-
දුප්පතුන්ට කොතරම් කාලයක් බලා සිටින්ට සිදුවේවිද?1995 මුරටැඹ | මැයි 1
-
-
දුප්පතුන්ව තවත් දුප්පත් කිරීමටත් ඉඩ ඇත.” කෙසේවෙතත්, අසීරුතා සහ අඟහිඟකම්වලට අමතරව, කිසිම විටිනාකමක් නැති බවට වූ හැඟීම දුප්පතුන්ව තවත් පීඩාවට පත් කරයි. අසරණභාවයේ සහ බලාපොරොත්තු නැතිකමේ හැඟීම්වලින් ජයගැනීමට දුප්පතුන්ට උපකාර කිරීමට මිනිස් නායකයන්ට හැකිවේද?
ඇත්තෙන්ම, ඉතා අසරණ දුප්පත්තු බොහෝදෙනෙක්, දුප්පත්කම සමඟ සාර්ථකව කටයුතු කිරීමට ඉගෙනගෙන ඇති අතර, අහස් උසට නැඟ තිබෙන උද්ධමනය හා විරැකියාව වැනි මහත් දුෂ්කරතා හමුවේ පහත් ආත්මගෞරවයක හැඟීම්වලින් ජයගෙන සිටිති. එපමණක්ද නොව, සාගතය, නිවාස නැතිකම, සහ දුක්ඛිතභාවය කිසිම සැකයක් නැතිව සහමුලින්ම ඉවත් කර දමනු ලබනවා ඇත. මෙය ඔබට පුදුමයක්ද? “ළඟදීම, කිසිවෙකු දුප්පත් නොවනු ඇත” යන ඊළඟ ලිපිය කියවීමට අපි ඔබට ආරාධනා කරන්නෙමු.
-
-
ළඟදීම, කිසිවෙකු දුප්පත් නොවනු ඇත1995 මුරටැඹ | මැයි 1
-
-
ළඟදීම, කිසිවෙකු දුප්පත් නොවනු ඇත
“භය නොවෙල්ලා; බලව, මුළු සෙනගට මහත් ප්‍රීති උපදවන යහපත් ආරංචි නුඹලාට ගෙනෙමි.” (ලූක් 2:10) මෙම ධෛර්යය කරවනසුලු වදන් අසන ලද්දේ, යේසුස්වහන්සේ උපන් රාත්‍රියේ බෙත්ලෙහෙම් නුවර අසල මවිතයෙන් පසුවූ එඬේරුන් විසිනි. එම ප්‍රකාශ කිරීමට අනුකූලව, යේසුස්වහන්සේ තම භූමික දේවසේවය අතරතුරේදී, “ශුභාරංචිය” කෙරෙහි මහත් අවධාරණයක් දැක්වූසේක. අදදින, අපගේ අවශ්‍යතා සපුරාගැනීම සඳහා අප මුදල් මත මහත් සේ රඳා සිටින විට, යේසුස්වහන්සේ පිළිබඳ ශුභාරංචිය අපට ප්‍රයෝජනවත් විය හැක්කේ කෙසේද?
යේසුස්වහන්සේ “දිළිඳුන්ට ශුභාරංචිය” ප්‍රකාශ කළසේක. (ලූක් 4:18) මතෙව් 9:35ට අනුව, “යේසුස්වහන්සේ ඔවුන්ගේ සිනගෝගවල උගන්වමින්ද රාජ්‍යයේ ශුභාරංචිය දේශනාකරමින්ද සියලු ආකාර ලෙඩ හා සියලු ආකාර රෝග සුවකරමින්ද සියලු නුවරවලද ගම්වලද ඇවිද්දසේක.” උන්වහන්සේගේ වචන විශේෂයෙන්ම ධෛර්යය ගෙන දුන්නේ දුප්පත්කමින් බැට කා සිටි අයටය. “උන්වහන්සේ සමූහයන් දැක, ඔවුන් එඬේරෙකු නැති බැටළුවන් ලෙස හිරිහැර විඳිමින් විසිර ගොස් සිටිය බැවින් ඔවුන් කෙරෙහි අනුකම්පාකළසේක.” (මතෙව් 9:36) “දිළින්දෝ නුඹලා සමඟ නිතරම සිටිති” යනුවෙන් යේසුස්වහන්සේ පැවසූ බව සැබෑය, නමුත් දිළිඳුන්ට බලාපොරොත්තුවක් නැති බවක් අප මෙම වචනවලින් නිගමනය නොකළ යුතුය. (යොහන් 12:8) මෙම දුෂ්ට පිළිවෙළ පවතින තාක් කල්, ඔවුන්ගේ දුක්ඛිත තත්වයන් කොපමණ වුවත්, දුප්පත් ජනයා සිටිනවා ඇත. දුප්පත්කමේ යථාර්ථය දේවවචනයේ නොසලකා හැර නැත, නමුත් නිෂේධාත්මක පැති ගැන අවධාරණය කරන්නේද නැත. ඊට වඩා, එය ජීවිතයේ කනස්සලුභාවයන් සමඟ සාර්ථකව කටයුතු කළ හැකි ආකාරය ගැන දුප්පත් ජනයාට උපකාර කරයි.
දුප්පතුන් සඳහා උපකාර
“කිසිවෙක් තමාව සලකන්නේ හෝ තේරුම් ගන්නේ නැති බව දැනගැනීමට වඩා දැරිය හැකි වෙන කිසි පීඩාකාරි බරක් පුද්ගලයෙකුට නැතැයි” පවසා තිබීම සැලකිල්ලට ගැනීම වටී. එහෙත්, බහුතරයකගේ පැත්තෙන් දයානුකම්පාවේ ඌනතාව අභිබවා, වර්තමානයේ සහ අනාගතයේ යන දෙකේම දුප්පතුන් සඳහා ශුභාරංචියක් තවමත් තිබේ.
දුප්පතුන්ට උපකාර කිරීම සඳහා බොහෝදෙනෙකුට උනන්දුවක් නැති වීම කනගාටුවට කරුණකි. ද වර්ල්ඩ් බුක් එන්සයික්ලොපීඩියා විශ්වකෝෂයට අනුව, ඇතමුන් විශ්වාස කරන්නේ, “සමාජයේ වෙසෙන ජනයා බේරී ජීවත්වීම සඳහා තරඟ වදිති. . . . වඩා උසස් පුද්ගලයෝ බලසම්පන්න ධනවත් අය බවට පත්වෙති” කියාය. සමාජීය ඩාවින්වාදය යනුවෙන් හැඳින්වෙන මෙම න්‍යාය විශ්වාස කරන අයව දුප්පත් අලස හා නාස්තිකාර අය බවට සලකනවා විය හැක. එහෙත්, ගැමි කම්කරුවෝ, විදේශ රැකියාවල නිරතවූවෝ, සහ තවත් අය, අඩු වැටුපක් ගෙවනු ලැබුවද, තම පවුල් පෝෂණය කිරීම සඳහා බොහෝවිට වෙහෙස වී වැඩ කරති.
බොහෝ රටවල දුප්පත්කම මුළුමනින්ම පොදු දෙයක්ය. මෙබැවින්, බහුතරයක් වන දුප්පතුන්ට තමන් අත වරද ඇති බවක් හැඟී යා යුතු නැත. කෙසේවෙතත්, දුප්පතුන් අතර, අතිසුපිරි ජීවිත ගත කරන මිනිස්සුද සිටිති. සැපපහසු, අතිවියදම් සහිත නිවෙස්, ජනාකීර්ණ, සෞඛ්‍යය පහසුකම් නැති මුඩුක්කු අසල තිබේ. ඉහළ වැටුප් ලබන්නෝ, දිළිඳු, විරැකියාවෙන් පෙළන්නන් ජීවත් වන මාවත්වල මිල අධික මෝටර් රථ පදවාගෙන යති. එවැනි රටවල දුප්පත්හු, තමන්ගේ දුක්ඛිත තත්වය දැක මහත් වේදනාවට පත්වෙති. ඇත්තෙන්ම, “දිළින්දෝ මන්ද පෝෂණයෙන්, නිවාස නැතිකමින්, වෛද්‍ය පහසුකම් නොමැතිකමින් පමණක් නොව, නමුත් තමන්ගේ තත්වය ගැන නිරන්තර කනස්සලුභාවයෙන්ද දුක් විඳිති,” යයි ද වර්ල්ඩ් බුක් එන්සයික්ලොපීඩියා පවසයි. “හොඳ රැකියා ලබාගෙන ඒවා පවත්වාගෙන යෑමට හැකිකමක් නැති ඔවුන්ට අභිමානයේ හා ආත්ම ගෞරවයේ සියලු හැඟීම් නැතිවේ.” එසේනම්, ඉතා දුප්පත් අයගෙන් සමහරෙකු තම තත්වය සමඟ සාර්ථකව කටයුතු කරන්නේ කෙසේද? මෙවැනි තත්වයන්ට සාර්ථකව මුහුණ දීම සමඟ යේසුස්වහන්සේගේ ශුභාරංචියට ඇති සම්බන්ධය කුමක්ද?
පළමුව, අඥාන වූ පුරුදු මගින් දුප්පත්කම තවත් දරුණු තත්වයට පත් කළ හැකි බව මතක තබාගන්න. තම භාර්යාවට හා තම කුඩා දරුවන්ට ආහාර සඳහා ස්වල්ප යමක් තිබුණු අතරේදී, තමා දුරාචාර ජීවිත රටාවක් පවත්වාගෙන යෑම සඳහා මුදල් නාස්ති කළ බව වෝල්ඩ්සර් පිළිගනී. “මට රැකියාවක් තිබුණත්, මට මගේ පවුල සඳහා කිසිවිටෙකත් මුදල් තිබුණේ නැහැ, නමුත් මගේ සාක්කුවේ විවිධ අන්දමේ ලොතරැයි ටිකට් පත් තිබුණා.” දැඩි බීමත්කම හා දුම්පානය නිසා මිල්ටන්, සේවකයන් 23කුත් සමඟ තම ව්‍යාපාරය අහිමිකරගත්තේය. ඔහු මෙසේ පවසයි: “මා රාත්‍රියේ පාරේ නිදාගත්තා, මට ගෙදර යෑමට හැකි වූයේ නැහැ. මා නිසා මගේ පවුලේ අය බොහෝ සෙයින් දුක් වින්දා.”
සාහ්ඕද තමාගේ වැටුප අවකල් ක්‍රියා සඳහා නාස්ති කළේය. “මා රාත්‍රිය ගත කළේ නිවසින් පිට. මා ඉපැයූ සියල්ල මගේ අවකල් ක්‍රියා සහ වෙනත් කටයුතුවලට ප්‍රමාණවත් වූයේ නැහැ. තත්වය දරන්ට බැරි තරමට ආවා, මගේ භාර්යාවට වුවමනා වුණා මගෙන් වෙන්වීමට.” තම මුදල් හා පවුලේ ගැටලුවලට අමතරව, තවත් ගැටලු ඔහුට තිබිණ. ඔහු මෙසේ කියයි: “මා මගේ නෑදෑයන් සහ අසල්වාසීන් සමඟද ගැටලු ඇති කරගත්තා, විශේෂයෙන්ම මට රැකියාව කරන තැන ගැටලු තිබුණා. මෙහි ප්‍රතිඵලයක් වශයෙන්, මට නිතරම රැකියාව අහිමි කරගැනීමට සිදුවුණා.” සූල්යෝද මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටියෙකි. කෙසේවෙතත්, ඔහු මෙසේ පැහැදිලි කරයි: “මගේ වැටුප, මගේ මත්ද්‍රව්‍යවලට වියදම් කිරීමට කොහෙත්ම ප්‍රමාණවත් නොවූ නිසා, මා විසින් මත්ද්‍රව්‍ය මිල දී ගැනීමට අවශ්‍ය නොවන පරිදි, මා මත්ද්‍රව්‍ය වෙළෙන්දෙකු ලෙස වැඩ කිරීමට පටන්ගත්තා.”
දරුවන් අටදෙනෙකුගෙන් යුත් දුප්පත් පවුලක හැදී වැඩුණු ජෝසේට තමන් සඳහාම යමක් කිරීමට වුවමනා විය. තමාට කිසිවක් අහිමිවීමට නොතිබෙන බව වටහාගත් ඔහු, තවත් තරුණයන් සමඟ එකතු වී මිනිසුන්ව මංකොල්ලකෑමට පටන්ගත්තේය. බලාපොරොත්තු විරහිතව සිටි තවත් යෞවනයෙක්, හෙඩ්බැංගර්ස් නමින් යුත් කල්ලියක සාමාජිකයෙකු ලෙස බැඳුණේය. ඔහු මෙසේ පැහැදිලි කරයි: “අපගෙන් වැඩිදෙනෙක් ඉතා දුප්පත්ව සිටි බැවින්, දේවල් කඩා බිඳදැමීමෙන් හා ජනයාට පහර දීමෙන් අපි එක්තරා තෘප්තියක් ලැබුවා.”
එහෙත්, අදදින මෙම මිනිස්සු හා ඔවුන්ගේ පවුල්, තවදුරටත් දැඩි දිළිඳුකමින් හෝ තික්තකමේ සහ නුරුස්නාබවේ හැඟීම්වලින් දුක් නොවිඳිති. ඔවුහු තවදුරටත් අසරණ හෝ බලාපොරොත්තු විරහිත අය නොවෙති. ඒ මන්ද? මන්දයත් ඔවුන් යේසුස්වහන්සේ දේශනා කළ ශුභාරංචිය අධ්‍යයනය කර ඇති බැවිනි. ඔවුහු බයිබල් උපදෙස් අදාළ කරගෙන ඇති අතර, යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ සභාවල එකම මානසිකත්වයක් ඇති පුද්ගලයන් සමඟ අසුරු කර ඇත්තාහ. තවද ධනය හා දිළිඳුකම ගැන ඔවුහු ඉතා වැදගත් දේවල් ඉගෙනගත්තෝය.
දුප්පත්කම සමඟ සාර්ථකව කටයුතු කිරීමට උපකාර
පළමුව, ඔවුන් ඉගෙනගත් දෙය නම්, බයිබල් ප්‍රතිපත්ති අදාළ කරගනු ලැබුවහොත්, දුප්පත්කමේ නරක බලපෑම් අවම කරගත හැකි බවයි. බයිබලය, දුරාචාරය, බේබදුකම, සූදුව හා මත්ද්‍රව්‍ය අනිසි භාවිතය හෙළාදකී. (1 කොරින්ති 6:9, 10) එවැනි දේවල් ඉතා මිල අධිකය. පොහොසතෙකුව දුප්පතෙකු කරන්ටත්, දුප්පතෙකුව තවත් දුප්පතෙකු කරන්ටත් ඒවාට හැකිය. මෙවැනි අවකල් ක්‍රියාවන් සහ ඊට සමාන තවත් දේවල් පවුලක ආර්ථික තත්වය නගාසිටුවීමට මහෝපකාරි වේ.
දෙවනුව, ධනයට වඩා ජීවිතය තුළ වඩාත් වැදගත් දේවල් තිබෙන බව ඔවුහු දුටුවෝය. දේවානුභාව ලත් මෙම වචන තුළ සමබර දෘෂ්ටියක් පළ කර තිබේ: “මුදල ආරක්ෂාවක් වන්නාක්මෙන් ප්‍රඥාවත් ආරක්ෂාවක්ය. නුමුත් දැනගැන්මෙහි වාසියක් තිබේ, ප්‍රඥාව වනාහි එය ඇත්තාගේ ජීවිතය ආරක්ෂාකරන්නේය.” (දේශනාකාරයා 7:12) එසේය, මුදල් අනිවාර්යය. එහෙත්, බයිබලය මත පදනම් ප්‍රඥාව සහ දෙවියන්වහන්සේගේ අරමුණු පිළිබඳ දැනුම ඊටත් වඩා ප්‍රයෝජනවත්ය. ඇත්තවශයෙන්ම, යමෙකුට ප්‍රඥාව ඌනව, බොහෝ මුදල් ඇතිව සිටීම, ඉතා සුළුවෙන් තිබෙනවා තරම්ම පීඩාකාරි බරක් වෙන්නට පුළුවන. බයිබල් ලේඛකයා ප්‍රඥාවන්තව මෙසේ යාච්ඤා කළේය: “මා පූර්ණවී ඔබ එපාකර: ස්වාමීන්වහන්සේ කවුදැයි නොකියන පිණිසත්, මා දිළිඳුවී සොරකම්කොට, මාගේ දෙවියන්වහන්සේගේ නාමය අගෞරවලෙස සඳහන් නොකරන පිණිසත්, මට දිළිඳුකමවත් පොහොසත්කමවත් නොදී, මට සුදුසු කෑමවලින් මා පෝෂ්‍යකළ මැනව.”—හිතෝපදේශ 30:8, 9.
තුන්වනුව, යම් පුද්ගලයෙකු යේසුස්වහන්සේ දේශනා කළ ශුභාරංචියට අනුව ජීවත්වන්නේ නම්, අත්හරිනු ලැබූ බවක් හැඟීමට ඔහුට කිසිවිටෙකත් අවශ්‍ය නැත. ශුභාරංචිය සම්බන්ධ වී ඇත්තේ දෙවියන්වහන්සේගේ රාජ්‍යයටය. මෙම පණිවුඩය, “රාජ්‍යයේ මේ ශුභාරංචිය” යනුවෙන් නම් කර ඇති අතර, අපගේ දවසේදී එය මුළු ජනාවාසී පොළොවේ දේශනා කරනු ලබමින් තිබේ. (මතෙව් 24:14) අප එම රාජ්‍යය තුළ අපගේ බලාපොරොත්තුව තබන්නේ නම්, අපට අනුබල ලැබෙනු ඇති බව යේසුස්වහන්සේ අපට පැවසූසේක. උන්වහන්සේ මෙසේ පැවසූසේක: “එසේනම්, පළමුකොට රාජ්‍යයද, [දෙවියන්වහන්සේගේ] ධර්මිෂ්ඨකමද සොයමින් සිටින්න. තවද මෙම වෙනත් සියලුම දේවල් ඔබට එකතු කරනු ලැබේ.” (මතෙව් 6:33, NW) සුපිරි මෝටර් රථ හෝ සුඛෝපභෝගි නිවෙස් දෙවියන්වහන්සේ පොරොන්දු නොවනසේක. යේසුස්වහන්සේ කතා කරමින් සිටියේ, ආහාර හා වස්ත්‍ර වැනි ජීවිතයේ අවශ්‍යතාවන් ගැනය. (මතෙව් 6:31) එහෙත්, යේසුස්වහන්සේගේ පොරොන්දුව වනාහි, රඳාපැවතිය හැකි යමක් බව අදදින මිලියන ගණනකට සාක්ෂි දැරිය හැක. පුද්ගලයෙකු එනම්, ඉතා දුප්පත් පුද්ගලයෙකු පවා තමන් පළමුකොට රාජ්‍යය සොයන්නේ නම්, ඔහුව කොහෙත්ම අත්හැරදමනු ලබන්නේ නැත.
හතරවනුව, දෙවියන්වහන්සේගේ රාජ්‍යය මුලින් තබන තැනැත්තා ආර්ථික අසීරුතාවලින් තික්තභාවයට පත් නොවන බව ඔවුහු වටහාගත්හ. එසේය, දුප්පත් මිනිසෙකුට වෙහෙස වී වැඩ කරන්ට සිදුවෙයි. එහෙත්, ඔහු දෙවියන්වහන්සේට සේවය කරන්නේ නම්, ඔහුට සිය මැවුම්කරුවාණන් සමඟ වරප්‍රසාද ලත් සම්බන්ධතාවක් තිබෙන අතර, උන්වහන්සේ ගැන බයිබලය මෙසේ කියයි: “උන්වහන්සේ විපත් පැමිණි තැනැත්තාගේ විපතට නින්දා නොකළසේක, එය පිළිකුල්කොට නොසිතූසේක; ඔහු කෙරෙන් තමන් මුහුණ සඟවා නොගත්සේක; ඔහු හඬගැසූ කල උන්වහන්සේ ඇසූසේක.” (ගීතාවලිය 22:24) මීට අමතරව, ජීවිතයේ ගැටලුවලට සාර්ථකව මුහුණ දීම සඳහා දුප්පත් පුද්ගලයෙකුට උපකාර තිබේ. ඔහුට සෙසු ක්‍රිස්තියානීන් සමඟ උණුසුම් සම්බන්ධතාවක් ඇති අතර, යෙහෝවඃවහන්සේගේ හෙළි කරන ලද කැමැත්ත කෙරෙහි දැනුමක්ද නිසැකකමක්ද ඇත. මෙවැනි දේවලට, “ස්වර්ණයටත්, එසේය අනර්ඝ ස්වර්ණ රාශියකටත් වඩා . . . ආශාවිය යුතුය.”—ගීතාවලිය 19:10.
අන්තිමේදී, තවත් දිළිඳුකම නොතිබෙනු ඇත!
අවසානයේදී, යෙහෝවඃ දෙවියන්වහන්සේ ස්වකීය රාජ්‍යය මාර්ගයෙන්, දුප්පත්කමට සම්බන්ධ ගැටලු එකවිටම විසඳීමට අරමුණු කර ඇති බව ශුභාරංචියට අවනත වන පුද්ගලයෝ දනිති. බයිබලය මෙසේ පෙරොන්දු වෙයි: “දුප්පතා නිතරම මතකනැති නොවන්නේය, දිළිඳුන්ගේ බලාපොරොත්තුව සදාකාලේටම විනාශ නොවන්නේය.” (ගීතාවලිය 9:18) රාජ්‍යය යනු යේසුස් ක්‍රිස්තුස්වහන්සේ රජු වශයෙන් ක්‍රියා කරන සැබෑ ආණ්ඩුවකි. ඉක්මනින්ම, එම රාජ්‍යය මිනිස් කටයුතුවල පරිපාලනයෙහිලා මිනිස් ආණ්ඩු වෙනුවට අනුයුක්ත වනු ඇත. (දානියෙල් 2:44) එවිට, සිංහාසනාරූඩ වූ රජ වශයෙන්, යේසුස්වහන්සේ, “දුප්පතුන් සහ දිළිඳුන් කෙරෙහි අනුකම්පාකරන්නේය, දිළිඳුන්ගේ ප්‍රාණයන් ගළවන්නේය. උන්වහන්සේ ඔවුන්ගේ ප්‍රාණය පීඩාවෙන්ද බලාත්කාරයෙන්ද මුදන්නේය; ඔවුන්ගේ ලේ උන්වහන්සේගේ ඇස් හමුයෙහි අනර්ඝ වන්නේය.”—ගීතාවලිය 72:13, 14.
එම කාලය දෙස නෙත් යොමමින්, මීකා 4:3, 4 මෙසේ කියයි: “ඔව්හු කිසිවෙකුගෙන් භයක් නොලැබ, එකිනෙකා තම තමාගේ මිදිවැල යටද අත්තික්කා ගස යටද වාසයකරනවා ඇත. මක්නිසාද සේනාවල ස්වාමීන්වහන්සේගේ මුඛය එය වදාළේය.” මෙහි කතා කර ඇත්තේ කා ගැනද? ඇයි, ඒ දෙවියන්වහන්සේගේ රාජ්‍යයට යටත් වන්නාවූ අය ගැනය. එම රාජ්‍යය මිනිස්වර්ගයාට පහර දෙන සියලු ගැටලු—අසනීප හා මරණය සම්බන්ධ ගැටලු පවා—විසඳනවා ඇත. “උන්වහන්සේගේ මරණය සදාකාලයටම ගිලදැමූසේක [ගිලදමනසේක, NW]; ස්වාමිවූ දෙවියන්වහන්සේ සියලු මුහුණුවලින් කඳුළු පිසදමනසේක.” (යෙසායා 25:8; 33:24) එය මොනතරම් වෙනස් ලෝකයක් වනු ඇද්ද? තවද, මෙම පොරොන්දු දේවානුභාවෙන් දෙවියන්වහන්සේ විසින්ම දී ඇති නිසා ඒවා අපට විශ්වාස කළ හැකිය. උන්වහන්සේ මෙසේ පවසනසේක: “මාගේ සෙනග සමාදාන නිවාසයකද සුරක්ෂිත වාසස්ථානවලද නිවාඩු ස්ථානවලද වසන්නෝය.”—යෙසායා 32:18.
දෙවියන්වහන්සේගේ රාජ්‍යය කෙරෙහි නිසැකකම ඇතිව සිටීමෙන්, දුප්පත්කම මගින් සිදු කරන ලද ආත්ම ගෞරවයේ ඌනතාව පරාජය කළ හැක. ධනවත් ක්‍රිස්තියානියෙකු මෙන්ම, තමාද දෙවියන්වහන්සේ ඇස් හමුවේ වැදගත් බව දුප්පත් ක්‍රිස්තියානියෙක් දනී. දෙවියන්වහන්සේ දෙදෙනාටම ප්‍රේම කරන අතර, දෙදෙනාටම තිබෙන්නේ එකම බලාපොරොත්තුවය. දෙවියන්වහන්සේගේ රාජ්‍යය යටතේ දුප්පත්කම අතීතයේ දෙයක් බවට පත්වනු ඇති කාලය ගැන දෙදෙනාම ඉතා උනන්දුවෙන් බලා සිටින්නෝය. එය මොනතරම් තේජාන්විත කාලයක් වනු ඇත්ද! අවසානයේදී, කිසිවෙකු දුප්පත් නොවනු ඇත!
[5වන පිටුවේ පින්තූරය]
සූදුව, දුම්පානය, දැඩි බීමත්කම, මත්ද්‍රව්‍ය අනිසි භාවිතය සඳහා හෝ දුරාචාර ජීවිත රටාවක් උදෙසා සම්පත් නාස්ති කරන්නේ මන්ද?
[7වන පිටුවේ පින්තූරය]
යෙහෝවඃ දෙවියන්වහන්සේ ස්වකීය රාජ්‍යය මාර්ගයෙන් මිනිස් දුප්පත්කම පිළිබඳ ගැටලු විසඳනවා ඇත
-