-
යේසුස්ගේ ජීවිත පූජාව දෙවිගේ ධර්මිෂ්ඨකම ඔප්පු කරයි2005 මුරටැඹ | නොවැම්බර් 1
-
-
වෙනවා. ඊට අමතරව මේ පොළොව පාරාදීසයක් වූ පසු මළවුන්ගේ නැවත නැඟිටීමක්ද සිදු වෙන්න යනවා. යේසුස් ඔහුගේ ජීවිතය පූජා කරන්නත් කලින් මිය ගිය දෙවිගේ ඇදහිලිවන්ත සේවකයන් වගේම දෙවි ගැන නිවැරදි දැනුමක් නොලැබූ නිසා ඔහුට නමස්කාර නොකර මිය ගිය බොහෝ දෙනෙක්ද මීට ඇතුළත් වෙනවා. “ධර්මිෂ්ඨ සහ අධර්මිෂ්ඨ යන දෙපිරිසගේම නැවත නැඟිටීමක් තිබෙන්න යන” බව බයිබලය පවසයි. (ක්‍රියා 24:15) යේසුස්ගේ ජීවිත පූජාව හේතුවෙන් ඒ කාලයේදී සියලුම කීකරු අයට පාරාදීස පොළොවක සදාකල් ජීවත් වීමට යෙහෝවා දෙවි අවස්ථාව ලබා දෙයි. (යොහන් 3:36) යේසුස්ම ඒ ගැන මෙහෙම පැහැදිලි කළා. “දෙවි ලෝකයට මොන තරම් ප්‍රේම කළාද යත්, ඔහු තමාගේම ඒකජාතක පුත්‍රයාව දුන්නේය. එසේ කළේ ඔහු කෙරෙහි ඇදහිල්ල පෙන්වන සැමදෙනාම විනාශ නොවී සදාකාල ජීවනය ලබන පිණිසය.” (යොහන් 3:16) මේ හැම ප්‍රයෝජනයක්ම මනුෂ්‍යයන්ට ලැබෙන්නේ දෙවිගේ සැපයුමක් වන යේසුස්ගේ ජීවිත පූජාව නිසයි.
යේසුස්ගේ ජීවිත පූජාව වැදගත් වෙන්නේ ඉන් අපිට ලැබෙන ප්‍රයෝජන නිසා පමණක්ම නෙවෙයි. වඩා වැදගත් දෙය වෙන්නේ එය යෙහෝවාගේ නාමයට බලපාන නිසයි. දෙවි ශුද්ධව සිටියත් පාපය උරුම කරගෙන සිටින මිනිසුන් සමඟ කටයුතු කරන්න තමාට හැකි බවත් ඔහු මුළුමනින්ම යුක්තිසහගත කෙනෙක් බවත් ඉන් ඔප්පු වෙනවා. යේසුස්ගේ ජීවිතය පූජාවක් හැටියට දීමට දෙවි තීරණය කළේ නැත්නම්, ආදම්ගෙන් පැවතෙන කිසිම කෙනෙකුට, එනම් ඒනොක්, නෝවා, ආබ්‍රහම් වැනි අයට පවා යෙහෝවාගේ මිත්‍රයන් වීමටවත් ඔහු කැමති විදිහට ජීවත් වීමටවත් හැකි වෙන්නේ නැහැ. මෙය වටහාගත් ගීතිකාකරු මෙහෙම ලිව්වා. “යෙහෝවා, ඔබ අයුතුකම් ගණනට ගන්නේ නම් යෙහෝවා, සිටින්ට පුළුවන් කාටද?” (ගීතාවලිය 130:3) තමන්ගේ ප්‍රේමණීය පුත්‍රයාව පොළොවට එවීම ගැන යෙහෝවා දෙවිටත් තමන්ගේ ජීවිතය අප වෙනුවෙන් පූජා කිරීම ගැන යේසුස්ටත් අප කොපමණ ස්තුතිවන්ත විය යුතුද!—මාක් 10:45.
-
-
යහපත් හැසිරීම ප්‍රතිඵල ගෙන දෙයි2005 මුරටැඹ | නොවැම්බර් 1
-
-
යහපත් හැසිරීම ප්‍රතිඵල ගෙන දෙයි
ජපානයට ආසන්නයේ පිහිටි එක්තරා දිවයිනක විසූ මවක් සහ ඇගේ දරුවන් තිදෙනා යෙහෝවාගේ සාක්ෂිකරුවන් සමඟ බයිබලය පාඩම් කරන්න පටන්ගත්තා. ඔවුන් ජීවත් වුණේ පැරණි සම්ප්‍රදායන් හිස් මුදුනින්ම පිළිගත් සමාජයකයි. ඒ නිසා ඔවුන් බයිබලය පාඩම් කරනවා දුටු ඔවුන්ගේ අසල්වාසීන් ඒ මවව දැක්කහාම ඇයව ගණනකටවත් ගත්තේ නැහැ. “මගේ සිත ගොඩාක්ම රිදුණේ ඔවුන් මාව ගණන් ගත්තේ නැති නිසා නෙවෙයි. නමුත් ඔවුන් මගේ මහත්තයාවයි දරුවන්වයි කොන් කරපු නිසයි” කියා ඇය පවසනවා. ඒත් ඇය තම දරුවන්ට කිව්වේ “යෙහෝවා නිසා අපි අපේ අසල්වැසියන්ට දිගටම කාරුණිකව සලකන්න ඕනේ” කියලයි.—මතෙව් 5:47, 48.
අසල්වැසියන් සමඟ කාරුණිකව කටයුතු කරන්නේ කොහොමද කියා ඇය නිවසේදී තම දරුවන්ට හැමවිටම ඉගැන්නුවා. ඒ ප්‍රදේශයේ තිබූ උණු දිය උල්පත් බලන්න යෑම සාමාන්‍යයෙන් ඔවුන් කළ දෙයක්. ඒ යන අතරමඟ වාහනේදී ඒ දරුවෝ මිනිසුන්ට ආචාර කරන්න පුරුදු වුණා වගේම, ඒ උල්පත් තිබූ ස්ථානයට ඇතුල් වෙද්දී ඔවුන්ට හමුවෙන අයට “කෝනීචීවා!” එනම් සුභ දවසක්! කියා ආචාර කළේ සිනහ මුසු මුහුණින්. අසල්වැසියන් සමඟ සුහද වෙන්න ඒ පවුල දිගටම මහන්සි වුණත් ඔවුන් නම් මිත්‍රශීලී බවක් පෙන්නුවේ නැහැ. ඒ වුණත් දරුවන්ට තිබූ හොඳ පුරුදු ඒ මිනිසුන්ගේ අවධානයට ලක් වුණා.
අන්තිමේදී අසල්වැසියන්ද ටිකෙන් ටික “කෝනීචීවා!” කියා ප්‍රතිචාරය දක්වන්න පටන්ගත්තා. අවුරුදු දෙක අවසන් වෙද්දී ඒ ගමේ හැමෝම වගේ ඔවුන්ට ආචාර කළා. මේක ඒ ගම් වැසියන් අතර පවා සුහදත්වය වර්ධනය වීමට දායක වුණා. ඔවුන් අතර ඇති වූ මේ වෙනස වටහාගත් උපනගරාධිපති ඒ සඳහා මුල් වූ මේ දරුවන්ට ගෞරවය දැක්වීමට කැමති වුණා. නමුත් ඒ දරුවන්ගේ මව ඔහුට පැවසුවේ ඔවුන් කළේ ක්‍රිස්තියානි යුතුකමක් බවයි. පසුව පැවති දීප ව්‍යාප්ත කථික තරඟයකදී ඇගේ එක් පුතෙක් කතාවක් ඉදිරිපත් කළා. ඒකේ ඔහු විස්තර කළේ කුමන ප්‍රතිචාරයක් ලැබුවත් අන් අයට කාරුණික ලෙස ආචාර කරන්න කියා ඔහුගේ මව ඔවුන්ට පුරුදු කළ ආකාරය ගැනයි. ඒ කතාව, තරඟයේ ප්‍රථම ස්ථානය දිනාගත් අතර නගරයේ පුවත්පතක පවා පළ වුණා. ක්‍රිස්තියානි ප්‍රතිපත්ති අනුගමනය කිරීම නිසා ලැබූ ප්‍රතිඵල ගැන ඒ මුළු පවුලම දැන් ඉන්නේ සතුටින්. මිනිසුන් මිත්‍රශීලී නම් ඔවුන් සමඟ ශුභාරංචිය බෙදාගැනීමත් පහසු දෙයක් වෙනවා.
-