පොළොවේ සීමාවන් දක්වා සාක්ෂි දැරීම
පොළොවේ සීමාවන් දක්වා නමැති වීඩියෝ පටය නැවත නැවත බලන්න කැමති කවුද? මිෂනාරිවරුන් වීමේ ඉලක්කය තිබෙන අය එය නැවත නැවත බලනවාට සැකයක් නැහැ. ඒ ඇයි? ගිලියද් බයිබල් පාසැල ගැන තොරතුරු රාශියක් ඔවුන්ට එයින් ලබාගත හැකියි. සාක්ෂි දැරීමේ කාර්යය “පොළොවේ සියලු සීමා” දක්වා ව්‍යාප්ත කිරීමේ අරමුණින් පිහිටුවා තිබෙන මෙම අද්විතීය පාසැලේ 50වන සංවත්සරය නිමිත්තෙන් මේ වීඩියෝ පටය සකස් කර තිබේ. (ගීතා. 22:27) මෙය නැරඹීමෙන් ශුභාරංචිය දේශනා කිරීමේ අතිශය වැදගත් කාර්යය කෙරෙහි ඔබේ අගය වැඩි වෙනවාට සැකයක් නැත. එමෙන්ම මෙම කාර්යයෙහි ඔබේ දායකත්වය වැඩි කිරීමටද එය ඔබ තුළ පෙලඹීමක් ඇති කරයි. මෙම ප්‍රශ්න සලකා බලන්න. (1) වර්ෂ 1940 ගණන්වල මුල්භාගයේදී යෙහෝවාගේ සංවිධානයේ ප්‍රධාන සැලකිල්ල යොමු වූයේ කුමක් කෙරෙහිද? (ක්‍රියා 1:8) (2) වර්ෂ 1942දී ඉටු වෙමින් තිබුණු විස්මය දනවන බයිබල් අනාවැකිය කුමක්ද? පොදුවේ ලෝකයේ මිනිසුන් අවධානය යොමු කර තිබූ දෙයට වඩා අප අවධානය යොමු කර තිබූ දෙය වෙනස් වූයේ කෙසේද? (එළි. 17:8; wSN89 8/1 14 පි. 12 ඡේ.) (3) දෙවන ලෝක මහ යුද්ධයෙන් පසු අපේක්ෂා කළ සාමකාමී කාල පරිච්ඡේදයෙන් ප්‍රයෝජන ගැනීමේ අරමුණින් සකස් කළ සැලසුම් මොනවාද? ( jv (ඉංග්‍රීසියෙන්) පිටු 522 ඡේ. 1-2) (4) ගිලියද් පාසැලේ පළමුවන පන්තියට සහභාගි වූ ශිෂ්‍යයන් තුළ තිබූ ඔබ අගය කරන ගුණාංග මොනවාද? (5) ගිලියද් පාසැලේ පළමු අවුරුදු 50 ඇතුළත ශිෂ්‍යයන් කීදෙනෙක් උපාධි ලබා තිබෙනවාද? ඔවුන්ව රටවල් කීයකට යවා තිබෙනවාද? (6) එම ශිෂ්‍යයන් ඇත්තටම බයිබලය තුළින් කොතරම් දුරකට අධ්‍යාපනයක් ලබනවාද ? (7) දක්ෂ මිෂනාරිවරයෙකු හා දෙවිගේ වචනය උගන්වන්නෙකු වීමට අවශ්‍ය කරන්නේ මොනවාද? (8) මිෂනාරිවරුන් ගත කරන්නේ කුමන ආකාරයේ ජීවිතයක්ද? ඔවුන්ට මුහුණ දීමට සිදු වන අභියෝග මොනවාද? (9) තමන්ගේ ජීවන රටාව ගැන මිෂනාරිවරුන්ට හැඟෙන්නේ කෙසේද? ආත්ම පරිත්‍යාගශීලී ජීවිතයක් ගත කිරීමෙන් ඔවුන් අද්දකින විශේෂ ප්‍රීතිමත් තත්වයන් මොනවාද? (10) මිෂනාරිවරුන් දහස්ගණනක් මේ දක්වා ඉටු කර තිබෙන දේවල් මොනවාද? උදාහරණ සපයන්න. (11) දේශනා කිරීම සඳහා “පොළොවේ සියලු සීමා” වෙත ගොස් සිටින අපේ සහෝදර සහෝදරියන් ගැන ඔබේ සිතට කාවැදුණු දේවල් මොනවාද? (12) මිෂනාරිවරුන් තබන ආදර්ශය ඔබව දිරිගන්වන්නේ කුමක් කරන්නද? ඒ මන්ද?