේ “පර්වතය” වන යෙහෝවඃවහන්සේටත් එමෙන්ම උන්වහන්සේගේ වචනය හා සංවිධානයටත් අප තදින් ඇලී සිටිය යුතුය.—2 සාමුවෙල් 22:3.

      සැබවින්ම, අසීරු වටාපිටාවක පවා, ලබාගත හැකි සැපයුම්වලින් අපි ප්‍රයෝජන ගන්නෙමු නම්, අපට විඳදරාගත හැකි බවට සදා-ජීවන ශාකය සිත්ගන්නාසුලු සිහිගැන්වීමකි. එබඳු විඳදරාගැනීම, අපව ‘පොරොන්දු උරුම කරගැනීමට,’ එනම් පදගතාර්ථයෙන් සදාකල්-ජීවත්වීම යන්නෙන් අදහස් කරන දෙයට මඟ පෙන්වන බව, යෙහෝවඃවහන්සේ අපට සහතික කරනසේක.—හෙබ්‍රෙව් 6:12; මතෙව් 25:46.

  • යමෙකු ඔබව හමුවෙන්ට එනවාට ඔබ කැමතිද?
    1996 මුරටැඹ | අප්‍රියෙල් 1
    • යමෙකු ඔබව හමුවෙන්ට එනවාට ඔබ කැමතිද?

      දෙවියන්වහන්සේ, උන්වහන්සේගේ රාජ්‍යය සහ මිනිස් සංහතිය උදෙසා උන්වහන්සේගේ පුදුමාකාර අරමුණ පිළිබඳව ඒකාන්ත බයිබල් දැනුමක් ලැබීමෙන්, ගැටලුවලින් පිරි මෙම ලෝකයේ පවා, සන්තෝෂය අත් කරගැනීමට ඔබට හැකිය. ඔබ තවදුරටත් තොරතුරු දැනගැනීමට කැමති නම්, නැතහොත් ඔබ සමඟ නොමිලේ බයිබල් පාඩමක් පැවැත්වීමට යමෙකු ඔබගේ නිවසට එනවාට ඔබ කැමති නම්, කරුණාකර වොච්ටවර්, 711 දුම්රියපොළ පාර, වත්තල, 0730 යන ලිපිනයට හෝ 2වන පිටුවේ යෝග්‍ය ලිපිනයකට ලියන්න.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න