ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • දෙවියන් වහන්සේ මේ තරම් ඉවසා ඇත්තේ මන්ද?
    1992 මුරටැඹ | පෙබරවාරි 1
    • බවට සහතික ය. තව ද උන් වහන්සේගේ යහපත්කම එම පලතුර අනුභව කරන විට අප ලබන වින්දනයට හා ප්‍රයෝජනයට තුඩු දෙයි.

      මී මැස්සා වූකලී, හොඳින් සංවිධානය වූ මී මැස්සන් 30,000කට අධික මහත් සේනාවක එක් සාමාජිකයෙකි. සමහරුන් මී වදය ආරක්ෂා කරන අතර, අනෙක් අය එය පිරිසිදු කිරීම හෝ ඊට අවශ්‍ය වාතාශ්‍රය ලැබීමට සලස්වති. මේ අතර, තවත් අය මල් පැණි සහ පරාග ගබඩා කරති, පිලවුන් පෝෂණය කරති, නැතහොත් නව මල්පැණි උල්පත් සොයා යති. දෙවියන් වහන්සේ ම මෙම විධි විධානයන් කොතරම් හොඳින් ඇති කොට තිබේදයත්, එවන් කඩිසර මී මැස්සන් අපගේ ආහාර රුචිය වඩවන ප්‍රණීත පෝෂ්‍යදායී මී පැණි නිපදවන විට අපි එයින් මහත් ප්‍රයෝජන ලබමු.

      මී මැස්සන් හා පැලෑටි සහ එම කෘමින් අතර ම ඇති සහයෝගිතාවයේ ප්‍රතිහාර්ය පමණක් ම, ජීවත් වන දේවල් එකිනෙක සමඟ හවුල් කරන්නට මැවුම්කරුවාණන් හට පූර්ණ වශයෙන් හැකියාව තිබෙන බවට ඇති බොහෝ සාක්ෂිවලින් එක් සාක්ෂියක් පමණි. මේ කාරණය සම්බන්ධයෙන් බලන කල, “දෙවියන්වහන්සේ වියවුල්කමේ නොව සමාදානයේ දෙවියන්වහන්සේය.” (1 කොරින්ති 14:33) එසේ නම්, මෙතරම් සංඛ්‍යාවකට දුක ඇති වීම ප්‍රතිඵල කරවමින් එවන් අසමගියකට මිනිස් වර්ගයා හට උන් වහන්සේ ඉඩ හැර තිබෙන්නේ මන්ද? දෙවියන් වහන්සේ අප ගැන සලකන සේක් නම්, මේ තත්ත්වය නිවැරදි කිරීමට උන් වහන්සේ මෙතරම් කල් බලා සිටියේ මන්ද? ඇත්ත වශයෙන් ම, දෙවියන් වහන්සේ මේ තරම් ඉවසා ඇත්තේ මන්ද?

      දේව වචනය වන බයිබලය, එවන් ප්‍රශ්නවලට පිළිතුරු දෙයි. මෙම අතිවිශේෂ පොත අපට පවසන්නේ යෙහෝවඃ දෙවියන් වහන්සේ ඉවසා ඇත්තේ හොඳ හේතුවක් ඇති ව බව ය. එම හේතුව කුමක් ද? තව ද දෙවියන් වහන්සේගේ ඉවසීම තව කොතරම් කල් පවතිනු ඇත් ද? w91 10/1

  • දෙවියන් වහන්සේගේ ඉවසීම කොතරම් කල් පවතිනු ඇත් ද?
    1992 මුරටැඹ | පෙබරවාරි 1
    • දෙවියන් වහන්සේගේ ඉවසීම කොතරම් කල් පවතිනු ඇත් ද?

      මීට වසර 3000කට ඉහත දී, එක් ප්‍රඥාවන්ත මිනිසෙක් මෙසේ පැවසී ය: “මිනිසා මිනිසා කෙරෙහි බලය පා ඇත්තේ ඔහුගේ අනතුරට ය.” (දේශනාකාරයා 8:9 NW) ඔහු එම නිරීක්ෂණය කළ දා සිට, දේවල් දියුණු වී නොමැත. ඉතිහාසය පුරා පුද්ගලයන් හෝ කණ්ඩායම්, එකක් පාසා එකක් බලය අල්ලා ගෙන ඇත්තේ, මිනිසා කෙරෙහි බලපවත්වමින් ඔවුන්ගෙන් අනිසි ප්‍රයෝජන ලබා ගැනීමක නිරත වීමට ය. යෙහෝවඃ දෙවියන් වහන්සේ මෙය ඉවසීමෙන් විඳදරා ගෙන තිබෙන සේක.

      ආණ්ඩු මිලියන ගණන් ජනයාව මරුමුවට පත් වීම සඳහා යුද්ධයට යවද් දී, බරපතළ ආර්ථිකමය අයුක්ති සහගත දේවල්වලට ඉඩ හැර ඇති අතරතුරේ දී, යෙහෝවඃ වහන්සේ ඉවසීම දක්වා ඇත. අද දින, මිනිසුන් ඕසෝන් තට්ටුව විනාශ කරද්දී, වායු ගෝලය සහ සාගරය දූෂණය කරද් දී තවමත් උන් වහන්සේ ඉවසීම දක්වමින් සිටින සේක. හොඳ ඵලදායී සරු බිම් විනාශ වන විට, වනාන්තර සහ වන සත්ත්ව ජීවිත නොහික්මුණු ලෙස විනාශ කරන විට එය දැකීම උන් වහන්සේට කොතරම් වේදනා ගෙන දෙන්නක් ද!

      දෙවියන් වහන්සේ මේ තරම් ඉවසන්නේ මන්ද?

      මෙම ප්‍රශ්නයට පිළිතුරු දීමට සරල උපහැරණයක් අපට උපකාරවත් විය හැක. යම් ව්‍යාපාරයක නියුක්ත සේවකයෙක් දිගින් දිගට ම ප්‍රමාද වී සේවයට පැමිණෙයි නම් ව්‍යාපාරය මත ඉන් ඇති වන බලපෑම ගැන සලකා බලන්න. ව්‍යාපාරයේ ස්වාමියා කළ යුත්තේ කුමක් ද? සරල යුක්තිය අනුව නම්, ඔහු සැනෙකින් තම සේවකයා ව සේවයෙන් පහ කළ යුතු බව ඉල්ලිය හැක. නමුත් මෙම බයිබල් හිතෝපදේශය ඔහුගේ සිහියට නැගෙනවා වන්නට පුළුවන: “කෝපයට පමා වන්නා ඉතා නුවණැති [විචාර බුද්ධිය NW] කෙනෙකි; වහා කිපෙන්නා සිය මෝඩකම විදහා පාන්නේ ය.” (හිතෝපදේශ 14:29 නව අනුවාදය) ක්‍රියා කිරීමට පෙර ඒ ගැන ප්‍රමාද වීමට විචාර බුද්ධිය ඔහු හට හේතු කරවයි. මේ වෙනුවට ආදේශ සේවකයෙකු ව පුහුණු කරවීම සඳහා කාලයකට ඉඩ හැරීමට ඔහු තීරණය කරනවා විය හැකි අතර, ව්‍යාපාරයට මීට වඩා පාඩුවක් සිදුවී යාම මින් වැළකී යයි.

      හවුල් සේවකයෙකු සම්බන්ධ අන්‍යෝන්‍ය අවබෝධයේ

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න