ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • be 3 පාඩම 89 පි.-91 පි. 5 ¶
  • නිවැරදි උච්චාරණය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • නිවැරදි උච්චාරණය
  • දිව්‍යාණ්ඩු සේවා පාසැල් අධ්‍යාපනයෙන් ප්‍රයෝජන ලබමු
  • සමාන තොරතුරු
  • දෙවිගේ නාමය නිවැරදිව උච්චාරණය කරන ආකාරය නොදැන එය භාවිත කරන්නේ ඇයි?
    2008 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ව්‍යක්තභාවය, සම්භාෂණ විලාසය සමඟින් සුදුසු උච්චාරණය
    දිව්‍යාණ්ඩු සේවා පාසල් ගුරුපොත
  • ‘යෙහෝවාද’ ‘යාහ්වේද?’
    1999 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යෙහෝවා කියන්නේ කවුද?
    බයිබලයෙන් උත්තර
තව තොරතුරු
දිව්‍යාණ්ඩු සේවා පාසැල් අධ්‍යාපනයෙන් ප්‍රයෝජන ලබමු
be 3 පාඩම 89 පි.-91 පි. 5 ¶

පාඩම 3

නිවැරදි උච්චාරණය

කළ යුතු වන්නේ කුමක්ද?

එක් එක් වචනය නිවැරදිව උච්චාරණය කරන්න. මේ සඳහා (1) වචන ශබ්ද කිරීමට නිවැරදි ශබ්දය භාවිත කිරීම (2) නිවැරදි මාත්‍රා(ව) බර කොට කීම සහ (3) බොහෝ භාෂාවල මෙන් ශබ්ද දක්වන ලකුණුවලට නිසි අවධානයක් දීම අවශ්‍යය.

එය වැදගත් වන්නේ මන්ද?

නිවැරදි උච්චාරණය අප දේශනා කරන පණිවිඩයේ ගෞරවාන්විතභාවයට හේතු වේ. වචන වැරදි ලෙස උච්චාරණය කිරීමෙන් සිදු වන්නේ සවන්දෙන්නා බාධාවට පත්වීමය. නිවැරදිව උච්චාරණය කරන විට දේශනා කරන පණිවිඩය කෙරෙහි මුළු අවධානය යොමු කිරීමට සවන්දෙන්නාට පුළුවන.

සෑම ක්‍රිස්තියානියෙකුම වසර කිහිපයක් හෝ පාසැල් අධ්‍යාපනයක් ලැබී ඇතැයි පැවසිය නොහැක. පේතෘස් සහ යොහන් යන ප්‍රේරිතයන්ව හඳුන්වන ලද්දේ “අපණ්ඩිතවූ නූගත් මනුෂ්‍යයන්” ලෙසය. (ක්‍රියා 4:13) කෙසේවෙතත්, වචන වැරදි ලෙස උච්චාරණය කරමින් ඔබ ඉදිරිපත් කරන බයිබල් සත්‍යය කෙරෙන් අවධානය ඉවත් වී යෑමට ඉඩ නොදීම වැදගත්ය.

සලකා බැලිය යුතු සාධක. සියලුම භාෂාවන්ට උච්චාරණය සඳහා එකම නීති මාලාව අදාළ නොවේ. භාෂා බොහොමයක වචන යම් හෝඩියක අකුරුවලින් ලියනු ලැබේ. සිංහල හෝඩියට අමතරව, අරාබි, ග්‍රීක, ලතින් (ඉංග්‍රීසි), සිරිලික් සහ හෙබ්‍රෙව් හෝඩිද වේ. ලිඛිත චීන භාෂාව හෝඩියක් භාවිත නොකරයි. ඒ වෙනුවට සංඝටක කිහිපයකින් සැදුම් ලත් රූපාක්ෂර භාවිත කෙරේ. සාමාන්‍යයෙන් මෙම රූපාක්ෂරවලින් සම්පූර්ණ වචනයක් හෝ වචනයකින් කොටසක් නියෝජනය වේ. ජපන් සහ කොරියානු භාෂා චීන අකුරු පාවිච්චි කළත්, එම අකුරු හාත්පසින්ම වෙනස් ශබ්ද නියෝජනය කිරීමට යොදාගත හැකි අතර, චීන භාෂාවට වඩා වෙනස් අරුත් ඒවායෙන් දිය හැක.

අක්ෂර භාෂාවල නිවැරදි උච්චාරණය සඳහා සෑම අකුරකටම හෝ අකුරු සංයෝගයකට නිවැරදි ශබ්දය දීම අවශ්‍යය. ග්‍රීක්, සූලූ සහ ස්පාඤ්ඤ භාෂාවලදී සැබෑ වන්නාක් මෙන් එවන් භාෂාවක් වෙනස් නොවනසුලු නීති මාලාවක් අනුගමනය කරන විට උච්චාරණය කිරීමේ කාර්යය එතරම් අසීරු නොවන්නකි. කෙසේවෙතත්, විදේශීය බලපෑම් හේතුවෙන් ඇතැම් භාෂාවල වචන උච්චාරණයට එම වචනයෙහි මූලාරම්භය බෙහෙවින් බලපායි. එමනිසා, එක්තරා අකුරක් හෝ අකුරු සංයෝගයක් විධි කිහිපයකින්ම උච්චාරණය කළ හැක. එසේ නැතහොත් එය උච්චාරණය නොකරම වචනය ශබ්ද කෙරේ. මෙවැනි විශේෂ අවස්ථා කටපාඩම් කොට ඔබේ එදිනෙදා කතා බහට බොහෝ විට එකතු කරන්නට සිදු විය හැක. නිදසුනකට, චීන භාෂාවේ වචන නිවැරදිව උච්චාරණය කිරීම සඳහා රූපාක්ෂර දහස් ගණනකගේ ශබ්ද කටපාඩම් කිරීමට සිදු වේ. ඇතැම් භාෂාවල වචනයක තානය හෝ ස්වරය මදක් වෙනස් කෙරේ නම්, එහි අරුත වෙනස් වේ. භාෂාවක මෙම අංගයට නිසි අවධානයක් දීමට අපොහොසත් වීමෙන් වැරදි අදහස් දිය හැක.

භාෂාවක වචන විවිධ මාත්‍රාවලින් සෑදී ඇත්නම්, විශේෂයෙන් අවධාරණය කළ යුතු මාත්‍රාව කුමක්දැයි හඳුනාගැනීම වැදගත්ය. මෙවන් සැකැස්මක් භාවිත කරන භාෂාවල සාමාන්‍යයෙන් ඉතා ක්‍රමවත් වාචික අවධාරණ රටාවක් අනුගමනය කෙරේ. එම රටාවෙන් පිට පනින අවස්ථාවන්හිදී විශේෂ උච්චාරණ ලකුණක් ඒ ලිඛිත වචනයට යොදා තිබිය හැක. මේ අයුරින් වචනය නිවැරදිව උච්චාරණය කිරීම පහසුය. කෙසේවෙතත්, යම් ක්‍රමවත් රටාවක් දක්නට නැත්නම්, ගැටලුව වඩාත් සංකීර්ණ වේ. මෙවැනි අවස්ථාවන්හිදී වචන නිවැරදිව උච්චාරණය කිරීමට බොහෝ වචන කටපාඩම් කළ යුතුය.

තවත් සමහර භාෂාවල ශබ්ද දක්වන ලකුණු භාවිතයෙන් වැදගත් කාර්යයක් ඉටු වේ. හෝඩියක ඇතැම් අකුරු සඳහා ඊට උඩින් හෝ පහතින් මෙවැනි ලකුණු දක්නට ලැබේ: è, é, ô, ñ, ō, ŭ, č, ö, ç. ශබ්ද දක්වන ලකුණු සාමාන්‍යයෙන් ලිඛිතව දැක්වේ. එනමුත් ඇතැම් භාෂාවල යම් උච්චාරණ ලකුණු කියවන්නා විසින් එකතු කළ යුතුය. ඒ සඳහා වචනයෙහි අවට පාඨ සම්බන්ධය සැලකිල්ලට ගැනීම අවශ්‍යය. අවට පාඨ සම්බන්ධය සැලකිල්ලට ගත යුතු විට, ප්‍රසිද්ධියේ කියවීමේ පැවරුමක් ලද තැනැත්තා හොඳින් සූදානම් වීම අත්‍යවශ්‍යය.

උච්චාරණය ගැන සලකා බැලීමේදී අසු නොවිය යුතු උගුල් සමහරක් සඳහන් කළ යුතුය. වචන ශබ්ද කළ යුතු නියමිත ස්වරය ඉක්මවා ‘මහ ප්‍රාණ’ විලාසයක් අනුගමනය කිරීම, යම් මවාපෑමක් මෙන්ම තමා උගතෙකු බවට කරන ඇඟවීමක් විය හැක. එදිනෙදා ව්‍යවහාරයේ තවදුරටත් යොදා නොගන්නා උච්චාරණ විධි සම්බන්ධයෙන්ද මෙය අදාළය. ඇත්තෙන්ම මේ සියල්ලේදී ප්‍රතිඵලය වන්නේ කථිකයා තමා වෙතට අනවශ්‍ය අවධානයක් ඇදගැනීමයි. අනික් අතට, මෙහි අනික් අන්තයෙන්ද වැළකී සිටීම වැදගත්ය. කිසිදු වුවමනාවක් නොමැතිව නොසැලකිලිමත්ව කතා කිරීම හෝ වචන උච්චාරණය කිරීම හොබින්නේ නැති දෙයකි. “වචන පැහැදිලිව ශබ්ද කිරීම” යන කොටස යටතේ මෙම කාරණාවලින් සමහරක් මේ වන විටදී සාකච්ඡා කර ඇත.

ඇතැම් භාෂාවල වචන උච්චාරණය කරන අන්දම රටින් රටට වෙනස් වේ. සමහරවිට එකම රට තුළ පවා එය ප්‍රාදේශීයව වෙනස් වේ. වෙනත් රටක පුද්ගලයෙක් දේශීය භාෂාව කතා කිරීමට එක්තරා අමුතු උච්චාරණ විධියක් භාවිත කළ හැක. ඇතැම් භාෂාවල (අක්ෂරපාදක භාෂාවල) ශබ්ද කෝෂයන්හි එකම වචනය පිළිගත හැකි ආකාර කිහිපයකින් උච්චාරණය කළ හැකි බව පෙන්නුම් කරයි. උච්චාරණය සම්බන්ධයෙන් ශබ්ද කෝෂයකින් උපකාරයක් නොලැබෙන සිංහල වැනි භාෂාවකදී, එම භාෂාව හොඳින් කතා කරන අයට සවන් දීම හෝ ඔවුන්ගෙන් යෝජනා ලබාගැනීම ප්‍රයෝජනවත් වේ. ජීවන තත්වය නිසා යමෙකුට සීමිත පාසැල් අධ්‍යාපනයක් ලැබී ඇත්නම් හෝ ඒ භාෂාව තම මව් බස නොවේ නම්, දේශීය භාෂාව හොඳින් කතා කරන්නන්ට කිට්ටු අවධානයක් දීමෙන් ඉමහත් ප්‍රයෝජන නෙළා ගන්නවාට සැකයක් නැත. එවිට ඔවුන්ව අනුකරණය කිරීමට ඔහුට පුළුවන. යෙහෝවාගේ සාක්ෂිකරුවන් ලෙස අපගේ ආශාව වන්නේ අප දේශනා කරන පණිවිඩයට ගෞරවයක් ගෙන දෙන ආකාරයකින් කතා කිරීමත්, අපගේ ප්‍රදේශයේ වෙසෙන ජනයාට පහසුවෙන් තේරුම්ගත හැකි ස්වරයකින් කතා කිරීමත්ය.

දෛනික කතා බහේදී ඔබට හොඳින් හුරු පුරුදු වචන භාවිත කිරීම යෝග්‍යම දෙයයි. බොහෝදුරට සාමාන්‍ය කතා බහේදී උච්චාරණය ගැටලුවක් නොවේ. කෙසේවෙතත්, ශබ්ද නඟා කියවන විට එදිනෙදා කතා බහේ භාවිත නොකරන ඇතැම් වචන ඔබට දැකිය හැකි වේ. ඇත්තෙන්ම යෙහෝවාගේ සාක්ෂිකරුවෝ නිතරම ශබ්ද නඟා කියවන සෙනඟක් වෙති. ජනයාට සාක්ෂි දරන විට අපි ඔවුන් ඉදිරියේ බයිබලය කියවන්නෙමු. එසේ නැතහොත් මුරටැඹ පාඩමේදී හෝ සභා පොත් පාඩමේදී ඡේද කියවීමට ඇතැම් සහෝදරයන්ට පවරනු ලැබේ. මේ සියල්ලේදී වචන වරදවා උච්චාරණය කිරීමෙන් අපගේ පණිවිඩය කෙරෙන් අවධානය ඉවත නොයන පිණිස නිවැරදිව කියවීම වැදගත්ය.

බයිබලයේ සඳහන් ඇතැම් පුද්ගලයන් හෝ ස්ථානවල නම් උච්චාරණය කිරීම ඔබට අමාරුද? ඉංග්‍රීසි වැනි භාෂාවක මෙය විශේෂ අභියෝගයක් විය හැක. ඉංග්‍රීසි බසින් විශේෂයෙන් අවධාරණය කළ යුතු මාත්‍රාවට (ශබ්ද සංයෝගයට) පසුව අවධාරණ ලකුණක් ඇතුළත් කෙරේ. අවධාරණය කරන ලද මාත්‍රාව ප්‍රාණාක්ෂරයකින් අවසන් වේ නම්, ඒ ප්‍රාණාක්ෂරයේ ශබ්දය උච්චාරණයේදී ඇදිය යුතුය. මාත්‍රාව ගාත්‍රාක්ෂරයකින් අවසන් වේ නම් ඒ මාත්‍රාව කෙටියෙන් උච්චාරණය කළ යුතුය. නිදසුනකට, ඉංග්‍රීසියෙන් Morʹde·cai (මොර්ඩකයි) සහ Siʹnai (සයිනයි) යන වචනවලදී මෙන්, a සහ i එකට දැක්වෙන විට ai ශබ්දය අයි ලෙස ශබ්ද කළ යුතුය. Rachel (රේචල්) යන වචනය හැර ch යන අකුරු දෙක එකට දක්නට ලැබෙන සෑම අවස්ථාවකදීම ඊට ඛ ශබ්දය දිය යුතුය. මීට උදාහරණයක් ලෙස Mel·chizʹe·dek (මෙල්ඛිසඩෙක්) යන වචනය ගත හැක. සිංහල වැනි මාත්‍රාපාදක භාෂාවලදී, දිර්ඝ වචන හෝ නම් වෙන වෙනම මාත්‍රාවලට කඩා ඒවායෙහි උච්චාරණය පෙරහුරු කිරීම මහෝපකාරි වේ.

දියුණු විය හැකි ආකාර උච්චාරණය සම්බන්ධයෙන් බොහෝදෙනෙකුට තිබෙන ගැටලුව ඔවුන් හඳුනාගෙන ඇතැයි කිව නොහැක. ඔබේ උච්චාරණය සම්බන්ධයෙන් දියුණු කරගත යුතු විවිධ පැති ඔබේ පාසැල් අවේක්ෂක ඔබේ අවධානයට ලක් කරයි නම්, ඔහුගේ කරුණික උපදෙස් අගය කරන්න. ගැටලුව හඳුනාගත් විට දියුණුවක් ලබාගත හැක්කේ කෙසේද?

මුලින්ම, ශබ්ද නඟා කියවීමට පැවරුමක් ලද විට ශබ්ද කෝෂයකින් යම් මඟ පෙන්වීමක් ලබාගත හැකිය. ඔබට හුරු නැති වචන සලකා බලන්න. ශබ්ද කෝෂයක් භාවිත කළ යුතු අන්දම ගැන ඔබට අවබෝධයක් නැත්නම්, එය භාවිත කරන ආකාරය සම්බන්ධයෙන් මුල් පිටුවල දී ඇති විස්තරය කියවා බලන්න. එහි විවිධ ශබ්ද සඳහා යොදා ඇති සංකේත ගැන පැහැදිලි කිරීමක් දී ඇත. අවශ්‍ය නම්, මේ දේවල් පැහැදිලි කරගැනීමට යමෙකුගේ උපකාරය පතන්න. මාත්‍රා එකකට වැඩි ගණනකින් සෑදී ඇති වචනයක වැඩි අවධාරණයක් දිය යුත්තේ කුමන මාත්‍රාවටද කියා ශබ්ද කෝෂයෙහි දැක්වේ. තවද දීර්ඝ වචනයක දෙවනුවට අවධාරණය කළ යුතු මාත්‍රාව කුමක්දැයි පැහැදිලි කෙරේ. යම් වචනයක ප්‍රාණාක්ෂර සඳහා සහ ගාත්‍රාක්ෂර සඳහා කවර ශබ්ද භාවිත කළ යුතුද යන්න පැහැදිලි කරනු ලැබේ. ඇතැම් අවස්ථාවලදී වචනයක් භාවිත කරන අවස්ථාව අනුව ආකාර කිහිපයකින් උච්චාරණය කළ හැකිය. වචනය කුමක් හෝ වෙතත් ශබ්දකෝෂය වසාදැමීමට පෙර එය කිහිප වතාවක්ම ශබ්ද නඟා උච්චාරණය කරන්න.—ඉහත සඳහන් උපදෙස් ඉංග්‍රීසි වැනි අක්ෂරපාදක භාෂාවන්ට පමණක් අදාළ වන බව මතක තබාගන්න.

උච්චාරණය දියුණු කරගත හැකි දෙවන ක්‍රමය නම්, වෙනත් කෙනෙකු ඉදිරියෙහි කියවීමයි. ඒ පුද්ගලයා වචන හොඳින් උච්චාරණය කරන කෙනෙකු විය යුතු අතර, ඔබේ වැරදි නිවැරදි කරන මෙන් ඔහුගෙන් ඉල්ලා සිටීමට පුළුවන.

හොඳ කථිකයන්ට හොඳින් සවන් දීම උච්චාරණය දියුණු කරගත හැකි තුන්වන ක්‍රමයයි. නව ලෝක පරිවර්තනය හෝ මුරටැඹ සහ පිබිදෙව්! සඟරාවල ශ්‍රව්‍ය කැසට් පට ඔබේ භාෂාවෙන් ලබාගත හැකි නම්, ඒවායින් උපරිම ප්‍රයෝජන නෙළාගැනීමට බලන්න. එවැනි පටිගත කිරීම්වලට සවන් දෙන විට ඔබේ ක්‍රමයට වඩා වෙනස්ව උච්චාරණය කරන වචන මොනවාදැයි සටහන් කරගන්න. ඒවා ලියාගෙන පෙරහුරු කරන්න. කල් යත්ම, ඔබේ කතාවේදී සිදු වන උච්චාරණ දෝෂ අවම කරගත හැකි අතර ඔබේ කථිකත්වය බෙහෙවින් දියුණු කරගැනීමට එය දායක වනවා නොඅනුමානය.

උච්චාරණය දියුණු කරගත හැකි අන්දම

  • ශබ්ද කෝෂයක් හොඳින් භාවිත කිරීමට ඉගෙනගන්න.

  • ඔබට සවන් දී උපදෙස් දීමට හැකි කියවීමට දක්ෂ කෙනෙකුගේ උපකාර ලබන්න.

  • හොඳ කථිකයන් වචන උච්චාරණය කරන ආකාරය සැලකිල්ලට ගන්න. ඔබේ ක්‍රමය හා ඔවුන් උච්චාරණය කරන විධිය සසඳා බලන්න.

අභ්‍යාසය: ගීතාවලිය 83වන පරිච්ඡේදයෙහි හෝ ඔබට විශේෂ අභියෝගයක් වන කොටසක හෝ උච්චාරණය පරීක්ෂා කර බලන්න. ශබ්ද කෝෂයක් භාවිත කරන්න. එසේ නැතහොත් භාෂාව ගැන හසළ දැනුමක් ඇති කෙනෙකුගේ උපකාර ලබන්න. නුහුරු වචන නිසි ලෙස උච්චාරණය කරමින් ශබ්ද නඟා කියන්න. ඊළඟට මුළු කොටසම ශබ්ද නඟා කියවන්න. මෙම පදවල පුද්ගලයෙකුගේ හෝ ස්ථානවල නම් ඇත්නම්, ඒවාවල අවධාරණය කළ යුතු මාත්‍රාව කුමක්ද කියා සටහන් කරගන්න. (මෙය ඉංග්‍රීසි වැනි භාෂාවකට අදාළ වේ.) ඉන්පසුව ඒ නම් ශබ්ද නඟා කියන්න. ඊළඟට මුළු කොටසම ශබ්ද නඟා කියවන්න.

නිවැරදි උච්චාරණය සඳහා මා පෙරහුරු කළ යුතු වචන ලැයිස්තුව

․․․․․․․․․․․․․․․․․․․․ ․․․․․․․․․․․․․․․․․․․․ ․․․․․․․․․․․․․․․․․․․․

․․․․․․․․․․․․․․․․․․․․ ․․․․․․․․․․․․․․․․․․․․ ․․․․․․․․․․․․․․․․․․․․

․․․․․․․․․․․․․․․․․․․․ ․․․․․․․․․․․․․․․․․․․․ ․․․․․․․․․․․․․․․․․․․․

․․․․․․․․․․․․․․․․․․․․ ․․․․․․․․․․․․․․․․․․․․ ․․․․․․․․․․․․․․․․․․․․

․․․․․․․․․․․․․․․․․․․․ ․․․․․․․․․․․․․․․․․․․․ ․․․․․․․․․․․․․․․․․․․․

․․․․․․․․․․․․․․․․․․․․ ․․․․․․․․․․․․․․․․․․․․ ․․․․․․․․․․․․․․․․․․․․

․․․․․․․․․․․․․․․․․․․․ ․․․․․․․․․․․․․․․․․․․․ ․․․․․․․․․․․․․․․․․․․․

․․․․․․․․․․․․․․․․․․․․ ․․․․․․․․․․․․․․․․․․․․ ․․․․․․․․․․․․․․․․․․․․

․․․․․․․․․․․․․․․․․․․․ ․․․․․․․․․․․․․․․․․․․․ ․․․․․․․․․․․․․․․․․․․․

․․․․․․․․․․․․․․․․․․․․ ․․․․․․․․․․․․․․․․․․․․ ․․․․․․․․․․․․․․․․․․․․

․․․․․․․․․․․․․․․․․․․․ ․․․․․․․․․․․․․․․․․․․․ ․․․․․․․․․․․․․․․․․․․․

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න